Divaina - Kathuwakiya

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

cart

2001 වර්ෂයේ සැප්තැම්බර් 11 ලෝක වෙළෙඳ කුලුනට එල්ලවූ ප්‍රහාරයෙන් පසු ඇමරිකාව බියෙන් සලිත කළ ප්‍රහාරය හැටියට පසුගිය 01 වැනිදා ලාස්‌වේගාස්‌ හි සිදුවූ වෙඩි තැබීම දැක්‌විය හැක. එය මෑත ඉතිහාසයේ ඇමරිකාවේ සිදුවූ ම්ලේච්ඡතම මිනිස්‌ සංහාරය ලෙස සනිටුහන් වේ. මේ මහා මිනිස්‌ සංහාරය සිදු වූයේ ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ පිහිටි ලාස්‌ වේගාස්‌ නුවරදීය. එහි පැවැත්වුණු විවෘත සංගීත ප්‍රසංගයක්‌ අතරවාරයේ එල්ලවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෝ 58 දෙනකු ජීවිතක්‍ෂයට පත්ව තවත් පුද්ගලයෝ 515 ක පමණ පිරිසක්‌ තුවාල ලැබූහ. වෙඩි තැබීම සිදුකර තිබුණේ එම පළාතේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි. පොලිසිය කඩාවදින විට ඔහු සිය දිවි හානි කරගෙන තිබිණි. එම පුද්ගලයා මීට මාස කිහිපයකට පෙර ඉස්‌ලාම් ආගම වැළඳ ගත්තෙකු බව පවසමින් අයි. එස්‌. සංවිධානය එහි වගකීම භාරගන්නා බව වාර්තා වී තිබුණ ද ෙµඩරල් බියුරෝව (Fගඊගෂග) සඳහන් කරන්නේ එය තවමත් තහවුරු කළ නොහැකි බවය. කෙසේ හෝ ඇමරිකාවට "ත්‍රස්‌ත" ප්‍රහාරයක්‌ එල්ල වී තිබේ. එයට අයි. එස්‌. ද, අල් කයිඩා ද, එල්. ටී. ටී. ඊ. ය ද යන කාරණය වැදගත් නැත. ලොව බලවත්ම ආරක්‍ෂාව අතින් අංක එක යෑයි කියන රට රටවල මානව හිමිකම් කැඩීමට යටි උගුල් අටවන, එහෙත් මානව හිමිකම් ගැන පුරාඡේරු දොඩවන ඇමරිකාවට මෙම ප්‍රහාරයෙන් ඉගෙන ගත යුතු පාඩම් බොහෝය. ඇමරිකාව පමණටම මානව හිමිකම් ගැන කතා කරන, ත්‍රස්‌තවාදයට උඩගෙඩි දෙන සියලු රටවලට පොදු පාඩමක්‌ය.
 
 මෑත කාලයේ මෙවැනි සිදුවීම් රැසක්‌ වාර්තා විය. ප්‍රංශය (පැරිස්‌) ප්‍රහාරය, බ්‍රසල්ස්‌ ප්‍රහාරය ශ්‍රී ලංකාවට හිතැති රුසියාව පවා පසුගිය කාලයේ ත්‍රස්‌ත ප්‍රහාරයට ලක්‌විය. ප්‍රධාන වශයෙන් සිහි තබාගත යුත්තේ ප්‍රහාරවලට ලක්‌වූ බොහෝ රටවල් යුද්ධය පැවැති වකවානුවේ අපට සතුරු, එල්. ටී. ටී. ඊ. හිතවාදී ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළ බවය.
 
 එහෙත් අප මේ සියලු ප්‍රහාරයන් හෙළා දකින බව කිව යුතුය. මේ සියලු ප්‍රහාරයන් එල්ල කරන්නේ ත්‍රස්‌තවාදීන්ය. ත්‍රස්‌තවාදයේ බර වැඩි වශයෙන් දැනුණු රටක්‌ ලෙස අප ද කාලයක්‌ ගත කළ බව අමතක කළ යුතු නැත. එදවස නෑසිය හිතවතුන් නැවත ගෙදරට එනතුරු බොහෝ දෙනකු කාලය ගත කළේ දැඩි භීතියකින්, කම්පනයකින් බව කිව යුතුය. 2009 වර්ෂයේ අප අවසන් කළේ කුරිරු වූ ත්‍රස්‌තවාදයකි. ඒ දිනවල ශ්‍රී ලංකාවේ සහායට සිටියේ අල්ප වූ රටවල් කිහිපයක්‌ පමණි. යුරෝපයේ බොහෝ රටවල් ත්‍රස්‌තවාදීන් හැඳින් වූයේ "විමුක්‌තිකාමීන්" ලෙසය. ඒ නිසාම එම විමුක්‌තිකාමී ඩයස්‌පෝරාවට ඒ ඒ රටවල හිතු හැටියේ සෙල්ලම් කරන්නට අවස්‌ථාව ඇති තරම් සපයා තිබිණි. කොටින්ම කීවොත් මානව හිමිකම් සංවිධාන සියල්ල සිටියේ මේ "විමුක්‌තිකාමීන්ගේ" පාර්ශ්වයේය. අද වන විට බොහෝ "වැරදීම්" ඒ රටවලට අත්විඳින්නට සිදුව ඇත්තේ ඒ නිසාය. ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තය ගිනි අවි වලින් ස්‌වයංපෝෂිත ප්‍රදේශයකි. එවැනි ප්‍රදේශයකින් "ත්‍රස්‌තවාදියකු" බිහිවීම පුදුමයට කාරණයක්‌ නොවේ. පුදුම විය යුත්තේ එහෙව් ත්‍රස්‌තවාදීන් බිහිකරන ත්‍රස්‌තවාදීන්ගෙන් මදි නොකියන්නට ගුටි කන ඇමරිකාව වැනි රටවල් වෙනත් රටවල ත්‍රස්‌තවාදීන්ට කිරි පෙවීම ගැනය.
 
 
 
 

මිනිසකු රැගෙන යාහැකි විශාල වෘත්තාකාර හතරකින් සැදුම්ලත් ‘ඉගිලෙන පලසක්’ ස්වීඩන් ජාතික ඉංජිනේරුවකු විසින් නිපදවනු ලැබ තිබේ.

මෙය නිපදවූයේ ඇක්සෙල් බෝජ් නැමැති ඉංජිනේරුවාය. වෘත්තාකාර හතරට භ‍්‍රමක රැසක් ඇතුළත් කර පුද්ගලයකුට එහි මැද ඉඳගෙන යාහැකි පරිදි නිපදවා තිබේ.

මෙම ඩ්‍රෝන යාත‍්‍රාව හැඳින්වනුයේ 'chAIR‘ ලෙසිනි. මෙය නිපදවීම සඳහා ඇමෙරිකානු ඩොලර් 10,000 ක් පමණ වැයවී ඇති බව සඳහන් වේ.
මෙම ඩ්‍රෝන යාත‍්‍රාව ලම්භකව ගුවන්ගත කිරීමේ හැකියාව ඇති අතර කිලෝග‍්‍රෑම් 35 ක් පමණ බරින් යුක්තය.

විශේෂිත 76 එලයිට් මෝටර්වලින් මෙයට බලය සැපයේ. විශේෂඥයන් මෙහි ඇති බැටරි තක්සේරු කර තිබුණේ විනාඩි 10 කට පමණි. එහෙත් මෙහි සිද්ධාන්තමය පියාසර කාලය ලෙස විනාඞ් 14 ක් ගුවනේ ගත කිරීමට හැකිවීම සතුටටක් කරුණක් බව බෝජ් පවසයි.

වයඹදිග සිරියාවේ ඉඞ්ලිබ් නුවර ප්‍රබල පිපිරීමක් සිදුවුණු බවත්, 20 දෙනකු පමණ එයින් ජීවිතක්ෂයට පත්වුණු බවත් සිරියානු පුවත් සේවා වාර්තා කරයි.

ඉඞ්ලිබ් නුවර පවතින්නේ අල් නුස්රා පෙරමුණ නමින් හැඳින්වුණු ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේය.

අද මොවුන් පෙනී සිටින්නේ ජබාත් ෆාටා අල් ෂාම් තක්ෆීරී යන නමිනි. මොවුන් අල් කයිඩා අනුබද්ධ ත්‍රස්ත කල්ලියකි.

පිපිරීමට හසුවීමෙන් ත්‍රස්ත සාමාජිකයන් පමණක් නොව, සිවිල් වැසියෝ ද ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන්ගේ ගණන 34 කි. කුඩා දරුවෝ දෙදෙනෙක් ද මියගිය පිරිස අතර වෙති.

පුපුරා ගියේ ට්‍රක් රථ බෝම්බයක් යැයි පසුව අනාවරණය විය. එය ප්‍රතිවාදී අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් යැයි සැක කෙරේ.

පොලිසිය සම්බන්ධයෙන් "ගඳ ගසන" කතන්දර බොහෝ සෙයින් ඇසේ. වසරකට එවැනි කතා කිහිපයක්‌ අසන්නට ලැබීම පුදුමවන්නට කාරණයක්‌ නොවේ. පුදුම විය යුත්තේ එසේ අසන්නට නොලැබුණොත්ය. ඊයේ (02 දා) සියලුම පුවත්පත් වාර්තා කොට තිබූ කටුගස්‌තොට පොලිසියේ 65 ක්‌ මාරු කිරීමේ සිද්ධිය එවැනි ගඳ ගසන කතාවකි. මේ හැටපස්‌දෙනා මාරු කර ඇත්තේ "සේවා අවශ්‍යතා මත" හෝ ගෙදර දොරේ ප්‍රශ්න නිසා නොවේ. කෙටියෙන් කීවොත් නිල ඇඳුම භාවිත කරමින් අලුගුත්තේරු වැඩ කිරීම නිසාය.

වාර්තා වී ඇති පරිදි මේ පිරිසට (පොඩි ගාණක්‌ නොවේ 65 ක්‌ බව සිහි තබාගත යුතුය.) ස්‌ථාන මාරුවීම් ලැබී ඇත්තේ, මහාධිකරණයේ විභාග වීමට නියමිත හෙරොයින් නඩුවකට අදාළ තොරතුරු ඇතුළත් සටහන් පොතක්‌ සහ එම නඩුවට අදාළ නඩු භාණ්‌ඩ සටහන් කරන දේපළ කුවිතාන්සි පොත අස්‌ථානගත වීම ඇතුළු සිද්ධීන් කීපයක්‌ මුල් කරගෙනය. එම වාර්තාවලට අනුව මේ ස්‌ථාන මාරුවීම් ලැබූ පිරිසෙන් සමහරු වසර හතරකට පහකට වැඩි කාලයක්‌ විවිධ දේශපාලන රැකවරණ යටතේ කටුගස්‌තොට පොලිසියේම රැඳී සිට ඇත. ඒ බොහෝ දෙනකුට ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වීම විවිධ විෂමාචාර චෝදනා, දූෂණ චෝදනා, මැර ක්‍රියා, නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීම, පක්‍ෂග්‍රාහීව ක්‍රියාකිරීම, ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබා ගැනීම යන චෝදනා තිබී ඇත.

රාජකාරි නිල ඇඳුමට මුවා වී කරන ලද අමනකම් තේරුම් ගැනීමට කවරකුට වුව මේ තොරතුරු ප්‍රමාණවත්ය. යම් යම් සිද්ධීන් නිසා ඇදගෙන නාගත් පොලිසිය අශුචි වළකටම පැන නාගන්නා අතරවාරයේ රටම ගඳගස්‌සවන බව තේරුම් ගන්නට ද මේ සිද්ධිය ප්‍රමාණවත්ය. අමු අමුවේම මේ ප්‍රදර්ශනය කරන්නේ 'භාවනා' කරන පොලිසියක තරමය. පොලිසිය තුළම කාබී එහිම කැත කිරීමේ අසමඡ්ජාතිකම බොහෝ දුර අතීතයක සිට ක්‍රමයෙන් ව්‍යාප්ත වූවකි. මේ පුත්‍රයින් 65 දෙනා මාරු කළ පසු කටුගස්‌තොට පොලිසියට එන්නට පොරකන අය අතර මීට පෙර කටුගස්‌තොට පොලිසියේ රාජකාරි කරමින් සිටියදී විෂමාචාර ක්‍රියාවන්ට ලක්‌ව වෙනත් පොලිස්‌ ස්‌ථාන වෙත මාරුවීම් ලැබ ගිය අය ද සිටින බව වාර්තාවේ. කටුගස්‌තොට පොලිසියට පැමිණෙන අයගේ "හොද්ද බොර වන" තරම ඉන් තේරුම්ගත හැක.

මේ වන විට ලංකාවේ පොලිසිය හින්දි චිත්‍රපටවල පොලිස්‌ කතන්දර තරමටම නරක තැනකට පැමිණ තිබේ. හින්දි චිත්‍රපටවල වීරයා සමග සටනට එන දුෂ්ටයාට "සපෝට්‌" කරන්නේ පොලිසියයි. ලංකාවේ පොලිසිය දුෂ්ඨයාට "සපෝට්‌" කරන අතරේම "දුෂ්ඨයාට" අඳිති. කාකි නිල ඇඳුම යනු රැස්‌ විහිදුවන ගෞරව සම්ප්‍රයුක්‌ත එකක්‌ බවට පත්ව තිබූ යුගය අහෝසි කරන්නට පෙරමුණ ගෙන සිටින්නේ කාකි නිල ඇඳුම අඳින අයමය. පොලිසියේ සමහර නිල දරුවන් එක හොඳ වැඩක්‌ කර පොලිසිය "පොලිෂ්" කරන විට කාකි ඇඳුම අඳින අශිෂ්ටයන් පිරිසක්‌ එක්‌ව අශුචි බාල්දියක්‌ ගෙන ඒ මත තවරා හොඳ නම කැත කරති. ඒ නිසාම පොලිසිය නම ගිය අපරාධකරුවන්, කොල්ලකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගත්ත ද පොලිසියේ නම කැත වීමට කටුගස්‌තොට සිද්ධියම ප්‍රමාණවත්ය.

පොලිසිය යනු ලොවම පිළිගත් සංකල්පයකි. 1796 - 1948 කාලයේ ඉංගී්‍රසි යුගයේදී ක්‍රමවත්ව පොලිස්‌ සේවය ස්‌ථාපිත කර ඇත. 1865 අංක 16 දරන ආඥ පනතින් පොලිස්‌ දෙපාර්තමේන්තුව 1866 දී ආරම්භ කර තිබේ. පොලිස්‌ ඉතිහාසය එබඳුය. ඒ කාලය තුළ කීර්තිමත් ඉතිහාසයක්‌ සනිටුහන් කර ඇති පොලිසියේ නම කැත කරන මෙවැනි අශිෂ්ටයන්ට "ස්‌ථාන මාරුවීම්" නොව "ගෙදරටම මාරුවීම්" ලබාදිය යුතු බව අපේ විශ්වාසයයි.

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles