Divaina - Kathuwakiya

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

වසර දෙදහස්‌ පහළොවට පෙර ශ්‍රී ලංකාව හැඳින්වූයේ ලෝකයේ ආපදා අවම, වාසනාවන්ත රටක්‌ හැටියටය. ලෝකයේ ජීවත් වීමට ඉතාම සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාව ද ගැනිණි.
 
 එහෙත්, එම මිනුම අදට වලංගු නොවේ. ඒ වටිනාකම් අද ඉඳුරාම වෙනස්‌ වී ඇත.

ලංකා පොලිසියට නොහැකිදේ තමිල්නාඩු පොලිසිය කරන බව පෙනේ. ලංකාවේ පොලිසියට හොරු ඇල්ලිය හැක. මිනීමරුවන් ස්‌ත්‍රී දූෂකයන් අත්අඩංගුවට ගත හැකිය. තමිල්නාඩු පොලිසියටත් මෙය කළ හැකිය. නමුත් ලංකා පොලිසියට මැයි 18 වැනිදා කොටි සැමරුම් කළ කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට බැරිවිය. ඒ සඳහා ඔවුන් හට නියෝග ලැබී නොතිබිණි.

අපේ විශ්වාසය නම් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇත්තේ බුද්ධිමත් පියවරක්‌ බවය. මහ වැසි ඇදවැටීමත්, රට පුරා ආපදා තත්ත්වයක්‌ මතුවන විටත් බොහෝ දෙනකුට අමතකව යන දේ අතර ලෙඩ රෝග පැතිර යැමේ අවදානම ප්‍රමුඛය. ආපදාවට ලක්‌වූ උදවියට සහන සලසන අතරවාරයේ විශේෂයෙන් අවධානය යොමු කළ යුත්තේ ඒ ගැනය.

ඊයෙත්, පෙරේදාත් මහ වැස්‌සකි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන පරිදි මැයි මාසය අවසන් වන තුරු වැසි ඇද හැළේ. වහින්නේ නැතැයි දොස්‌ නැඟූ හැමෝටම දැන් ඇති වෙන්නට වැසි ලැබේ. ඊයේ (21 දා) වාර්තා වී තිබූ ආකාරයට කළුතර, කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, බදුල්ල, කුරුණෑගල, ගාල්ල සහ කොළඹ නායයැමේ අවදානමක්‌ තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය කියන පරිදි ඉදිරි දින කිහිපයේ දී වර්ෂාපතනයේ යම්කිසි වර්ධනයක්‌ ඇති වුවහොත් ගංවතුර සහ නායයැමේ අවදානමක්‌ ඇති විය හැකිය. එමෙන්ම ගිං ගඟ, කළු ගඟ, අත්තනගලු ඔය ජලාශවල ජල මට්‌ටම ඉහළ යැමේ අවදානමක්‌ද ඇති බව කියෑවේ. මේ සියල්ල ඇත්තය. මෑත ඉතිහාසයේ හැම වර්ෂයකම මෙවැනි අනතුරු ඇඟවීම්, පණිවුඩ ලබාදීම දැන් පුරුද්දට මෙන් කරන කටයුත්තකි.
 
 අයහපත් කාලගුණය හැම විටම රටේ ජනතාවට අලුත් පාඩමක්‌ කියා දුන් බව මතකයේ තබා ගැනීමත්, පැරැණි මතකය අලුත් කර ගැනීමත් කළ යුතුය.
 
 පැරැණි පාඩම් අත්දැකීමට ගෙන ඊළඟ වතාවේ ඊට මුහුණ දීමට අප සූදානම් නැති බවද අමුතුවෙන් මතක්‌ කළ යුතු නැත. පසුගිය කාලය පුරාම සිදුවූ බොහෝ දේ අපට කියා දී ඇත්තේ එම කාරණයයි. වගකිව යුතු බොහෝ ආයතන හිටි හැටියේ නින්දෙන් ඇහැරෙන්නේද ආපදාව දොරකඩට පැමිණි පසුවය.
 
 "ආපදාවකට පෙර ආපදාව කළමනාකරණය කරන්නේ කොහොමදැයි" ගොන් ප්‍රශ්න අසන්නට කිසිවෙකුත් ඉක්‌මන් විය යුතු නැත. අප මෙතැනදී කතා කරන්නේ දින තුන්සිය හැටපහේම ගංවතුර ආධාර එකතු කිරීමත්, නියං ආධාර එකතු කිරීමත් ගැන නොවේ. ආපදාවක්‌ ඇතිවිය හැකි තැන් හඳුනාගෙන ඒ ඒ ප්‍රදේශවල අවදානම වෙනුවෙන් පූර්ව කටයුතු යෙදීමය. යම් ප්‍රදේශයක පස්‌ කඳු කඩා වැටීමේ හෝ නායයැමේ අවදානමක්‌ හඳුනා ගන්නට මහ වැසි වැටී පස්‌ බුරුල් වන තුරුම ඉන්නට අවශ්‍ය නොවන බව අපේ විශ්වාසයයි. නියං සමයක වුව මෙවැනි තැන් හඳුනා ගන්නට තරම් තාක්‍ෂණය දියුණුය. ඒ විෂයෙහි ප්‍රාමාණික විද්වතුන්ද බොහෝ ය. පසුගිය කාලය පුරාම (වසර කිහිපයේම) එවැනි අවදානම් සහිත කලාපවල නිවාස, ගොඩනැඟිලි තනාගෙන සිටි උදවියට විඳින්නට සිදුවූ අමිහිරි අත්දැකීම් ඊට උදාහරණය. එවැනි බියකරු අත්දැකීම්වලට මුහුණ දුන් සාමසර කන්ද, මීරියබැද්ද ජනතාවට තවමත් හරි හැටි සහනයක්‌ ලැබී නැත. ඒ අත්දැකීම් පාඩමකට ගෙන අවදානම් කලාපවල නිවාස ගොඩනැඟිලි ඉදිකිරීම් නතර කරන අය අල්පය. බොහෝ අයගේ තෝරා ගැනීම එවැනි තැන්මය. ඊටත් අවදානම් කලාපවල පදිංචිව සිටින බොහෝ දෙනෙක්‌ එම ස්‌ථානවලින් ඉවත් වීමට බලාපොරොත්තු වන්නේද පළමු පස්‌ තට්‌ටුව කඩාහැළුණු පසුය. ආපදා තත්ත්වයක්‌ ඇතිවූ පසු හෝ පටන් ගන්නා විටම අදාළ අවදානම් කලාපවලින් ඉවත් වන්නට යෑයි දැනුම්දීම වගකිව යුතු ආයතනවල "වගකීමක්‌" ඇති වැඩ හැටියට අප පිළිගන්නේ නැත. ඊට පූර්ව සැලසුමක්‌ එම ආයතන සතුව තිබි යුතුය. ගං දෙපස ජනතාවට ගංවතුර ගලන බව හැබෑය. එහෙත් නගර යට වෙන්නේ ගංවතුර නිසා නොව වැසි ජලය එකතුවීම නිසාය. ඒ මිනිසුන්ගේම නරක පුරුදු නිසාය. කාණු පද්ධති හිරවන සේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ කැත පුරුදු නිසාය. කඳු නාය යන්නේ ජල පහර දරා ගැනීමට බැරි නිසා නොව ජල පහර දරා ගැනීමට හැකි ගස්‌ කපා දමමින්, ගල් කඩා දමමින්, ඒවා තැනිතලා බවට පත්කරන නිසාය. ඊට පසු ඒ තැනිතලා මත ගොඩනැඟිලි සාදාගත් පසු ඇතිවන තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැත. ඇත්ත වශයෙන්ම කීවොත් වැඩේ කුරුවල් වී ඇත්තේ අපේම වරදිනි. පසුගිය වර්ෂයන්හි මෙරට දේශගුණික රටාවේ වෙනස්‌වීම්, ගෝලීය දේශගුණික විපර්යාසයන් ගේ ම පැතිකඩක්‌ ලෙස හඳුනාගත හැකිය. නමුත් අප ඒවාට මුහුණ දීමේ යාන්ත්‍රණයක්‌ තවමත් ගොඩනඟාගෙන නැත. වැසි සමයේත්, ඊළඟ නියඟයට පෙරත් වගකිවයුතු ආයතන කල්පනා කළ යුත්තේ මේ ගැනය.

බස්‌ ගාස්‌තුව 12.5 කින්ම ඉහළ යැම වැස්‌සෙන් තෙතබරිත වී සිටින මෙරට වැසියන්ට දරාගත හැකිද යන්න ප්‍රශ්නයකි. රජය මුලින්ම 6.5 ක වැඩි වීමකට එකඟ වුවද බස්‌ රථ සංගම් තර්ජන හමුවේ බස්‌ ගාස්‌තු 12.5 කින් ඉහළ දැමීමට කිසිදු පැකිළීමකින් තොරව එකඟ වී ඇත. දැන් අවම ගාස්‌තුව පවා රුපියල් දොළහකි. බසයට නැග බැස්‌සද රුපියල් දොළහක්‌ නැත්නම් පයින් යැම වඩා සුදුසු වන්නේය. ගංවතුර වේගයෙන් ඇදී එන්නා සේම ජීවන බරින්ද ජනයා වේගයෙන් ගිලී අතුරුදන් වන තත්ත්වයක්‌ මතුව යයි. ගංවතුර බැස ගියද ජීවන වියදම් ගංවතුර බැස යන්නේ නැත. එය සුළියක්‌ මෙන් වේගයෙන් කැරකෙමින් ඇදෙයි. ජනයා අපහසුතාවයෙන් සිටින බව දැන දැනම කැබිනට්‌ මණ්‌ඩලය බස්‌ ගාස්‌තු 12.5 කින් ඉහළ නැංවීමට කැමැත්ත පළ කළේ බස්‌ වර්ජනයට බියෙන්ද මගී ජනතාවට වඩා බස්‌ හිමියන්ගේ සංගම් වැදගත් නිසාද, නැත්නම් මේ කිසිවක්‌ ගැන තැකීමක්‌ නොකරන නිසාදැයි දන්නේ දෙවියන්ම පමණි. පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න ප්‍රකාශ කරන්නේ බස්‌ ගාස්‌තු 12.5% කින් ඉහළ නැංවූයේ ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති ප්‍රාණ ඇපයට ගෙන බවයි. බස්‌ ගාස්‌තු වැඩි කිරීමෙන් පසු නියෝජ්‍ය ඇමැතිගේ ප්‍රාණය බේරුණත් දැන් තොණ්‌ඩුව හිරවී ඇත්තේ මගී ජනතාවගේය. තාවකාලික වින්දනයක්‌ ලබන බස්‌ හිමියන් පිරිසක්‌ බස්‌ කර්මාන්තය විනාශ කරන බවත් ගැමුණු විඡේරත්න ප්‍රකාශ කරයි. ගැමුණු මගීන් ගැන අනුකම්පාවෙන් මේ ප්‍රකාශ කරන්නේද? නැත්නම් අනෙකුත් පෞද්ගලික බස්‌ රථ සංගම් සමඟ ඇති අරෝව පිරිමසා ගැනීම සඳහා මෙවැනි ප්‍රකාශ මාධ්‍ය හමුවේ එළිදක්‌වන්නේද යන දෙගිඩියාව පවතී. මේ දෙගිඩියාව හෝ කවුරු බස්‌ රාජා වුවද ඉදිරියේදී බස්‌ ගාස්‌තු නම් අඩු වන්නේ නැත. බස්‌ සංගම් අතර කඹඇදිල්ලෙන්ද පීඩාවට පත් වන්නේ මගියාම පමණි. වසර දෙකකින් ගාස්‌තු වැඩි නොකරන පදනම මත වුවත් මේ ගාස්‌තු වැඩි කිරීම ජනතාවට සහනයක්‌ ගෙන නොදෙන බව නම් පැහැදිලිව සටහන් කළ යුතුය. කැබිනට්‌ මණ්‌ඩලයේ කිසිවෙක්‌ පෞද්ගලික බස්‌ රථවල හෝ ලංගම බස්‌රථවල ගමන් කරන්නෝ නොවෙති. ඔවුහු අති සුඛෝපභෝගී වාහනවල යති. එති. අවශ්‍ය නම් හෙලිකොප්ටර්වලද ඉගිලෙති. නමුත් මගියනට හෙලිකොප්ටර් නැත. බස්‌ රථය එන තෙක්‌ බලා සිටින විට මගී ආවරණයට ඉහළින් අහසේ වේගයෙන් ඇදෙන හෙලිකොප්ටර් දැකිය හැකිය.
 
 ගාස්‌තු වැඩි කිරීම සම්බන්ධව බස්‌ සංගම් අතර ගැටලුවක්‌ද පවතී. ජාතික ප්‍රතිපත්තිය අහෝසි වීම ගැනද කතාබහට ලක්‌ වේ. අන්තර් පළාත් බස්‌ සංගම් සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ බස්‌ ගාස්‌තු ඉහළ දැමීම තමන්ට සහනයක්‌ බවයි. කැබිනට්‌ මණ්‌ඩලයද සහන සලසා ඇත්තේ සංගම්වලට මිස මගියාට නම් නොවේ. ආණ්‌ඩුව මේ සංගම් හමුවේ දණ නවා සිටීද? මගියාගේ ආරක්‌ෂාවට පැමිණෙන්නේ කවුරුද? වැස්‌ස වලාහක දෙවියෝද?
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles