Divaina - Kathuwakiya

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

 මේ වන විට රටවල් 124 ක් කොරෝනා හෙවත් කොවිඞ් 19 වෛරසයට ගොදුරු වී ඇත. බරපතළ ව්‍යසනයක් නැති මුත් ශ‍්‍රී ලංකාව ද ඒ රටවල් අතර වෙයි. මෙම තත්ත්වය හමුවේ අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැත. එහෙත් ඒ පිළිබඳව විමසිල්ලෙන් සිට එය පාලනය කර ගත යුතුය. ඒ සඳහා රජයක් ලෙස ගන්නා උත්සාහය අප අගය කළ යුතුය. විශේෂයෙන් මෙහිදී සෞඛ්‍ය අංශයේ වෛiවරුන්, හෙදියන් ඇතුළු සියලූ නිලධාරීන් ද විශේෂයෙන් ආරක්‍ෂක අංශවල විරුවන් කරන කැපවීම ද අති විශිෂ්ටය.

corona1357ශ‍්‍රී ලංකාවද මෙම ගෝලීය වසංගතය මැඬපැවැත්වීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් දියත් කර තිබේ. එහි දැවැන්ත පියවරක් ඉදිරියට තබමින් රටේ සියලූම පාසල්වල වාර නිවාඩුව අද සිට අපේ‍්‍රල් 20 වැනිදා දක්වා ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මේ වන විටත් ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවලින් පැමිණි ශ‍්‍රී ලාංකික ගුවන් මගීන් 921 ක් නිරෝධායන කටයුතු සඳහා පොළොන්නරුව කන්දකාඩු සහ මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබේ. ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවලින් ශ‍්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්, අනිවාර්යයෙන් දින 14 ක කාලයක් නිරෝධායන ක‍්‍රියාවලියකට ලක් කළ යුතු බවට රජය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා චක‍්‍රලේඛයක් නිකුත් කර කර ඇති බැවින් මෙම රටවලින් පැමිණෙන මගීන් නිරෝධායන ක‍්‍රියාවලියට ලක්වීම අනිවාර්යය. ඒ වගේම එය 

 ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් මේ 2020 වසර සඳහා ප‍්‍රකාශයට පත්කර ඇති මුදල් ප‍්‍රතිපත්ති විවරණයේ සඳහන් වන්නේ කොරෝනා වසංගතය ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ පොළ මත අහිතකර බලපෑම් ඇති කරනු ඇති බවයි. චීන සංචාරකයන් නොපැමිණීම නිසා එහි ආර්ථික බලපෑම දැනටමත් අත්විඳිමින් සිටිති. රාජ්‍ය කළමනාකරණයේ නිධන්ගත රෝගවලින් පීඩා විඳින ශ‍්‍රී ලංකාව වැනි රටකට මෙම ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදුවීම කොරෝනා වසංගතයට වඩා භයානක ප‍්‍රතිඵල ගෙනදෙන තත්ත්වයකි. අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයෙන් අනතුරුව යාන්තමින් හිස ඔසවමින් තිබූ අප රටේ ආර්ථිකය යළි අර්බුදයකට යෑම අභාග්‍යයකි.

ලෝක කාන්තා දිනය පසුගිය 08 වැනිදාට යෙදී තිබිණි. කාන්තා දිනයට සමගාමීව අප රටේත් සුපුරුදු ලෙස කාන්තා දිනය සැමරිණි. ‘ඇය දිරිමත් රට සවිමත්’ යන තේමාව යටතේ පැවති මෙවර කාන්තා සමරුව සමරන මොහොතේ  ශ‍්‍රී ලාංකීය කාන්තාව සිටින්නේ කුමන ස්ථානයක ද යන්න විමසා බැලිය යුතුය.
 
 අදටත් අප රටේ වැඩි බරක් උසුලනුයේ කාන්තාවන්ය. ගෘහනියක ලෙස සහ විවිධ වෘත්තීන්හි යෙදෙමින් අප රට ඉදිරියට ගෙන යෑමට ඇයගෙන් ලැබෙන දායකත්වය විශිෂ්ටය. අප රටට වැඩිපුරම විදේශ විනිමය ලබාදෙනුයේ මැදපෙරදිග ගෘහ සේවයෙහි නියුතු කාන්තාවන් විසිනි. විවිධ දුක්ගැහැට, හිංසා මෙන්ම සමහර අවස්ථාවලදී මැදපෙරදිග හාම්පුතුන්ගේ ලිංගික  අඩන්තේට්ටම්වලට ලක්වෙමින් ශ‍්‍රී ලංකා ගෘහ සේවිකාවන් කරනා සේවයෙන් අප රටේ ආර්ථිකයට ලැබෙනුයේ ශක්තියක් වුව ද ඇත්තටම ඇය මේ වහල්භාවයෙන් මුදාගැනීමට කිසිදු රජයක් උත්සාහ ගෙන නැත. පවතින තත්ත්වය හමුවේ කාන්තාවන්ට විදෙස්ගත  රැකියාවලට නොයවන්නැයි අපට යෝජනා කළ නොහැක. එහෙත් අපේ කාන්තාවන් සූරා කෑමට ලක්නොවන ගෘහ සේවය වැනි වෘත්තීන් වෙනුවට ඇයව වෙනත් නිපුණතාවලින් සන්නද්ධ කර විදෙස් රැුකියා සඳහා යොමු කළ හැකි නම් මේ රටට ඇය සවියක්ම වනු ඇත.
 
 තවදුරටත් අප රටේ ගෘහස්ථව හිංසනයට පත්වන කාන්තාවන් ගැන වාර්තා වෙයි. එසේම පොදු ප‍්‍රවාහන සේවයේදී ද කාන්තාවන්ට සිදුවන හිංසන අඩු වී නොමැත. කාන්තාවක, දැරියක කෙළසීමට ලක් නොවන දිනයක් නොමැති තරම්ය. මෙම තත්ත්වය හමුවේ ඇත්තටම අපේ රටේ කාන්තාවන්ට ස්වාධීනව නිදහසේ ජීවිත්විය හැකි පරිසරයක් ගොඩනැඟිය යුතුව ඇත. කාන්තාවන් පිළිබඳ සොයා බැලීමට මේ රටේ වෙනමම අවශ්‍යතාවක් තිබුණ ද විවිධ රාජ්‍ය ආයතන තිබුණ ද කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටි විවිධ සංවිධාන තිබුණ ද ඇය ගැන නිසි සොයා බැලීමක් කරන බව නොපෙනේ. විවිධ වේදිකාවන්හි කාන්තාවගේ සුරක්‍ෂිතතාව පිළිබඳ හඬ නැඟුව ද එය කාන්තා දිනයට පමණක් සීමාවීම කනගාටුදායකය.
 
 පසුගිය කාලයේදී හඬ නැඟුනු කාරණයක් වූයේ පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තුවේදී කාන්තා නියෝජනය 25% ක් විය යුතු බවය. එහෙත් අදටත් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉතාමත් අල්පය. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී හෝ 25% ප‍්‍රමාණය කොටසක් ලෙස කාන්තාවන්ට ලබාදෙන්නේ නම් යම් සාධාරණයක් ඉටුවිය හැකිය. එහෙත් පවතින මනාප පොරය හමුවේ සන්ධානවල, විවිධ පක්‍ෂවල ඇති වී තිබෙන විරසකභාවයන් දුටු විට එය එසේ වෙතැයි අපේක්‍ෂා කළ නොහැක.
 
 කාලයක් අප රටේ හඬ නැඟුනේ කාන්තාවන්ට සම තැන ලබාදෙන ලෙසය. තවමත් පුරුෂ ආධිපත්‍යය මුළුමනින්ම ගිලිහී නොගිය සමාජය කාන්තාවට සමතැන ලබාගැනීම  දුෂ්කර කාර්යයක් වී ඇත. එනිසාම ඇයට සම තැන නොව නිසි තැනවත් ලබාදීමට කටයුතු කිරීමට අප සමාජය පෙළගැස්විය යුතුව ඇත.
 
 කොටකෙතන මව සහ දියණිය ඝාතනය, යාපනයේ විiා දැරිය සමූහ ¥ෂණයට ලක් කිරීම, මීරිගම කොටදෙණිය සේයා දැරිය පාපතරයකු විසින් කෙළෙසීම යන අතීත කාරණා සලකා බැලීමේදී තවදුරටත් අප රටේ කාන්තාවන් සුරක්‍ෂිත ද යන ප‍්‍රශ්නය අප හමුවේ නැෙඟනු ඇත. දැරියන් තමන්ගේ ඥාතීන් අතින්ම අතවරයට ලක්වන රටක කාන්තා විමුක්තිය අපෙන් ගිලිහී යෑම පුදුමයක් නොවනු ඇත. එනිසාම කාන්තාවන්ගේ නිදහස සහ සුරක්‍ෂිතතාව අප සමාජය තුළ සැබෑ ලෙස ස්ථාපිත කළ හැක්කේ දියුණු විiාත්මක වැඩපිළිවලවල් ඔස්සේ පමණි. ඒ සඳහා අප සමාජයේ දැඩි ආකල්පමය වෙනසක් ඇති කළ යුතුය. ඒ සඳහා මේ රටේ දේශපාලන අධිකාරියට, විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, විවිධ ආගමික ශාස්තෘවරුන්ට ද විශාල මැදිහත්වීමක් සිදුකළ හැකිය.
  

මාරාන්තික කොරෝනා වෛරසය ලෝක වසංගතයක් බවට පත්වී මිනිසුන් මරා දමමින් සිටී. මේ වනවිට ආසාදිතයින් ගණන ලක්ෂය ඉක්මවා ඇත. 4000 ක් පමණ දෙනා මිය ගොසිනි. මෙවන් වසංගතයක් මින් පෙර ඉතිහාසයේ වාර්තා නොවන අතර, කවුරුන් කෙසේ කීවද මේ වනවිට ශ‍්‍රී ලංකාවේත් ගෙයි දොරකඩටම වසංගතය පැමිණ තිබේ. ශ‍්‍රී ලංකාවෙන් දැනටමත් 2 වැනි කොරෝනා ආසාදිතයා ද වාර්තා වී ඇති අතර, විදේශයන්හි වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් තිදෙනෙක් රෝගයට ගොදුරු වී සිටිති. රෝගය වසංගතයක් ලෙස පැතිර යන ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවල දිවි ගෙවූ ශ‍්‍රී ලාංකිකයින් විශාල ලෙස යළිත් මවු රට බලා පැමිණෙමින් සිටීමත් සමග රෝගය රට තුළට පැමිණීමේ වැඩි අවදානමක් උද්ගතව ඇත. දැනටමත් මෙම වසංගතය ගෙයි දොරකඩටම පැමිණ තිබේ යැයි අපට අනුමාන කළ හැක්කේ එනිසාය. එසේ හෙයින් ඉන් ගැලවෙන්නේ කෙලෙසද යන්න රටේ බලධාරීන් තුළ අදහසක් හා වැඩපිළිවෙළක් තිබිය යුතුය. රට තුළ මේ සඳහා ඉහළ සූදානමක් පැවති බව පෙනෙන්නට තිබූ නමුත් සමාජය තුළ කොරෝනා රෝගය කෙරෙහි තිබූ උනන්දුව අඩු වී ඇතැයි අපගේ කල්පනාවය. එනමුත් පවතින තත්ත්වය කිසිදු අයුරකින් සැහැල්ලූවකින් සලකා කටයුතු කිරීමේ හැකියාවක් කිසිවකුට හෝ නැත. මෙහිදී අප කිසිවකු ලෙස හඳුන්වන්නේ නිලධාරීන්, බලධාරීන් යන සියල්ල ඇතුළත්ව මහජනයාගේ වගකීම ද ඊට ඇතුළත්කරය.

මේ අතරින් මහජන වගකීම අප උපරිමව බලාපොරොත්තු වන්නේ රට තුළ සිටින ජනතාවටත් වඩා පිටරටින් මෙහි එන ජනතාවගෙනි. ඒ අතර සිටින ශ‍්‍රී ලාංකිකයින් හා විදේශිකයන් යන කොයි කවුරුන්ද වසංගතය මෙරට පැතිර යෑම වැළැක්වීමට තම සක‍්‍රීය දායකත්වය ලබාදීම අනිවාර්ය කටයුත්තකි. එනමුත් ඒ සඳහා වැඩපිළිවෙළ සකස් කළ යුත්තේ රජය මගින් මිස පැමිණෙන පුද්ගලයින් අතරින් නොවේ. කවුරුන් කෑ කොස්සන් ගැසූවද, වුවමනාවට වඩා අනුකම්පාව ඒ සඳහා අදාළ නොවේ. මන්ද මේ මොහොතේ වැදගත් වන්නේ රට හා සමස්ත ජනතාවය. එක් නිමේෂයකින් රට තුළට රිංගා ගන්නා කොරෝනා යක්ෂයාට යම් විටෙක රටක් විනාශ කරන්නට ගතවන්නේ කෙටි කාලයකි. ඉතාලියේ උදාහරණය ඊට කදිමට ගැලපේ. මේ වනවිට සමස්ත ඉතාලියම රතු කලාපයක් ලෙස නම් කර ඇත. ඊට ඇතුළුවීම හෝ පිටවීම තහනම් කර තිබෙන්නේ රටම විනාශ මුඛයට ඇද වැටීම නිසාය. ඉතාලිය අද අනුගමනය කරන්නේ නිවාස තුළම සිට ජනතාව ස්වයං නිරෝධායන ක‍්‍රියාවලියකට යොමු කිරීමකි. අපට එසේ කිරීම වුවමනා නොවීමට නම් ඒ සඳහා රජයට ජනතා සහාය ලබා දීම අත්‍යවශ්‍යය.

එසේම, මේ මොහොතේ හරිදේ හරි විදිහට කිරීම සඳහා රජය කෙළින් තීන්දු ගත යුතුය. නීති අවශ්‍යය. ඒවා ක‍්‍රියාත්මක විය යුතුව ද ඇත. පිටරටින් මෙහි පැමිණෙන සියල්ලන් සඳහා නිරෝධායනය අත්‍යාවශ්‍යය. එහෙත් ගුවන් තොටුපොළ ප‍්‍රමාදය අවම කර, පහසුකම් සැලසීම හා කඩිනමින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැුගෙන යෑම මගින් නැති ප‍්‍රශ්න ඇති නොවේ.

මේ මොහොතේ හෝ කුමන මොහොතක හෝ රට තුළට වසංගතයක් පරිදි රෝගය ඇතුළු වුවහොත් ආයිමත් කතා කරන්නට දෙයක් ඉතිරි නොවේ. සැබැවින්ම දේශපාලකයින් කියන රට බේරාගැනීමේ අවසන් අවස්ථාව වන්නේ මෙවන් වසංගත අවස්ථා මිස වෙන දේවල් නොවේ. අප මේ පැමිණ සිටින්නේ ලොවක් අත්දකින එවන් අති අවදානම් අවස්ථාවකට ය. ඒ බව සැවොම තේරුම් ගත යුතුය. එබැවින් රට තුළට වසංගතය ඇතුළුවීමට ඇති සියලූ මාර්ග වසා දැමිය යුතුව ඇත. ඉන් පළමුවැන්න ගුවන්තොටුපළ හරහාය. අපට ඒ සඳහා ඇත්තේ එක දොරටුවක් බැවින් පාලනය පැත්තෙන් ඉතා පහසුවක් තිබේ. එනමුත් ඇතැම් රටවලින් එන හුදකලා ගුවන් මගීන් (විශේෂයෙන් රාත‍්‍රී කාලයේදී* කිසිදු රෝග පරීක්ෂාවකින් තොරව පිටව යන බව දැනගන්නට තිබේ. මෙහිදී කොරියාවද, ඉතාලියද, ඉරානයද, චීනයද, ජපානයද නොව සමස්ත ගුවන් මගීන්ම රෝග පරීක්ෂාවට බඳුන් කළ යුතු බව අපි අවධාරණය කරන්නෙමු. එසේම රට තුළට රෝගය පැතිර ඇත්දැයි යන්න වහාම සොයා බැලිය යුතුව ඇත්තේ රවී කරුණානායක හිටපු මන්ත‍්‍රීවරයා කුදලාගෙන යන්නට පොලිසිය ඔහු හොයන ආකාරයෙනි.

අමතරව, රටේ ජනතාවගේ ස්වභාවික ප‍්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා දැනුවත් කිරීමත්, ප‍්‍රමාණවත් සහ අමතර සෞඛ්‍ය පහසුකම්වලින් සමන්විත වීමත්, ආහාර අර්බුදයක් රටේ නිර්මාණය වීමට ඉඩ නොදීමත් ලෝකයේ ආර්ථික කඩා වැටෙමින් පවතින මේ මොහොතේ කොරෝනා යක්ෂයාට මුහුණ දීමට අප සැලකිල්ල දැක්විය යුතු කාරණය. එසේ වුවහොත් යක්ෂයා ගෙට ඇතුළු වුවත් පෑළ දොරින් හෝ පලවා හැරීම පහසු වේ.

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles