Divaina - Kathuwakiya

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

ඉන්දියාවේ කොරෝනා අනතුර වේගයෙන් ඉහල යනවා මිස අඩුවීමක් දක්නට නොලැබෙන බව පෙනී යයි. ලොව සිවුවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. රෝගීන් ප‍්‍රමාණය ලක්ෂ හතරද ඉක්මවා ගොස් ඇත්තේ බි‍්‍රතාන්‍යයද පසුකර යමිනි. එසේම ආසියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ රට වන්නේ ද ඉන්දියාවයි. සමහරු කේරලය දෙස බලන්නට කීවද කේරලයේද යළි රෝගීන් වාර්තා වීම වැඩිව ඇති බව පෙනේ. විශේෂයෙන් ඊයේ දිනයේ පමණක් රෝගීන් පහළොස්දහසක් වාර්තාවීම බරපතළ තත්ත්වයකි. මේ වනවිට අඛණ්ඩව දින නවයක් ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් දසදහස ඉක්මවා වාර්තා විය. තමිල්නාඩුව යළිත් ලොක්ඩවුන් කර ඇත්තේ නැවත වරක් රෝගීන් වැඩිවීම නිසාය. මෙය බරපතළ වන්නේ කොරෝනාවට බියෙන් ඉන්දියානුවන් ලංකා ¥පතේ උතුරු පළාතට පලා ඒමේ අනතුරක් මතුව ඇති බැවිනි. එනිසා ඉන්දියානු පොකුර තමිල්නාඩු පොකුර දෙස විශේෂ අවධානයකින් සිටිය යුතුය. උතුරු මුහුදේ නාවික මුර සංචාර වැඩි කර ඇත්තේද මේ පොකුරු අනතුර හේතුවෙනි. මුල් සති කිහිපය තුළ ඉන්දියාවෙන් වාර්තා වූ නව කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව සංසන්දනාත්මකව පහල අගයක පැවතුණි. අධික ජනගහනය, තදබදය සහ අඩු පහසුකම් සහිත රෝහල් පැවතුනද ඉන්දියාව පුරා කොරොනා වෛරස් වසංගතය මුලදී දරුණු නොවීය. නමුත් ලොක්ඩවුන් නීති ලිහිල් කරන විට රෝගීන් වාර්තාවීම වැඩිවූ අතර එය එරට රෝහල් පද්ධතියට දරාගත නොහැකි විය. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කළ හැකි රෝග ලක්ෂණ පෙන්නුම් කෙරෙන බොහෝ පුද්ගලයන් එම රෝහල්වලට භාර නොගෙන නැවත නිවෙස් කරා යවන බවට ද චෝදනා මතුවෙමින් පවතී. දිල්ලි ප‍්‍රාන්ත ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිද කොරෝනාව වැළඳීමෙන් බරපතළ ලෙස රෝගී වී ඇති බව එරට මාධ්‍ය කියයි. ඇමැතිවරයා යොමුකර ඇත්තේ පුද්ගලික රෝහලකටය.
 
 සාමාන්‍ය රෝගීන්ට අගනුවර රජයේ රෝහලක ඇඳක් සොයා ගැනීමද අපහසු වීම බරපතළ ඛේදයකි. ඉන්දීය වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව වර්ධනය වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ පමාවී ගොඩනැෙගන ප‍්‍රවාහයක් දක්නට ලැබෙන බවය. එය කොතනින් නතර වේද කිව නොහැක. මේ ආකාරයට ගියහොත් ලොව වැඩිම ආසාදිතයින් ඇති රට බවටද ඉන්දියාව පත් නොවන්නේ යැයි කාට කිව හැකිද? ඇත්තෙන්ම ඉන්දියාව ලොක්ඩවුන් ලිහිල් කරනු ලැබුවේ රට මුහුණ දෙමින් පවතින මහා ආර්ථික අර්බුදය වළක්වා ගැනීමටය. ඔවුනට වෙනත් විකල්පයක් නොවීය. එක පැත්තකින් චීනය සමග දේශ සීමා අවුලක පැටලී සිටින ඉන්දියාව අනෙක් පැත්තෙන් වුහාන් වෛරසය නිසා මහා වසංගත අනතුරකට මුහුණදී ඇත. මෙය දෙකොන විලක්කුවකි. නරේන්ද්‍ර මෝදි ආණ්ඩුවේ ප‍්‍රභාවද වේගයෙන් දියවී යන බව පෙනී යයි. පසුගිය දිනක කරනු ලැබූ නව සමීක්ෂණයකට අනුව හෙළිව ඇත්තේ එරට තරුණ ප‍්‍රජාව අගමැතිවරයාගේ පාලනය අසාර්ථක බව පිළිගෙන ඇති බවයි. ඉන්දියාවේ දේශපාලනය මෙන්ම වසංගතයද අපේ රටට බලපාන බැවින් මේ සියල්ල දෙස වඩා විමසිල්ලෙන් බලා සිටිය යුතුය.
 

ඇඟකිළිපොලා යන පාතාලයේ මාෆියා ගේම් පිළිබඳව එකල අප තොරතුරු හා පසුබිම් කතාන්දර දැනගත්තේ පොත-පත තුළිනි. විටෙක ඒවා පත්තරවලට රසවත් කතා මවන කතා නාටක බවට පත්වූ අතර, ගිනිකෙළි මෙන්ම ගිනි අවි ගැන පොත් ගණන් ලියැවුණු කාලයක්ද තිබිණි. එනමුත් මේ අන්ඩර් වර්ල්ඞ් ගේම් අද සජීවී ස්වරූපයෙන්ම අපේ සාලයේ රූපවාහිනී තිර මත දිගහැරෙන තරමට සුලභ වී ඇත. ඒ සී.සී.ටී.වී. තාක්ෂණය වැනි නූතන මාධ්‍ය පැමිණීමත් සමගය. මෙම තාක්ෂණයම පාතාල අපරාධකරුවන් මඬින්නට මහත් රුකුලක් වී තිබීම ද එක අතකින් සතුටුවන්නට හැකි කාරණයකි.

මහ බැංකු නිලධාරීන් සමග පැවැත් වූ සාකච්ඡුාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම නිලධාරීන්ට ‘සැරෙන් කතාකිරීම’ එසේත් නැතිනම් දෙහි කැපීම දැඩිව ජනතා අවධානයට ලක් වී ඇත. එසේම, එය මෙරට රාජ්‍ය සේවය පත්ව තිබෙන තැන ගැන ලෝකයට කියාදීමක් වන අතර, අනෙකුත් රාජ්‍ය ආයතන, රාජ්‍ය සේවකයන්ට වටිනා ආදර්ශයක් හා අවවාදයක් ලෙස ද මෙය හඳුන්වන්නට පුළුවන. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වී පසුගිය මාස 8 තුළ කිසිදු අවස්ථාවක මෙවන් ආවේගශීලී ආමන්ත‍්‍රණයක් කරනු අප දැක නැති අතර, ඉවසීමටත් සීමාවක් තිබේය යන්න හෙතෙම මෙයින් විද්‍යමාන කරයි.
 
 එනමුත් ජනතාව එතුමන්ගෙන් මෙවන් ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු වූයේ මීටත් හුඟක් කළිනි. ඒ මහ බැංකුවට පමණක් නොවේ. එක තැන පල්වී ජරාජීර්ණ වී, දුගඳ හමන සමස්ත රාජ්‍ය සේවයේ සැබෑ මහජන සේවයක් ජනතාව අපේක්ෂා කරන්නේ කලක පටන්ය. රාජ්‍ය සේවකයින්ට වරෙක එකවර රුපියල් 10,000 කින් පඩි වැඩි වුණත් සැබෑ මහජන සේවාවක් නම් ජනතාව පැත්තෙන් ලැබුණේද යන්න අපි ඔවුන්ගෙන් අසන්නට කැමතිය. එසේ හෙයින් රටට නව ජනාධිපතිවරයා පත්වූ දින සිටම ඊට ධනාත්මක වෙනසක් ලැබේවිය යන්න ජනතාව අපේක්ෂා කළ දෙයකි. නොහොත් අල්ලසින්, දූෂණයෙන්, කම්මැලිකමෙන්, ඇල්මැරුණු, ඔද්දල් වුණු රාජ්‍ය (ජනතා) සේවය කකුල් දෙකෙන් සිටුවීම අප කාගේත් බලාපොරොත්තුව විය.
 
 එසේම, රාජ්‍ය තන්ත‍්‍රයේ සම්ප‍්‍රදායක රාමුව වෙනස්කිරීම ද පහසු කටයුත්තක් නොවන බව අපි අත්දැකීමෙන් දනිමු. විටෙක මේවාට අත තැබීම සියතින් ගෙල සිඳගැනීමකි. නොහොත් වැඩවර්ජන රැුල්ලකට මුලය. ඒ තරමටම රාජ්‍ය සේවය ප‍්‍රශ්න විසඳන්නට යන්නේ වෘත්තීය සමිති නමැති බිල්ලා එළියට දමාගෙනය. ජනතාවගේ ජීවිතය පවා බිල්ලට දීමෙනි. බස්කාරයන්ගේ, දුම්රිය සේවයේ, තැපැල් හා තවත් මෙකී නොකී සේවාවල තත්ත්වය එබඳුය. මේ තුළ බොහෝ විට ඇත්තේ සැබෑ වෘත්තීය අරගලවලටත් වඩා දේශපාලන වුවමනා එපාකම්ය. ආණ්ඩු පෙරළීමේ හෝ ආණ්ඩු වෙනස්කිරීමේ වුවමනාය. නැතහොත් ජනාධිපතිවරයා හෝ වෙනත් අයකු අපහසුතාවට පත්කිරීමේ වුවමනාවන්ය.
 
 ඒ බව ජනාධිපතිවරයා මහ බැංකුකරුවන්ගේ රැුස්වීමේදී ඉතා හොඳින් අවධාරණය කළ බව අපගේ අදහසයි. කොවිඞ් වසංගතයෙන් ඇද වැටුණු රටේ ආර්ථිකය යළි ගොඩගැනීමේ දැවැන්ත අභියෝගයට රජය (රට) මුහුණ පා ඇති මේ මොහොතේ ජනතාවට සහන දෙන්නට ජනාධිපතිවරයා ක‍්‍රියා කළත්, ඒ කිසිවක් ඉටු නොකරන්නේ මහ බැංකු නිලධාරීන් බව පවසන ජනාධිපතිවරයා, එසේ කරන්නේ තමන් අපහසුතාවට පත් කරන්නට දැයි ප‍්‍රශ්න කරයි. මහ බැංකු කොල්ලකන තුරු බලාසිටි නිලධාරීන්ම තවමත් රජයේ ආර්ථික තීන්දු ගැනීම ගැන ද මෙහිදී ජනාධිපතිවරයා සිය අප‍්‍රසාදය පළ කරයි.
 
 සැබවින්ම පුද්ගලයින් ලෙසද, කර්මාන්ත, ආයතන වශයෙන් ගත්තද දරුණු ආර්ථික අවපාතයකට රට පත්ව ඇති මොහොතක අවශ්‍යව ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ වෙළෙඳ, කර්මාන්ත අංශ ප‍්‍රධාන කරගත් වේගවත් ආර්ථික පිබිදීමක් හා ඊට රජයෙන් ලබා දෙන සහන පැකේජයකි. එනමුත් අපේ රටේ බැංකු ක්ෂේත‍්‍රය සිටියේ ඊට හරිහැටි විසඳුමක් නොමැතිව අඳුරේ අත පත ගාමිනි. ඊට නිසි ප‍්‍රතිචාරය ජනාධිපතිවරයා පළ කරන්නේ පසුගිය කාලයේ පැවැත්වූ බැංකු ඇතුළු විවිධ ක්ෂේත‍්‍රවල සාකච්ඡුා වට ගණනාවකට පසුවය. එහෙත්, තවමත් රට එක තැනමය. ජනතාව බණින්නේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවටය. සැබවින්ම ජනතාව නව පාලකයකුට පාලන බලය දෙන්නේ රටේ ඉදිරිය පිළිබඳ දහසකුත් බලාපොරොත්තු ඇතිවය.
 
 එසේ හෙයින් ජනාධිපතිවරයාගේ ඉහත සෘජු කතාව හා ක‍්‍රියාමාර්ග ගැන ජනතාව පසුවන්නේ පස්වනක් ප‍්‍රීතියෙනි. එනමුත් ලබ්බට තැබූ අත පුහුලටත් තැබීම අත්‍යවශ්‍යමය. මෝටර් රථ ප‍්‍රවාහනයට, ගුවන් තොටුපළට ජනාධිපතිවරයා සිදු කළ හදිසි ජනතා සේවා විමර්ශන අනෙකුත් රාජ්‍ය ආයතන වෙතද සිදු විය යුතුය. එසේ සිදුකර රාජකාරිය මගහරින පල් හොරුන්, පිං පඩිකාරයින් එළවා දැමිය යුතුය. ජනතාව අපේක්ෂා කරන කකුල් දෙකෙන් සිටගත් ජනතා සේවයක් ලැබෙන්නේ එවිටය. ඒ සඳහා රට නැගිටින මේ මොහොත හැර තවත් අවස්ථාවක් නැත.
 

seeesaකෙනකු ෆිනෑන්ස් සමාගමක් හරහා මිලට ගන්නා වාහනයක වාරික ගෙවීම අතපසු වන අවස්ථාවක ෆිනෑන්ස් සමාගමක් හැසිරිය යුත්තේ රටේ පවතින සාමාන්‍ය නීතියට අනුවය. ඒ අනුව ෆිනෑන්ස් සමාගම විසින්, ගෙවීම් අතපසු කෙරුණු වාහනය තිබෙන ප‍්‍රදේශයේ පොලිසියට ගොස් ඒ පිළිබඳව පැමිණිල්ලක් කොට වාහනය ලබා ගත් අය වෙතින් එය ඉල්ලා සිටීම සඳහා වාහනය තිබෙන ස්ථානයට යන බව ප‍්‍රකාශ කළ යුතුය. එවිට වාහනය තිබෙන පරිශ‍්‍රයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරියකු හෝ පොලිස් නිලධාරීන් දෙදෙනකු පැමිණිලිකාර ෆිනෑන්ස් සමාගමේ නියෝජිතයන්ට ලබා දීමට පියවර ගනු ලැබේ. 

 කොරෝනා වෛරසය පරාජය කිරීම  ආණ්ඩුවට පමණක් තනිව කළ හැකි කාර්යයක් නොවේ. ඒ සඳහා සියලූ පුරවැසියන්ගේ දායකත්වය ලැබිය යුතුය. ඒ සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින්, මෙතෙක් පවත්වාගෙන ආ සෞඛ්‍ය පිළිවෙත් අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට අප වග බලා ගත යුතුය. දෙවැනි කොරෝනා රැුල්ල පරාජය කිරීමට ඒ හැර වෙනත් ක‍්‍රමවේද නොමැත.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles