Divaina - Kathuwakiya

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඊයේ (04) දිනය ජනතාව සඳහා අවවාදාත්මක දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබිණි. ඒ, පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව සැලකිල්ලට ගනිමිනි. අදාළ නිවේදනය මගින් කියවුණේ වයඹ, දකුණ, බස්නාහිර, සබරගමුව පළාත් 4 සහ වැඩිමනත් මන්නාරම සහ මොණරාගල දිස්ත‍්‍රික්ක 2 තුළ  දිවිගෙවන ජනතාව පවතින උෂ්ණත්ව වැඩිවීමට සංවේදීව කටයුතු කිරීමේ අවශ්‍යතාවයි. එනම්, තේරෙන්නට කියන්නේ නම්, කුරුණෑගල, පුත්තලම (වයඹ), ගම්පහ, කොළඹ, කළුතර (බස්නාහිර), ගාල්ල, මාතර, හම්බන්තොට (දකුණ), රත්නපුර, කෑගල්ල (සබරගමුව) මොණරාගල සහ මන්නාරම යන දිස්ත‍්‍රික්ක 12 උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 32 - 41 දක්වා ඉහළ ගොස් ඇති නිසා ”වැඩි අවදානම්” කලාපයට ඇතුළත් කර, මිනිස් සෞඛ්‍යයට විය හැකි බලපෑම මෙම අනතුරු ඇඟවීමේ අවවාදාත්මක නිවේදනයට ඇතුළත් කර තිබිණි.
 
 එම නිවේදනය වලංගු වන්නේ එක් දිනක් සඳහා පමණක් යැයි සඳහන් වුවද, මේ දිනවල රට තුළ පවතින උණුසුම සහ කටුක දේශගුණය ගැන අමුතුවෙන් කිව යුතු නැත. සමස්ත රටේම පවතින්නේ වැසි රහිත, අසාමාන්‍ය වියළි, කටුක කාලගුණයකි.
 
 එසේ හෙයින් රට විදුලි අර්බුදයකට ද අත වනමින් පවතින අතර, පානීය ජල අර්බුදයක ද ලකුණු පහළ වෙමින් පවතී. එසේ හෙයින් ජනතාව සංකීර්ණ අර්බුදවලට ද (කොරෝනා නොසලකා) මුහුණ දීමේ සූදානමකින් සිටීම වැදගත් වේ.
 
 ඉහත දිස්ත‍්‍රික්ක පිළිබඳව අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන තවත් කරුණක් වන්නේ නිරිත දිග මෝසමේදී නිරන්තර ජලගැලීමට ලක්වන දිස්ත‍්‍රික්ක හා පළාත් වන මේවා අද මෙසේ දරුණු පෑවිල්ලකට හා උණුසුමකට ගොදුරු වීම කාලගුණ විපර්යාසයේ සරදමක් බවයි. එසේ හෙයින් රටේ අනෙකුත් ප‍්‍රදේශ පිළිබඳව අපට කියන්නට ඇත්තේ ‘යකඩ මල්ලට ගුල්ලෝ ගැසුවේ නම්, හාල් මල්ල ගැන කතා කිරීමෙන් පල නැති’ බවය. කෙසේ හෝ රටෙන් අඩක් වන අනෙකුත් ප‍්‍රදේශයේ ද පවතින බව කියන්නේ සෙන්ටිගේ‍්‍රඞ් අංශක 32 ආසන්න (දැවෙන) උණුසුමකි.
 
 මේ තත්ත්වය යටතේ බලධාරීන් අමතක කළ සුවිශේෂී දෙයක් ඇති බව අපගේ වැටහීමයි. එනම්, වියළි ප‍්‍රදේශවලට තවදුරටත් වැස්ස අඩුවීමෙන් සහල් නිෂ්පාදනයට සිදුවන බලපෑම, නොහොත් ආහාර අර්බුදයට පිළියමක් ලෙස තෙත් කලාපයේ වගා කළ හැකිව තිබූ කුඹුරු සියල්ල පහුගිය කන්නයේ වගා කළ යුතුව තිබුණු නමුත් එසේ නොකිරීමය.
 
 ජලය තිබුණත් එම කුඹුරුවලින් වගා කර තිබුණේ කෙතරම් අඩු ප‍්‍රමාණයක්ද යන්න දැකගැනීමට දුම්රියේ නැගී රාගම සිට මීරිගම වැනි දුරක් ගමන් කිරීම වුව සෑහෙන බව අපට කාලගුණ විපර්යාස සහ ඊට පිළියම් යෝජනා කරන බලධාරීන්ට අප යෝජනා කරන්නට කැමතිය. අප මේ කියන්නේ පවතින සහල්, එළවළු මිල සහ ළඟ එන කාලගුණ, දේශගුණ තත්ත්ව සලකාය.
 
 නොහොත් එළඹිය හැකි දුර්භික්ෂයන්ගෙන් ගැලවීම සඳහා අවම වශයෙන් වැසි වැටෙන සමයේවත් (විශේෂයෙන් තෙත් කලාපයේ) උපරිමව වගා කළ යුතු බව අනාවැකියක් ලෙස ලියා තබන්නට අප කැමතිය.
 
 මේ අප ගෙවා දමන්නේ මිහිමත මිනිසා බිහිවීමෙන් පසු ගෙවී යන අති බිහිසුණුම හා ශෝචනීයම කාලය බව පෙනෙන්නට තිබේ. ඔස්ටේ‍්‍රලියාවේ සහ බ‍්‍රසීලයේ (ඇමසන් වනානන්තරයේ) ලැව් ගිනි හා එහි මහා ජෛව වඳවීම ඊට නිදසුන්ය. එසේම නිරන්තරයෙන් සිදුවන මහා ග්ලැසියර (අයිස් කඳු) දියවීමය. එසේම, මිනිසා උෂ්ණත්ව මානය සොයාගත් පසු වාර්තා වන ලොව අධිකම උෂ්ණත්ව වැඩිවීම සිදුවෙමින් පවතින්නේත් අපගේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙසේ අපට උෂ්ණත්ව අනතුරු දක්වන මේ මාස කිහිපය තුළ බව ද අමතක කළ යුතු නොවේ.
 
 එනම්, ලෝකයේ කාලගුණ තොරතුරු  රැස්කරන ප‍්‍රධානතම ආයතනයක් වන එක්සත් ජනපදයේ ‘ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලනය’ (භධ්්) පවසන්නේ වසර 141ක ඉතිහාසයේ ලොව වාර්තාගතම උණුසුම් ජනවාරිය 2020 ජනවාරිය වන බවයි. 1893 ජනවාරිය ලොව වාර්තාගත සීතලම ජනවාරිය වන බවත්, අංශක 0.72 ක් වූ එකල උෂ්ණත්ව වැඩිවීමෙන් පසු ක‍්‍රමයෙන් ඉහළ යන උෂ්ණත්වය අංශක 1.14 කින් වැඩි වූ වසර මේ (2020) වන බවත් පෙන්වාදෙන ඔවුන් තවදුරටත් කියන්නේ ලොව උණුසුම්ම ජනවාරි හතර 2016 න් පසුව එකදිගට වාර්තා වන බවයි.
 
 එසේ හෙයින් අප ගිනි කබලක් මත දිවි ගෙවමින් පසුවන අතර, අපගේ මේ සියලූ කෙළි පවතින්නේ ‘හැළියේ දිය රත්වන තුරු’ පමණක් බව මෙරටේ දේශපාලකයින් තේරුම් ගෙන තිබේද යන්න අපට ප‍්‍රශ්නයකි. කෙසේ හෝ අපගේ කාලගුණය මෙන්ම, ලෝක කාලගුණයේ අනාවැකි මත ද ක‍්‍රියා කරන සංවේදී පාලක පිරිසක් වහ වහා රටට අවශ්‍යව තිබේ.
  

 මහ මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග රටේ දේශගුණය තරමට දේශපාලනය ද උණුසුම් වී තිබේ. අප‍්‍රියෙල් 25 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය සඳහා මාර්තු 12 - 19 අතර කාලයේදී නාමයෝජනා භාර දිය යුතු බැවින් දේශපාලන පක්ෂවලට මේ ගෙවී යන්නේ ඉතා කාර්ය බහුලම මෙන්ම වගකීම බහුල සමයකි. උගතුන්, බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවට මහජන සංවාදයක් පවතින මොහොතක, එම අභියෝගය ජය ගැනීම සඳහා දේශපාලන පක්ෂවලට මුහුණ දීමට සිදුවන්නේ සුළුපටු අභියෝගයකට නොවේ. මේ වන විටත් රටේ පිළිගත් දේශපාලන පක්ෂවල සිටින ඇතැම් මහජන නියෝජිතයන්, අන්ත ¥ෂිතයන්, සමාජ පීඩකයන් බවට පත්ව ඇති බැවින් රටේ ජනතාව සම්ප‍්‍රදායික පක්ෂ දේශපාලනය ප‍්‍රතික්ෂේප කරමින් සිටිති. එම විරෝධය මේ වන වි

 කොරෝනා වෛරසය පැතිරීමේ හා බලපෑමේ අවදානම ගෝලීයව ඉතා ඉහළ මට්ටමක පවතින අතර එය අනතුරු ඇඟවීමේ ඉහළම මට්ටමට ළඟාවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කර ඇත. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එය පාලනය කිරීම තවමත් කළ හැකි බවයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය මේ වන විට ”තීරණාත්මක ස්ථානයකට” ළඟා වී ඇති අතර එය ”වසංගත තත්ත්වයක්” දක්වා වර්ධනය වීමේ අවදානමක් මතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් ඝෙබි‍්‍රයේසස් මහතා ප‍්‍රකාශ කර තිබේ. රෝ බිය දසතම පැතිරෙන බව නම් සහතිකය. දකුණු කොරියානු ආණ්ඩුව ප‍්‍රකාශ කර ඇත්තේ තම රට වැසියන්ට නිවෙස් තුළටම වී සිටින ලෙසය. බුදුන් සමයේ පැවති අහිවාතක රෝගය ගැන අප අසා ඇති නමුත් වර්තමානයේ කොරෝනා භීතිය කෙළින්ම දකිමු. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන කාලයේ රජගහනුවර එක්තරා පවුලක් අහිවාතක රෝගයෙන් උවදුරට පත්විය. අහිවාතක රෝගය වැළඳීම නිසා එම නිවසේ එක් ස්ත‍්‍රියක් හැර අනික් සියල්ලෝම මිය ගියහ. ඇය නිවස ද නිවසේ වූ සියලූ ධන ධාන්‍යද හැර දමා මරණ භීතියෙන් ත‍්‍රස්තව බිත්තියක් පලාගෙන පැන ගියා ය. කොරෝනා වලට බිලි වූ විට බිත්තිය බිඳගෙන පලා යා නොහැකිය. චීනයට වඩා වැඩි ආසාදිතයින් පිරිසක් චීනයෙන් පිටත සෙසු රටවලින් වාර්තා වීම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයද කලබල වී ඇත. ඉරානය සහ ඉතාලිය, වෛරසය පැතිරයෑමේ කේන්ද්‍රීය ස්ථාන බවට පත්ව තිබේ. එම රටවල සිට සංචාරය කරන්නන් මගින් වෛරසය තවදුරටත් පැතිර යමින් පවතී. මේ වන විට ඉරානයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනකුට ම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, වෛරසයට ගොදුරු වූ නවතම පුද්ගලයා වන්නේ, කාන්තා සහ පවුල් කටයුතු පිළිබඳ උප ජනාධිපතිනි මසූමේ එබ්ටෙකාර්ය. ඉරානය සිය පුරවැසියන්ට දන්වා ඇත්තේ, අනවශ්‍ය සංචාරවල නිරත නොවන ලෙසය. ටෙහෙරාන් ඇතුළු අනෙකුත් නගර ආශ‍්‍රිතව සිකුරාදා දේව මෙහෙයන් අවලංගු කර තිබිණි. චීනය, හොංකොං, ජපානය සහ ඉරාකය පාසල් වසා දැමීමට තීරණය කර තිබේ. කවර බලවන්තයෙක් වුවද වෛරසයෙන් ගැලවීමක් නොමැත. චීනයේ සංචාරය කළ නිසා මොංගෝලියානු ජනාධිපති ඛල්ට්මාජින් බතුල්ගා දින 14 ක නිරෝධායන ක‍්‍රියාවලියකට යොමු කිරීමට පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත. නව කොරෝනා වෛරසයට මොංගෝලියාව කොතරම් බියවී ඇත්ද යත් චීනයට ගල් අඟුරු ලබා දීමද නතර කර තිබේ. වඩා බියජනක කාරණය නම් මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගිය පුද්ගලයන්ගෙන් 14%ක ප‍්‍රතිශතයකගේ ශරීර තුළ යළිත් වෛරසය සක‍්‍රීය වී ඇති බව තහවුරු වී ඇතැයි චීන සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දී තිබීමයි. සෙම්ප‍්‍රතිශ්‍යාව වැළඳෙන වෛරස මිනිස් ශරීරයෙන් පිටත නොනැසී පවතින්නේ පැය 24 ක් පමණි. නමුත් කොරෝනා වෛරසය ශරීරයකින් පිටත මාස ගණනාවක් නොනැසී පවතියි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි දින දහයත් දෙකත් ඇතුළත ආසාදිත පුද්ගලයෙකුගෙන් මෙම වෛරසය තවත් පුද්ගලයෙකුට සම්පේ‍්‍රෂණය වීමේ අවදානම පවතියි. කනගාටුව වන්නේ මේ සඳහා ස්ථීර ඖෂධයක් තවමත් සොයාගෙන නොමැතිවීමය. කොරෝනා වෛරසය පුද්ගලයන්ට ආසාදනය වීම වැළැක්වීමට කිසිදු එන්නතකට නොහැකිය. නමුත් එවැනි එන්නතක් නිර්මාණය කිරීමට විද්‍යාඥයෝ පරීක්ෂණ පවත්වමින් සිටිති. එනිසාම ලෝකය පුරාම අනාරක්ෂිත භාවයක් පැතිර තිබේ.
  

 වැටුප් විෂමතා ඉවත් කිරීම, අධ්‍යාපනයට අයවැයෙන් සියයට හයක් වෙන්කිරීම, ගුරුවරුන්ට අනවශ්‍ය කොළ පිරවීම් නතර කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කරගෙන ලංකා ගුරු සංගමය වෘත්තීය ක‍්‍රියාමාර්ගයට අවතීර්ණ වී තිබේ. පෙරේදා ආරම්භ කළ මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය සියයට අනූඅටකින් සාර්ථක වූ බව සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි. ලේකම්වරයාගේ කතාව සත්‍යයකි. මෙම වෘත්තීය ක‍්‍රියා මාර්ගය හේතුවෙන් පෙරේදා දිවයිනේ පාසල් රැුසක අධ්‍යාපන කටයුතු මුළුමණින්ම බිඳ වැටී තිබුණි. තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් ඉගැන්වීම් කටයුතු හැර වෙනත් කිසිදු රාජකාරියක නිරත නොවීමටත්, මාර්තු 16 සිට 20 දක්වා දින පහක කාලයක් වැඩ වර්ජනයක නිරත වීමටත් ගුරු විදුහල්පති වෘත්තීය සංගම් 30 ක් ඒකමතිකව තීරණය කළ බව ගුරු සංගමය දැනටමත් නිවේදනය කර තිබේ. මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය ඉදිරියට

අප සිතා සිටියේ තිස් වසරක් පුරා මෙරට වෙළාගෙන තිබූ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය මෙරට පැවති (හෝ පවතින) ප‍්‍රමුඛතම ජාතික ව්‍යසනය බවටය. එහෙත් එය එසේ නොවන බව අන්තරාය ඖෂධවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බි‍්‍රගේඩියර් දර්ශන හෙට්ටිආරච්චි විසින් පොළොන්නරුවේ සේනපුර පිහිටි එම ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙන මධ්‍යස්ථානයේ දී දක්වා ඇති අදහස්වලින් සමාජයට ඒත්තු යයි.
 
 ඔහු පවසන පරිදි රට මේ මොහොතේ බරපතළ ඛේදවාචකයක පවතී. එසේ වන්නට හේතුව සමාජය බරපතල අයුරින් මත් රකුසා විසින් ගිලගෙන තිබීමය. එය කෙතරම් අනතුරුදායක තත්ත්වයක පවතින්නේද යත්, කොමසාරිස් ජනරාල්වරයා පවසන පරිදි වයස අවුරුදු 18 අඩු රටේ දරුවන්ගෙන් ලක්ෂ 2 ට වඩා ප‍්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටී.
 
 ඔහු පවසන පරිදි මෙන්ම අපට ද හැඟී යන පරිදි මෙය රටේ මහත් ඛේදවාචකයක් වන අතර, ශ‍්‍රී ලංකාව වැනි කුඩා රටකින් මෙවන් පුවතක් වාර්තාවීම අතිශය කනගාටු දායක තත්ත්වයකි. එසේම, දරුවන්ද වැඩිහිටියන් ද නොව, රටක් මත් රකුසාට ගොදුරුවීම එම රටේ, සමාජයේ පිරිහීම ඉන් කියැවේ. ශ‍්‍රී ලංකාව ඒ ‘අගනා නාමය’ දැනටමත් හිමිකරගෙන සිටීම ලජ්ජාවකි.
 
 බලයට පත්වූ බොහෝ රජයන් මෙරටින් මත් උවදුර පිටු දකින්නට කතා කළ අයුරු හා ඇතැම් ජනප‍්‍රිය ක‍්‍රියාමාර්ග ගත් අයුරු ද අපේ මතකයේ තිබේ. මතට තිත එවන් ජනප‍්‍රිය තේමාවකි. එහෙත් යන යන තැන හතු පිපෙන්නා සේ බාර් ඉදිවෙමින්, තම හිතවතුන්ට බාර් ලයිසන් ලබා දුන් කාලකන්නි ආණ්ඩු විසින්ම මතට තිත වෙනුවට තිතට මත් වන්නට අවකාශ ලබාදීමේ ප‍්‍රතිපල ලෙස ද මෙසේ ළමයින් මත් රකුසාට ගොදුරු වන්නට එක් හේතුවක් වන්නට ඇතැයි අපට කල්පනා කළ හැකිය.
 
 එසේම මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලෙස කැත නමක් දිනා සිටින ශ‍්‍රී ලංකාව තුළ ලෝකයේ භාවිතයට ගන්නා ඕනෑම මත්ද්‍රව්‍යක් හොයා ගන්නට ගතවන්නේ නිමේෂයකි. ගංජා, හෙරොයින් (කුඩු), අයිස්, අබිං වැනි මෙකී නොකී සියලූ මත්ද්‍රව්‍ය දිවයිනේ බොහෝ පාසල් අසලින්ම සොයාගන්නට හැකිවීම දේශයේ දරුවන් පත්ව සිටිනා ඛේදවාචකය මැනවින් ප‍්‍රදර්ශනය කරවයි.
 
 ඊයේ (2දා) දිවයින පුවත්පත වාර්තා කරන තවත් පුවතකින් කියන්නේ මහනුවර ප‍්‍රදේශයේ මිශ‍්‍ර පාසලක ලොකු අය්යලා විසින් බලෙන් මත් ටොෆී කැවීම නිසා රෝගී වූ 6 පන්තියේ සිසුවෙකු රෝහල් ගත කර ඇති බවකි.
 
 පිටස්තර කල්ලියක් විසින් පාසලට බෙදාහැර ඇති මෙම මත් ටොෆිය ලොකු අය්යලා විසින් අනෙකුත් සිසුන් අතර බෙදා හරින බව පොලිස් පරීක්ෂණවලින් සොයාගෙන ඇත.
 
 මෙසේ වසංගතයක් හා පොළව නුහුලනා දරුණු ජාවාරමක් ලෙස පැතිර යන මෙම මත් උවදුර පිටුදකින්නට පාසල් අවට යුද හමුදා රැුකවල් දමන්නට යුද හමුදාපතිවරයා තීරණය කර ඇති නමුත් එය ජාතියේ අවාසනාව කියාපාන තත්ත්වයක් බව අපගේ හැඟීමයි. එනමුත් එසේ රැුකවල්ලා සිටින හමුදාවන් මගින් මෙම ජාවාරම්කරුවන් අල්ලා නිසි දඬුවම් ලබා දිය යුතු බවට ද අපි යෝජනා කරන්නෙමු.
 
 බි‍්‍රගේඩියර් දර්ශන හෙට්ටිආරච්චි කියන පරිදි ලෝකයේ බිහිසුණුම ත‍්‍රස්තවාදී හමුදාව පරාජය කළ අපේ හමුදාවට මේ මත් රකුසා පරාජය කිරීම අභියෝගයක් නොවේ. ඔහු කියන පරිදි දැනටමත් කන්දකාඩුව, සේනපුර කඳවුරෙන් පුනරුත්ථාපනය ලබා යළි සමාජගත වූ පිරිස 13000 කි. එසේම, තවත් පිරිසක් පුනරුත්ථාපනය ලබමින් ද පසුවේ. මේ කටයුත්තට වඩා වැදගත් වන්නේ මත් රකුසාට බිලිවීමට නොදී සමාජය (විශේෂයෙන් දරු පරපුර) ගලවාගැනීමය. ඒ භාරදූර කාර්යයන් දෙකම අද හමුදාව මගින් භාරගෙන තිබීම මත් රකුසාගෙන් ගිනි ගත් හදවත්වලට සිසිල් දිය පොදක් වැටීම හා සමාන වූවකි. මන්ද, මත්ද්‍රව්‍යවලට තම දරුවන් ගොදුරු වීම නිසා ගිනි උහුලනා දෙමවුපියන්ද, පියවරු, ස්වාමියන් නිසා දුක් උහුලනා දරුවන් හා බිරින්දෑවරුන්ට මෙය සැනසුම් සුසුමක් වන නිසාය.
 
 කෙසේ හෝ නව ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සැබෑ ලෙසම මතට තිත තැබීම සඳහා හමුදාව කැඳවීම අප අගය කරන අතර, පළමුවෙන්ම කළ යුතුව ඇත්තේ මෙරටට විවිධ ආකාරයේ මත්ද්‍රව්‍ය ගෙන එන ජාවාරම්කරුවන් හඳුනාගෙන ඔවුන්ට සුද්දය දීමය. ඒ සඳහා විටෙක පාර්ලිමේන්තුවද, ඇතැම් ලොකු ව්‍යාපාරික ආයතන හා මහා මන්දිර ද පීරීමට සිදුවන බවද හමුදාවට මතක් කර දෙන්නට අප කැමතිය.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles