Divaina - Kathuwakiya

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්‌ඩාරට මේ දිනවල වෙන වැඩක්‌ නැත. දැනගන්නට ඇති ආකාරයට අනතුරට පත්වූ තම පුත්‍රයා බලන්නට ද තවමත් රාජ්‍ය ඇමැතිවරයා ගොස්‌ නැත. ඔහු කියන්නේ පසුගියදා යශෝධ රංගේ බණ්‌ඩාර නම් තම පුත්‍රයා සිදුකරන ලද අනතුර පිළිබඳව ජනමාධ්‍ය බොරු කියන බවය. රාජ්‍ය ඇමැතිවරයා කියන පරිදි ඇත්ත කතාව මෙසේය. තමාගේ පුත්‍රයා අනතුරට ලක්‌කරන ලද වාහනයේ තිබී හමුවූ වොඩ්කා බෝතලයේ පුරවා ඇත්තේ උණුකර නිවාගත් බීමට සුදුසු ජලයයි. කඩුව සහ විකට්‌ කූර අනතුර සිදුවූ පසු යශෝධ රංගේ බණ්‌ඩාරට පහරදීමට පැමිණි පිරිසක්‌ දමාගිය ඒවාය. ඊට පෙර සිදුවූ අනතුර සිදුකර ඇත්තේ තම පුත්‍රයා නොව වෙනත් අයයි. යශෝධ රංගේ බණ්‌ඩාර පැදවූ වාහනය රජයේ වාහනයක්‌ වුවද, එය රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක්‌ නොවේ. ඊට හේතුව තම පුත්‍රයා වන යශෝධ රංගේ බණ්‌ඩාර තමන්ගේ මාධ්‍ය ලේකම්වරයා වන නිසාය.
 
 මෙවැනි කරුණු ගණනාවක්‌ පිළිබඳව මාධ්‍ය හමුවකදී කියන රංගේ බණ්‌ඩාර රාජ්‍ය ඇමැතිවරයා වාහනයේ තිබූ "බයිට්‌" ගැන වචනයක්‌ හෝ නොකියන්නට ප්‍රවේශම් වෙයි. දැන් මේ කියන කාරණා අනුව අපට හිතෙන්නේ යශෝධ රංගේ බණ්‌ඩාර ශීල වැඩසටහනකට හා භාවනා පන්තියකට සහභාගි වී එන අතරතුර විශාල කරදරයකට මුහුණපා ඇති බවය. කොටින්ම කීවොත් උණුකර නිවාගත් ජලය ටිකක්‌ බී වාහනයක්‌ දෙකක්‌ හප්පා නිවී සැනසිල්ලේ කාලය ගත කරනවා හැරුණු විට යශෝධ රංගේ බණ්‌ඩාරගෙන් කිසිදු වරදක්‌ සිදුනොවේ. හෙතෙම බෝ පැළයකි. රාත්‍රි ජාමය පසුවීත් ප්‍රදේශයේ සුපිරි හෝටලයක ඔහු කාලය ගත කර ඇත්තේ ව්‍යාපාරික හමුවකට සහභාගි වීමට ගිය නිසා බව රාජ්‍ය අමාත්‍යවර පියාම කියන නිසා අපට ශීල කතාව පැත්තකට දැමීමට සිදුවේ. පළාතේම තිබෙන පොලිස්‌ ස්‌ථාන මේ සිද්ධියේදී රාජ්‍ය ඇමැතිවරයාට එරෙහිව කටයුතු කර තිබෙන බවක්‌ පෙනේ. ඊට හේතුව මේ වෙනතුරුත් අනතුර සිදුවූ මොහොතේ එතැනට පැමිණ කිසිවකුටත් හානියක්‌ නොකොට කැබ් රථයේ කඩුවක්‌ සහ විකට්‌ කූරක්‌ තැන්පත් කළ එකා අල්ලා නොගැනීමය. කරුමෙකට මෙන් කැබ් රථය කඩාවැදී සුනු විසුණු වූ නිවසේ හිමිකරු පවා යශෝධ රංගේ බණ්‌ඩාරට පහරදීමට පැමිණි මැරයන් දැක නැත.
 
 මෙවැනි "පුදුම හිතෙන" දේවල් ශ්‍රී ලංකා දේශපාලන කරළියේ බහුලව සිදුවන නිසා අපටද ඒ ගැන අමුතු පුදුමයක්‌ දැනෙන්නේ නැත.
 
 රංගේ බණ්‌ඩාර රාජ්‍ය ඇමැතිවරයා කියන්නේ ඇත්තම ඇත්ත යෑයි කියන්නට අප ඉක්‌මන් වන්නේ නැත. එමෙන්ම ඒ කියන්නේ බොරු යෑයි කියන්නටද අප ඉක්‌මන් වන්නේ නැත. මේ කියන කාරණා ගැන අප සැලකිලිමත් විය යුත්තේ යශෝධ රංගේ බණ්‌ඩාරගේ "පෙර ක්‍රියා" සැලකිල්ලට ගනිමිනි. යශෝධ රංගේ බණ්‌ඩාර ගමන් ගන්නා සියලු වාහන මිනිසුන් යටකර දමන්නේද, ගෙවල් සුන්බුන් බවට පත් කරන්නේද, ඔහු එම වාහන තුළ ගමන් ගන්නා අවස්‌ථාවේදීම වීම පුදුම සහගතය. මීට පෙර අනතුරට පත් වාහනවල පිරිසිදු ජලය, පොල් වතුර, කිතුල් පැණි, මිදි යුෂ, අරිශ්ට බෝතල් තිබුණු බව වාර්තා වී නැත. ඒ නිසාම ඒ ගැන අප කිසිවක්‌ නොකියමු.
 
 දැන් අපට දැන ගැනීමට ඇති වැදගත් කරුණක්‌ තිබේ. ඒ මේ හාදයා යළි රිය පදවන්නේ නම් ඔහු පැමිණෙන ගමන් මාර්ග කුමක්‌ද යන්නය. ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කිරීම රාජ්‍ය ඇමැති රංගේ බණ්‌ඩාරගේ වගකීමකි.

තවත් ප්‍රාදේශීය දේශපාලකයෙක්‌ පාතාලයේ වෙඩි උණ්‌ඩයට ගොදුරුව තිබේ. දෙහිවල-ගල්කිස්‌ස නගර සභාවේ නාගරික මන්ත්‍රී රන්ජන්ද සිල්වා මහතා ඝාතනය වූයේ ඉකුත් මැයි 24 වැනිදා රාත්‍රියේය. ඒ මරණය සිදුවී සති දෙකක්‌ ඉක්‌ම යද්දී ඇල්පිටිය ඌරගස්‌මංහන්දිය ප්‍රදේශයේදී කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් මහතා ඝාතනයට ලක්‌විය. පාතාලයට කප්පම් නොදුන් සිද්ධියක්‌ නිසා උප සභාපතිවරයා ඝාතනය වී ඇතැයි පැවසේ. දකුණේ පාතාලය යළිත් ක්‍රියාත්මකවී ඇත. කවරකු ආරක්‍ෂිතද? කවරකු අනාරක්‍ෂිතද යන්න කිව නොහැකිය. දැන් ප්‍රාදේශීය දේශපාලකයන්ට පවා හමුදා ආරක්‍ෂාව ලබාදෙන්නට සිදුවෙයිද? මෙවන් තත්ත්වයකට රට ගමන් කිරීම ෙ€දයක්‌ම නොවන්නේද? පාතාලය හා පාතාල කෙරුමන් ගැන සැම දිනම කතා බහට ලක්‌වේ. එහෙත් පාතාල මර්දනය කෙසේ වෙතත් පාතාලයෙන් වෙඩිකන ප්‍රමාණය දිනෙන් දින වැඩිවන බව නම් පැහැදිලිය. පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට පොලිසියට නොහැකිවී ඇත්තේ කවර හේතුව නිසාද?
 
 2017 මාර්තු මාසයේදී බන්ධනාගාර බස්‌ රථයට එල්ලවූ ප්‍රහාරයකින් පාතාල නායක සමයං ඝාතනය විය. එම සිද්ධියෙන් පසුව පොලිස්‌පතිවරයා සඳහන් කර සිටියේ පාතාල ක්‍රියාකාරකම් මර්දනය වේගවත් කරන බවත් ඒ සඳහා විශේෂ කාර්ය බළකාය යොදන බවත්ය. පොලිස්‌පතිතුමා කවරක්‌ කීවද එතෙක්‌ මෙතෙක්‌ පාතාල ක්‍රියාකාරකම්වල වර්ධනයක්‌ මිස මර්දනයක්‌ නම් පෙනෙන්නට නැත.
 
 පොලිස්‌ විශේෂ කාර්ය බළකායට පාතාල මර්දනය පිළිබඳ වඩා සුවිශේෂී හැකියාවක්‌ හා දක්‍ෂතාවයක්‌ ඇත. ඒ ගැන කිසිදු තර්කයක්‌ නැත. පෙරේදා දිනයේ මඩවලදී පාතාල කෙරුමන් දෙදෙනකු මිය පරලොව ගියේ විශේෂ කාර්ය බළකායේ මෙහෙයුමකිනි. මේ මෙහෙයුම් ශීඝ්‍රව සිදු නොකරන්නේ මන්දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරති. විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම්වලට පවා සමහර අවස්‌ථාවලදී බාධා එල්ල වන බව පෙනී යයි. පාතාලය හුරතල් කරන ගමන් අනෙක්‌ පැත්තෙන් මේ කණ්‌ඩායම් මර්දනය කළ නොහැකිය. කොටියා කවර හෝ මොහොතක අත නොව බෙල්ලම සපා කා හැකිය.
 
 කරන්දෙණිය උප සභාපතිවරයා ඝාතනය වන්නේ කප්පම් නොදීම නිසා නම් සෙසු සාමාන්‍ය ජනයා ආරක්‍ෂිත වන්නේ කෙසේද? දකුණේ සියලු ව්‍යාපාරිකයන් කොස්‌ගොඩ සුජීට කප්පම් ගෙවිය යුතුද? මෙය කවර ෙ€දයක්‌ද? කවර සිවිල් බලයක්‌ තිබුණද ඒ කිසිවකුට පාතාලයේ තුවක්‌කු බලයට අභියෝග කළ නොහැකි බව උප සභාපතිවරයාගේ ඝාතනයෙන්ද ප්‍රකට වන කරුණකි. මෙයින් සමාජයම භීතියට පත් නොවන්නේද? ත්‍රස්‌ත භීතිය පරයා පාතාල භීතිය වේගයෙන් හැසිරෙන බව නම් සහතිකය. මේ භීතියෙන් ජනතාව මුදා ගන්නා දියසේන කුමාරයා කවරෙක්‌ද? නැත්නම් ලංකාවම මධුෂ්ගේ හෝ සුජීගේ තුවක්‌කු පාලනයට නතුව ජීවිත් විය යුතුද?
 
 පාතාලය අතුගා දැමීම ගැන ජනතාව කම්පාවට පත්වන්නේ නැත. ජනතාවගේ කම්පාව වන්නේ පාතාලයට හැදී වැඩී සමාජයම වෙලා භීතියට පත් කිරීමට ඉඩදීම ගැනය. රටේ ප්‍රධාන දේශපාලන ධාරාවට පාතාලය තර්ජනය කරයි. ප්‍රාදේශීය දේශපාලකයන් ඝාතනය කරයි. මින් පසුව පාතාලය කෙළින්ම ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්ටද එරෙහිව අවි අමෝරනු ඇත. එසේනම් පාතාලය පැමිණ ගෙදර දොරට තට්‌ටු කරන තුරු බලා සිටිය යුතුද? එනිසාම සමාජ විරෝධී දුෂ්ඨ අධම බලවේග අනුකම්පා විරහිතව මර්දනය කළ යුතුය. එසේ නොවන්නේ නම් සමාජයටද අනුකම්පා විරහිත ෙ€දයකට මුහුණ පාන්නට සිදුවනු ඇත.

මේ අනතුර සිදුකළ කැබ් රථයෙන් පොලිසිය සොයාගෙන ඇත්තේ මොනවාද? වොඩ්කා බෝතලයට අමතරව කඩුවක්‌ විකට්‌ පොල්ලක්‌ද, බේස්‌ බෝල් පිත්තක්‌ ඇතුළු භාණ්‌ඩ කිහිපයකි. රාත්‍රි ගමන් වල යෙදෙන විට අවශ්‍ය ආරක්‍ෂාව සලසා ගන්නට කඩු රැගෙන යන්නේද? පදමට මත්වූ විට කඩු සටන් පුරුදුවීම මේ ඇමැති පුත්‍රයාගේ විනෝදාංශයක්‌ද? නැත්නම් ඇමැති පුත්‍රයා රෑයාමේ ගමනේ යෙදෙන්නේ තමන්ට එරෙහි වූවන් මට්‌ටු කරන්නද? නැත්නම් විරුද්ධ පාක්‍ෂිකයන්ගේ තාප්ප කඩාගෙන ගෙවල් කුඩු කරන්නද? 2016 වසරේ සිදුවූ වාහන අනතුරෙන්ද රංග පුත්‍රයා පාඩම් ඉගෙන ගෙන නැති සෙයකි. කාබී විනෝද වීම මනුෂ්‍ය අයිතියකි. ඒ ගැන ප්‍රශ්නයක්‌ නැත. එහෙත් තමන්ට දැරිය නොහැකි ආකාරයට මත්වී මහ රාත්‍රියේ නිවෙස්‌ කඩා බිඳ දැමීම අනුමත කළ හැක්‌කේ කවරකුටද? මේ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න රට වඩා විමසිල්ලෙන් බලාසිටින බව සටහන් කළ යුතුය.

වස විසෙහි ඉතිහාසය මානව ශිෂ්ටාචාරය තරම්ම ඈතට දිවයයි. මිනිස්‌ වර්ගයාගේ පැවැත්මට මෙන්ම විනාශයටත් වස විස ඉවහල් විය. මීට වසර හාරදහස්‌ පන්සියයකට පෙරත් වස භාවිතා විය. සයනයිඩ් උග්‍ර විසකි. නීරෝ නමැති රෝම අධිරාජ්‍යයා සයිනයිඩ් ලබාදී තම නෑයන් මරණයට පත්කළ බව ඉතිහාසයේ සඳහන් වේ. එහෙත් නීරෝ අධිරාජ්‍යයා ගැන සමරු පැවැත්වෙන්නේ නැත. එහෙත් මේ ලංකා දිවයිනේ නම් සයිනයිඩ් කා මියගිය පුද්ගලයන්ව ද සමරනු ලබන්නේ වසවිස ඉතිහාසය නැවත ලියවන්නටද? දෙමළ සන්ධානයේ අමනකම්වල නිමක්‌ නැති බව පෙනී යන්නේ මෙම සයනයිඩ් සමරුවත් සමඟය.
 
 මීට වසර 44 කට පෙර සයනයිඩ් කා මියගිය පළමු කොටි සාමාජිකයා වූ පොන් සිවකුමරන් සැමරීමේ උත්සවයක්‌ යාපනය උරුම්පිරායිහිදී පැවැත් වූයේ පසුගිය 05 වැනිදා ය. බැංකු මංකොල්ලයකට ගිය මේ කොටි සාමාජිකයා පොලිසියෙන් බේරීමට සයනයිඩ් කා මළේය. එහෙත් දෙමළ සන්ධානයට මේ මංකොල්ලකරුවා මහා විරුවෙකි. පහන් දල්වා සැමරිය හැකි පුද්ගලයෙකි. විරුවන් හා ත්‍රස්‌තයන් වෙන්කර ගැනීමට නොහැකි කාලයක්‌ උදා වී ඇත. මේ සයනයිඩ් විරුවා වෙනුවෙන් සැමරුමක්‌ පැවැත් වූයේ ප්‍රභාකරන්ගේ මස්‌සිනා යෑයි කියන එම්. කේ. සිවාජිලිංගම් ඇතුළු පිරිසකි. මංකොල්ලකරුවන් මහත් ආශ්වාදයෙන් සමරන අවස්‌ථාවක්‌ අප දුටුවේ මේ සිද්ධියත් සමඟය. ලොව පුරා විවිධ මංකොල්ලකෑම්වලට සම්බන්ධ වී මරණයට පත් වූ පිරිස ගණන් බලා නැත. නමුත් උතුරු පළාතේ නම් බැංකු කැඩීම ද වීරත්වයට හේතුවකි. හෙට අනිද්දා වනවිට ඊළම වෙනුවෙන් ස්‌ත්‍රී දූෂණයේ යෙදුණු පුද්ගලයන් ද සමරනු ලැබුවහොත් ඒ ගැන පුදුම විය යුතු නැත.
 
 උතුරේ නීතිය අතට ගෙන ඇත්තේ කවරකු විසින්ද? මංකොල්ලකරුවන් සැමරීමට ජනතාව උනන්දු නැත. උනන්දුවන්නේ දෙමළ සන්ධානයේ අතළොස්‌සකි. තව ටික කලකින් යාපනයේ වැසියන්ටම කඩු පහර එල්ල කළ ආවා කල්ලිය ද මහත් බැතියෙන් යාපනයේදී සමරනු ලැබුවහොත් ඒ ගැන පුදුම විය යුතු නැත.
 
 එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සෑම අයකුගේම කරේ සයනයිඩ් කරලක්‌ එල්ලීමට ප්‍රභාකරන් උනන්දු විය. එසේම ඔහු ද සයනයිඩ් කරලක්‌ ගෙල පැළඳගත්තේය. නමුත් 2009 මැයි මාසයේදී නන්දිකඩාල් කලපුවේ හමුදාවට කොටු වූ විට ප්‍රභා සයනයිඩ් කෑවේ නම් නැත. නලලේ වම්පස පසාරු කරගෙන ගිය වෙඩි පහරකින් ප්‍රභාකරන්ගේ ඉරණම විසඳී තිබිණි. එසේ නම් ප්‍රභාකරන් ද සයනයිඩ් කරලට වංචා කර ඇත. ප්‍රභාගේ වංචාව ගැන හොඳින් දන්නා සිවාජිලිංගම් පසුගිය පස්‌ වැනිදා පොන් සිවකුමරන් සැමරුවේය. සිවකුමරන් ද මියයන විට ශිෂ්‍යයෙකි.
 
 සයනයිඩ් කෑ ශිෂ්‍යයා සමරමින් දෙමළ සන්ධානය උතුරේ දරුවන්ට ලබාදෙන පණිවුඩය කුමක්‌ද? නුඹලාත් ඉදිරියේදී සයනයිඩ් කෑමට සූදානම් විය යුතු බවද? මෙය බරපතළ ෙ€දයකි. මුල්ලිවයික්‌කාල් සැමරුමෙන් පටන්ගත් කොටි සැමරුම් සයනයිඩ් සැමරුම දක්‌වා අද විහිද ගොස්‌ ඇත. මේ සයනයිඩ් සැමරුමේ දිගුව කොතැනද?

කපා දමා ඇති ගස්‌ පිහිටා තිබී ඇත්තේ පෞද්ගලික ඉඩමකය. ඉඩම පෞද්ගලික වුවද මෙවැනි අධි සංවේදී කඳුකර කලාපවල ඉඩම්වල භුමිය සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය පැවරී ඇත්තේ වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවටය. 1951 අංක 25 දරණ පාංශු සංරක්‌ෂණ හා ඉඩම් හායනය වැළැක්‌වීමේ ආඥා පනතට අනුව මෙම අධි සංවේදී පරිසර කලාපවල වල් නෙළීමට පවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා ගත යුතුය.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles