Divaina - Kathuwakiya

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

watsapp දෙවැනි වසර සිසු සිසුවියන් පිරිසක් පළමු වසර සිසුන්ට තර්ජනය කොට බලපෑම් කර ඇත්තේ වට්ස්ඇප් සහ සමාජ මාධ්‍ය ඔස්සේ නිරුවත් ඡායාරූප, වීඩියෝ සහ ස්වයං වින්දනය කරන ආකාරයේ දර්ශන එවන ලෙසයි. මෙම නවක වධ සිද්ධියට සිසු සිසුවියන් 120 දෙනකු පමණ ගොදුරුවී ඇති බවද දැනගන්නට ඇත. මෙම නීච කි‍්‍රයාවලිය විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ සහ අවසන් වසරේ සිසුන් පිරිසකගේ අනුදැනුම හා උපදෙස් මත සිදුවී ඇති බවද සැලවී ඇත.

buslaneකොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා ලබන සඳුදා සිට මංතීරු නීතිය තදින්ම ක‍්‍රියාත්මක කරන බවත් මංතීරු නීතිය කඩ කරන රියැදුරන්ට රුපියල් දෙදහසක දඩයක් පනවන බවත් පොලිස් මාධ්‍ය හා තොරතුරු තාක්ෂණය භාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න පවසයි. මංතීරු නීතිය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ දිනවල පෙරහුරු ක‍්‍රියාත්මක වන අතර ඒ සම්බන්ධයෙන් යහපත් ප‍්‍රතිචාර මෙන්ම අයහපත් ප‍්‍රතිචාරද අසන්නට සමාජය තුළ ගොඩනැෙඟමින් තිබේ.

balusssවෙන්දේසි කර විවිධ පුද්ගලයන්ගේ ගෙවල්වලට දක්කාගෙන ගොස් අදටත් ගස්වල ගැට ගසා සිටින මේ පොලිස් සුනඛ පිරිස සාපරාධී සිද්ධීන් තුන්සියයක් ද කුඩු කේස් හය සියයක් ද හෙළි කරගෙන ඒවාට වගකිව යුතු අපරාධකරුවන් අල්ලා ගැනීමට දායක වූ ”උතුම් මනුෂ්‍යයෝ” වෙති. පොලිස් රාළහාමිට ඉව නැත. සාජන් ට, එස්.අයි. ට, අයි.පී. ට, එස්.පී. ට සහ එස්.එස්.පී ට ද ඉව නැත. එසේම නියෝජ්‍ය පොලිස්පතිට සහ පොලිස්පතිට ද ඉව නැත. මේ සියලූ දෙනාටම මොළය තිබෙන්නට පුළුවන. එහෙත් මොළය සහ ඉව යනු දෙකකි.

නීති කඩකරමින් හොර පාරෙන් මෙරටට ගෙනා කහ කිලෝ දශලක්ෂයක් රජය මගින් විනාශ කරන්නට තීන්දු කර ඇතැයි රේගුව පවසයි. මෙහි ඇස්තමේන්තු දළ වටිනාකම රුපියල් මිලියන 768 ක් බව පැවසේ. රේගුව මෙසේ මෙහි දළ වටිනාකම ලෙස ඉහත සංඛාලේඛනවලින් පවසන්නේ කහ සඳහා රජය පනවා ඇති පාලන මිල වන රුපියල් 750 ගණනේ ගණන් බලා විය යුතුය.
 
 එනමුත්, මේ වනවිට සැබෑ කහ කුඩු ද, කහ කුඩු ලෙස විවිධ වර්ණක යොදා වර්ණ ගැන්වූ (කහ පැහැති) පිටි වර්ග ද කිලෝව රුපියල් 5000 ක් දක්වා මිලකට කළුකඩයේ විකිණේ. ඒ අනුව බලන කල අත්අඩංගුවේ ඇති මෙම කහ තොගය (දැනගන්නට ඇති පරිදි කන්ටේනර් 50 කට අධිකය.) විශාල වෙළෙඳපොළ වටිනාකමකින් යුක්තය.
 
 එසේ හෙයින් හා රටේ කහ හිඟයක් පවතින මෙවන් මොහොතක මෙම කහ තොගය විනාශ කරන්නට රජය තීන්දු කර තිබීම අමනෝඥ තීන්දුවක් ලෙස බොහෝ දෙනා දකිති. ඇතැමුන්ගේ මතය වන්නේ රජය ආර්ථික අර්බුදයක ගිලී ඇති මෙවන් මොහොතක හා කහ හිඟයකින් ජනතාව අපහසුතා විඳිද්දී රාජ්‍ය යාන්ත‍්‍රණය ඔස්සේ (සතොස අලෙවි සල් ජාලය හරහා වැනි) පාරිභෝගිකයින්ට හෝ ආයුර්වේද ඖෂධ නිපදවීම සඳහා රාජ්‍ය ආයතනයක් වෙත ඉහත කහ තොගය ලබාදීම විනාශ කරනවාට වඩා යහපත් කටයුත්තක් බවයි. මන්ද, කහ යනු හුදෙක් ආහාර රසකාරකයක්, ආහාර වර්ණකයක් පමණක් නොව, විෂබීජ නාශකයක්, රූපලාවන්‍ය භාවිතයක් මෙන්ම සංස්කෘතික මෙන්ම ආගමික කටයුතු සඳහාද යොදාගන්නා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් මෙන්ම ඖෂධයක් ද වන නිසාය.
 
 විශේෂයෙන් දමිළ ජන සමාජයේදී පවිත‍්‍රතාවයේ සංකේතයක් ලෙස කහ භාවිතයට ගන්නා අතර, නිවාස, වෙළෙඳ සල් යනාදියේ මිදුල් දිනපතා උදේ කහ දියරෙන් දෝවනය කරමින් ආශීර්වාද පතන අයුරු වෙනම සංස්කෘතික කතාවකි.
 
 එවන් ගෞරවනීය වටිනාකමක් ඇති කහ කුඩු හා ආශ‍්‍රිත නිෂ්පාදනවල විශාල හිඟයක් රටේ ඇතිව තිබෙන්නේ රටේ සමස්ත කහ අවශ්‍යතාව රටෙන්ම සපයාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්මෙන් ගෙන ඇති තීන්දුවක් අනුවය.
 
 රටේ වාර්ෂික වියළි කහ අවශ්‍යතාව මෙටි‍්‍රක් ටොන් 7500-8000 ක් පමණ වන අතර, මෙයින් මෙටි‍්‍රක් ටොන් 5000 ක් ම ආනයනය කරයි. කහ ඉතා හොඳින් වැවිය හැකි අප වැනි රටක ජනතාව මෙන්ම පාලකයින් ද ඊට සැබැවින්ම ලජ්ජා විය යුතු කාරණයකි.
 
 කහ අස්වැන්නෙන් රට ස්වයංපෝෂිත කර, රටේ කහ අවශ්‍යතාව රටේම නිපදවා ගැනීමට ජනාධිපතිවරයා තීරණයක් ගෙන ඇත්තේ එනිසාය. සැබවින්ම සිදුවිය යුත්තේද එයයි. ඊට කිසිදු තර්කයක් නැති අතර, රටේ නිෂ්පාදන ක‍්‍රියාවලිය දිරිගන්වන ජනාධිපතිවරයාගේ මෙම තීන්දුව අපි ඉහළින්ම අගය කරන්නෙමු.
 
 මීළඟ කහ අස්වැන්න ජනවාරි මසදී ගැලවීමට නියමිත අතර, පවතින කහ මිලේ අඩුවක් එවිට අපේක්ෂා කරන බව මේ අතර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. එනම්, තවත් මාස 4 කින් කහ අර්බුදයට යම් තාක් විසඳුම් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
 
 කෙසේ හෝ මේ වනවිට කහ මාෆියාවක් රට තුළ ක‍්‍රියාත්මක වන අතර, එය කුඩුවලට දෙවැනි වූ ජාවාරමක් බවට ද පත්වෙමින් තිබෙනු දකින්නට ලැබේ. අවස්ථා ගණනාවකදී අමු කහ සහ කහ කැබලි තොග ඉන්දියාවෙන් බෝට්ටු මගින් මෙරටට පන්නන්නට ගොස් නාවික හා පොලිස් අත්අඩංගුවට පත් වූ අතර, තවත් කහ තොග කළපු අද්දර කැලෑ තුළ තිබී අල්ලාගත් අවස්ථාද ඇත. එසේම කේරළ ගංජා මෙන් කෙසේ හෝ රට තුළට පන්නා ගත් අවස්ථා ද නැත්තේ නොවේ.
 
 එනමුත්, දැනට අල්ලාගෙන ඇති තොග විනාශ කිරීම මහා අපරාධයකි. පෙර කී පරිදි එවන් කහ තොග රාජ්‍ය යාන්ත‍්‍රණය ඔස්සේ ජනතාවට ලබාදිය හැකි නම් යහපතකි. නමුත්, ඊට ගැලපෙන රාජ්‍ය යාන්ත‍්‍රණයක් නැති බවද ඇත්තකි. යම් හෙයකින් රජය එම තීරණය ගතහොත්, කහ තොග යළිත් නාකොටික් වැනි ජාවාරම්කරුවන් අතට පත්වීමේ ඉඩකඩ ද වැඩිය. සතොසට ලබාදුන්න ද එය එසේ වීමට ඉඩ තිබේ. එසේ නම් දැඩි නීතිවලට හා සුපරීක්ෂාවට යටත් කර ලබා දීම සිදු කළ යුතුය. එය හරියාකාරව සිදුනොවන්නේ නම් කහ හිඟයක් රටේ පැවතියද, මොන වටිනාකම් තිබුණ ද මේ කහ තොගය මුහුදට හලන එක ඊට වඩා හොඳය.

 පොලිස් සේවයේ යෙදී සිට විශ‍්‍රාම ගන්වන ලද පොලිස් සුනඛයන් 25 දෙනකු මහනුවරදී වෙන්දේසි කිරීම අරභයා මේ කතු වැකියේ ඊයේ පළ වූ මුල් කොටස අප විසින් ලියන ලද අවස්ථාවේදී මාතෘකාවට යටින් කෙරුණු විශේෂ සිහිපත් කිරීම වූයේ මෙවැනි හිඟන වැඩ හිඟන්නන්වත් නොකරන බවය. හිඟන්නන්ට ගෙවල් නැත. ඔවුහු ගස් යට හෝ බස් හෝල්ට් වල රැුය පහන් කරති. රාත‍්‍රී කාලයේදී ධාරානිපාත වැසි ඇද හැලෙන විට මේ යාචකයෝ මුළු රැුයම හිටගෙන සිටින්නේ බස් හෝල්ට් තුළට වතුර ගලා එන බැවිනි. මේ යාචකයන් සමඟ ඔවුන්ගේ බිරින්දෑවරු සහ ¥ දරුවෝ වෙති. ඔවුන් සියලූදෙනාම වැස්ස නවතින තුරු ඉන්නේ එකපෙළට හිටගෙනය. මේ පේළිය අවසානයේ යාචක පවුලට අයත් වීථි සුනඛයන් එකෙක් හෝ කිහිප දෙනෙක්ද සිටගෙන සිටිති. හිඟන්නාට මේ සුනඛයාද පවුලේම සාමාජිකයෙකි. මෙකල කොළඹ නගරයේ ජීවත්වන යාචක පවුල්වලින් සියයට හැත්තෑ පහකට තමන්ගේම වූ සුනඛයන් අවම වශයෙන් දෙදෙනෙක්වත් වෙති. හිඟන ප‍්‍රජාව මේ සුනඛයන් ලබා ගන්නේ කොළඹ නගරයේ කාණු වලිනි. කොළඹ නගරයේ ජීවත්වන ඇතැම් වංශවත් කාලකණ්ණි ජනයා ගෙදර බැල්ලියට පැටවුන් ලැබුණු විට උන් ගෝනියක බහා කාණුවකට වීසි කොට අතුරුදන් වෙති. දුප්පත් අහිංසක ගොවියන්ට සහ අසරණ කම්කරුවන්ට හෙණ වදින මේ රටේ බලූ පැටවුන් කාණු වලට විසි කරන තුච්ඡු මෘගයන්ට කිසිවක් සිදුවන්නේ නැත. වැඩිපුර පව් කරන එකාගේ ඇඟ නිතරම අකුණු සන්නායකයක් බවට පත්වේ. ඌට හෙණත් නොවදී; කරදරයකුත් සිදු නොවේ. යතිවරුන් කියන්නේ ඒ පව් ඊළඟ ආත්මයේදී පලදෙන බවයි. කෙසේ හෝ වේවා කුණු කාණුව විසින් තමන්ට ප‍්‍රදානය කරන ලද බැලූ පැටවා, හිඟන්නා විසින් පපුවට තුරුළු කරගනු ලබන්නේ සිය බිරියට අලූත ලැබුණු දරුවා තුරුළු කරගන්නා ලෙසය. සිය සුනඛයා කොපමණ මහලූ වියට පත් වුවද යාචකයා ඒ සතා විකුණන්නේ නැත. මැරෙන දවසක බිරිඳද දරුවන්ද බල්ලාද සමඟ එක ගොඬේ මැරෙන්නට යාචකයෝ කැමති වෙති. කොළඹ බේස්ලයින් පාරේ ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේ කොලොන්නාව පැත්තට හැරෙන පාර ළඟ එක් පාදයක් පමණක් ඇති, කිහිළිකරුවලින් ඇවිදින තරුණ යාචකයෙක් වෙයි. උදේ සිට සිඟා ගත් මුදලින් බත් පාර්සල් දෙකක් මිලට ගන්නා හෙතෙම ඉන් එකක් වීථි සුනඛයන්ට දී අනෙක අනුභව කරයි. ඒ භෝජන සංග‍්‍රහයේදී වීථි සුනඛයන් සහ යාචකයා හිඳ සිටින්නේ එක පෙළටය. ස්වකීය බත් මුල වහ වහා අනුභව කරන සුනඛයෝ ඊළඟට වඩාත් නිහතමානි වී යාචකයාගේ බත් පතට කෙළ හලති. එවිට සිය බත් පතේ ඉතිරි කොටස සුනඛයන්ට ප‍්‍රදානය කරන යාචක තරුණයා අත සෝදාගෙන නැවත වතාවක් සිඟමනට එළඹෙයි.
 
 ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින මැටි හරක් වැනි පරිපාලන නිලධාරීන් විශ‍්‍රාමික පොලිස් සුනඛයන් වෙන්දේසි කරන්නේ හිඟන්නන් පවා එවැනි හිඟන වැඩ නොකරන මෙවැනි යුගයකදීය. විශ‍්‍රාමික පොලිස් සුනඛයින් වෙන්දේසි කරන්නේ නම් විශ‍්‍රාමික පොලිස් රාළහාමිලා ද වෙන්දේසි කරන ලෙස අපි යෝජනා කරමු. මෙතැනදී ප‍්‍රශ්නයක් මතුවේ. විශ‍්‍රාමික පොලිස් සුනඛයන් මිලට ගත්තාට විශ‍්‍රාමික පොලිස් නිලධාරීන් මිලට ගැනීමට කවුරුත් කැමති වන්නේ නැත. එයට හේතු බොහොමයක් තිබේ. එයින් ප‍්‍රමුඛ හේතුව විය හැක්කේ ඇතැම් විශ‍්‍රාමික පොලිස් නිලධාරියෙක් වෙන්දේසියෙන් මිලට ගෙන ගෙදර ගෙන යන විට ප‍්‍රබල අකුණු සන්නායකයක්ද මිලට ගෙන ගෙදර ගෙන යෑමට ගැනුම්කරුට සිදුවන බැවිනි. අප මේ කියන කතාව බොරුවක්ද යන්න පොලිස් නාකොටික් එක දෙස බලන විට ඉතා පැහැදිලිව පෙනේ. අවසාන ඵලයේදී වෙලේ සුදාට වඩා කුඩු විකුණා ඇත්තේ පොලිස් නාකොටික් එකය. දේශපාලන පලිගැනීම් සඳහාත් නිකම් අහිංසක මිනිසුන් මිනී මැරුම්වලට පටලවා එල්ලූම් ගස් යවන්නේ සාමාන්‍ය ජනයා නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින්ය. සී.අයි.ඞී. යේ හිටපු ලොක්කා වන ශානි අබේසේකර අද රිමාන්ඞ් හිර ගෙදර කූරු ගණන් කරන්නේ නිකන් යයි ඔබ සිතනවාද?
 
 පොලිස් සුනඛයා නිතරම වංශවත් ලෙස සැලකෙන සුනඛ පරම්පරාවක සාමාජිකයෙකි. වෙන්දේසිවලට එන ඇතැම් තිරිසනුන් මේ සතුන් මිලට ගන්නේ උන් කෙරෙහි ඇති ආදරය නිසා නොව උන් ලවා පැටවුන් බෝ කර විකිණීමටය. රුපියල් හත්දහස් පන්සියයක් ගෙවා පොලිස් සුනඛ වෙන්දේසියෙන් මිලට ගන්නා ලද රෝගී සුනඛ ධේනුවක් බල්ලන් බෝ කර විකුණන කාලකණ්ණියකු අතට ගොස් ඇති බව දැනගන්නට තිබේ. මේ සුනඛ ධේනුවගේ උදරයෙහි වතුර පිරීමේ රෝගයක් ඇත. මේ අසරණ සුනඛ ධේනුවට පැටවුන් වැදීමට තබා කෙලින් සිටීමටවත් නොහැක. මැයට නිසි ප‍්‍රතිකාර ද නොලැබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ එකඟත්වය මත විශ‍්‍රාමික පොලිස් සුනඛයන් වෙන්දේසි කිරීම අද වන විට තහනම් කොට තිබේ. අප ආණ්ඩුවෙන් ඉල්ලන්නේ වෙන්දේසියේදී විකුණන ලද පොලිස් සුනඛයින් විසිපස් දෙනා ආපසු අත්පත් කරගන්නා ලෙසය. ඒ සතුන්ට කන්න දෙන්නට පොලිසියට සල්ලි නැත්නම් දැනට රජයේ වාහන දෙක බැගින් පුද්ගලික පරිහරණයට යොදාගෙන සිටින උසස් පොලිස් නිලධාරීන්ගෙන් ඉන් එක් වාහනය බැගින් ලබාගෙන ඒවා විකුණා අරමුදලක් පිහිටු විය යුතුය. වාහනය පවරා ගැනීමෙන් වැඩි පාඩුව සිදුවන්නේ පොලිස් ලොක්කාට නොව ඔහුගේ බිරින්දෑටය. එතැන් සිට ඇයට සැලූන් එකටත්, සුපර් මාර්කට් එකටත් යෑමට සිදුවන්නේ ආණ්ඩුවේ සැප කාර් එකේ නොව ත‍්‍රී වීලරයකය.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles