Divaina - Kathuwakiya

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

බ‍්‍රැන්ඩික්ස් තියරිය වූ කලී කොරෝනා වැළඳී තිබුණත් නැතත් වේදනා නාශක පොවමින් සේවිකාවන්ගෙන් ටාගට් ගැනීමය. මැල්තස් ගේ තියරිය පාලනය නොකරන ජනගහනය සෑම වසර විසි පහකට වරක්ම දෙගුණ වන බව ය. බ‍්‍රැන්ඩික්ස් තියරිය කොතරම් තදේට ක‍්‍රියාත්මක වී ද යත් කොරෝනාවෙන් පෙළුණු සේවිකාවන් මරව මරවා වැඩ ගන්නට යෑම නිසා මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කම්හල එහෙම පිටින්ම කොරෝනා බෝම්බයක් බවට පත් වී සමස්ත ලංකා මට්ටමෙන් පුපුරා ගියේය. ඒ අතින් බලන කල මධ්‍යකාලීන යුගයේ ජීවත් වූ විශිෂ්ට අර්ථ ශාස්ත‍්‍රඥ, දේවගැති තෝමස් මැල්තස් අවාසනාවන්ත මිනිහෙකි. පාලනය නොකරන ජනගහනය හෙවත් උපත් පාලනය මගින් බෝවීම පාලනය නොකරන ජනගහනය සෑම අවුරුදු විසි පහකට වරක්ම දෙගුණ වන බවට තමා ඉදිරිපත් කළ තියරිය හරි ආකාරව ඔප්පු කරගන්නට මැල්තස් ට නොහැකි විය. එයට හේතු වූයේ කොරෝනා වැනි වසංගත, ස්පැනිෂ් ෆ්ලූ වැනි උණ රෝග, සුනාමි වැනි ස්වාභාවික ආපදා, ජල ගැලීම්, නාය යෑම්, ගිනි කඳු පිපිරීම්, සංග‍්‍රාම වැනි මරාල නිසා මිනිසුන් මැරී ජනගහනය ඉබේටම පාලනය විය. මේ සියලූ කරුණු පසෙක තිබියේවා, බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ මිනුවන්ගොඩ කම්හලේ පාලක ගැන්සිය හරියාකාරව කටයුතු කළේ නම් කොරෝනා බෝම්බය මේ විදියට පුපුරන්නේ නැත.
 
 සාමාන්‍ය පිළිගැනීමට අනුව මෙවර කොරෝනා රැුල්ලේ පළමුවන ආසාදිතයා ලෙස හඳුන්වන ලද්දේ බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ මිනුවන්ගොඩ ශාඛාවේ වැඩ පරීක්ෂකවරියක වූද දිවුලපිටියේ බෝමුගම්මන පිහිටි කුලී නිවසක ජීවත්වන සිව් දරු මවක් වූද ප‍්‍රදීපිකා සුදර්ශනී රත්නායක ය. අපේ මතකය නිවැරදි නම් දෙවන කොරෝනා රැුල්ලේ පළමු ආසාදිතයා ඇය බවට ටයිට්ල් එක ප‍්‍රදානය කළේ වසංගත රෝග මර්දන අංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරය. ඇය පිළිබඳ කථාව හෙළිදරව් වීමෙන් පසු එක්තරා එෆ්. එම්. නාලිකාවක කුලී නිවේදකයකු සේ වැඩ කරන හඞ්ඩකු නිවේදනය කළේ ඇය අයාලේ ගිය නිසා මේ රෝගය වැළඳුන බවය. මේ හඞ්ඩා කුණු අතීතයක් ඇති නීචයකු වන අතර සිය ගැබ්බර බිරිඳට පයින් ගැසීම පිළිබඳ අවලස්සන ඉතිහාසයක අයිතිකාරයෙකි. මෙවැනි නීචයන් කීර්තිමත් ගුවන්විදුලි නාලිකාවල කුලී නිවේදකයන් ලෙස තබා කක්කුස්සි හෝදන්නන් ලෙසවත් ලංකර ගැනීම එකී නාලිකාවල අභිමානයට උපරිම හානි ඇති කරන්නකි. දෙවන කොවිඞ් රැුල්ලේ පළමු ආසාදිතයා ප‍්‍රදීපිකා රත්නායක ද යන කාරණය ගැන මතභේදයක් පවතී. මේ මතභේදය නිරාකරණය කරදීම ගිරාමලිත්තකු සේ චතුර ලෙස කතා කරන වසංගත ලොක්කා හෙවත් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරගේ වගකීමය.
 
 බ‍්‍රැන්ඩික්ස් ලකුණ දරන කොරෝනා රැුල්ලේ ආරම්භය සැප්තැම්බර් දහ නවය, විස්ස යන දිනවල පටන් ගත් බව පෙනේ. ප‍්‍රදීපිකා වැඩ පරීක්ෂක ලෙස කටයුතු කළ බ‍්‍රැන්ඩික්ස් ප‍්‍රඩක්ෂන් ලයින් එකේ ‘ළමයින්’ විස්සකට එම දෙදින හිසේ කැක්කුම, උණ හා කැස්ස හැදිණි. මේ අය ආයතනික වෛද්‍ය මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේදී වේදනා නාශක පමණක් ලබාදෙන ලදී. රෝගී සේවිකාවන් ඒ වන විට කරමින් සිටියේ ඉන්දියාවෙන් ලැබුණු ඇඟලූම් ඕඩරයක ටාගට් කවර් කිරීමය. අපට දැන ගැනීමට ලැබුණු පරිදි මේ ඕඩරය ඉන්දියාවට ආවේ ඇමරිකාවෙනි. ඇමරිකාවෙන් ආවත්, ඉන්දියාවෙන් ආවත්, සාංකල්පික ‘දුනියාවෙන්’ ආවත් ඕඩරය ලොකු නම් සේවිකාවන් මරාගෙන කා හෝ ටාගට් එක කවර් කරදීම ගාමන්ට්කාරයන්ගේ සිරිතය. සැප්තැම්බර් 30 දා වනවිට ප‍්‍රදීපිකා සුදර්ශනී ද රෝගී වූවාය. ඇගේ පපුව හිර විය. ආයතනික වෛද්‍ය මධ්‍යස්ථානයට ඒ පිළිබඳ රපෝර්තු කරන ලද කල්හි ඇයට ගැස්ට‍්‍රයිටිස් සඳහා බෙහෙත් දෙන ලදී. එම බෙහෙත් ජෙලූසිඞ්, ඩයිජින් වැනි සරල අම්ල නිවාරණ බෙහෙතක් විය යුතුය. එහෙත් ඇය සුව වුණේ නැත. තමා රෝහලට රැුගෙන යන ලෙසට ඇය බල කළාය. ඇය ගම්පහ රජයේ රෝහලට ගෙනයන ලදී. එහිදී ඇයට පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කෙරිණ. ඉන්පසු ඇය ගෙදර යවන ලදී. පසුදින වන විට ගම්පහ රෝහලෙන් ඇගේ සැමියාගේ දුරකථනයට පණිවිඩයක් ලැබිණ. එයින් කියවුණේ ඇගේ පී.සී.ආර්. ටෙස්ට් එක පොසිටිව් බවය. ස්වල්ප වේලාවකට පසු දිවුලපිටිය පොලිසියෙන් නිලධාරීන් කිහිපදෙනෙක් ප‍්‍රදීපිකාගේ නිවසට පැමිණියහ. අපට දැනගන්නට ඇති පරිදි ඒ පිරිස ඉතාම පහත් ලෙස ප‍්‍රදීපිකා ට බැණ වැදුනාහ. දිවුලපිටිය පොලිසියෙන් පැමිණි ඒ තක්කඩියන් කී නීච කතා පිළිබඳ සාක්ෂි ප‍්‍රදීපිකාලා සතුව ඇත. කොරෝනා ව්‍යසනය පිළිබඳ අති මහත් බරක් කරට ගෙන කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගෙන් අප ඉල්ලා සිටින්නේ කාකි කෝට් අස්සේ සිටින මේ තක්කඩියන් තුන් හතර දෙනා එළියට ඇද සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වා ඔවුන්ගේ නිල ඇඳුම් ගලවා ඒවා බෝල කූඩුවල එල්ලන ලෙසය.
 
 (අවසන් කොටස හෙට)

බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ මිනුවන්ගොඩ කම්හලේදී පුපුරා ගිය කොරෝනා බෝම්බයේ තියුණු කැබිලිති රටේ සිව් දෙසින් මතුවෙමින් පවත්නා මේ මොහොතේදී කටුනායක පිහිටි නෙක්ස්ට් ඇඟලූම් කම්හලෙන් ද කොරෝනා ආසාදිත සේවකයන් එකොළොස්දෙනකු මතුවීම නිසා එම ප‍්‍රදේශයේ පිහිටි නිදහස් වෙළෙඳ කලාපයේ කම්හල්වල සේවය කරන තිස්පන් දහසක් දෙනා බරපතළ අවදානමකට ලක්ව සිටිති. බ‍්‍රැන්ඩික්ස් සමාගමේ කොරෝනා පැතිරුම එම සමාගමේම පාලකයන්ගේ නොසැලකිලිමත් සහ අ¥රදර්ශී ප‍්‍රතිපත්ති නිසා හටගත් බව පැහැදිලිය. ඉන්දියාවේ විසාඛපත්නම් හි පිහිටි බ‍්‍රැන්ඩික්ස් ශාඛාවේ සිටි කාර්ය මණ්ඩලය මේ කොරෝනා සමයේ අවස්ථා කිහිපයකදීම මෙරටට ගෙන්වා ගැනීමට බ‍්‍රැන්ඩික්ස් ලොක්කෝ කටයුතු කළහ. ඉන්දියාව යනු තනිකරම කොරෝනා විෂ බීජ නිෂ්පාදනාගාරයකි. ඇමරිකාව සමඟ එක් වුණොත් සෞරග‍්‍රහ මණ්ඩලයට අයත් සෙසු ග‍්‍රහ ලෝක අටටම කොරෝනා විෂ බීජය පැතිර වීමට ඉන්දියාවට පුළුවන. මුල් වටයේ කොරෝනාවේදී පැය හතළිස් අටක් ඇතුළත රට ලොක් ඩවුන් කිරීමට ලංකාව පියවර ගත්තද මිනිසුන් එකා පිට එකා මැරිලාත් ඉන්දියාව එවැනි පියවරක් ගත්තේ නැත. පාලනය නොකරන ලද ලෝක ජනගහනය සෑම අවුරුදු විසි පහකට වරක්ම දෙගුණ වන බව මධ්‍යකාලීන යුගයේදී එංගලන්තයේ විසූ තෝමස් මැල්තස් නමැති අර්ථ ශාස්ත‍්‍රඥ දේව ගැතිවරයා කීවේය. එහෙත් එබන්දක් සිදු වීමට සොබාදහම ඉඩ දෙන්නේ නැත. වසංගත රෝග, ස්වභාවික උපද්‍රව, නාය යාම්, කඳු කඩා වැටීම්, ගංවතුර, භූමිකම්පා යනාදී ස්වාභාවික උපක‍්‍රම මගින් මනුෂ්‍යයන් සංහාරය කර මහ පොළවට දැරිය හැකි තරමින් ජන සමාජය බැලන්ස් කර දීමට ස්වභාව ධර්මය පියවර ගනී. මේ නිසා තෝමස් මැල්තස්ගේ තියරියට කවදාවත් ගොඩ ඒමක් නැත. මැල්තස්ගේ කතන්දරය දන්නා නිසාදෝ ඉන්දියාව සහ ඇමරිකාව යන දෙරටම රටවල් ලොක් ඩවුන් කරන්නේ නැත. බැලූ බැල්මට මෙය ප‍්‍රායෝගික නමුත් වගකීමක් නැති ක‍්‍රියාවලියකි. කොරෝනාව ලොව පුරා පැතිරෙන මෙවැනි වකවානුවක ඉන්දියාවේ විසාඛපත්නම් නගරයේ පිහිටි බ‍්‍රැන්ඩික්ස් සමාගමෙන් ලංකාවට සෙනඟ ගෙන්වා ගැනීමට ලංකාවේ බ‍්‍රැන්ඩික්ස් කට්ටිය කටයුතු කළේ මැල්තස් තියරිය අර්ථාන්විත කිරීමට විය යුතුය.
 
 මෙයට අවුරුදු දෙසීයකට පමණ පෙර ඇමරිකාව යනු කළු ජාතික වහලූන්ගෙන් සහ සුදු ජාතික වහල් හිමියන්ගෙන් පිරී ඉතිරී ගිය රටකි. ඉතාලි ජාතික දේශ ගවේෂකයෙක් වූ ද ස්ත‍්‍රී ¥ෂකයකු මිනී මරුවකු වහල් වෙළෙන්දකු සහ පසු කාලීන සමාජ රෝගියකු වූ ද ක‍්‍රිස්ටෝපර් කොලම්බස් නමැති මානව විරෝධී කාලකණ්නියා විසින් එක්දහස් හාරසිය ගණන්වලදී ඉහළ ව්‍යාපාරික මට්ටමකින් වහල් වෙළෙඳාම ලෝකයට හඳුන්වාදීමෙන් පසු එහි අග‍්‍ර ඵලය දිනා ගන්නෝ ඉන් අවුරුදු තුන්සියයකට පමණ පසු බිහිවන සුද්දන්ගේ ඇමරිකාවය. ඇමරිකානු වහලා යනු තිරිසනෙක් හා සමානව සලකන ලද මනුෂ්‍යයෙකි. කිසියම් වහලෙක් වහල් හිමියාගේ කෲර හිංසා පීඩාවලින් බේරීම සඳහා පැන ගිය විට ඒ වහලා අල්ලා ගෙනවුත් පාදයක් කපා දැමීමේ නීතියක් මීට අවුරුදු දෙසීයකට පෙර ඇමරිකාවේ තිබිණ. එසේ පාද කපා දැමීම සඳහා පාවිච්චි කෙරුණු විශාල ගිරයක් වැනි යකඩ කටර් එකක් අදත් ඇමරිකාවේ කෙන්ටකි ප‍්‍රාන්තයේ පිහිටි වහල් කෞතුකාගාරය ඉදිරිපිට මහ පොළොවේ සවිකර ප‍්‍රදර්ශනය කරනු ලැබේ. ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තය එහි මූලාරම්භයේ සිටම වහලූන්ගේ කර්මාන්තයක් වූ අතර අඩු පාඩුවකට පැවතුනේ කකුල කපන යකඩ කටර් එක පමණි. ඒ හැරෙන්නට ඇඟලූම් සේවිකාවන්ට සළකන ලද්දේ වහලූන් ලෙසටමය. වහලා යනු නිසි වෙලාවට ආහාර නොලද සතෙකි. අසනීපයට බෙහෙත් නොලද සතෙකි. වහලාගෙන් නිදි නැතිව වැඩ ගත් පරිදිම ඇඟලූම් සේවිකාවගෙන්ද නිදි නැතිවම වැඩ ගන්නා ලදී. ඇතැම් පිටරටකින් හදිසි ඇඳුම් ඕඩරයක් ලැබුණු විට වෙළෙඳ කලාපයේ කම්හල්වල ඇඳුම් මහන තරුණියෝ කිසිදු නින්දක් නොලබා පැය අටේ ශිෆ්ට් තුනක් එක දිගට වැඩ කර පැයක නින්දකින් පසු ඊළඟ පැය අටේ ශිෆ්ට් තුන සඳහා මහන යන්ත‍්‍ර ඉදිරිපිට ඉඳ ගත්හ. හදිසි වැඩ ඇති දිනවල ඇඟලූම් සේවිකාවන්ට තේ වෙනුවට දෙන ලද්දේ වෙනිවැල් ගැට සහ පැරසිටමෝල් ය. ඇඳුම් මසමින් සිටින ඇඟලූම් සේවිකාවකට වැසිකිළි යාමේ හදිසි අවශ්‍යතාවයක් හටගත් කල්හි එම අංශයේ සුපර්වයිසර්වරිය ඇය දෙස බැලූවේ මරාගෙන කන්නට මෙනි. ”මෙෂින් එකට ඉඳ ගන්නට කලින් තමුසෙලට ඔය වැඩ ඉවර කර ගන්නට බැරි වුණාද....? ” එවැනි අවස්ථාවකදී සුපර්වයිසර්වරියෝ සේවිකාවන්ගෙන් විමසූහ. මළ මුත‍්‍ර බැහැර කිරීමේ අවශ්‍යතාව එන්නේ කල් තියා පෝස්ට් කාඞ් දමා හෝ ටෙලිෆෝන් කෝල් දී නොවේ. ඒ බව කටු බැළලියන් වැනි සුපර්වයිසර්වරියන්ට නොතේරේ. පසුගිය දිනවල බ‍්‍රැන්ඩික්ස් සමාගමේ ඇතැම් සුපර්වයිසර් කටු බැළලියන් ද මේ ආකාරයෙන්ම කටයුතු කළ බව දැනගන්නට තිබේ. කිසිම වගකීමක් නැතිව කොරෝනා රටකින් ලංකාවට සෙනඟ ගෙනා බ‍්‍රැන්ඩික්ස් සමාගමේ ක‍්‍රියාකලාපය පිළිබඳ දැන් හෙළි වෙමින් පවතියි. ඉදිරි කතු වැකිවලදී ඒ ගැන සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වෙමු.
 
 (ඉතිරි කොටස හෙට)
 

 මිනුවන්ගොඩින් මතු වූ කොරෝනා වෛරස් තත්ත්වය බලවත් බව වසංගත රෝග විiා අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. ඔහු මේ බව ප‍්‍රකාශ කරන්නේ මුල් අවස්ථාවේදී අප රට මුහුණදුන් කොරෝනා වෛරස් තත්ත්වයත් සමඟ යම් සන්සන්දනයක් කරමිනි. එය දෙවැනි කාණ්ඩයේ කොරෝනා වෛරස් තත්ත්වයක් ද යන්න නිශ්චිතව කිව නොහැකි මුත්, පැතිරීමේ ස්වභාවය අනුව එහි ඇති බරපතළකම ගැන මුළු මහත් සමාජයම අවදියෙන් සිටිය යුතුය.

 මේ වන විට ලෝකයේ සෑම 10  දෙනෙකුගෙන් එක් අයකුම කොරෝනා රෝගියකු බවට පත් වීමේ සම්භාවිතාවක් මතුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඒ අනුව ලොව කොරෝනා ආසාදිතයින් ප‍්‍රමාණය තුන් කෝටි හැට ලක්ෂයට ළඟාවී ඇති අතර, අද වන විට ලෝකයේ කොරෝනා මරණ ප‍්‍රමාණය දශලක්ෂ පනස් දහසකි. ඇමරිකානුවන් දෙලක්ෂයක් ක් හා අසල්වැසි ඉන්දියානුවන් ලක්ෂයක් මේ අතර සිටී. ඉන්දියාවේ පමණක් ආසාදිතයින් ප‍්‍රමාණය හැටහත් ලක්ෂයකි.
 
 අසල්වැසි ඉන්දියාව රෝගය නිසා දරුණු ඇද වැටීමකට ලක්ව සිටින මොහොතක ඒ අනුව යමින් කුමන මොහොතක හෝ යළිත් කොරෝනා රැල්ලක් රට තුළ ඇතිවීමේ ඉඩ කඩ තිබුණද, බලධාරීන් හා සමාජය ඒ ගැන නිසි අවධානයක් යොමුකලාද යන ප‍්‍රශ්නය අප හමුවේ ඇත.
 
 කොරෝනා ලොවෙන් තුරන් වුවත්, අපට අලූතින් එකතු වූ මුව ආවරණ පැළඳීම නම් හොඳ සෞඛ්‍ය පිළිවෙත අප සමාජ පුරුද්දක් බවට පත්කරගත යුතුව තිබියදී, අපි එය අත්හලමින් සිටියෙමු. දෑත විෂබීජ නාශනය කර, පාසලට, පන්සලට, කෝවිලට, වැඩපළට, කාර්යාලයට, වෙළෙඳ පළට, පොදු ස්ථානයට ගිය අපි ක‍්‍රමයෙන් ඒ පුරුද්ද අත්හළමින් සිටියෙමු.
 
 අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් පලක් නොවන බවට කතාවක් තිබේ. දැන් අපට සිදුව ඇත්තේද එම තත්ත්වයයි. කොරෝනා යක්ෂයා යළිත් ගෙට රිංගාගෙන ඇත. මිනුවන්ගොඩ කොරෝනා පොකුර සමාජයට රිංගා යන තත්ත්වයට විශාල වෙමින් පවතී. දැනටමත් මේ පොකුරේ ප‍්‍රමාණය 1000 ඉක්මවා ඇත. දිනක් තුළ ශ‍්‍රී ලංකාවේ වැඩිම ආසාදිතයින් ප‍්‍රමාණය ලෙස 729 ක් වාර්තාවන්නේ මේ මිනුවන්ගොඩ පොකුරෙනි. එය සමාජ වසංගතයක් නොවේවායි යන්න අපගේ පැතුමය. හා මෙම පොකුර පාලනය සඳහා ජනතාව ලෙස අප ආණ්ඩුවට, සෞඛ්‍ය අංශවලට උපරිම සහාය ලබා දිය යුතුය. අනවශ්‍ය ගමන් බිමන් වහාම අත්හිටුවා කොරෝනා සෞඛ්‍ය නිර්ණායක වහා සැලකිල්ලට ගෙන කටයුතු කළ යුතුය.
 
 එසේම, ආණ්ඩුවෙන් ඉල්ලන්ටද අපට දෙයක් ඇත. එනම්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මේ වසංගතයෙන් ආසාදනයට ලක්වන පිරිස ලෝක ජනගහනයෙන් මිලියන 800 ක් තරම් ඉහළ යනු ඇති බවටය. එය අප කිසිලෙසකින් හෝ අවතක්සේරු නොකළ යුතුය. ට‍්‍රම්ප් තියරියෙන් බලා අප වැනි රටවල වසංගත තුරන් කළ නොහැකිය. කොරෝනා ඇෙඟ් හලාගෙන ට‍්‍රම්ප් කියන්නේ කොරෝනාවලට බිය නොවන්න කියාය.
 
 කොරෝනා වසංගතය හමුවේ මේ මොහොතේ අප රට විශාල අභියෝගයකට මුහුණ දෙමින් සිටී. මුල් අවස්ථාවේදී කොරෝනා වසංගතය අප රටට බලපෑම් එල්ල කළ මොහොතේදී ජනතාව රැකගැනීමට මුළු රටටම ඇඳිරිනීතිය පැනවීමට සිදුවිය. ඒ තුළ විශාල අර්බුද ගණනාවක් පැමිණිය ද යම් යම් අඩුපාඩු තිබුණද එය කළමනාකරණය කර ගැනීමට රජයට හැකි විය. එහිලා සෞඛ්‍ය අංශ මෙන්ම ආරක්‍ෂක අංශ විශාල කැපවීමක් කළ බව නොරහසකි. එහි ප‍්‍රතිඵල ලෙස රට ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත්කර ගැනීමට ද අවස්ථාව ලැබිණි. ඇදවැටුණු ආර්ථිකය ක‍්‍රමයෙන් හිස ඔසවද්දී අප රටේ යළිත් කොරෝනා වසංගතය හිස එසවීම පටන් ගැනීම සැබැවින්ම රටට එල්ල වූ ප‍්‍රබල තර්ජනයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එනිසා මේ මොහොතේදී අප සැවොම එක පෙළට ශක්තිමත්ව නැගී සිට මෙම අභියෝගය ජයගත යුතුව ඇත.
 
 විශේෂයෙන් කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ මගින් සිදුකරනු ලබන පී. සී. ආර්. පරීක්‍ෂණවලට සහයෝගය ලබාදීම ජනතාවගේ යුතුකමකි. දැනට වාර්තා වන අන්දමට කොරෝනා ඇති බවට සැක කළ හැකි සමහර පිරිස් පී. සී. ආර්. පරීක්‍ෂණ මගහරින බවද දැනගන්නට ඇත. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කරන්නේ එවැනි පුද්ගලයන්ට දැඩි දඬුවම් පමුණුවන බවයි. කොරෝනා යනු සෙල්ලමක් නොවන බව ජනතාව තේරුම් ගත යුතුව ඇත. අසල්වැසි ඉන්දියාව මෙන්ම ලොව බලවත් යැයි කියන ඇමරිකාව කොරෝනා නිසා වැටී ඇති තත්ත්වය දෙස බැලීමෙන් පමණක් වුවද එහි ඇති බරපතළකම තේරුම්ගත හැකිය. එනිසා දඬුවම්වලට බියෙන් පී.සී.ආර්. පරීක්‍ෂණවලට යොමු වීමට වඩා රටේ මේ මොහොතේ පැනනැගී ඇති අර්බුදය සැබෑ ලෙස තේරුම් ගෙන ඊට සහයෝගය දැක්වීම සැබෑ දේශපේ‍්‍රමියකුගේම යුතුකම බව අමතක නොකළ යුතුය. කොරෝනා අප රටෙන් පලවා හැරීමට නම් ඇෙඟන් නොව මොළෙන් වැඩ කළ යුතුව ඇත. විනයක්, හික්මීමක් සහ නිසි දැක්මක් ඔස්සේ කි‍්‍රයාත්මක වුවහොත් කොරෝනා කොයි තරම් තර්ජනයක් වුවද එය ජයගත හැකි වේ යැයි අපි විශ්වාස කරමු. ඒ වෙනුවෙන් කැපවෙමු යැයි අප රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු.
 

corosකොරෝනා වසංගතයත් සමග ශ‍්‍රී ලංකාව වසංගත රෝග සංස්කෘතියක් වෙත ගමන් කරමින් සිටී. චීනය වැනි රටකට නම් වසංගත යනු ඔවුන්ගේ සංස්කෘතියේ උරුමයක් බවට පත් වී තිබේ. ඊට හේතු වන්නේ මේ දක්වා ලෝකයට පැමිණි වසංගත රෝගවලින් බහුතරයක් චීනයෙන් පැමිණීම නිසාය. නමුත් ශ‍්‍රී ලාංකිකයන්ට එය නුපුරුදු අත්දැකීමක් බවට පත්වී තිබේ. කොරෝනා වෛරසය මේ තරම් රට තුළ පැතිර යෑමට බලපා ඇත්තේ මෙම කාරණාවය. රට පුරා ආසාදිතයන් විශාල ගණනක් වාර්තා වෙද්දිත් අඩුම තරමේ මුඛ ආවරණයක් හෝ නොපැළඳ පාරේ ගමන් කරන මිනිසුන් අපට හමුවන්නේ මේ නිසාය.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles