Divaina - Kathuwakiya

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

ලෝකයේම ළමයින් ගැන කතා කරන්නට ඇති එකම දවස අදය. වසරේ අනිත් දවස් 364 ම දරුවන් පිළිබඳව නොසලකන ලෝකයක අද වැනි දවසක් හෝ දරුවන් වෙනුවෙන් වෙන්වීම එක අතකින් වාසනාවකි. එසේම, මේ දිනයම ලෝක වැඩිහිටි දිනය ලෙස සැමරුමට ලක්වන බවද අප අමතක නොකළ යුතුය.
 
 ළමා ලෝකය අසිරිමත්ය. ළමයින් මල් කැකුළු මෙන්ය. වැඩිහිටියන් සතු බොහෝ නරක දරුවන් තුළ නැත. කොටින්ම හොර, බොරු, වංචා, අකටයුතුකම් දරුවන්ට පොවන්නේ වැඩිහිටියන්මය. එසේ නොවන්නේ නම් සැබවින්ම දරුවන්ගේ ලෝකය පමණක් නොව, විටෙක සමස්ත ලෝකයම අසිරිමත් තැනක් වන්නට ඉඩ තිබේ.
 
 දරුවන් යනු රටක හා ලෝකයේ අනාගතයයි. අද කුඩා බිලිඳාම හෙට, ලෝකයේ මහා විද්වතකු, ජනනායකයකු, අසහාය පුද්ගලයකු බවට පත්වේ. එබැවින් ලෝකයේ අනාගතය පවතින්නේ ළමා පරපුර අතය. නමුත්, ලෝකයේ බොහෝ රටවලදී මෙන්ම, අප රටේදීද දරුවන්ට හිමි ඒ අනාගත මාර්ගය නිවැරදි පරිදි වැඩිහිටියන් විසින් හෙළි පෙහෙළි කරදෙන්නේ දැයි ගැටලූවක් තිබේ. අතීතයේදී මෙන් නොව, දිනෙන් දින දරුවන්ගේ ගමන් මගට අතු ඉති දමා අවහිර කරන්නෝ වැඩිහිටියන්මය.
 
 ලෝක ළමා දිනයට පමණක් ළමයින් ගැන කතා කර ඉතිරි දවස් සියල්ලේම දරුවන් අනාරක්ෂිත තත්ත්වයකට ඇද දමන්නේ නම් ඒ රටේ අනාගතය පිළිබඳව අපට කතා කරන්නට තවත් දේ ඉතිරි වන්නේ නැත.
 
 සිවිල් යුද ගැටුම් හේතුවෙන් ලොව පුරා මිය යන හා අනාථ වන පිරිස් අතර ප‍්‍රමුඛ තැන ගන්නේ දරුවන්ය. ලෙබනනය, පලස්තීනය, සිරියාව, ඉරානය, ඉරාකය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල ඇවිළ ගිය යුද්ධවලදී මෙසේ මිය ගිය හා අනාථ වූ දරුවන් දහස් ගණනකි. එසේම, ශ‍්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී ද මිය ගිය කිරි කැටියන් හා දරුවන්ගේ සුවඳ තවමත් අපේ නැහැ පුඩුවල දැවටී තිබේ.
 
 ලොව වැඩිපුර දරුවන් ප‍්‍රමාණයක් ගොදුරු වන්නේ වැඩිහිටියන් විසින් සිදුකරනු ලබන හිරිහැර හා අපයෝජනයන්ටය. ගැහැණු හා පිරිමි භේදයකින් තොරව මෙසේ දරුවන් හිරිහැරයට හා අපයෝජනයට ලක්වන අතර, එහිදී ජීවිත අහිමි වන දරුවන්ගේ සංඛ්‍යාව ඉතා ඉහළය. ඒ නැතත් මෙවන් අතවර හා හිරිහැරයන්ට ලක්වන දරුවන්ගේ මනස ප‍්‍රකෘති තත්ත්වයට ගැනීම පහසු නොවේ. එතැන් පටන් ඒ දරුවන්ට මල් මල් සුරංගනා ලෝකය අහිමි වේ. ඒ වෙනුවට විටෙක ගොඩනැගෙන්නේ වෛරය, ක්‍රෝධය පිරි ලෝකයක් ය.
 
 බුදුන්ගේ රට යැයි සැලකෙන ශ‍්‍රී ලංකාවේදීත් සෑම පැය දෙකකට වරක් ළමයකු අපයෝජනයට ලක්වන බව පොලිසිය පවසයි. 2019 වසරේ වාර්තා අනුව, අප රටෙන් ළමා අපයෝජන සිද්ධීන් 5130 ක් වාර්තා වී ඇත. ඒ අතර ගැහැනු දරුවන් 4206 ක්ද, පිරිම් දරුවන් 924 ක්ද වන බවද පැවසේ. මෙම අපයෝජන සිද්ධීන් අතර, දරුවන් ඝාතනය, ඒ සඳහා තැත්කිරීම, තුවාල සිදුකිරීම, කුට්ටනිය නොහොත් රැුකියාවල නිරත කිරීම, ලිංගික අතවර, පැහැර ගෙනයෑම, නීත්‍යානුකුල භාරකාරත්වයෙන් ඉවත් කරගෙන යෑම, ස්ත‍්‍රී දූෂණ, කෲරත්වයට පත්කිරීම යනාදී සිද්ධීන් ඇතුළත්ය.
 
 මෙයින් බහුතරය ස්ත‍්‍රී දූෂණය, ලිංගික අතවරය. ඒ පිළිබඳව විමසීමේදී දක්නට ලැබෙන්නේ මෙසේ අපයෝජනයට ලක්වන දරුවන් බහුතරයම නිසි රැකවරණයක් නැති අය බවයි. එක්කෝ මේ දරුවන්ගේ අම්මා නැත. නැතිනම් පියා නැත. නැතහොත් ඒ දෙදෙනාම නැත. මව විදේශගතවීම, පියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම යනාදී වැඩිහිටියන්ගේ ප‍්‍රශ්න අවසානයේ දරුවන්ගේ උඩින් ගලා යන බව ඉතා හොඳින් නිරීක්ෂණය වේ. එනම්, අනාරක්ෂිත දරුවන් වැඩිපුර අපයෝජනයට ලක්වන බව පොලිස් වාර්තා පෙන්වා දෙයි. පවුල් ඒකකය කැඞී යෑම මේ ප‍්‍රශ්නයට ප‍්‍රබලවම බලපාන්නකි.
 
 මේ අනුව නිගමනයකට එන්නේ නම්, දරුවන්ට නිරන්තරයෙන් මව්-පිය සෙනෙහස ලැබිය යුතු අතර, එසේ නැතිනම් නිසි භාරකාරත්වයක් අවශ්‍ය බව තහවුරු වේ. පාසලේදී නම්, ඒ ගුරුවරුන් අතිනි. මව්-පිය-ගුරු-භාරකාර රැුකවරණය නැති දරුවන් සඳහා වහාම රජයේ රැුකවරණය ලබා දිය යුතුව ඇත. දැනගන්නට ඇති පරිදි රට පුරා ළමා නිවාසවල ළමුන් 14,000 ක් පමණ සිටින අතර ඔවුන්ට නිසි රැුකවරණයක්, නිසි අධ්‍යාපනයක් හා සුබසාධනයක් ලැබෙන්නේදැයි රජය වහා සොයා බැලිය යුතුය.
 
 රජයෙන් පඩි ලබන නිලධාරීන් අවම වශයෙන් 14 දෙනකු සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක පොදු හා සමාජ සංවර්ධන කාර්යයන් සඳහා පත්කර තිබෙන අතර, මොවුන් හරහා ළමා සුබසාධනය හා රැුකවරණය සඳහා ක‍්‍රමවත් වැඩපිළිවෙළක් රජය මගින් ක‍්‍රියාවට නැගීමේ අවශ්‍යතාව මේ ලෝක ළමා දිනයේදී අප අවධාරණය කරන අතර, රටේ වැඩිහිටි ජනගහනයද මෙවන් කටයුතුවලදී අප අමතක නොකළ යුතු බව වැඩිහිටි දිනය ද යෙදෙන අද වැනි දිනක අප ඉතා ඕනෑකමින් සිහිපත් කර සිටින්නෙමු.

india13513 මන්ත‍්‍රය ජප කිරීම යනු ලංකාව බිය කිරීමේ ඉන්දීය දේශපාලන උපායක කොටසකි. එනිසා ඉන්දියාවේ 13 මන්ත‍්‍රය පසෙක තබා උතුරේ ජන ජීවිතය  නගා සිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතුය. වෙල්ලාලයින් විසින් කොන්කර ඇති දෙමළ වැසියන් කෙරෙහි වැඩි අවධානයක් යොමුවිය යුතුය. පොලිස් හා ඉඩම් බලතලවලින් දෙමළ වැසියන්ගේ බඩ පිරෙන්නේ නැත.

 බස්නාහිර පළාතේ විශාලතම පාරිසරික තෙත් බිම වන මුතුරාජවෙල ගොඩ කර විකුණමින් පවතින බව අපි ඊයේ (ඉරිදා දිවයින) කතු වැකිය ඔස්සේ සාකච්ඡා කළෙමු. 1996 දී අභය භූමියක් ලෙස නම් කරන ලද මුතුරාජවෙල භූමිය තුළ පෞද්ගලික කුඹුරු ඉඩම් රාශියක් තිබුණද ඒවා ගොඩ කර කට්ටි කර විකිණීම සම්පූර්ණයෙන්ම තහනම්ය. එහෙත් ස්වකීය ඉඩම් සම්බන්ධයෙන් කුඹුරු ඉඩම් හිමියාට එකම එක අයිතිවාසිකමක් තිබේ. ඒ වූ කලී එකී කුඹුර යළි අස්වැද්දීමට තිබෙන අයිතිවාසිකමය. ඒ අයිතිවාසිකම ක‍්‍රියාත්මක කිරීමට නොහැක්කේ අදාළ ඉඩම් අස්වැද්දීම සඳහා ජල පහසුවක් නැති හෙයිනි. එයට හේතුව අවුරුදු දෙසීයකට පෙර අත්හැර දමන ලද මුතුරාජවෙලට වගා ජලය සැපයීමේ වැඩපිළිවෙළක් නැති හෙයිනි. මේ නිසා යම් හෙයකින් කුඹුරක් අස්වැද්දීමට අවශ්‍ය නම් එහි ලියැදි වල වතුර බැඳීමේ සිට ඉදිරියට ඇති සියලූ කටයුතු සඳහා බවුසර් වලින් වතුර ගෙනවුත් කුඹුරට පොම්ප කිරීමට සිදු වේ. එවිට එම කුඹුරේ වී කිලෝවක් රුපියල් එක්දහස් පන්සියයකට ටිකක් වැඩි මුදලකට නිෂ්පාදනය කරගත හැකිය. එක්දහස් පන්සියයකට වී කිලෝවක් ගෙන කොටන හාල්, කෑම දෙයියන්ගේ හාල් කෑම වැනි පිස්සුම පිස්සු වැඩකි. එනිසා කිසියම් කෙනෙක් හෝ පිරිසක් අස්වැද්දීමට යැයි කියමින් ඩෙනිම් වලට උඩින් අමුඩ ගසාගෙන උදලූ කරේ තබාගෙන මුතුරාජවෙල කුඹුරු වලට බසිනව නම් පලවා හැරිය යුතුමය. ඔවුන් ඒ කරන්නට උත්සාහ කරන්නේ නීති විරෝධී ලෙස කුඹුර ගොඩකර විකිණීමටය. එබැවින් කුඹුරකට යළි බසින්නට බැරිවන තරමේ දඬුවම් ඔවුන්ට දිය යුතුය.
 
 ශ‍්‍රී ලංකාවේ කුඹුරු ඉඩම් ගොඩ කිරීමට සුවිශේෂ ක‍්‍රමවේදයක් තිබේ. සුවිශේෂ යැයි කිව්වාට මෙය හරිම සරලය. මූලික වශයෙන් මේ සඳහා අවශ්‍ය වන්නේ කළු පාට ප්ලාස්ටික් රෙදි යාර කිහිපයක් සහ උණ බම්බු කිහිපයක් පමණි. මුලින්ම කරන්නේ කුඹුරු ඉඩමේ පාරට පෙනෙන කොටස දිගේ උණ බම්බු සිටුවා කළු පැහැති ප්ලාස්ටික් රෙදි ඒ මතින් සවි කිරීමය. අවසානයේදී එය විශාල කළු පැහැති තිරයක් සේ දිස්වන අතර ඉන් එහා පැත්තේ සිදුවන දේ කාටවත් නොපෙනේ. ඉන්පසු එදිනම රාත‍්‍රියේ බැකෝ යන්ත‍්‍රයක් කුඹුරට බස්සවා කුඹුර ගොඩ කිරීම ඇරඹෙයි. මෙහිදී බැකෝ රියැදුරාත් ඉඩම ගොඩකිරීමෙහි නියුක්තව සිටින සෙසු ගොවි මහත්වරුත්, හදිසියේ පොලිසියෙන් පැන්නොත් පිටේ පලූ මතුවන තුරු ගුටි කෑමේ අවදානමට ලක්ව සිටිති. මේ නිසා කුඹුර ගොඩකරන රාත‍්‍රී කාලයේදී බැකෝ රියැදුරාටත් කුඹුර ගොඩකරන ගොවි ජනයාටත් මුදලින් ඩබල් ගෙවා එළිවන විට කසිප්පුත් දෙනු ලැබේ. මේ ආකාරයෙන් දවස් තුනක් තුළ අක්කර භාගයක් ගොඩ කිරීමට පුළුවන. පොලිසියට, වන සංරක්ෂණයට, පහත් බිම් සංවර්ධන මණ්ඩලයට සහ මුතුරාජවෙල සමග නෛතිකව බැඳී සිටින ආයතනවල ප‍්‍රධානීන් අල්ලාගෙන ඔවුන්ට ජරාව දිය හැකි නම් ඉටි රෙද්දෙන් නොවසාම කුඹුර ගොඩ කළ හැකිය. මෙසේ ගොඩ කරන ලද කුඹුර පාර අයිනේ පිහිටියහොත් පර්චස් එක රුපියල් ලක්ෂ දහය බැගින් විකිණිය හැකිය. එහෙත් මුතුරාජවෙල ගොඩ කෙරෙන ඉඩම් ගන්නා සිවිල් වැසියෝ බරපතළ අමාරුවල වැටෙති. මේවා පුරවන ලද මඩ ඉඩම් නිසා ඒ මත හදන ඉදිකිරීම් ගිලා බැසීමට නියමිත බැවින් මුලින්ම කළ යුත්තේ පයිල් බැස්සවීමය. මේ ඉඩම්වල ළිඳක් පවා කැපිය නොහැක. ළිඳක් කැපූ විට එයට උනන ජලය ඉහළ ක්ෂාර මට්ටමකින් සහ ආම්ලික තත්ත්වයකින් යුක්තය. මේ වතුර අවුරුද්දක් පානය කළ විට ආහාර ජීර්ණ පද්ධතියම වැසිකිළි වළට වැටේ.
 
 මුතුරාජවෙල ගොඩ කරන්නේ ආණ්ඩුවල සහයෝගයෙනි. එයින් අප කියන්නේ ආණ්ඩුව චක‍්‍ර ලේඛයක් මගින් මුතුරාජවෙල ඉඩම් පිරවීමට බලය ලබාදෙන බව නොවේ. ඉඩම් පුරවන විට බලයේ සිටින ආණ්ඩුව අහක බලාගෙන සිටින බව කීම මෙහිදී වඩාත් සුදුසුය. උදාහරණයක් වශයෙන් මේ ආණ්ඩුවට බලයට පත්වීමට උදව් කළ ඉඩම් සංවර්ධන සමාගමක් මේ දිනවල මුතුරාජවෙල ඉඩම් කට්ටි කිරීමට සූදානම් වෙමින් සිටින බව දැනගන්නට
 
 තිබේ. හයි වේ සෑදීමේ සිට මහ පොළවට අදාළ සියලූම කටයුතු කිරීමේ හැකියාවක් ඇති මේ සමාගම ”මේ පුද්ගලික ඉඩමකි. ඇතුළුවීම තහනම්” යනුවෙන් ලියන ලද බෝඞ් කෑලි මුතුරාජවෙල අභය භූමියේ තැන් තැන්වල සිටුවා ඇත. මේ කොල්ලය නැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැදිහත් නොවුණොත් ලොකු අවුලක් වීමට ඉඩ තිබේ. මුතුරාජවෙලට අයිතිකාරයෝ තුන් වර්ගයක් සිටිති. ඉන් පළමුවැන්න ආණ්ඩුවයි. දෙවැන්න මුතුරාජවෙල අභය භූමිය තුළ නීත්‍යනුකූල ඔප්පු සහිත කුඹුරු ඉඩම් හිමි ජනතාවයි. තුන් වැනි අයිතිකාර පිරිස වූ කලී පරිසරය සුරකින සංවිධානයන්ය.
 
 ඇත්තම කතාව නම් මුතුරාජවෙල රක්ෂිතය ගැන ආණ්ඩුව ද හරිහැටි නොදන්නා බවය. 1996 අභය භූමියක් ලෙස නම් කරන ලද අවස්ථාවේදී මුතුරාජවෙල හෙක්ටයාර දෙදහස් පන්සීය හැට නවයක් විශාල බව ශ‍්‍රී ලංකාවේ ජාතික තෙත් බිම් නාමාවලිය නමැති ආණ්ඩුවේ පොතේ සඳහන්ය. මෙය මධ්‍යම පරිසර අධිකාරියේ ප‍්‍රකාශනයකි. මේ අතර වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ මුතුරාජවෙල තෙත් බිම හෙක්ටයාර් එක්දහස් දෙසිය හැත්තෑ ගණනක් පමණ විශාල බවය. ආණ්ඩුවේම ආයතන දෙකක් මෙවැනි දිගක් පළලක් නැති කතාවක් කීමෙන් අර්ථකථනය වන්නේ මුතුරාජවෙල දිග පළලට වඩා ආණ්ඩුවේ දිග පළලය. හැම ආණ්ඩුවක්ම මෙවැනි කුණු කතා කියයි. මෙවැනි කුණු වැඩ කරයි. මේ ආණ්ඩුවද එසේමය.
 
 (අවසන් කොටස හෙට)
 
 
 

lama135ලෝක ළමා දිනය එළඹෙන ඔක්තෝබර් 01 වැනිදාට යෙදී තිබේ. අප රට ද ඇතුළුව මුළු ලෝකයේම රටවල් මෙම දිනය සමරනු ලබයි. එදිනට ළමා අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම මෙන්ම දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් විවිධ කතිකා ගොඩනැගේ. එය යහපත් ප‍්‍රවණතාවකි. එහෙත් දරුවන්ගේ ජීවිතය හැඩගැස්වීමෙහිලා එක් දිනයකට එක් සැමරුමකට පමණක් සීමා කළ හැකි ද යන ප‍්‍රශ්නය අප හමුවේ ඇත. සුරක්‍ෂිත අනාගතයක් වෙනුවෙන් දරුවන්ගේ ලෝකය යහපත් තැනකට ඔසවා තැබීමට සෑම මොහොතකම ඒ සඳහා වගකීමෙන් කටයුතු කළ යුතු මොහොතක අපි සිටින්නෙමු.

 _(චූටි චූටි කැබලිවලට කඩා ලොකු ලොකු මිලට විකිණීමට තිබේ)
 
-  ආණ්ඩුවට අයත් රට ජාතියට අයත් අභය භූමියක් සහ පාරිසරික දේපළක් වන මුතුරාජවෙල භූමියේ අක්කර හාරසිය හයක් ගොඩකර ඒ මත නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමට යන බව  දැනගන්නට ඇත. මේ ව්‍යාපෘතිය භාර සමාගම හයි-වේ සෑදීමේ සිට කක්කුස්සි වළවල් කැපීම දක්වා සියලූ ආකාරයේ භෞමික වැඩ පිළිබඳව විශේෂඥ දැනුම ඇති ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් සමාගමකි. මේ සමාගම, රෝහණ විජේවීරගේ සුප‍්‍රසිද්ධ රහසිගත බංගලාව තිබූ උලපනේ පළාතේ පිහිටා තිබේ. මෙම ආයතනයේ නම ද දුරකථන අංක ද අප සතුය. අවශ්‍යතාව පරිදි ඒවා හෙළිදරව් කිරීම අපගේ අදහසය. අභයභූමිය ගොඩකර ගෙවල් සෑදීම සඳහා මෙම දේපළ වෙළෙඳාම් සමාගමට අවසර දෙන ලද්දේ යහපාලන ආණ්ඩුවේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවය. ගොඩකරන අක්කර පන්සීය තුළ පර්චස් හැටපන්දහස් දෙසිය එකක් තිබේ. එය වර්ග සැතපුමකට ටිකක් කිට්ටු ප‍්‍රමාණයකි. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව නොහොත් ආණ්ඩුව අදාළ දේපළ අදාළ ඉඩම් මුදලාලිට විකුණා තිබුණේ පර්චසය රුපියල් පන්සියය බැගිනි. සාමාන්‍යයෙන් දුප්පත් මනුස්සයෙක් කුඹුරු ඉඩමකින් පර්චසයක්  ගොඩකර එතැන කක්කුස්සියක් තැනුවොත්  ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටට කිසිවක් නොඇඳම සරම කරේ තියාගෙන නටන්නට පටන් ගනී. නොඑසේ නම් එම සෙය්‍යාවෙන්ම ඔළුවෙන් හිටගනී. මේ දෙකෙහිදීම සිදුවන්නේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් අවිනීත නඩු භාණ්ඩ හෙළිදරව් වීමය. 2018 දී සිදු වූ මෙම නීච ගනුදෙනුවට සම්බන්ධ ගොවිජන සේවාවේ සියලූ නිලධාරීන්ට අධි බල අකුණු සන්නායක ලබාදීමට ගිගුරුම් සහිත මේ වැසි කාලයේදී ආණ්ඩුව කටයුතු කළ යුතුය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පාරිසරක ආරක්ෂණ ප‍්‍රදේශය මුතුරාජවෙලය. ජාත්‍යන්තරව වැදගත් වන තෙත් බිම් හතළිස් එකක් ලංකාවේ තිබේ. මේ රටේ පාරිසරික ආර්ද්‍රතාව ආරක්ෂා වී පවතින්නේ මෙකී තෙත් බිම් නිසාය. එළිමහනේ සැරිසරන ජනයාගේ සෞඛ්‍ය පැවැත්මට පමණක් නොව මූඞ් එක සෙට් කිරීමට ද මෙකී තෙත් බිම්වල ආර්ද්‍රතාව බලපායි. මුතුරාජවෙල යනු ඓතිහාසික යුද බිමක් බව කියනු ලැබේ. රජවරු රැුසක් මේ වෙල මැද සිය විරුද්ධවාදීන් සමග සංග‍්‍රාම කළේලූ. ශ‍්‍රී ලංකාවේ භූත බලපෑම් වැඩිපුරම ඇති පුරන් වූ වෙල්යාය මුතුරාජවෙල බව සමහරුන්ගේ අදහසය. සටන්වලින් තුවාල ලැබූ සිංහලයන් සහ සුද්දන් සිය මරණාසන්න අවසාන මොහොත මුතුරාජවෙල භූමියේ ගත කළ ආකාරය ඇතැම් රාත‍්‍රී කාලවල ප‍්‍රතිනිර්මාණය වන්නේලූ. මේ කතා ගැන අපට ඒ හැටි විශ්වාසයක් නැත. මිනිසුන් නොමැරුණු තැනක් මේ භූමිය තුළ නැති කීම විහිළුවකි. කිසාගෝතමියගේ අබ කතාව වැනි කතාවක් මෙහි ඇති අතර මිනිස්සු නොහොත් සත්ත්වයන් නොමළ භූමියක් ඇමෙසෝන් වනාන්තරය තුළ පවා නැත. එහෙත් මිනිසුන් මරණ ලද්දේ වේවා, නොමරන ලද්දේ වේවා, ඓතිහාසික වැදගත්කමක් ඇත්තේ වේවා, ජාතික ධනයෙන් කොටසක් වේවා, ඉඩම් වෙන්දේසිකාර පල් හොරුන්ට එයින් කිසිදු වැඩක් නැත. ඉඩම් ජාවාරම්කාරයා කරන්නේ විකිණීමට ඉඩම සුද්ද කිරීම සඳහා කවරාකාරයෙන් හෝ ජල්තරයක් දැමීමය. දැනට ඉඩම් ජාවාරම්කාර සමාගමට පවරා දී ඇති අක්කර පන්සිය පහ තුළ නිවාස, අපාර්ට්මන්ට්, ලෙෂර් හයිඩවුට්ස්, ක‍්‍රීඩා පිට්ටනි, ක්ලබ්, ස්විමින්ග් පූල්, මසාජ් ක්ලිනික් ඇතුළු බොහෝ දේ ඉදිකිරීමට ඉඩ තිබේ. එහෙත් මුතුරාජවෙල තෙත් බිමේ ජෛව විවිධත්වය සහ සංස්කෘතික පදනම නැවත උදා කිරීමට කිසිදු ආණ්ඩුවකට කිසිදු ආකාරයකින් නොහැක.
 
 රුපියල් පන්සීයට ආණ්ඩුවෙන් මිලට ගන්නා බඩු ඒවායේ ගැනුම්කරුවන් වන පෞද්ගලික අංශය කවදාවත් අඩු මුදලට දෙන්නේ නැත. මුතුරාජවෙල වැනි ගොහොරු ඉඩමක් විකුණන විට පර්චස් එක රුපියල් පන්සීයට ගියත් එය සංවර්ධිත ඉඩමක් වූ පසු පර්චසය අඩුම ගණනේ රුපියල් දස ලක්ෂයවත් ඉක්මවයි. ස්ටේටස් මේන්ටේන් කරගෙන යෑමට කැමති ජනයා මෙවැනි ඉඩම් මිලට ගෙන 1506 දී මෙහි පැමිණි ලොරෙන්සෝ ද අල්මේදා කළ පරිදි රටටම ණය වීමට පටන් ගනී. මෙවැනි බිම්වල ගෙයක් හදන විට ඩබල් ටි‍්‍රබල් වැයවන අතර හදන ගෙය ගිලා නොබසිනු පිණිස පයිලින් කිරීම සඳහා පර්චසයට රුපියල් ලක්ෂ පහක්වත් වැය වේ. මෙවැනි තැනක සාමාන්‍ය ගෙයක් සෑදීමට පවා රුපියල් කෝටියක් නැතුවම බැරිය. අවසන් විග‍්‍රහයේදී අප කියන්නේ මෙයයි. මේ කියන ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව චීනය වැනි රටක තිබුණේ නම් ජාතිද්‍රෝහී ක‍්‍රියාකාරකම්වලට සමබ්න්ධවීමේ වරදට ලොක්කන් වැඩිදෙනා වෙඩි කා අවසන්ය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles