Divaina - Kathuwakiya

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

 දශකයකට අධික කාලයක් විධායක බලයේ මුදුන් පෙත්තෙහි සිටිමින් ශ‍්‍රී ලංකාව පාලනය කළ මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පරාජය වූ මොහොතේ එය ඔහුගේ දිගුකාලීන දේශපාලන ගමනේ නිමාවක් පමණක් නොව එය ලංකා දේශපාලනයේ හැරවුමක් වනු ඇත යන්න බොහෝදෙනාගේ තක්සේරුව විය. නැවත මහින්ද කිසි දිනක නොනැගිටින බව එවක බලය ගත් දේදුනු සන්ධානයේ නායකයන්ගේ වහසි බස් දොඩන්නට විය. නමුත් ඒ සියල්ල ආපසු හැරීමට වසර කිහිපයකින්ම හැකිවිය. ඇත්තෙන්ම 2015 ජනවාරි 08 වෙනස සම්පූර්ණයෙන්ම ආපසු හැරීම සටහන් කළ දිනය වශයෙන් ඊයේ දිනය ඉතිහාස ගතවේ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකේ මහජන වරම ලබා වඩා ජයග‍්‍රාහී ලෙස සිය සොහොයුරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිවුරුම් දුන්නේය. වසර පනහක පමණ කාලයක් එකදිගට ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ තවමත් ජීවමාන දේශපාලනඥයන් කීපදෙනා අතර මහින්ද රාජපක්ෂට මුල්තැනක් ලැබෙයි. 1970 මැයි මස 27 දින පවත්වන ලද මහ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ එදා පැවති බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදායයේ සෝල්බරි පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ එම පාර්ලිමේන්තුවේ ලාබාලම මන්ත‍්‍රීවරයා වශයෙනි. එවකට ඔහුගේ වයස අවුරුදු විසි හතරක් පමණි. දශක පහක් තිස්සේ ඉතාම හොඳින් කඩුල්ල රැුකගත් දේශපාලන පිතිකරුවා ලෙස මහින්ද නාමය සැමදා දිදුලන බව පැහැදිලිය. එදා 2015 දී පරාජයට පත්වී මැදමුලනට ගියද, කිසි දිනක ජනතා ආකර්ෂණය ඔහුගෙන් ඈත්වූයේ නැත. පොදු ජන පෙරමුණ ඉතා ඉක්මනින් බලයට ඒම පිටුපස ඇත්තේ එම මහජන ප‍්‍රසාදයම බව පැහැදිලිය. දශක තුනක් පමණ තිස්සේ ක‍්‍රියාකාරීව පැවති එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කරනු ලැබුවේද මහින්ද රාජපක්ෂගේ මගපෙන්වීම හා නායකත්වය යටතේය. ඒ ජය මෙන්ම රාජපක්ෂ මහතා ලබා දුන් නායකත්වය මෙරට ජනතාව කිසි විටක අමතක කරන්නේ නැත. 2009 වසරේ ලද එම යුද ජයග‍්‍රහණය මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් සමාජය තුළ නොනැසුන මුල්බැසගත් කීර්තියක් සනිටුහන් කිරීමට හේතුවිය. එය තව වසර දහසක් ඉක්මවා ගියද සිහි කළ යුතුය. ඇත්තෙන්ම එතුමා ඉතිහාසයේ බිහි වූ අග‍්‍රගන්‍ය දේශපාලන පෞර්ෂයක් සහිත නායකයෙකු වෙයි. වර්තමානයේ විධායක ජනාධිපති පදවියෙහි නැතත් ඔහු රැුඳී සිටින්නේ ඉතා ප‍්‍රබල ස්ථානයකය. විධායක බලය මෙහෙයවන ‘තෝන් ලණුවේ‘ දෙපට දෙසොහොයුරන් අත පවතී. ඒ ගැන රටේ ජනතාවද සතුටුය. වැනෙන නායකත්වයක් බලයට පත් කරගැනීම නිසා ඇතිවූ විපත යළි සිහි කරන්නටවත් ලාංකිකයින් කැමති නැත. ලංකාවේ ජනතාව බහුතර බලය ලබා දුන්නේ රට රාජපක්ෂ පාලනය යටතේ වඩා යහපත් තැනකට ගමන් කරනු ඇත යන අභිලාෂයෙනි. එතෙක් මෙතෙක් කිසිම ජනපති කෙනෙක් කෙරෙහි නොතිබුණු විශ්වාසයක් ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි මෙරට වැසියන් තබා ඇති බව ප‍්‍රකට කරුණකි. එය මහින්ද රාජපක්ෂ මහතාද අවබෝධ කරගෙන සිටී. ලෝකයම රාජපක්ෂ සොහොයුරන්ගේ පාලනය දෙස ඉතා උන්නදුවෙන් බලා සිටී. කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව ඇති මෙරට ආර්ථිකය යළි නගාසිටුවීම රාජපක්ෂ සොහොයුරන්ගේ මූලික වගකීම වනු ඇත. ඉදිරි වසර 05ක කාලය මෙරට ඉතිහාසය වෙනස් කරනු ඇද්දැයි ජනතාව බලා සිටිති.

katuwakනවක මන්ත‍්‍රීවරු හැටහය දෙනකු මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. දේශපාලනයේ මහගස් කඩා වැටෙද්දී නවක මන්ත‍්‍රීවරුන්ගේ සම්ප‍්‍රාප්තිය අලූත් අත්දැකීමකි. එය ද මෙවර මහ මැතිවරණයේ සුවිශේෂී හැරවුම් ලක්‍ෂ්‍යයකි. පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත‍්‍රීවරු මෙන්ම ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරු එක්ව මේ රට ඉහළට ඔසවා තබනු ඇතැයි මහජනයා දැඩිසේ විශ්වාස කරන බව මෙම මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පැහැදිලිය. විශේෂයෙන් කොරෝනා වසංගතයත් සමග අප රටේ පසුපසට ගිය ආර්ථිකය යළි නිසි පීල්ලට ගැනීමේ අභියෝගය නව රජය සතුය. නිෂ්පාදන ආර්ථික ක‍්‍රියාවලිය පණගැන්වීම්, 

sri lankaජීවන බර අඩුකිරීම, විරැකියාවට විසඳුම, මත්ද්‍රව්‍ය උවදුර හා පාතාලය රටෙන් තුරන් කිරීම, ක්ෂුද්‍ර මූල්‍ය හා මහා මූල්‍ය වංචාකරුවන්ගෙන් සමාජය ගලවාගැනීම, කාන්තා හා දරුවන් සුරක්ෂිත කිරීම, සියවසට ගැලපෙන අධ්‍යාපන ක‍්‍රමවේදයක් හා පාසල්වලට දරුවන් ඇතුළත් කරගැනීමේ දුර්වල ක‍්‍රියාවලිය වෙනුවට නිසි ක‍්‍රමවේදයක් ඇතිකිරීම, යහපත් ප‍්‍රවාහන සේවයක්, ගොවි නිෂ්පාදනවලට ඉහළ මිලක් හා අගය වැඩි නිෂ්පාදන මගින් ඉහළ කෘෂි ආර්ථිකයක ප‍්‍රතිලාභ ලැබීමේ ක‍්‍රමවේදයක් වැනි අංශ ගණනාවක දියුණුවක් රටට වහාම අවශ්‍ය මොහොතකි මේ.

chandapolataරටේ සියලූම ඡන්ද මධ්‍යස්ථාන කොරෝනා අවදානමෙන් සියයට සියයක් නිදහස් බවත්, නොබියව ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ තම වටිනා ඡන්දය භාවිත කරන ලෙසත්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු ඒකාබද්ධ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් කැඳවා ඉකුත්දා ජනතාව දැනුවත් කළහ. 

 2020 මහ මැතිවරණයේ ඡුන්ද ප‍්‍රතිඵල නිකුත් වෙමින් තිබේ. දැනට නිකුත් වී ඇති ප‍්‍රතිඵලවලට අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයග‍්‍රහණයක් කරා ගමන් කරමින් තිබෙන බව ඉතා පැහැදිලිය. මැතිවරණයේ අවසන් ප‍්‍රතිඵලය කුමක් වුවද, ජයග‍්‍රහණය සාමකාමීව සැමරීම මෙන්ම පරාජය මැදිහත් සිතින් විඳදරා ගැනීමට දේශපාලන පක්‍ෂ සූදානම් වී සිටිය යුතුය. මැතිවරණ ජයග‍්‍රහණයේ මෙන්ම පරාජයේ ද අවසන් ප‍්‍රතිඵලය විය යුත්තේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය ශක්තිමත් කිරීම මිස, පරාජයේ වියරුවෙන් ඇනකොටා ගැනීම නොවන බව සෑම දේශපාලනඥයකුම තේරුම් ගත යුතුය. ශ‍්‍රී ලංකාව සාමකාමී ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් ලෙස ලෝකය තුළ ඉදිරියට ගෙන යෑමට ලැබී ඇති මහඟු අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගන්නා ලෙස අපි දේශපාලනඥයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
 
 ශ‍්‍රී ලංකාව යනු ආසියාවේ පැරණිතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයයි. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ දකුණු ආසියානු රටවලින් මුලින්ම සර්වජන ඡුන්ද බලය ලැබෙන්නේ ශ‍්‍රී ලංකාවට වීමය. 1928 වසරේ බි‍්‍රතාන්‍යය තම රටේ අවුරුදු 21 කට වැඩි පිරිමි පාර්ශ්වයට හඳුන්වා දුන් ඡුන්ද බලය ඉන් වසර තුනකට පසු ඩොනමෝර් ප‍්‍රතිසංස්කරණ මගින් ශ‍්‍රී ලංකාවේ අවුරුදු 18 ට වැඩි කාන්තා - පිරිමි දෙපාර්ශ්වයටම හිමිවිය. ශ‍්‍රී ලංකාවේ පුරවැසියන්ට තමන්ට හිමි පරමාධිපත්‍ය බලය මගින් රටේ පාලකයන් තෝරා පත්කර ගැනීමට අවස්ථාව ලැබෙන්නේ එතැන් සිටය. මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලියේ පැරණි බව නිසාම, එමඟින් රට තුළ මැතිවරණ සංස්කෘතියක් නිර්මාණය වී තිබේ. මේ මැතිවරණ සංස්කෘතිය තුළ ජීවත් වන පුරවැසියන්ට දේශපාලන ‘ෆැන්ටසියක්’ තිබේ. එම ‘ෆැන්ටසිය’ නම් තමන්ගේ ඡුන්දයෙන් පත්වන පාලකයන් රට යහපත්, සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරාවිය යන්නය. සෑම මැතිවරණයකදී ම පුරවැසියන් හොඳින් ඇඳ පැළඳ උදේම ඡුන්දපළට ගොස් පිළිවෙළකට ඡුන්දය පාවිච්චි කරනුයේ එම උතුම් අරමුණ සාක්‍ෂාත් කර ගැනීම සඳහා ය. කොරෝනා වසංගතයේ අවදානම නොතකා රටේ සර්වජන ඡුන්ද බලය හිමි පුරවැසියන්ගෙන් සියයට 71 ක් ඡුන්දය ප‍්‍රකාශ කිරීම පිටුපස ඇති එකම දේශපාලන අරමුණ වන්නේ නව පාලකයන් පත් කර ගනිමින් රට පියවරක් හෝ ඉදිරියට ගෙන යෑමට උපරිම බලය ලබා දීමය. ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලැබූ 1948 වසරේ සිට පෙරේදා (05 දා* අවසන් වූ මහ මැතිවරණය දක්වා රටේ පුරවැසියන් ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ උතුම් අරමුණ එයය. නමුත් රටේ අවාසනාවට, ජනතාවගේ ඡුන්දයෙන් පත්වන පාලකයන් වසර 72 ක් තිස්සේ ජනතාවගේ අරමුණ හඳුනාගෙන නොමැත. එසේ හඳුනාගත්තා නම් රටේ අනාගතය මීට සුභවාදී මාවතක තිබෙනු නිසැකය.
 
 රටක් ලෙස ශ‍්‍රී ලංකාවට ඉදිරියට යෑමට තිබූ බාධක බොහෝය. එම බාධක අතුරින් විශාලම දේශපාලන අර්බුදය වූයේ උතුරේ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් එල්.ටී.ටී.ඊ. ය දියත් කළ ත‍්‍රස්තවාදී සටනයි. දශක තුනක කාලයක් පුරා ගලාගිය එල්.ටී.ටී.ඊ. ෆැසිස්ට්වාදී අරගලය අවසන් වන්නේ රටට අවැසිම බුද්ධිමත් දේශපාලන නායකයන් සහ ජාතියක ජීවනාලිය වන තරුණ සම්පත ඇටසැකිළි ගොඩක් බවට පත් කරමිනි. සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ බර්ගර් හෝ යෝනක හෝ වෙනත් ආගමක හෝ වේවා ඒ අහිමි වූයේ රටේ ජවය බව අප අමතක නොකළ යුතුය. අප අතීතය පුනරුච්චාරණය කළ යුත්තේ සිදු වූ වැරදි, අතපසුවීම් නිවැරදි කරගෙන යළි එවැනි අඳුරු යුගයකට රට පත්වීමට ඉඩ නොතැබීමටය.
 
 බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම ඉතිහාසයේ අසාර්ථකම ආණ්ඩු ලෙස අවසන් වූයේ ඇයි? ඊට බලපෑ ප‍්‍රධාන හේතුව වන්නේ ඒ සෑම ආණ්ඩුවකටම රටේ පුරවැසියා යනු කවුද? යන්න නිවැරදි ලෙස අර්ථකථනය කර ගැනීමට නොහැකි වීමෙනි. සෑම ආණ්ඩුවකටම පුරවැසියා යනු ඕනෑම ඡුන්ද ගුණ්ඩුවකට රැුවටිය හැකි, රට, ජාතිය, ආගම මතක් කර ඕනෑම මගෝඩි වැඩක් කර ගත හැකි පිරිසකි. ආණ්ඩු විසින් රටේ පුරවැසියන් එසේ අර්ථකථනය කර ගත්තද, පුරවැසියා යනු රටේ සියලූ වටිනාකම්වල කැඩපතය. ආර්ථික, සමාජීය, දේශපාලන ඇතුළු සියලූ ක්‍ෂේත‍්‍රවල වටිනාකම් ගොඩනැෙඟන්නේ පුරවැසියාගේ හැඩතල අනුවය. බලයට පත්වන නව ආණ්ඩුවට රට ගොඩනැඟීමට නම් පළමුව පුරවැසි වටිනාකම් හඳුනාගත යුතුය. රට ඉදිරියට ගෙන යා හැක්කේ එවැනි සමාජ වටිනාකම් ඇති පුරවැසියන් සමඟ බව නව ආණ්ඩුව අවබෝධ කර ගතහොත්, ආණ්ඩුවේ පමණක් නොව රටේ අනාගතය ද වඩා යහපත් වනු ඇත.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles