Divaina - Kathuwakiya

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

විරෝධතා දක්‌වන්නන් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය අසල භූමියක්‌ වෙන් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ විවිධ ප්‍රතිචාර මතුවෙමින් තිබේ.

 කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රට තුළ පැතිර ගිය භීතිකාව මේ වන විට පහව ගියද, ඊට වඩා භීතිකාවක් රට පුරා වර්ධනය වෙමින් තිබේ. එම භීතිකාව වන්නේ ‘චීන භීතිකාව’ ය. මේ භීතිකාව සංචාරක ක්ෂේත‍්‍රය පුරා කොරෝනා වෛරසයට වඩා වේගයෙන් පැතිර යමින් තිබෙන අතර, එමගින් චීන ජාතිකයන් බලවත් අපහසුතාවට පත් වූ සිද්ධීන් දිනෙන් දින වාර්තා වෙමින් තිබේ. පසුගියදා ශ‍්‍රී ලංකා චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඇතැම් කුලී රථ රියදුරන්, හෝටල් සහ ආපනශාලා චීන ජාතිකයන්ට සේවා සැපයීම ප‍්‍රතික්ෂේප කිරීම කනස්සල්ලට හේතුවක් බවය. සැබෑ මිත‍්‍රත්වය තිබිය යුත්තේ දුෂ්කර හා අභියෝගාත්මක අවස්ථාවලදී බවත්, ශ‍්‍රී ලාංකික ජනතාවගේ තත්ත්වය තමන් සහ තම කාර්යාලය හොඳින් තේරුම් ගෙන ඇති බවත් ඒ අයුරින්ම ශ‍්‍රී ලාංකිකයන් ද චීනයේ තත්ත්වය තේරුම් ගනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසා තිබිණි.
 
 කොරෝනා වෛරසය පැතිර යෑමෙන් ශ‍්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටින චීන ජාතිකයන්ට විඳීමට සිදුව ඇති අපහසුතා, අප රටට පමණක් පොදු වූ තත්ත්වයක් නොවේ. මේ වන විට ඇමෙරිකාව, එංගලන්තය, ජපානය ඇතුළු යුරෝපයේ සියලූ රටවල් මේ වන විට චීන සංචාරකයන් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වේ. මේ වන විට යුරෝපයේ ගුවන් සමාගම් 7 ක් මාර්තු මාසය තෙක් චීනයට පියාසර කිරීම නවතා දමා ඇති අතර, චීනයේ සිට යුරෝපයට පැමිණෙන ගුවන් යානා, මගී යාත‍්‍රා සියල්ල කොරෝනා වෛරසය පරීක්ෂාවට ලක් කිරීම අනිවාර්ය කර තිබේ. ඊයේ මගීන් 3700 ක් රැගෙන ජපානයේ යොකොහාමා වරායට පැමිණ ‘ප‍්‍රින්සස් ඩයමන්ඞ්’ නමැති මගී යාත‍්‍රාව කොරෝනා වෛරස පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු, වෛරසය ආසාදනය වූ මගීන් 10 දෙනකු හඳුනාගෙන තිබේ. ඒ වගේම මීට දින කිහිපයකට පෙර හොංකොං වරායට පැමිණි මගී යාත‍්‍රාවේ සිටි කාර්ය මණ්ඩලයේ 30 දෙනකුට උණ රෝගය වැළඳී තිබීම හේතුවෙන් මගී යාත‍්‍රාවේ පැමිණි 1800 දෙනාටම කොරෝනා පරීක්ෂාව සිදු කිරීමට තීරණය කෙරිණි. මෙවැනිම සිද්ධීන් යුරෝපයට පැමිණෙන මගී යාත‍්‍රාවලින් ද වාර්තා වෙමින් තිබේ. මේ වන විට කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් චීන ජාතිකයන් පමණක් නොව, මේ මොහොතේ ලොව වටා සංචාරය කරනු ලබන සෑම සංචාරකයකුටම බලවත් අපහසුතාවනට ලක් වීමට සිදු වනු ඇත. කොරෝනා වෛරසය චීනය තුළ මැඩ පවත්වා ගන්නා තෙක් මෙම අපහසුතාවන් දිගටම පවතිනු ඇත.
 
 මේ වන විට යුරෝපයේ පසුගාමී ආර්ථික වර්ධනය හමුවේ, ලෝකය පුරා සංචාරය කරනු ලබන යුරෝපා සංචාරකයන්ගේ ප‍්‍රමාණය දිනෙන් දින අඩුවෙමින් තිබේ. මෙම තත්ත්වය නිවර්තන කලාපයේ පිහිටි ශ‍්‍රී ලංකාව වැනි රටවල ආර්ථිකයට දැඩිව බලපාන ප‍්‍රශ්නයක් වී තිබේ. ශ‍්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් යාන්තම් හෝ ජාමේ බේරා ගන්නේ චීන සංචාරකයන්ගේ පිහිටෙනි. මේ වන විටත්, කොරෝනා වෛරසය හේතුවෙන් ජනවාරි මාසයේදී ශ‍්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම 7.4% කින් පහත වැටී ඇති බව ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම දත්තවලට අනුව චීන සංචාරකයන්ගේ පැමිණීම පසුගිය වසරට සාපේක්ෂව 15.3% කින් පහළ ගොස් තිබේ. ශ‍්‍රී ලංකාවේ දෙවැනි විශාලතම සංචාරක වෙළෙඳපොළ වන චීනයෙන් පසුගිය වසරේ සංචාරකයින් 167,863 ක් පැමිණ තිබේ. චීනයේ ආර්ථික වර්ධනය හමුවේ රටෙන් පිටතට සංචාරය කරනු ලබන චීන ජාතිකයන්ගේ ප‍්‍රමාණය වසරකට මිලියන 150 ක් පමණ වන අතර එය වාර්ෂිකව 14% කින් පමණ ඉහළ යනු ලබයි. මේ හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ සංචාරක කර්මාන්තයේ වෙළෙඳපොළ රැුඳී තිබෙන්නේ චීන ජාතිකයන් මතය. එම නිසා සෑම රටකටම කොරෝනා වෛරසය සහ සංචාරක වෙළෙඳ පොළ කළමනාකරණය කර ගැනීම විශාල අභියෝගයක් වී තිබේ.
 
 ශ‍්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා පවසන්නේ මේ වන විටත් කොරෝනා වෛරසය පැතිර යෑම ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වැසියන්ට ශ‍්‍රී ලංකාවට නොඑන ලෙස දැනුම් දී තිබෙන බවයි. ඒ වගේම සැකකටයුතු සිදුවීම්, රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් කණ්ඩායම් වශයෙන් ශ‍්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස ද, චීනයේ වෙනත් පළාත්වලින් ශ‍්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ශ‍්‍රී ලංකාවට පැමිණි පසු අනිවාර්යයෙන්ම දින 14ක නිරෝධායන ක‍්‍රියාවලිය අනුගමනය කළ යුතු බව ද චීන තානාපතිවරයා පවසයි. ශ‍්‍රී ලංකාව කොරෝනා වෛරසයෙන් බේරා ගැනීම සඳහා චීන තානාපතිවරයා ඉතා යහපත් රාජ්‍ය තාන්ත‍්‍රික මැදිහත්වීමක් ඉටු කර තිබේ. එය අගය කළ යුතුය. කොරෝනා වෛරසය පරාජය කළ හැක්කේ බුද්ධිමත්ව තීරණ ගැනීමෙන් සහ එම තීරණ විද්‍යාත්මකව ක‍්‍රියාත්මක කිරීමෙනි. මේ වන විටත් එම ක‍්‍රියාවලිය රට තුළ දියත් වී තිබේ. ඉතා ඉක්මනින් කොරෝනා වසංගතය පරාජය කර චීන භීතිකාව නිමා කිරීමේ ප‍්‍රධාන වගකීම පැවරී ඇත්තේ චීන රජයටය. අපට කළ හැක්කේ මේ මොහොතේ හැකි පමණින් අපේ ළබැඳි මිතුරාට සහාය ලබාදීමය. කාලය විසින් සියලූ වසංගත අවසන් කර, ලෝකය ඉක්මනින් සුවපත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු තබා සිටින්නෙමු.
  

බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් අප රට නිදහස් වී අදට (04) වසර 72 කි. නිදහස ලැබී වසර 72 ක්  ගෙවන මේ මොහොතේ අප රට පිළිබඳව යළි සිහිපත් කළහොත් අප රට සැබෑ ලෙසම නිදහස් වී ඇතිද යන ප‍්‍රශ්නාර්ථය ඉතිරිව ඇත.
 
 රටක් පූර්ණ ලෙස නිදහස් වීමට නම් එය රටේ ආර්ථික, සමාජීය හා දේශපාලන වශයෙන් ද පරිපූර්ණ ලෙස නිදහස් විය යුතුය. නමුත් අපට නිදහස ලැබී දශක හතක් ඉක්මවා ඇති මේ මොහොතේ එහි පූර්ණ නිදහස නොව ඊට ළඟාවීමටත් හැකිවී තිබේද යන්න ප‍්‍රශ්නයකි.
 
 සුදු ජාතිකයන් මොන පරමාර්ථ ඇතිව මේ රට සිය ග‍්‍රහණයට නතුකරගත්ත ද ඔවුන් විසින් අප රටට යළි ලබාදුන් රට එතරම්ම දුර්වල රටක් නොවීය. 1960 වන විට දකුණු ආසියාවේ ඒක පුද්ගල ආදායම අතින් අප දෙවැනි තැනට පත්වූයේ ජපානයට පමණි. නමුත් අද වන විට අප රටේ ඒක පුද්ගල ආදායම වෙතට සෙසු අංශද පිරිහීමට පත්ව බංකොලොත් වී ඇත.
 
 අපි තවමත් ආනයන මත විශාල වශයෙන් රැුඳී සිටිමු. මේ නිසා අපනයන ආදායම මෙන් දෙගුණයක් පමණ විශාල වෙළෙඳ හිඟයක් තිබේ. ගිය වර්ෂයේ (2019) ආර්ථික වර්ධනය සියයට 2.6 ක් පමණ දක්වා පහත වැටෙනු ඇති බවට මහා බැංකුව පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. ලබන වසරේදී සියයට 4 ත් 4.5 ත් අතර ආර්ථික වර්ධනයක් ලබාගනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මේ ආර්ථික වර්ධනය අතින් දකුණු ආසියානු කලාපීය රටවල් අතර ඉතා පසුගාමී තත්ත්වයට අප පත්ව ඇත. ඉති විශාල ණය බරක්ද සියලූ ජනයා මත පැටවී තිබේ. මේ නිසා මේ නිදහසේ සැමරුමේදීවත් අප ආර්ථිකමය වශයෙන් හැකිතාක් දුරට නිදහස් ජාතියක් බවට පත්වීමට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ කළ යුතුව ඇත.
 
 විශේෂයෙන් මේ සඳහා ගත හැකි හොඳම කි‍්‍රයාමාර්ගය වනුයේ නිෂ්පාදන ආර්ථික කි‍්‍රයාවලිය යළි පණගැන්වීමය. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අගමැතිවරියව සිටි කාලයේදී ‘සිරිලක දේ සිරිසැප දේ’ යන පාඨය යටතේ අප රටේ නිෂ්පාදන දිරිගැන්වීමේ කි‍්‍රයාවලියේ ඉදිරි පියවරක් තැබිණි. එහි යම් යම් අඩුපාඩු තිබුණ ද එය ඉදිරියට ගෙන ගියේ නම් එහි සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගත හැකිව තිබිණි. අද අප ජාතියක් වශයෙන් ඉඳිකටුවක්, කොණ්ඩ කටුවක් අඩුම තරමේ නූල් බෝලයක්වත් සාදා ගැනීමට නොහැකි අසරණ ජාතියක් බවට පත්ව ඇත. දේශීයව නිෂ්පාදනය කළ හැකි කඩල, මුං ඇට වැනි දෑද, රට වටේම මුහුද තිබුණත් මාළු, කරවල, ටින් මාළු ආනයනය කරන ජාතියක් බවට පත්ව ඇත. මේ සියලූ දේ ආනයනය කිරීම සඳහා අප රටෙන් පිටරටට යන ඩොලර්වල වටිනාකම දිනෙන් දින වැඩිවීම නිසා අප රටට ආර්ථික වශයෙන් දිනෙන් දින පල්ලම් බසිමින් සිටී. එනිසා 72 වැනි නිදහස් දිනය සමරන මේ මොහොතේ හෝ ආර්ථික අගාධයකට වැටී ඇති රට ඉහළට ඔසවා තැබීම සඳහා නිශ්චිත ඉලක්ක ඔස්සේ රට මෙහෙය විය යුතුව ඇත.
 
 අප ශී‍්‍ර ලංකා මාතාව පිළිබඳව ජාතියක් ලෙස උදම් ඇනුවද ඇයව කෙලෙසා නන්නත්තාර කර ඇති බව මෑතකාලීනව සිදුව ඇති සිද්ධීන් දෙස බැලූ විට පෙනීයන කරුණකි. මහ බැංකු හොරකම, කෘෂිකර්ම ගොඩනැගිල්ලෙන් ගසාගෙන කෑම, ශී‍්‍ර ලංකන් එයාර් බස් ගනුදෙනුවෙන් ඩොලර් මිලියන ගණන් වංචා කිරීම ඇතුළු විවිධ හොරකම් අතින් කප් ගසා ඇති ශී‍්‍ර ලංකාව සුදු ටයිපටි හොරුන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට සිදුව ඇත. එපමණක් ද නොව ළමා හා ස්තී‍්‍ර අපචාර අතින් සිටිනුයේ ඉතාමත් නීච තැනකය. රටට ආදරය කරන දේශපාලන දේශපේ‍්‍රමියෝද රටට හිඟය. කොමිස් ගසන පගා මරුවන් මේ රටේ බහුලය. ඒ අතර දේශපාලනයේ මෙන්ම රාජ්‍ය නිලධාරීහුද වෙති. එනිසා 72 වැනි නිදහස් දින සමරන මේ මොහොතේ එහි ශේෂ පත‍්‍රය පවතිනුයේ අතිශය ඍනාත්මක තැනකය. මේ ගැන ගැඹුරින් කල්පනා කර සැබෑ ලෙසම රට සෞභාග්‍යයේ දේශයක් බවට පත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට කළ යුතු කාර්යය බොහෝය. කවර අභියෝග මැද වුවද ඒ මහතාට එම කටයුතු සාර්ථකව නිම කිරීමට හැකි නම් යළිත් අපට ස්වර්ණමය දේශයක් ගොඩනැගීමට හැකිවනු ඇත.
  

 කුමරන් පද්මනාදන් හෙවත් කේපී මැලේසියාවේ සිට ලංකාවට ගෙන ඒමට සමත්වීම මෙරට ආරක්ෂක අංශ ලැබූ සුවිශේෂී ජයග‍්‍රහණයක් විය. බුද්ධි මෙහෙයුමකින් ඔහු අත්අඩංගුවට පත්වූයේ 2009 අගෝස්තු මාසයේදීය. ඒ මෙහෙයුම හේතුවෙන් ලැබුණු ගෞරවය නිසා ලංකාව ආසියාවේ ‘‘ඊශ‍්‍රායලය” ලෙසද හැඳින්විණි. එසේම සෑම ලාංකිකයකුගේම ගෞරවය හා ප‍්‍රසාදය හිමි වන මෙහෙයුමක් පසුගිය සිකුරාදා හා සෙනසුරාදා දිනවලදි ක‍්‍රියාත්මක විය. ඇත්තෙන්ම එම මෙහෙයුම ලොව ප‍්‍රබල රටවලට නොදෙවෙනි මෙහෙයුමක් බව අවිවාදිතය. කොරෝනා වෛරසය නිසා සම්පූර්ණයෙන් වසා දැමුණු හුබෙයි ප‍්‍රාන්තයේ වූහාන් නගරයේ සිටි ලාංකික සිසුන් යළි මවුරටට ගෙන්වා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් වූයේ නැත. ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය වැනි ලොව ප‍්‍රබල රාජ්‍යයන් තම පුරවැසියන් වූහාන්වලින් ඉවත් කිරීමට ගත් උත්සාහයට නොදෙවෙනි රාජ්‍ය තාන්ත‍්‍රික මෙහෙයුමක නිරත වූ ශ‍්‍රී ලංකාව එම අභියෝගය ජයගත්තේ සැමට ආදර්ශයක් සපයමිනි. පකිස්තානය වූහාන්වල සිටින තම සිසුන් හා පුරවැසියන් පන්සීයක් ගෙන්වා නොගැනීමට තීරණය කරද්දී මේ දූපත් රාජ්‍යය සිදුකළ මෙහෙයුම ඉන්දීය මාධ්‍යවලද පැසසුමට ලක්විය. ජනාධිපති කාර්යාලය, විදේශ සබඳතා අමාත්‍යාංශය, බීජිං හි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය, කොළඹ චීන තානාපති කාර්යාලය, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ‍්‍රී ලංකා යුද හමුදාව සහ ගුවන් හමුදාව පසුගිය දින කිහිපය තුළ ගත් සාමූහික උත්සාහයේ ප‍්‍රතිඵලයක් ලෙස වූහාන්වල සිරවී සිටි 33 දෙනාම දැන් දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂයෙන් සකස් කළ නිරෝධායන ඒකකය තුළ සතුටින් කල් ගෙවති. උපන් බිමට පැමිණීමෙන් පසු මොවුන් තුළ සිරවී තිබුණු බිය සැක කම්කටොලූ දුරුවූ බව නම් සහතිකය. එය රට වැසියන් සියලූ දෙනාම එකට සැනසුම් සුසුම් හෙලූ අවස්ථාවක්ම විය. චීන රජය හා ශ‍්‍රී ලංකා රජය අතර පැවති සාකච්ඡා සාර්ථකත්වයට පත් වෙමින් සිකුරාදා පස්වරු 3.55 ට ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.1422 විශේෂ ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් වසා දැමුණු වූහාන් නගරය බලා පිටත්ව ගියේය. ගුවන් ගමන් පිළිබඳ සජීවීව තොරතුරු සපයන ‘ෆ්ලයිට් රේඩාර් ටුවෙන්ටිෆෝ’ ඔස්සේ අපේ ගුවන් යානය මෙරටින් පිටත්ව යාමේ සිට වූහාන් වෙත ගමන් ගන්නා ආකාරයත් නැවත ආපසු එන අයුරු පිළිබඳවත් ලාංකිකයන් බහුතරයකගේ දැඩි අවධානයට යොමුවී තිබුණේ අපේ 33 දෙනාගේ යහපත සැවොම අපේක්ෂා කළ නිසාවෙනි. ශ‍්‍රී ලාංකිකයන් 33 දෙනා රැුගත් මෙම විශේෂ ගුවන්යානය ඊයේ උදෑසන 7.43 ට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට ළඟා විය. එහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික ජීවවිද්‍යාත්මක න්‍යෂ්ටික අවි සඳහා පුහුණු වූ බලඝණය, මොවුන් සිය භාරයට ගෙන නිරෝධායන කටයුතු සිදු කළේය. නිරෝධායන කටයුතුවලින් පසු මේ 33 දෙනා විශේෂ බස් රථයකට නැංවූ අතර ඔවුන් විශේෂ හමුදා ආරක්ෂාවක් යටතේ දියතලාව යුද හමුදා කඳවුර බලා පිටත් කර හැරිණි. මෙය සැබවින්ම ත‍්‍රාසජනක චිත‍්‍රපටයක් හා සමාන විය. ඇත්තෙන්ම මේ මානුෂීය මෙහෙයුමට ස්වේච්ඡුාවෙන් දායක වූ ධෛර්යවන්ත ශ‍්‍රී ලංකන් ගුවන් කාර්යමණ්ඩලයට සැමගේ ප‍්‍රසාදය හිමිවිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක‍්‍රියාත්මක කෙරුණු මේ මානුෂීය මෙහෙයුම වෙනුවෙන් යුද හමුදාව හා ගුවන් හමුදාව සිදු කළ කැපකිරීම වෙනුවෙන් ජාතියේ උපහාරය හිමිවන බව අවිවාදිතය. කෙසේ නමුත් 2003 දී චීනයේ ව්‍යාප්ත වූ සාර්ස් රෝගය ඉක්මවා කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර ලංකාවෙන් හමුවූ කොරෝනා රෝගියා සුවපත් වන විට පිලිපීනයෙන් හමුවූ කොරෝනා රෝගියකු මරණයට පත්වී ඇත. එසේ නම් රෝ බිය තවම පහව ගොස් නැති බවත් අප අවබෝධ කර ගත යුතුය.

 අදින් පසු අප පා තබන්නේ නිදහසින් පසු එළඹෙන 73 වැනි වසරට ය. නොහොත් මේ දක්වා වසර 72 ක් නිකරුනේ කා දමා ඇත. ඊයේ (4* මෙරට සැමරීමට ලක්වූයේ බි‍්‍රතාන්‍ය කිරීටයෙන් ශ‍්‍රී ලංකාව ලැබුවේ යයි කියන 72 වැනි සංවත්සරයයි. 1948 පෙබරවාරි 4 වැනිදා මෙසේ රටක් ලෙස අප නිදහස ලබාගන්නේ වසර 142 ක බි‍්‍රතාන්‍ය පාලනයෙන් පමණක් නොවේ. 1505 පටන් යුරෝපා ජාතීන් තුනකට පුරා වසර 443 ක් යටත්ව ගෙවා දැමූ පීඩිත පාලනයක ‘නාමික’ නිදහසක් ලෙසිනි.

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles