Divaina - Kathuwakiya

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 සුපුරුදු පරිදි උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් හමුදා විරෝධය නැවත අවුළුවා ඇත. ඒ හමුදා කඳවුරු ඉවත් කිරීමට නම් නොවේ. වවුනියාවේ වැව් ප්‍රතිසංස්‌කරණයට හමුදාවේ මැදිහත්වීම පිළිබඳවය. නැති අවුල් ඇති කිරීමෙහිලා උතුරු මහ ඇමැතිවරයා සුවිශේෂි කාර්යයක්‌ සිදුකරන බව නම් පැහැදිලිව සටහන් කළ යුතුය.

රාජ්‍ය ආරක්‍ෂක ඇමැති රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ පාතාල මර්දනයට හමුදා හා පොලිස්‌ ඒකාබද්ධ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන බවයි. හදිසි නීතිය ක්‍රියාත්මක නොවන සමයක පාතාල මර්දනය සඳහා හමුදා සහය ලබා ගැනීමේදී ප්‍රායෝගික දුෂ්කරතා මතුවේ. ඒ කවරක්‌ වෙතත් ත්‍රිවිධ හමුදාවම හෝ යොදාගෙන පාතාල භීෂණයෙන් රට මුදා ගැනීම වැදගත්ය. එහෙත් මේවා දේශපාලන ප්‍රකාශ පමණක්‌ නොවිය යුතුයි.
 
 පාතාල මර්දනය ගැන ආණ්‌ඩුවේ දේශපාලකයන් විවිධ කතා කියද්දී අඟුණකොළපැලැස්‌ස බන්ධනාගාරයේ සිදුවූයේ කුමක්‌ද? මාතර පොලිස්‌ නිලධාරියා වෙඩි තබා ඝාතනය කළ කොස්‌ගොඩ තාරක නමැති පාතාල නායකයාට බන්ධනාගාරයේදී උණුසුම් පිළිගැනීමක්‌ ලැබීමයි. ඊයේ "දිවයින" මුල්පිටුවේ වාර්තා කර තිබුණේ කොස්‌ගොඩ තාරක රැඳවියන්ගේ කරමතින් ගෙන ගොස්‌ ඇති බවය.
 
 කොස්‌ගොඩ තාරක පොලිස්‌ නිලධාරියකු ඝාතනය කළ නිසා උණුසුම් පිළිගැනීමකට ලක්‌ව ඇත. එසේනම් අඟුණකොළපැලැස්‌ස බන්ධනාගාරය පාලනය කරන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව නොව පාතාල ගෝඩ් µdදර් මාකඳුරේ මධුෂ් බව පැහැදිලිය. මෙය කවරනම් විපතක්‌ද? බන්ධනාගාරය තුළ පාතාල පාලනය පවතින්නේ නම් සිදුවන්නේ කුමක්‌ද? සමස්‌ත සමාජයම අනාරක්‍ෂිත වීම නොවේද? සියලු ප්‍රචණ්‌ඩ ක්‍රියා, මිනී මැරීම්, කප්පම් ගැනීම් මෙහෙය වන්නේ බන්ධනාගාරය තුළදීමය. අපරාධකරුවන්ට බන්ධනාගාරය ක්‍ෂේම භූමියක්‌ වී ඇත. කොස්‌ගොඩ තාරකට ලබාදුන් පිළිගැනීම තුළින්ද අවධාරණය කරනු ලබන්නේ කුමක්‌ද? ඉතා ඉක්‌මනින්ම පාතාල නායකයන්ගේ පාලනයෙන් බන්ධනාගාරය මුදා ගත යුතු බව නොවේද? හොරකමකට බන්ධනාගාර ගතවන පුද්ගලයා මේ පාතාල රැස්‌ වළල්ලට හසුවීමෙන් පසුව නැවත සමාජයට එන්නේ යළි යළිත් අපරාධ සිදුකිරීමේ නොතිත් ආශාවෙනි. මිනීමරුවන් බිහිවීමට පෙළඹවීම් සිදුවන්නේද බන්ධනාගාරය තුළින්මය. කොස්‌ගොඩ තාරකට ලැබෙන පිළිගැනීම නිසා සාමාන්‍ය සිරකරුවන්ට දැනෙන හැඟීම කුමක්‌ද? දුසිම් ගණන් මිනී මැරිය හැකිනම් සුවිශේෂී පුද්ගලයෙක්‌ විය හැකි බවයි. මේ නිසාම බන්ධනාගාර රජයේ පාලනයට නතු වන ප්‍රදේශ බවට පත් කළ යුතුය. බන්ධනාගාර පිහිටා ඇත්තේ ලංකා ආණ්‌ඩුවේ බලය නීතිය පාලනය පවතින ප්‍රදේශවලය. මේවා කොටි පාලන ප්‍රදේශ නොවේ. දැන් කොටි පාලන ප්‍රදේශ ඉතිහාසයට එක්‌ව ඇත. නමුත් අඟුණකොළපැලැස්‌ස බන්ධනාගාරය නම් ලංකා ආණ්‌ඩුවේ පාලනයට නොව ඩුබායි සිටින මධුෂ්ගේ පාලනයට නතුව ඇත. මධුෂ් පැහැදිලිවම ත්‍රස්‌තවාදියෙකි. ත්‍රස්‌තයකුගේ පාලනයට නතුවූ රජයේ ආයතන පැවතිය නොහැකිය.
 
 අඟුණකොළපැලැස්‌ස බන්ධනාගාරය පමණක්‌ නොව බොහෝ බන්ධනාගාර පාලනය කරනු ලබන්නේ පාතාලය විසිනි. මෙය රහසක්‌ නොවේ. පාතාල භීෂණයෙන් රට මුදා ගැනීමට විශේෂ කාර්ය බළකාය මෙහෙයුම්වල යොදවා ඇති සේම බන්ධනාගාරයද ශුද්ධ කිරීම වහා ඇරැඹිය යුතුය. බන්ධනාගාරය තුළ පාතාල භීෂණය පැතිරවීමට උදව්කරන නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක විය යුතුය. එසේ නොවන්නේ නම් ලංකාවේ බන්ධනාගාරවල නිල නොලත් අධ්‍යක්‍ෂ වන්නේ මධුෂ්ය. අඟුණකොළපැලැස්‌ස කොස්‌ගොඩ තාරකට සින්න වනු ඇත.

ඊයේ දිනය වන විට එනම් මේ සතිය ආරම්භ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම වෙඩි තබා ගැනීම්, අපරාධ රැසක්‌ වාර්තා වී තිබිණි. ඒ අතර ප්‍රධාන තැනක්‌ ගත්තේ පසුගිය සතිය අවසන් වන විට වාර්තා වූ මාතර රන් කොල්ලයේ සිද්ධියයි. එම කොල්ලය සිදුවන අවස්‌ථාවේ කොල්ලකරුවන් වළක්‌වාලන්නට ඉදිරිපත් වූ පොලිස්‌ නිලධාරියෙක්‌ අවාසනාවන්ත ලෙස ජීවිතෙන් සමු ගත්තේය. ඊළඟට එම කොල්ලයට සැකපිට අත්අඩංගුවට ගත් රටේ නමගිය අපරාධකරුවෙකු යෑයි හැඳින්වූ පුද්ගලයෙකුද මරණයට පත්විය. මේ නමගිය අපරාධකරුවා ජීවිතක්‍ෂයට පත්ව තිබුණේ සඟවා තැබූ ඇඳුම් පාර්සලයක්‌ පෙන්වන්නට ගොස්‌ සිටියදී පොලිස්‌ නිලධාරීන්ට අත්බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කිරීමට තැත් කරද්දී පොලිසිය පෙරළා වෙඩි ප්‍රහාර එල්ල කිරීමේදීය. බැලූ බැල්මට මෙය කල් ඉකුත්වූ පිටපතකට සමානය. මේ වන විට මේ ගැන බරපතළ විවේචනද එල්ල වෙමින් තිබේ. සඟවා තැබූ ආයුධ, බඩු භාණ්‌ඩ පෙන්වීමට ගොස්‌ වෙඩි කෑ අපරාධකරුවන්ගේ කතාව පරණ ආණ්‌ඩුව සමයේදී වැඩි වශයෙන් අසන්නට ලැබුණු කතාවකි. අපට අවශ්‍ය වන්නේ මේ හොඳ නරක කතා කිරීමටත් වඩා එවැනි තත්ත්වයක්‌ නිර්මාණය කරන්නට ඉවහල් වූ "අපරාධ වැඩිවීමේ ප්‍රවණතාව" ගැන කතා කරන්නටය. දශක තුනක්‌ පුරා මේ රටේ භීතිය වැපිරූ කුරිරු ත්‍රස්‌තවාදය මුලිනුපුටා දමා මේ වන විට වසර නවයකට ආසන්න කාලයක්‌ ගතවී තිබේ. එහෙත් ත්‍රස්‌තවාදය ජයගත් අපට තවමත් පාතාල භීෂණය ජය ගැනීමට හැකියාවක්‌ ලැබී නැත. පටන් ගැන්මේදී අපට "පාතාල ක්‍රියාකාරකම්" යනුවෙන් යමක්‌ අහන්නට ලැබුණේ නම් ඒ කොළඹ කේන්ද්‍ර කර ගනිමිනි. ඊළඟට එය කොළඹ අවට තදාසන්න ප්‍රදේශ කරා පැතිරිණි. අනතුරුව එය මුළු බස්‌නාහිර පළාතටම පැතිරිණි. දැන් පාතාල සෙල්ලම් යනු රටේ කොතැනින් වුව ඇහෙන්නට ලැබෙන "සාමාන්‍ය පුවත්" බවට පත්ව තිබේ.

දැන් රටේ මිනිසුන්ට මෙය ඉඳහිට බලන දකුණු ඉන්දියානු µයිට්‌ දොළහයි, සිංදු හතේ චිත්‍රපටයක්‌ ගාණට ගිහින් තිබේ. පොලිසිය කොපමණ වෙර වීරිය යොදා ක්‍රියාත්මක වුවද අපරාධවල අඩුවක්‌ දකින්නට නැත. අපරාධ පමණක්‌ නොව දිනෙන් දිනම අපරාධකරුවන්ගේ වර්ධනයක්‌ ද සිදුවන බව දකින්නට ලැබේ. වඩාත්ම සැළකිල්ලට අවධානයට යොමුවිය යුත්තේ ඒ කාරණයයි. මන්ද, අපරාධකරුවන්ගේ බෝවීම පාලනය නොකරන තාක්‌ පාතාල මර්දනය යනු සිහිනයක්‌ම වන බැවිනි. මේ නිසාම සාමාන්‍ය ජන ජීවිතයට එල්ලවන පීඩාවද සුළු පටු නැත. අපේ විශ්වාසය නම් රටේ අපරාධකරුවන් වැඩිවීමේ ප්‍රවණතාවට වගකිවයුතු ප්‍රධාන පාර්ශ්වය වන්නේ දේශපාලනය බවයි. රටින් පැන්න පාතාල සාමාජිකයන්ටත්, තැන තැන වෙඩි කා මැරෙන පාතාල සාමාජිකයන්ටත් කුමන හෝ දේශපාලන සබඳතාවක්‌ තිබී ඇති බව කාටත් රහසක්‌ නොවේ.

දිගින් දිගටම මෙවැනි සිදුවීම් වාර්තා වෙද්දී පාතාල මර්දනය කිරීම මේ තරම් බරපතළ ගැටලුවක්‌ වී ඇත්තේ කුමන හේතුවක්‌ නිසාදැයි අපට තේරෙන්නේ නැත. පාතාලයන් හෝ වේවා නාඳුනන තුවක්‌කුකරුවන් හෝ වේවා කවරෙකු ගැන හෝ ආරක්‍ෂක අංශ කිසිවක්‌ දන්නේ නැතැයි කීම පිළිගත හැකි කරුණක්‌ නොවේ. එමෙන්ම මේ වන විට හඳුනාගෙන ඇති පාතාල සාමාජිකයන් ගැන නිවැරදිව සොයා බලන්නට බුද්ධි සේවාවක්‌ නැතැයි කීමද පිළිගත හැකි කරුණක්‌ නොවේ. පාතාල මර්දනයට රජය පූර්ණ සහාය ලබාදිය යුතුය. නොඑසේනම් මේ දකුණේ ත්‍රස්‌තවාදය මැඬ පැවැත්වීම තරමක්‌ අපහසු කාරණයක්‌ වනු ඇත.

මාතරදී පාතාල වෙඩි පත්තු වන විට මුලතිව් ප්‍රදේශයෙන් කොටි නිල ඇඳුම් සමඟ ක්‌ලේමෝ බෝම්බ මතුවීම සැබවින් ම භීතිය දනවන්නකි. මුලතිව් මල්ලාවි මාර්ගයේදී පොලිස්‌ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වූ ත්‍රිරෝද රථයකින් කොටි බෝම්බ පමණක්‌ නොව කොටි කොඩි ද මතුවිය. මේ සිද්ධියට සම්බන්ධව හිටපු කොටි සාමාජිකයන් සිවුදෙනකු ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ අත්අඩංගුවේ පසුවේ. අලුයම් කාලයේ බෝම්බ ප්‍රවාහනය කරමින් මොවුන් උත්සාහ කළේ සංහිඳියාව පැතිරවීම නම් නොවේ. යළි කොටි කොඩි වනා ලේ වැගිරීමකට සූදානම් වීමටය. යළි රට ආපස්‌සට යෑවීමට විදේශගත වී සිටින කොටි හිතවාදීන් මෙන්ම උතුරේ යම් යම් තැන්වල ස්‌ථානගතව සිටින හිටපු කොටි සාමාජිකයන් උත්සාහ කරන බව හෙළි වූ පළමු අවස්‌ථාව මෙය නොවේ. එසේ නම් ආණ්‌ඩුව මේ ගැන වඩා විමසිලිමත්ව කටයුතු කළ යුතු නොවේද? සංහිඳියාව ගැන කියමින් මුලතිව් කොටි කොඩි අසුවීම සැඟවිය හැකිද? දිනපතා හමුදාවේ ඉඩම් උතුරේÊවැසියන්ට නිදහස්‌ කරන අයුරු නම් පෙනේ. උතුරේ වැසියන්ට ඉඩම් නිදහස්‌ කළ ද එය කිසිම විටෙක ජාතික ආරක්‍ෂාවට ප්‍රශ්නයක්‌ වීමට ඉඩදිය යුතු නැත. මුලතිව්වලදී හමුවූ මේ බෝම්බ හා අනෙකුත් උපකරණ ජාතික ආරක්‍ෂාවට රතු එළි දැල්aවීමකි.

අත්අඩංගුවට පත් වූ පිරිස කොටි නිල ඇඳුමින් සැරසී කොටි කොඩි වනමින් බෝම්බ පුපුරුවන්නට කුමන්ත්‍රණය කළාද නැද්ද අපට පැහැදිලි නැත. එහෙත් මේ පුද්ගලයන්ට අවශ්‍ය කුමක්‌ද? යළි උතුර අස්‌ථාවර කිරීමට බව පැහැදිලිය. වාසනාවකට හෝ අවාසනාවකට එක්‌ බෝම්බයක්‌ හෝ පුපුරා ගියහොත් සිදුවන්නේ කුමක්‌ද? අස්‌ථාවර වන්නේ මුලතිව් දිස්‌ත්‍රික්‌කය පමණක්‌ද? නැත. රටම අස්‌ථාවර වීම වැළැක්‌විය නොහැකිය. රට 2009 මැයි මාසයෙන් ආපස්‌සට ගමන් කළ යුතු නැත. රට ගෙනයා යුත්තේ 2020 එපිටටය. ඒ සඳහා සාමකාමී වාතාවරණයක්‌ අත්‍යවශ්‍යය. එක්‌ අතකින් පාතාල භීෂණය සීඝ්‍රයෙන් පැතිරෙද්දී අනෙක්‌ පැත්තෙන් කොටි බෝම්බ හසුවන විට රට ඉදිරියට යයි ද?

දකුණු ආසියානු කලාපයේ ම සාමකාමී රාජ්‍යයක්‌ බවට ලංකාව පත්වූයේ 2009 දී ප්‍රභාකරන් ඇතුළු කොටි නඩය විනාශ කර දැමීමෙන් පසුවය. වර්තමානයේ ලක්‍ෂ ගණනින් සංචාරකයන් මෙරටට ඇදෙන්නේ ඒ සාමකාමී පාරාදීසයේ සුන්දරභාවය විඳ ගැනීමටය. නමුත් අපේ ඇඟේ හිරිගඩුq පිපෙන්නේ කොටි කොඩි මුලතිව් වලින් හමුවන විටය.

මුලතිව්වලදී පුපුරණ ද්‍රව්‍ය හමුවීම ගැන රජයේ පූර්ණ අවධානය යොමු විය යුතුය. කිසි විටෙක මේ සිද්ධිය සැහැල්ලුවෙන් ගත යුතු නැත. සර්පයා කොයි වෙලේ ක්‍රියාත්මක වන්නේද යන්න අනුමාන කළ නොහැකිය. සිදුකළ යුත්තේ ඔළුව තලා දැමීමය. කිළිනොච්චියේ මතු වූයේ කකුල් හතරේ දිවියෙකි. නමුත් මුලතිව්වලදී නම් මතු වූයේ කකුල් දෙකේ කොටි කිහිපදෙනෙකි. කිළිනොච්චියේ දිවියා මරා දැමූවන්ට දැඩි දඬුවම් පැමිණ විය යුතු සේම මුලතිව් කකුල් දෙකේ කොටින්ගේ අලගිය මුලගිය තැන් සියල්ලම හෙළිකර ගත යුතුය. අශ්වයා පැනගිය පසු ඉස්‌තාලය වැසීමෙන් පළක්‌ වන්නේ නැත. හිටපු කොටි සාමාජිකයන් දොළොස්‌ දහසක්‌ උතුර - නැඟෙනහිර පුරා සමාජගතව සිටී. මොවුන්ගෙන් බහුතරයට යළි යුද්ධ කිරීමට අවශ්‍ය නැත. නමුත් ඩයස්‌පෝරාව වෙනුවෙන් රටට එරෙහිව කුමන්ත්‍රණය කරන පිරිසක්‌ බිහිව ඇත. කොටි බෝම්බ ප්‍රවාහනය කරන්නේ මොවුන්ය. මේ සියලු දෙනාම වහා අත්අඩංගුවට ගෙන නිසි දඬුවම් දිය යුතුය.

ඈත ඉතිහාසයේ මෙරටට පැමිණි දෙදෙනකු රටේ විශාල වෙනස්‌කමක්‌ ඇතිකරන්නට සමත් වූහ. ඉන් එක්‌ අයෙක්‌ විජය කුමාරයාය. දෙවැන්නා මිහිඳු මහ රහතන් වහන්සේය. ලක්‌දිව බුදුදහම ප්‍රතිෂ්ඨාපනය වීමට මූලික හේතුව වූයේ මහින්දාගමනයයි. එය ආගමික සමාජික හා ආර්ථික, කලා ශිල්ප, සාහිත්‍ය ගෘහ නිර්මාණය, චිත්‍ර මූර්ති ආදී වශයෙන් වූ සෑම අංගයක්‌ කෙරෙහිම විශාල බලපෑමක්‌ එල්ල කළේය.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles