Divaina - Kathuwakiya

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

chandapolataරටේ සියලූම ඡන්ද මධ්‍යස්ථාන කොරෝනා අවදානමෙන් සියයට සියයක් නිදහස් බවත්, නොබියව ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ තම වටිනා ඡන්දය භාවිත කරන ලෙසත්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු ඒකාබද්ධ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් කැඳවා ඉකුත්දා ජනතාව දැනුවත් කළහ. 

මෑත කාලයේදී වඩාත් කතාබහට ලක්වූ චරිතයක් ලෙස වැඩ තහනමට ලක්වූ මීගමුව බන්ධනාගාරයේ අධිකාරි අනුරුද්ධ සම්පායෝ හඳුන්වාදිය හැකිය.
 
 මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන්, පාතාල සාමාජිකයන් සමග සමීප සබඳතා පවත්වමින් ඔවුන්ට සියලූ සැප පහසුකම් ලබාදුන් බවට ඔහුට චෝදනා එල්ල විය.
 
 සම්පායෝ මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනකුට වායු සමීකරණ, ශීතකරණ, මයික්‍රොවේව් අවන් ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදී තිබුණි. සම්පායෝගේ හදවත කොතරම් උණුවී ද යත් එම පාතාලයන් දෙදෙනාට සුවසේ සැතපීම සඳහා පහසුකම් සහිත ඇඳන් ද ලබාදී තිබුණි. සිරකරුවෝත් මනුෂ්‍යයෝය යන අර්ථය කුළුගන්වමින් සම්පායෝගේ හදවත උණුවෙද්දී පාතාලයන් දෙදෙනා නිවසටත් වැඩිය ආරක්‍ෂාවක් සහිතව මීගමුව බන්ධනාගාරය සිය නිවහන කරගත්හ.
 
 කවරක් නමුත් සම්පායෝව අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය දිනවල වරෙන්තු නිකුත් විය. වරෙන්තු නිකුත් වුවත් සම්පායෝ අල්ලන්න පොලිසිය උත්සාහ ගත් බවක් නොපෙනුණි. එනිසාම අපරාධ දෙපාර්තමේන්තුව වසර 136 කට පසුව පළමු වරට මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වා සම්පායෝ අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි දැයි පොලිසියෙන් ප‍්‍රශ්න කෙරිණි. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා වැඩබලන පොලිස්පතිට ටාගට් එකක් දුන්නේය. එක්කෝ සම්පායෝ අත්අඩංගුවට ගත යුතුය. නැතිනම් අත්අඩංගුවට
 
 නොගැනීමට හේතු උසාවියට කිව යුතුය. නීති දෙපාර්තමේන්තුව වසර 136 කට පසුව පැවැත්වූ මෙම මාධ්‍ය සාකච්ඡුාව තරමක සැර එකක් විය. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා තදින්ම ප‍්‍රකාශ කළේ නීතිය අවභාවිත කිරීමට කාට හෝ ඉඩ නොදෙන බවයි. අපරාධකරුවන්ට සහාය දෙන රාජ්‍ය නිලධාරීන්ගේ සැබෑ පැටිකිරිය හෙළිකරන බවත් අධිකරණය හමුවේදී ඔවුන්ගේ සැබෑ නිරුවත හෙළිකරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී තදින් කියා සිටියේය. මෙම මාධ්‍ය හමුව පැවතියේ පසුගිය 31 වැනිදාය. ඒ අනුව මෙම මාධ්‍ය හමුව පවත්වා දින දෙකක් ඉක්ම යද්දී සම්පායෝ කුරුණෑගලදී පොලිස් දැලට කොටුවන්නේය.
 
 එලෙස පොලිස් දැලට හසුවූ සම්පායෝ කියනු ලබනුයේ අපූර්ව කතාවකි. අහවල් ඇමැතිවරුන් දෙදෙනාට සැඟව ඉන්න පුළුවන් නම් මට බැරි ඇයිදැයි ඔහු අහිංසක ලෙස ප‍්‍රශ්න කරන්නේය. ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කරන්නේ ඇපිල් කෝට් එකේ තීන්දුව ලැබෙන තුරු සැඟව සිටි බවයි. කෙසේ නමුත් දැන් සම්පායෝ නීතිය ඉදිරියට පමුණුවා ඇත. ඔහුගේ තීන්දුව උසාවියට භාර කර මේ හා සමාන කතාවක් කියන්නට අපි කැමැත්තෙමු.
 
 සම්පායෝ වැනි අහිංසකයෝ මේ රටේ තවත් සිටිති. මේ අය මධුෂ්ගේ, කංජිපානි ඉම්රාන්, කොස්ගොඩ තාරක, ඌරු ජුවා, ගණේමුල්ල සංජීව වැනි සිරදඬුවම් ලබා සිටින අයගේ හෝ ඔවුන්ගේ හිතවතුන්ගේ සමීපතමයන් විය හැකිය. එසේ නොමැති නම් මොහොමඞ් සිද්ධික් හෝ ඔහුගේ ආශ‍්‍රිතයන්ගේ සමීපතමයන් විය හැකිය. මේ සියලූ දෙනාටම සම්පායෝට මෙන්ම කීමට අහිංසක කතා ඇති බැවින් ඔවුන්ගේ ද පැටිකිරිය සොයා නීතිය හමුවට ගෙන ආ යුතුය. ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව තවත් මාධ්‍ය හමුවක් පවත්වා සැර කතා කියන තුරු පොලිසිය කල් හරින්නේ නම් එය නුවණක්කාර ක‍්‍රියාවක් නොවුණු ඇත. මහ මැතිවරණයක් අභිමුව අප සිටින නිසා ඉදිරියේ මොන රජයක් බලයට පත්වුවත් මේ අහිංසකයන් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කර නීතිය ක‍්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුමය.
 

අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මීට පෙර පවසා තිබුණේ ශ‍්‍රී ලංකාවේ පාසල් 582 කට වැසිකිළි පහසුකම් නොමැති බවය. ඇමැතිවරයා එසේ පැවසුව ද 2012 වසරේ කාර්යසාධන වාර්තාවට අනුව පාසල් සංවර්ධන සඳහා එක් පාසලකට රුපියල් ලක්‍ෂ 5 බැගින් ව්‍යාපෘති 6483 ක් සඳහා ප‍්‍රතිපාදන ලබා දී තිබිණි. ඉන් 7% ක් වෙන් වී තිබුණේ සනීපාරක්‍ෂක පහසුකම් ඉහළ නැංවීම සඳහා ය. ඒ වගේම 2015 - 19 ආණ්ඩු සමයේ පාසල්වල සනීපාරක්‍ෂක පහසුකම් නැංවීම සඳහා රුපියල් මිලියන 3733 ක් ද, වැසිකිළි සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 276 ක් ද, වෙන් කර තිබිණි. මේ සියලූ ප‍්‍රතිපාදන දේශපාලකයන්ගේ ගෙදරින් ලබාදෙන ප‍්‍රතිපාදන නොව, රටේ ජනතාවගේම බදු මුදල් බව හොඳින් මතක තබා ගන්න.

රට තුළ උග‍්‍ර රැකියා අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බවට වාර්තා පලවෙමින් තිබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ  විරැකියා කටයුතු දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව මෙරටේ විරැුකියා පෝලිම ලක්ෂ 5 කට ආසන්නය. කලින් කලට පැමිණෙන ආණ්ඩු මගින් විරැුකියාව දුරු කරන්නට රැුකියා අවස්ථා ලක්ෂ ගණනින් ලබාදෙන බවට කීව ද ඒවා කොතරම් ප‍්‍රායෝගික වී ඇත්දැයි මේ වාර්තා අපට කියයි. 

 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 90 ව්‍යවස්ථාවට අනුව ඡුන්ද දායකයකු වීමට සුදුසුකම් ලබන ඕනෑම පුද්ගලයකු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස තේරී පත්වීමට සුදුසු වන අතර එසේ සුදුසුකම් නොලබන්නේ 91 ව්‍යවස්ථාවේ සඳහන් සමහර කාරණා යටතේ නුසුදුස්සකු වුවහොත් පමණකි. මන්ත‍්‍රීවරු මතක් වන්නේ මහමැතිවරණයට ඇත්තේ තව දින දෙකක් නිසාය. ලංකාවේ මැතිවරණ දිස්ත‍්‍රික්ක 22 වෙනුවෙන් දේශපාලන පක්ෂ 20 ක් හා ස්වාධීන කණ්ඩායම් 34 ක් යටතේ අපේක්ෂකයන් 7344 දෙනකු මෙවර මන්ත‍්‍රී ධුර ලබා ගැනීම වෙනුවෙන් සටනට පිවිස සිටිති. මීට මාස කිහිපයකට පෙර මහ මැතිවරණය සඳහා වැය වන වියදම රු. කෝටි 650 ක් ලෙසට ඇස්තමේන්තු කර තිබුණ ද නව කොරෝනා වසංගතය නිසා එම වියදම රු. කෝටි 1000 පමණ වී ඇත. මේ සියලූ බර දරන්නට වන්නේ රටේ මහ ජනතාවටය. වසංගත බිය ඡුන්ද පොළටද කඩා වැදී ඇති නිසා වියදම වැඩිව ඇත. වෙනදා මෙන් නොව නිල් හෝ කළු පෑනක් ද රැුගෙන මනාපය පළකරන්නට යා යුතුය. එය අලූත්ම අත්දැකීමකි. මෙවර මැතිවරණ වියදම සලකන විට අලූත් පාර්ලිමේන්තුව සඳහා එක් මන්ත‍්‍රීවරයකු පත් කිරීම වෙනුවෙන් රුපියල් කෝටි පහමාරක් වැයවේ. එයත් ලේසි නැත. ඔවුන්ගේ අගය වැඩි වන විට ජනතාවට ලැබෙන සේවය වැඩි වන්නේද? මේ ගැන රටම කල්පනා කළ යුතුය. ඒ කල්පනාව අනුව හොඳින් සිත්හි තබාගෙන බදාදා දිනයේ ඡුන්ද පොළට යෑම වැදගත්ය. සියලූ දෙනාටම වඩා යහපතක් සිදුවන පරිදි රටේ අනාගතය හැඩගස්වා ගැනීම උදෙසා අප වෙනුවෙන් තීරණ ගන්නට අපගේ නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා මෙවර මහ මැතිවරණය අපට යළිත් අවස්ථාවක් ලබා දෙයි. ඒ නිසා මේ අවස්ථාව මග හැරිය යුතු නැත. නව කොරෝනා වසංගතය හොඳින් පාලනය කර ඇති නිසා ඡුන්ද පොළට යෑමට බිය විය යුතු නැත. සියලූ දෙනාම තමන්ගේ ඡුන්ද අයිතිය අපතේ හැරිය යුතු නොවේ. ස්ථිරසාර පාලනයක් ඇති කිරීමේදී ස්වකීය කාර්ය භාරය ඉටු කිරීම සෑම පුරවැසියෙකුගේම යුතුකම වේ. සාමකාමී හා සමෘද්ධිමත් සමාජයක් වෙත පිය නැගීම වෙනුවෙන් තම අයිතිය භාවිත කළ යුතුය. කිසිවෙකුට පැහැර ගැනීමට නොහැකි ඡුන්ද අයිතිය පැහැර නොහැරිය යුතුය. ශ‍්‍රී ලංකාවේ ඡුන්ද අයිතියේ ඉතිහාසය දෙස බලන විට පුරවැසියන්ට ඡුන්ද අයිතිය හිමි වූ ආසියාවේ පැරණිම රටවල් අතරට මෙරටද එක් වේ. ඇත්තෙන්ම රටේ ජනතාවගෙන් වැඩිම පිරිසක් එකම දිනයේ නිවෙසින් එළියට බසින්නේ මැතිවරණය දාය. මේ සංඛ්‍යාව දළ වශයෙන් කෝටියකට වැඩි වනු ඇතැයි ගණන් බලා තිබේ. වැඩිම ජන සංඛ්‍යාවක් එළියට බසින මැතිවරණ දිනය වෙනුවෙන් ලොව ප‍්‍රමුඛතම සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රම ක‍්‍රියාත්මකය. ඒ නිසා කිසිවෙකු බිය විය යුතු නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක පවත්නා වැදගත්ම අංගය වන්නේ වරින්වර පවත්වනු ලබන නිදහස් හා සාධාරණ මැතිවරණ මඟින් පාලකයන් තෝරාපත් කර ගැනීමට ජනතාවට අවකාශ සලසා දීමයි. එම ක‍්‍රියාවලියට සහභාගි වීම පුරවැසියකුට ඇති ප‍්‍රධාන අයිතියකි. මෙවර එය වඩා සුවිශේෂ බව සටහන් කළ යුතුමය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles