Divaina - Kathuwakiya

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

මීගමුව සිරගෙදර හිටපු ලොක්කෙකුගේ වැඩ ගැන මෙරට ජාතික පුවත්පතක මුල් පුවතක් පළ කර තිබිණි. ඒ හිටපු ලොක්කාගේ ගුණ හෝ ත්‍යාගශීලීත්වය ගැන නම් නොවේ. ඔහුගේ තක්කඩිකම්, හොරකම් ගැන කියවෙන්නකි. මොහුට බැංකු ගිණුම් 35ක් ඇති බවත් දිනකට ලැබෙන ලියුම් කවර පහක හයක සල්ලි බැංකුවලට තැන්පත් කරන බවත් එම ඊනියා ලොක්කාගේ සහයක නියාමකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළිකර තිබෙන බව එම පුවතේ සඳහන්ව තිබිණි. මේ ලියුම් කවර යොමු කරන්නේ කවුරුන්ද? එය පාතාලයෙන්ම බව රහසක් නොවේ. පාතාල නායකයින්ට සුර සැප විඳීමට සහය ලැබෙන විට මේ ලොක්කාට ලැබෙන ලියුම් කවර වැඩිවන බව පැහැදිලිය. මේවා මොණර මිටි නොහොත් සල්ලි තොගය. බන්ධනාගාර පාතාලය නිහඬ කිරීමට නොහැකිවන්නේ මෙවැනි මුදලට ගිජු නිලධාරීන්ගේ ක‍්‍රියාකාරකම් නිසාය. මෙවැනි නිලධාරීන්ගේ ක‍්‍රියාකාරකම් නිසා සමස්ත බන්ධනාගාර දෙපාර්තමේන්තුවටම සිදුවන්නේ කවර නිග‍්‍රහයක්ද? ¥ෂිත නිලධාරීන් කීපදෙනෙකුගේ මඩ සහ තාර බන්ධනාගාර නිලධාරී සමස්තයම එක්ව තවරාගත යුතුය. නව බන්ධනාගාර කොමසාරිස්වරයා පත්වූ සැණින් සිදු කළ ප‍්‍රථම බන්ධනාගාර සෝදිසිය වූ මීගමුව බන්ධනාගාර සෝදිසියේදී රැුඳවියන් සතුව තිබී ජංගම දුරකථන 61ක් සමඟ සිම් කාඞ්පත් 44ක්ද හමුවී තිබිණි. බන්ධනාගාරගතව සිටින එක් රැුඳවියෙක් වීඩියෝ දුරකථන ඇමතුමක් ලබාගනිමින් තම බිරිඳට පෙන්වා ඇත්තේ සිය කාමරයේ අඟල් 32ක පමණ විශාල රූපවාහිනියක් ද තිබෙන බවයි. මොහුගේ නිවසේ ද මෙවැනි විශාල රූපවාහිනියක් තිබේද යන්න ප‍්‍රශ්නයකි. එසේම තවත් සංවිධානාත්මක අපරාධකරුවකුගේ සිරමැදිරිය තුළින් ශීතකරණයක්, ආහාර පාන තොගයක්, සැපපහසු ඇඳක් සහ නවීන පන්නයේ විදුලි පංකා හමුවී තිබෙන බව පසුගිය දිනවල මාධ්‍ය මගින් හෙළිකර තිබිණි. තම කාමරයේ ශීතකරණ තබා ගන්නට රැුඳවියෙකුට හැකිනම් එතැන ඇත්තේ සිරකුටියක්ද නැත්නම් බෝඩිමක්ද, කුලියට ගත් හෝටල් කාමරයක්ද යන්න ගැන සැකයක් ඇතිවේ. බන්ධනාගාර තුළ සුර සැප විඳින්නට සියලූ සහය සපයන්නේ ¥ෂිත නිලධාරීන් බවට සැක නැත. එවිට මොණරුන් සැඟවූ ලියුම් කවර වැඩි වැඩියෙන් ලැබීම නතර නොවේ.
 
 නමුත් වත්මන් ආණ්ඩුව බන්ධනාගාර පාතාලය නැති කිරීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළ නිසා මේ සියලූ රහස් එළිවන්නට පටන් ගෙන ඇත. නැත්නම් පාතාලය තම සියලූ මෙහෙයුම් සිදුකරන ඉතාම සුරක්ෂිත ස්ථානය බවට බන්ධනාගාරය පත්කර තිබුණේ අද ඊයේ සිට නම් නොවේ. දැන් හිරේ ගියත් සුර සැප විඳින රැුඳවියන්ගේ ඉරණම වෙනස්වෙන්නේ ¥ෂිත නිලධාරීන්ටත් කණකොකා හඬවමිනි. මොණරු විසි කරන්නට පුළුවන් නම් නැවතිය හැකි සුපිරි නවාතැන බන්ධනාගාරය යන්න වෙනස් කළ යුතුමය. මෙය සමස්ත නීති පද්ධතියම නිග‍්‍රහයට ලක්කරන තත්ත්වයක් නොවන්නේද? එම නිසාම බන්ධනාගාරය පිරිසිදු කිරීම වෙනුවෙන් මේ කෑදර මජර නිලධාරී පන්තිය පන්නා දැමිය යුතුය. ඔවුනට නිසි දඬුවම් දිය යුත්තේ පාතාල අපරාධ සිදු කළ පුද්ගලයින්ට දඬුවම් දෙන ආකාරයෙනි. එසේ නොවන්නේ නම් හෙටත් බැංකු ගිණුම් දුසිම් ගණන් තබාගන්නා මජර බන්ධනාගාර නිලධාරීන් බිහිවීම වැළැක්විය නොහැකි වන්නේය. එය රටම අගාධයට මෙන්ම සමාජයම පාතාල පාලනයට යොමු කරවන්නකි.

 රජය ඓතිහාසික වරදක් කිරීමට සැරසේ. මේ බව කියන්නේ පරිසරවේදීන්ය. ඒ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින හෙක්ටයාර් ලක්ෂ 5 ක වනාන්තර ප‍්‍රමාණයක් දිසාපතිවරුන්ට පැවරීමට කටයුතු කිරීමෙනි. එනම්, 5/2001 දරන චක‍්‍රලේඛය මගින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බලය ලබාදී ඇති, ගමේ නගරයේ පවතින අවශේෂ කැලෑවල සංරක්ෂණ අයිතිය අහෝසි කිරීමට රජය කටයුතු කරමින් පවතින බවත්, මේ මගින් රටේ සමස්ත වනගහනයෙන් හතරෙන් එකක් අනාරක්ෂිත කෙරෙන බවත් පරිසරවේදීහු හා සංරක්ෂණවේදීහු කියා සිටිති.

නව කොරෝනා වසංගත තත්ත්වයෙන් පසු පාසල් ආරම්භ කිරීම අද සිදු කෙරේ. මාර්තු 11 වැනිදා වසා දැමුණු පාසල් යළි සක‍්‍රීය වන්නේ අද දිනයේ සිටය. මන්ද පාසලේ සීනුව නාද වන්නේද, ඡුත්ත මානවක ගාථා සජ්ජායනය ඇසෙන්නේද අද දිනයේ සිට වන බැවිනි. අදියර කිහිපයක් යටතේ පාසල් වෙත සිසුන් කැඳවීම සිදු කරනු ලබන නිසා අද දිනයේ 5, 11 සහ 13 යන ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් ආරම්භ කිරීම සිදුවේ. පසුගිය සතිය තුළ දිවයිනේ සියලූම පාසල් සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන්ට අනුව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කිරීම සිදු කෙරුණු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා ප‍්‍රකාශ කර තිබිණි. පසුගිය සතිය පුරා දිවයිනේ සියලූ පාසල්වල විෂබීජහරණ කටයුතු, කාලසටහන් සකස් කිරීම ආදිය සිදු කෙරිණි. ඇත්තෙන්ම පාසල් ආරම්භ කිරීම යනු මිලියන 4.5 ක සිසුන්, ඊට ආසන්න ප‍්‍රමාණයක දෙමවුපියන් සහ දෙලක්ෂ පනස්දහසකට ආසන්න ගුරුවරුන් සමාජය තුළ සක‍්‍රිය කිරීමකි. ඒ නිසා වසංගත අවදානම ගැන සැම විටම සිත්හි තබාගෙන නිරෝධායන ක‍්‍රියාවලියට අදාළ නිසි සෞඛ්‍ය පුරුදු  අනුගමනය කිරීම ඉතාම වැදගත් වේ. චීනයේද පාසල් විවෘත කිරීම සිදුවූයේ කොටස් වශයෙනි. එරට දෙවැනි රැුල්ලක්ද ඇතිවූ නිසා බීජිං නගරයේ කොටසක පාසල් යළි වසා දැමිණි.

එහෙත් ශ‍්‍රී ලංකාවේ බාහිර සමාජයෙන් රෝගීන් හමුවීම මේ වන විට සම්පූර්ණයෙන්ම නැවතී ඇති අතර රෝගීන් හමුවන්නේ විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටින්නන්ගෙන් පමණකි. නාවික හමුදා පොකුරෙන්ද රෝගීන් හමුවීම නතර වී ඇත. අවසන් වරට බාහිර සමාජයෙන් කොරෝනා රෝගියකු හමුවූයේ මීට දින 66 කට පෙරදීය. මේවන විට වෛරසය ආසාදනය වී රෝහල්වල ප‍්‍රතිකාර ලබන්නේ දෙසීයකටත් අඩු පිරිසකි. ඒ අනුව වසංගත තත්ත්වය පැහැදිලි ලෙසම පාලනය කර ඇති බව පෙනී යයි. ලංකාව වසංගතය පාලනය කර ඇති වුවත් ඉන්දියාවේ මෙන්ම ඇමෙරිකාවේද දිනෙන් දින රෝගීන් හඳුනාගැනීම වැඩිවී තිබේ. එය භයානක අනතුරක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කර තිබේ. කෙසේ නමුත් අද දිනයේ පාසල් ආරම්භ කිරීමේදී විද්‍යාල පරිශ‍්‍රයට ඇතුළුවන සෑම දරුවකුගේම ශරීරයේ උෂ්ණත්වය මැනීම සිදු කිරීමටද අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත. එසේම සියලූ දෙනාම මුව ආවරණ පැළඳීම අනිවාර්යය වේ. නව කොරෝනා වෛරසය කිසිදා තුරන් නොවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කරන නිසා මෙරට දරුවන්ද ඒ සමග අනුගත වී තම අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යෑමට කැපවිය යුතුය. කොරෝනාව හේතුවෙන් ලොවපුරා අධ්‍යාපනය ලබන දරුවන්, තරුණයන් ඇතුළු බිලියනයකට සිය පාසල්, විශ්වවිද්‍යාල හා වෙනත් අධ්‍යාපන ආයතනවලින් බැහැරව නිවෙස්වලට වී කාලය ගෙවන්නට සිදුවිය. එය කනගාටුදායක තත්ත්වයකි. නමුත් ලොව එතෙක් මෙතෙක් මුහුණ නොදුන් අදිසි වෛරසය නිසා සියල්ල උඩු යටිකුරු විය. මීට දශකයට පමණ පෙර කොළඹට දැඩිව කොටි ත‍්‍රස්ත තර්ජන පැවතියදී පවා පාසල් වසා දැමුනේ නැත. බෝම්බ බිය සමග වුවත් දරුවෝ පාසල් කරා පැමිණියහ. එහෙත් මේ වසංගතය සියලූ තර්ජනවලට වඩා වෙනස්ය. ත‍්‍රස්තයා හඳුනාගත හැකි වුවත් කොරෝනාව හඳුනාගත නොහැක. එබැවින් සියලූ දෙනා නිසි සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කිරීම වැදගත් බව යළි අවධාරණය කරමු. අදට හෙට වඩා යහපත් වන්නේ එවිටය.

මාස්ක් පළඳින්නැයි කීවද එය නිසි ලෙස ක‍්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. සබන් හෝ වෙනත් විෂබීජහරණ දියරයකින් අත් සේදීම ද අමතක කර ඇති බව පෙනේ. සාමාන්‍ය කටයුතු සඳහා විවෘත කෙරුණු රට යළි ආපස්සට නොගැනීමේ වගකීම ඇත්තේ ද ජනතාව අතේ බව අමතක නොකළ යුතුය. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේ මෙම පුද්ගලයා දින දාහතරක් නිරෝධායනය විමෙන් අනතුරුව නැවත නිවසේදී ස්වයං නිරෝධානයට ලක්වෙමින් සිටියදී කොරෝනා ආසාදනය වී ඇති බැවින් පිටස්තර පුද්ගලයන් කිසිවෙකුටත් මොහුගෙන් රෝගය බෝවීමේ ඉඩකඩ නොමැති බවයි. එය සැනසිල්ලට කාරණයකි.

 

ආයුධ වෙළඳාම හැරුණු කොට ලොව ලාභදායීම ව්‍යාපාරය ඖෂධ වෙළඳාම බව නොරහසකි. මෙයින් ලැබෙන අධික ලාභය නිසා ඖෂධ ව්‍යාපාරය මේ වන විට මාෆියාවක් බවට පත්ව තිබේ. මේ වන විට අපේ රටේ ඖෂධ මිල ජනතාවට දරා ගත නොහැකි තරමට ඉහළ නැග තිබේ. එසේම රට තුළ ඖෂධ හිඟයක්ද ඇතිවෙමින් පවතින අතර ඇතැම්විට මෙය තවදුරටත් ඖෂධ මිල ඉහළ දමා ගැනීමේ ඖෂධ මාෆියාවේ උපක‍්‍රමයක් වීමටද ඉඩ තිබේ.

අද වන විට අපේ රටේ වෛද්‍යවරුන්ගේ සිට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ  ඉහළ නිලධාරීන් ඖෂධ මාෆියාව විසින් ගිලගෙන ඇති අතර එම නිසා මෙය සමාජයේ බරපතළ ගැටලූවක් වී තිබේ. ඒ නිසාම මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග පෙත්තක් රුපියල් හතර පහ හය දහය වශයෙන් ඉහළ යද්දී තවත් ඖෂධ වර්ග රුපියල් තිහ, හතළිහ පනහ ආදී වශයෙන් ඉහළ ගොස් තිබේ. වේදනා නාශක, විටමින් සහ කැල්සියම් වර්ග, අධි රුධිර පීඩන ඖෂධ, දිලීර නාශක ඖෂධ  මෙලෙස වැඩි වශයෙන් මිල වැඩි කර තිබේ.

කොරෝනා කාලය ඖෂධ සමාගම් වලට රජ ම`ගුල් සමයක්වූ බව පැවසේ. රුපියල් පහට සාමාන්‍යයෙන් සපයන බෙහෙත් පෙත්තක් මේ කාලයේ හදිසි මිලදී ගැනීම් ලෙස රුපියල් හත්සියයටත් වැඩි මිලට සපයා තිබූ බව සඳහන්ය. කොරෝනා ඇඳුම සාමාන්‍ය වෙළඳපොළේ රුපියල් හත් අටසියයක් වෙද්දී සෞඛ්‍ය අමාත්‍යංශයට එය ඖෂධ සමාගම් විසින් සපයා තිබුණේ රුපියල් තුන්දහසක පමණ මුදලකටය. මේවායෙන් මුදල් ගැරූ පාර්ශව ගැන රජය පරීක්ෂණ පැවැත්විය යුතුව තිබේ.

පසුගිය කාලයේ විවිධ ඖෂධ වර්ග සියයක් පමණ මිල පාලනයට යටත් කරන ලදී. එහෙත් මේ වන විට එම ඖෂධ වර්ගද ඇතුළු සමස්ත ඖෂධ මිල ඉහළ ගොස් ඇත්තේ කිසිදු පාලනයකින් තොරව බව පෙනේ. මීට හේතුවී ඇත්තේ ඒ සම්බන්ධයෙන් බලධාරීන් නිසි නියාමනයක් සිදු නොකිරීම බව අපගේ අදහසයි.

ඖෂධ නියම කරන විට එය ඖෂධීය නාමයෙන් කළ යුතු බවට නීතියක් ගෙන එන ලෙස අප විසින් පාලකයන්ට බල කළේ වරක් දෙවරක් නොවේ. එහෙත් තවමත් එය ක‍්‍රියාත්මක නොවේ. එම නිසා අද වන විට ඇතැම් ¥ෂිත වෛද්‍යවරු මේ ඖෂධ මාෆියාවත් සමග එක්ව බඩපිණුම් ගසති. සත ගණනට මිලදී ගත හැකි ඖෂධ වෙළඳ නාම වලින් එමෙන් කීප ගුණයක් වැඩි මිලට ජනතාවට අලෙවි කරන්නට අවස්ථාව සලසන්නේ මේ ¥ෂිත වෛද්‍යවරුන් විසිනි.

අද වන විට අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සිටින බොහෝ දෙනා පැය අට සේවය නොකරති. ඇතැම් වෛද්‍යවරු රාජකාරී කාලය තුළ සිටින්නේ එක්කෝ තමන්ගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ හෝ පුද්ගලික රෝහලකය. ඇතැම් ප‍්‍රධාන රෝහල්වල බාහිර ප‍්‍රතිකාර අංශයේ සිටින වෛද්‍යවරු තිස් දෙනාගෙන් වරකට රාජකාරී කරන්නේ හතර පස් දෙනෙකි. සෙසු පිරිස් පුද්ගලික සේවයේය. මේ නිසා රෝගීන්ට දිගු පෝලිම්ය. මේ පෝලිමේ සිටින්නට බැරි නිසා ජනතාව වැඩිපුර යන්නේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වෙතය. මේවා වහාම රජය විසින් පාලනය කළ යුතුව තිබේ. රාජකාරී කාලය තුළ පුද්ගලික රෝහල්වල සැත්කම් පවා සිදු කරන රජයේ වෛද්‍යවරු බොහෝය. පසුගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වැටලීම් ඒකකයෙන්  පුද්ගලික රෝහලක් වටලද්දී පිළිකා වෛද්‍ය විශේෂඥයකු එම රෝහලේ දුම් බටය දිගේ පහළට බැස පැනදිවූ ආකාරය දැක ගත හැකි විය.

අපේ රටේ රජයේ රෝහලකින් සැත්කම් කරව ගන්නට විශාල කාලයක් පොරොත්තු ලේඛනවල සිටින්නට සිදුව තිබේ. මේ වන විට රජයේ රෝහල්වල ඇත්තේ ලොව නවීනතම යන්ත‍්‍ර සූත‍්‍රයන්ය. එහෙත් මේවා යොදා ගෙන  රජයේ රෝහල් වල ප‍්‍රතිකාර කෙරෙන්නේ පැය අටක් පමණි. එහෙත් පුද්ගලික  අංශයේ මේවා පැය 24 ම වැඩය. මේවා බොහෝ විට  වසර පහක වගකීම ඇති යන්ත‍්‍ර නිසා සේවා මුර ක‍්‍රමයට වෛද්‍යවරුන් යොදවන්නේ නම් රජයේ රෝහල්වල සැත්කම් සඳහා ඇති පෝලිම් සියල්ල නැති කළ හැකිය. එහෙත් එවිට පුද්ගලික රෝහල්වලට කිසිවකු සැත්කම් වලට යන්නේ නැත. එවිට පාඩුව එම රෝහල් වලට හා ඒවායේ තම රාජකාරී කාලයෙන් පසු සේවය කරන වෛද්‍යවරුන්ටය. රෝහල් පරිපාලනයේ සිටින්නේ ද වෛද්‍යවරුන්ය. එම නිසා මෙය වෙනස් කරන්නට මේ කිසිවකු ඉඩ දෙන්නේද  නැත.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මෙවැනි ප‍්‍රශ්න බොහෝය. ඇතැම් විශේෂඥ වෛද්‍යවරු රෝගියකු චැනල් කරන්නට රුපියල් හයදහස , හත් දහස හෝ හත් දහස් පන්සියයක් ගනිති. මේවා සඳහා වහාම මිල නියාමනයක් කළ යුතුව තිබේ.

පුද්ගලික රෝහල්වල ගාස්තු සම්බන්ධයෙන් මිල නියාමනය තවමත් ක‍්‍රියාත්මක නොවේ. සැත්කම් ගාස්තු හා වෛද්‍යවරුන්ගේ ගාස්තු සම්බන්ධයෙන්ද මිල නියාමනයක් අවශ්‍යවේ. එසේම ශ‍්‍රීලංකාවට ඖෂධයක් හෝ උපකරණයක් ගෙන්වන විට ඖෂධ නියාමන අධිකාරියේ ඇතැම් ¥ෂිතයන් ඒවා ලියාපදිංචියට බොහෝ කල් ගනිති. එසේම ලියාපදිංචි කරන්නටද ගතමනා ගනිති. අවසානයේ  මේ සියල්ලේ බර දරන්නට සිදුවන්නේ අහිංසක ජනතාවටය.

සිය ව්‍යාපාරය රැුක ගැනීම සඳහා මේ ඖෂධ මාෆියාකරුවන්  ඕනෑම දෙයක් කරති. ඖෂධ මාෆියාවට වැට බැඳීම සඳහා බොහෝ රටවල් ප‍්‍රතිපත්තිමය තීරණ ගෙන ඇතත් තවමත් අපේ රටේ ඒ සඳහා ඇති නීතිරීති ප‍්‍රමාණවත් නොවේ. ඒ වෙනුවෙන් අපේ රටට ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍යව තිබේ. ඒ සඳහා නිසි ක‍්‍රමවේදයක්ද  අවශ්‍යව තිබේ. විශේෂයෙන්ම ඩොලරයේ අගය මේ දිනවල නොවෙනස්ව පවතින බැවින් ඖෂධ ආනයනයට වැය වන වියදම පදනම් කරගත් මිලක් නියමකර ඖෂධ සමාගම්වල අසීමිත ලාභය පාලනය කරන්නට රජය වහාම පියවර ගත යුතුව තිබේ.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles