Divaina - Kathuwakiya

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

අදත් අපේ නිමිත්ත විඡේවීර උසාවියට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ චිත්‍රාංගනී විඡේවීර විසින් උසාවියට දමන ලද හබයාස්‌කෝපුස්‌ අයදුම්පත ආශ්‍රයෙන් පැන නගින තත්ත්වයන්ය. විඡේවීර මරා දැමීමෙන් පසු විඡේවීරගේ බිරිඳට සහ දරු පවුලට ආරක්‍ෂාව සපයන්නේ ප්‍රේමදාස ආණ්‌ඩුවය. එය ආර්. ප්‍රේමදාසගේ zපෞද්ගලික මනුස්‌සකමZ ලෙස හැඳින්වීමට අපි කැමැත්තෙමු. කවුරු කොහොම කිව්වත් ප්‍රේමදාස මිනීමරුවෙක්‌ නොවේ. ඒ ගැන එක උදාහරණයක්‌ කියමු. ලලිත් ඇතුලත්මුදලි කිරුලපනේදී ඝාතනය කරනු ලබන්නේ 1993 අප්‍රියෙල් 23 වැනිදා ය. එම සිද්ධිය වන අවස්‌ථාවේදී ජනාධිපති ප්‍රේමදාස සිටියේ තේ කෝප්පයක්‌ පානය කරමිනි. සිද්ධිය ගැන ප්‍රේමදාස දැනුවත් කිරීම සඳහා ආණ්‌ඩුවේ සිටි බලගතුම ඇමැතිවරයා පැමිණියේය. ඔහු ඇතුළත්මුදලි ඝාතනය ගැන ප්‍රේමදාසට සැලකළේ මහත් සතුටිනි. කෝපයට පත් ප්‍රේමදාස තම අත වූ තේ කෝප්පයෙන් ඇමැතිගේ මුහුණට ගැසුවේය. ඇතුලත්මුදලි මැරීම ගැන ජනාධිපති ප්‍රේමදාස තුළ වූයේ මහත් සංවේගයකි. ඊළඟට එළඹුණු සතිය තුළ ඔහු ප්‍රසිද්ධ ස්‌ථානවල කතා පවත්වමින් තම සංවේගය පිට කළේය. ඇතුලත්මුදලි ඝාතනය සිදුකළේ කොටි සංවිධානය නොවේ. ප්‍රේමදාස ද නොවේ. සාමාන්‍ය පිළිගැනීමට අනුව එම ඝාතනය සංවිධානය කළේ ප්‍රේමදාසගෙන් තේ කෝප්ප පහර කෑ ඇමැති ය.
 
 ගත වූ ශත වර්ෂයේදී විශිෂ්ට කොමියුනිස්‌ට්‌ න්‍යායවාදීන් පස්‌දෙනෙක්‌ ආසියාව විසින් බිහි කරන ලදි. ඉන් පළමුවැන්නා චීනයේ මාවෝ සේතුං (1893 - 1976) ය. දෙවැන්නා කොරියාවේ කිම් ඉල් සුං (1912 - 1994) ය. ඔහුගේ පිස්‌සු මුණුපුරා වන කිම් ජොං උන් අහස්‌ කූරු වෙනුවට න්‍යෂ්ටික අවි දල්වා ගුවන්ගත කිරීමට ප්‍රිය කරයි. තුන්වැන්නා වියට්‌නාමයේ හෝ චි මිං (1890- 1969) ය. හතරවැන්නා ලෙස කාම්බෝජයේ පොල්පොට්‌ (1925 - 1998) ගත හැකිය. මෙතැනදී පොල්පොට්‌ යන නාමයට අනුයුක්‌තව තවත් කොමියුනිස්‌ට්‌කාරයන් දෙදෙනෙක්‌ ක්‍රියාත්මක වූහ. ඉන් පළමුවැන්නා කිsයු සම්පන් ය. දෙවැන්නා ඉයෙං සාරි ය. මෙකී පොල්පොට්‌ ත්‍රිත්වය 1976 දී කාම්බෝජයේ බලය අල්ලාගෙන මිනී මරමින්ද, පිස්‌සු කෙළිමින් ද, කෘත්‍රිම කොමියුනිස්‌ට්‌ සමාජයක්‌ තැනීමට උත්සාහ කර පරාජයට පත් විය. පසුව පොල්පොට්‌ තම හමුදාවේ ප්‍රාණ ඇපකරුවකුව, මහලුව කැලයක්‌ මැද මරණයට පත් වූ අතර කිsයු සම්පන් සහ ඉයෙංසාරි අදටත් දිවි ඇති තෙක්‌ හිරේ ය.
 
 ආසියාව විසින් බිහි කරන ලද ඊළඟ කොමියුනිස්‌ට්‌ න්‍යායවාදියා රෝහණ විඡේවීර (1943 - 1989) ය. ක්‍රියාව අතින් කෙසේ වෙතත් න්‍යාය අතින් ගත් කල මාවෝ, හෝ චිමිං, කිම්ඉල් සුං, පොල්පොට්‌ සහ රෝහණ විඡේවීර යන හතර දෙනාටම පොදු ලක්‍ෂණයක්‌ තිබේ. මේ සිවුදෙනාම ජාත්‍යන්තරවාදීන් නොවූ ජාතික සංස්‌කෘතිකවාදීහු වෙති. ඒ අතර මේ හතර දෙනාගෙන් නරකම මරණයට මුහුණ දුන්නේ විඡේවීරය. ඔහු මිය යන්නේ කවදාවත් රාජ්‍ය බලය ලබාගැනීමට බැරි වූ පරාජිතයකු ලෙසිනි. විඡේවීරට වඩා දරුණු ඝාතන සංස්‌කෘතියක්‌ මෙහෙයවූ පොල්පොට්‌, කියු සම්පන්, ඉයෙංසාරි ත්‍රිත්වය ද පවා ඉතා කෙටි කාලයක්‌ තුළදී හෝ ඉතා සරුවට රාජ්‍ය බලය පරිහරණය කළේය. විඡේවීර ඒ අතින් අවාසනාවන්තයෙකි. අවසානයේදී බලන විට ඔහු කළ දේශපාලනයකුත් නැතá ඔහු දිනූ විප්ලවයකුත් නැත.
 
 ස්‌වභාවයෙන් ම ප්‍රචණ්‌ඩ මිනිසකු වන රෝහණ විඡේවීර කුපිත කර ඔහු අවුස්‌සා, ඔහුට රිදවා ඔහු මරණය කරා මෙහෙයවීමේ වගකීම නිදහස්‌ ලංකාවේ හයවැනි අගමැති සහ පළමුවැනි විධායක ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධනට හිමිය. 1983 ජූලි කලබලයට ජ.වි.පෙ. සම්බන්ධ බව කියූ ඔහු ජ.වි.පෙ. තහනම් කළේය. ඇත්තටම අසූ තුනේ ජූලි කලබලය මෙහෙයවන ලද්දේ බඩ තඩි යූ. එන්. පී. ත්‍රාඩකාරයන් විසින් නායකත්වය දෙන ලද සර්ව පාක්‍ෂික සිංහල, දෙමළ, මුස්‌ලිම්, මංකොල්ල කණ්‌ඩායම විසිනි. 1983 ජූලි 13 වැනිදා සිංහල දෙමළ කෝලාහලය බොරැල්ලේ කනත්තෙන් පටන් ගන්නා විට සමස්‌ත ලංකා මට්‌ටමේ දේශානුරාගයක්‌ මෙහි තිබුණේ නැත. එහෙත් ප්‍රභාකරන් විසින් යාපනයේදී සංහාරය කෙරුණු යුද සෙබළුන්ගේ මිනී පෙට්‌ටි දුටු සිංහලයන්ගේ ලේ කකියන්නට විය. එකල, නිකම්ම දැල්වෙන මේ ගින්නෙන් වතුර උණුකර තේ කෝප්පයක්‌ හදා ගැනීමට කල්පනා කළ ඡේ. ආර්. එසේ කර ගින්නේ අලුගොඩ විඡේවීරට බැර කළේය. ජ.වි.පෙ. zඅන්ඩර් ග්‍රවුන්ඩ්z යන්නේ එතැනිනි. 1987 වන විටත් ජ.වි.පෙ. සැඟව සිටිමින් විවිධ ප්‍රචණ්‌ඩ කටයුතු සිදුකර රාජ්‍යයට විරෝධය පළ කරමින් සිsටියේය. ඉන්දියානු සාම සාධක හමුදාව යාපනයට පැමිණ රබර්Êසෙරෙප්පු දමාගෙන, බීඩි බොමින් දෙමළ තරුණියන් දූෂණය කරමින් හැසිරුන නීච පිළිවෙළ සම්බන්ධයෙන් ආර්. ප්‍රේමදාස සහ රෝහණ විඡේවීර දැරූ අදහස 1987 වන විට එක සමාන විය. ප්‍රේමදාස හා විඡේවීර යන දෙදෙනාම කියා සිටියේ ඉන්දියානු හමුදාව මෙරටින් පිටවිය යුතු බවය. මෙය වරදවා වටහා ගත් ප්‍රේමදාස කල්පනා කළේ විඡේවීර තමන්ට හිතවත් බවය. විඡේවීර ද දිගින් දිගටම ප්‍රේමදාසට එම ලණුව දුන් අතර, ජනාධිපතිවරණය වන විට ප්‍රේමදාස පසුවූයේ තෙමේම පොල්ලෙලි තලාගෙන අඹරා ගත් විඡේවීර නමැති ලණුව ගිලින තත්ත්වයකටය.
 
 විඡේවීරගේ මරණයට මේ සෑම කරුණක්‌ම අඩු වැඩි වශයෙන් බලපෑවේය. චිත්‍රාංගනී විඡේවීර හබයාස්‌කෝපුස්‌ දමන්නේ දීර්ඝ නිද්‍රdවකට පසු අවදිවය.

එක්‌දහස්‌ නවසිය අසූනවයේ නොවැම්බර් 13 වැනිදා බොරැල්ලේ කනත්තේ සුසාන භූමියට යාබද ගොල්µa පිට්‌ටනිය ළඟින් යන රේල් පාරේ දී දස වධ දී හෝ දස වධ නොදී මරා දමන ලද රෝහණ විඡේවීර පිළිබඳව මරණ සහතිකයක්‌ නිකුත් කර නැති බැවින් ඔහු ජීවතුන් අතර සිටින බව සැලකීම චිත්‍රාංගනි විඡේවීර විසින් ඉදිරිපත් කෙරුණ හබයාස්‌කෝපුස්‌ අයෑදුම් පත්‍රයේ පදනම බව පෙනෙයි.

අපරාධ ගැන කතා නොකර බැරි වන්නේ ඒවා දිනෙන් දින අඩුවීමක්‌ නොව වැඩිවීමක්‌ දක්‌නට ලැබෙන නිසාය. මේ වසරේ ජනවාරි - මැයි කාලය තුළ මිනී මැරුම් 214 ක්‌ වාර්තා වී ඇති අතර මංකොල්ලකෑම් 1260 ක්‌ සිදුව තිබේ. එසේම ස්‌ත්‍රී දූෂණ 734 ක්‌ ද වාර්තා වී ඇත. එමෙන්ම මෙම කාලය තුළදී පොලිසිය කළ මෙහෙයුම්වලදී ටී. 56 තුවක්‌කු 14 ක්‌ පිස්‌තෝල 11 ක්‌ රිවෝල්වර 10 ක්‌ ගල්කටස්‌ 10 ක්‌ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. 2018 මුල් මාස පහ ඇතුළත මිනී මැරුම් 214 ක්‌ සිදුවීම කිසිසේත් ම සුළුÊකොට තැකිය නොහැකිය. මෙය බරපතළ තත්ත්වයකි. මසකට ඝාතන හතළිහක්‌ සිදුවන්නේ නම් සමාජය සුරක්‍ෂිතද? පොලිසිය භාවනා කරද්දී පාතාලය තමන්ට අවශ්‍ය පරිදි මිනීමැරුම් හා මංකොල්ලකෑම් සිදුÊකරයි.

රට පුරා පාතාල කල්ලි 12 ක්‌ ක්‍රියාත්මක වන බව ආරක්‍ෂක අංශ වෙත තොරතුරු හෙළිකර ගැනීමට හැකිව තිබේ. සිය ගණනක්‌ සාමාජිකයෝ මේ අපරාධ කල්ලි සමඟ ගොනු වී ඇත. මොවුන්ගේ ක්‍රියාකාරකම් නිසා සමස්‌ත රටම භීතියට පත්වන නිසා මේ ගැන අහක බලාගෙන සිටිය නොහැකිය.

පාතාල කල්ලි මර්දනය සඳහා යුද හමුදා සහායත් ලබා දෙන බව හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කර ඇත. බුද්ධි අංශ තොරතුරු හුවමාරුව මගින් පාතාල නායකයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට හා විශේෂ කාර්ය බළකායට අවශ්‍ය සහාය ලබාදෙන බව හමුදාපතිවරයා ප්‍රකාශ කර තිබේ. හමුදා බුද්ධි අංශය දිවයිනේ සෑම කලාපයක්‌ම ආවරණය කරමින් විහිදී පැතිරී ඇත. කොටි සංවිධානය පරාජය කිරීම සඳහා හමුදා බුද්ධි අංශ ක්‍රියාකාරකම් තීරණාත්මක ලෙස ඉවහල් විය. එනිසාම පාතාල මර්දනය සඳහාත් හමුදා බුද්ධි අංශයේ සහාය ලබා ගැනීම ඉතාමත් කාලෝචිතය. නැත්නම් මසකට සිදුවන මිනීමැරුම් ප්‍රමාණය හතළිහ අසූවක්‌ වීම වැළැක්‌විය නොහැක. ලංකාවේ නිල නොලත් පාලකයා බවට මාකඳුරේ මධුෂ් පත්වීම ද වැළැක්‌විය නොහැකි වනු ඇත.

පාතාල මර්දනය සඳහා ජනතා සහාය අපේක්‍ෂා කරන බව පොලිසිය නිවේදනයක්‌ කර ඇත. නොදන්නා පුද්ගලයන්ට නවාතැන් දීමේදී සැලකිලිමත් වන ලෙසත් තම ගමේ නගරයේ සැරිසරන නාඳුනන පුද්ගලයන් ගැන විමසිලිමත් වන ලෙසත් පොලිසිය මහජනතාවට දන්වා ඇත. එදා කොටි ත්‍රස්‌තවාදය දරුණුවට ක්‍රියාත්මක වෙද්දී උපදෙස්‌ ලබා දුන් ආකාරයටම යළිත් මේ නිවේදන නිකුත් වන බව පෙනී යයි. කොටි භීෂණයෙන් රට ගලවාගත් මෙරට ආරක්‍ෂක අංශවලට පාතාල භීෂණයෙන් ජනතාව ගලවා ගැනීම අපහසුවන්නේ නැත. නමුත් ඒ සඳහා නිසි නායකත්වයක්‌ තිබීම ඉතා වැදගත් ය. යකඩ හස්‌තයකින් හෝ පාතාලය මර්දනය විය යුතුය. නැත්නම් ත්‍රස්‌ත භීතිය පරයා පාතාල භීතිය උග්‍රවනු ඇත.

පාතාල ක්‍රියාකාරකම් සේම වාහන අනතුරු ද දිනෙන් දින උග්‍ර වන නිසා ලංකාවේ ප්‍රධාන මාර්ගවල පොලිස්‌ නිලධාරීන්ගේ අනුරූ තබා වේග පාලනය මෙන්ම අනතුරු අවම කර ගැනීමට පොලිසිය උත්සාහ දරයි. එලෙස පුත්තලම - කොළඹ මාර්ගයේ පොලිස්‌ අනු රූ තබා ඇති ආකාරයේ ඡායාරූප ඊයේ ජාතික පුවත්පත්වල පළ වී තිබිණි. එහෙත් පාතාල මර්දනයට නම් පොලිස්‌ 'ඩමි' තබා වැඩක්‌ නැත. පාතාලයෝ මේ ඩමියන් ඔසවාගෙන යනු ඇත. මන්ද පොලිස්‌ නිලධාරීන්ට ද මරණ තර්ජන එල්ල කරන පාතාලයක්‌ බිහිව ඇති නිසා 'ඩමි' වලින් ඵලක්‌ නැත. වේගවත් ගමනට තිත තැබීම අනිවාර්යය. එලෙසම වේගවත් අපරාධ රැල්ල ද වහා සීමා කළ යුතුය. ඒ සඳහා ඩමියෙන් මිදී සක්‍රීය සේවයට කැඳවිය යුතුය.

අර්බුදය ඇරැඹෙන්නේ කුලුනේ ආරක්‍ෂාව මුවාවෙන් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ගුවන් හමුදාව විසින් කඳු මුදුනේ අක්‌කර 3 කට වැඩි භූමි භාගයක්‌ රිසිසේ භුක්‌ති විඳීමය. ගුවන් හමුදාව විසින් දැනටමත් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ගොඩනැඟිලි සමූහයක්‌ ඉදිකර ඇති අතර මෙම ඉදිකිරීම් නිසා පිදුරුතලාගල කඳු මුදුනේ පරිසරය හා ශාක ප්‍රජාවට බලවත් හානි සිදු වී ඇති බවට පරිසර සංවිධාන දිගින් දිගටම කරුණු හෙළි දරව් කර තිබිණි.

 

ලෝක ඉතිහාසයේ, අතුරුදන්වූ පළමු පුද්ගලයා රෝහණ විඡේවීර හෝ ප්‍රගීත් එක්‌නැලිගොඩ නොවන බව අවධාරණය කරමින් මේ වැකිය අරඹමු. ලිත ඉතිහාසයේ එන හැටියට මෙයට අවුරුදු 2050 කට ඉහත දී ඊජිප්තුවේ ක්‌ලියෝපැට්‍රා රැජනගේ රාජකීය දරුවන් දෙදෙනා වූ ඇලෙක්‌සැන්ඩර් හෙලියොස්‌ සහ ටොලමි µsලඩෙල්පස්‌ රෝමය බලා යමින් සිටියදී අතුරුදන් වූහ. එසේම ලෝක ඉතිහාසයේ වැඩිම තරුණ පිරිසක්‌ අතුරුදන් කළ ආණ්‌ඩුව ප්‍රේමදාස ආණ්‌ඩුව නොවේ. හිට්‌ලර්ගේ කාලයේදී පෝලන්තයේදී අතුරුදන් වූ තරුණ පිරිස මිලියන ගණනකි.
 
 ඉහත සඳහන් කාරණය අප සඳහන් කරන්නේ මෙයට අවුරුදු 29 කට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුග්‍රහය යටතේ බොරැල්ලේ කනත්තේ සුසාන භූමියේදී මරා පුලුස්‌සන ලද රෝහණ විඡේවීර උසාවියට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් ඔහුගේ බිරිඳ වන චිත්‍රාංගනී විඡේවීර ඉදිරිපත් කර ඇති හබයාස්‌කෝපස්‌ පෙත්සම නිමිති කරගෙන ය. විඡේවීර මරා දමා ඇති බව මුළු රටම දනී. හරියටම කීවොත් එම ඝාතනය සිදු කළේ 1989 නොවැම්බර් 13 වැනිදා ය. ඊට පෙර දින හෝ එදිනම ජෙනරාල් ජානක පෙරේරා සහ මේජර් ජෙනරාල් ගාමිණී හෙට්‌ටිආරච්චි විසින් උලපනේදී අත්අඩංගුවට ගනු ලැබූ විඡේවීර කොළඹට ප්‍රවාහනය කර දෙන ලදී. තමා කොළඹ එන අවසන් අවස්‌ථාව එය බව එවිට විඡේවීර නිකමටවත් කල්පනා නොකරන්නට ඇති. කොළඹට ගෙනා විඡේවීර මැරීමට පෙර ප්‍රකාශයක්‌ ලබාගෙන එය රූපවාහිනිය මගින් ප්‍රචාරය කරන ලද හැටිත්, අවි බිම තබා යටත් වන ලෙස එම ප්‍රකාශය ඔස්‌සේ ඔහු ජ.වි.පෙ. න් ඉල්ලා සිටි හැටිත් කාටත් මතකය. කොළඹදී විඡේවීර රඳවන ලද්දේ එවකට තිඹිරිගස්‌යායේ තිබූ ඒකාබද්ධ හමුදා මෙහෙයුම් මධ්‍යස්‌ථානයේ ය. විඡේවීර එහි ගෙන ඒමට පෙර හෝ එහි ගෙන ඒමෙන් පසු යුද හමුදාවේ උසස්‌ නිලධාරීහු 15 ක්‌ පමණ එහි පැමිණියහ. ලකී අල්ගම සහ විජයසුන්දර යන බ්‍රිගේඩියර්වරු, අයිවන් දසනායක සහ ලයනල් බලගල්ල යන කර්නල්වරු, ගාමිණී හෙට්‌ටිආරච්චි, මුතාලිෆ්, වීරසිංහ, අබේනායක, තෝරදෙණිය, පද්මසිරි උඩුගම්පොල යන කපිතාන්වරු, බුද්ධි මෙහෙයුම් ප්‍රධානියා වූ ලෙෆ්ටිනන් කර්නල් ජානක පෙරේරා, රිචඩ් සොයිසා පැහැරගෙන ගොස්‌ මරා දැමූ මිනීමරු පොලිස්‌කාරයා යනාදීහුද ද එහි වූහ. විශිෂ්ට ඝනයේ සෙබළකු වුව, කාර්යශීලී මිනිසකු වූද ත්‍රස්‌තවාදය ඉදිරියේදී අමනුස්‌සයකු වූ ද රන්ජන් විඡේරත්න මේ අවස්‌ථාවට සහබාගි වීද නැද්ද යන කාරණය මෙහිදී අමතක කරනු ලැබේ.
 
 බොරැල්ලේ කනත්තට එහා පැත්තේ පිහිටි ගොල්ෆ් ක්‌ලබ් පිට්‌ටනිය අසල රේල්පාරට ගෙනා විඡේවීරට එහිදී වෙඩි තබන ලද බවට කතාවක්‌ තිබේ. ඔහුට පහරදී ඇටකටු කුඩුකර ගෝනියක දමා ආදාහනාගාරයට ගෙනවුත් ගින්දරට අතහරින ලද බවට තවත් කතාවක්‌ තිබුණත් එය බොරුවකි. විඡේවීරගේ අවසන් අවස්‌ථාව ගැන සාක්‍ෂි සපයන මිල්ටරි පොලිසියේ ඡායාරූප ශිල්පි ඉJද්‍රdනන්ද ද සිල්වා කියන පරිදි විඡේවීරගේ සිරුර ආදාහනාගාරයට විසි කරන විට එහි ප්‍රාණය නිරුද්ධව තිබුණේ නැත. සිරුර වීසි කරද්දී ඉලක්‌කය වැරදුන බැවින් එය ආදාහනාගාරය තුළ බිම වැටිණ. එවිට විඡේවීරගේ කටහඬින් මරහඬක්‌ පිටවිය. ඒ අනුව ඔහුගේ සිරුර පනපිටින්ම දවන්නට ඇත යනුවෙන් සැක මතුවේ. විඡේවීරගේ ආදාහනය වෙනුවෙන් ආදාහනාගාරය අරවන ලද්දේ ආදාහනාගාරයේ පාලකයාගේ හිසට පිස්‌තෝලය තබා යතුර ඉල්ලා ගැනීමෙනි. එසේ පිස්‌තෝලය තබන ලද්දේ කපිතන් තෝරදෙණිය බව ඡායාරූප ශිල්පි ඉන්ද්‍රdනන්ද සිල්වා කියයි.
 
 විඡේවීරගේ අවසන් මොහොත සංවිධාන කිරීම සඳහා එදා එතැනට රැස්‌වූ හමුදා නිලධාරීන් පහළොස්‌ දෙනා විඡේවීරගේ පුද්ගලික තරහකාරයන් නොව රාජ්‍ය තන්ත්‍රයේ කොටස්‌කාරයන් ය. ඒ වන විට රාජ්‍ය තන්ත්‍රය සහ විඡේවීර අතර විශාල ආරවුලක්‌ විය. අඩු වැඩි වශයෙන් ගත් කල ප්‍රභාකරන් සමඟ ලංකා ආණ්‌ඩුව නමැති රාජ්‍ය තන්ත්‍රයට තිබුණේ ද මේ ආරවුලම ය. විඡේවීර මැරීම, ඒ මොහොතේදී රාජ්‍යයට අවශ්‍ය තිබූවකි. ඒ ආරවුල බොරැල්ලේ කනත්තේ ආදාහනාගාරයේ පාලකයා සමග නොතිබුණු නිසා කැප්ටන් තෝරදෙනිය ඔහුට කොකා ගැස්‌සුවේ නැත.
 
 විඡේවීර ඝාතනය කළ ආකාරය මගින් එතෙක්‌ නොපැවැති ඝාතන ක්‍රමවේදයක්‌ ද හඳුන්වා දෙන ලදී. මෙය වූ කලී "යමුද මල්ලි බඩු බලන්න" ක්‍රමයයි. එම ක්‍රමය අනුව සැකකරු සැඟවූ අවි හෙවත් 'බඩු' පෙන්වීම සඳහා ගෙනයනු ලැබේ. එතැනදී සැකකරු පොලිසියට හෝ හමුදාවට වෙඩි තබන්නට තැත් කරයි. එවිට හමුදාව ඔහුට වෙඩි තබයි. මෙය සම්පූර්ණ නාටකයකි. සැඟවූ අවි පෙන්වීම සඳහා විඡේවීර සමඟ කිසියම් තැනකට ගිය බවත් එහිදී එච්. බී. හේරත් නමැත්තා හමුදාවට වෙඩි තැබූ බවත් එයට මැදිවූ විඡේවීර මළ බවත් විඡේවීර ඝාතනයෙන් පසු දින ප්‍රේමදාස ආණ්‌ඩුව කීවේය. මේ අලුත් අත්දැකීම පිළිගැනීමට දින කිහිපයක්‌ යන තුරු මිනිස්‌සු කැමති වූහ. විඡේවීර ඝාතනයේ "යමුද මල්ලි බඩු බලන්න" ක්‍රමවේදය අදටත් සමාජයේ ඉතිරිව පවතී. මෙපමණ වීත් විඡේවීර මරා දමන ලද බව චිත්‍රාංගනීට නොතේරෙන්නේ ඇයි?

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles