Divaina - Kathuwakiya

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 බස්නාහිර පළාතේ විශාලතම පාරිසරික තෙත් බිම වන මුතුරාජවෙල ගොඩ කර විකුණමින් පවතින බව අපි ඊයේ (ඉරිදා දිවයින) කතු වැකිය ඔස්සේ සාකච්ඡා කළෙමු. 1996 දී අභය භූමියක් ලෙස නම් කරන ලද මුතුරාජවෙල භූමිය තුළ පෞද්ගලික කුඹුරු ඉඩම් රාශියක් තිබුණද ඒවා ගොඩ කර කට්ටි කර විකිණීම සම්පූර්ණයෙන්ම තහනම්ය. එහෙත් ස්වකීය ඉඩම් සම්බන්ධයෙන් කුඹුරු ඉඩම් හිමියාට එකම එක අයිතිවාසිකමක් තිබේ. ඒ වූ කලී එකී කුඹුර යළි අස්වැද්දීමට තිබෙන අයිතිවාසිකමය. ඒ අයිතිවාසිකම ක‍්‍රියාත්මක කිරීමට නොහැක්කේ අදාළ ඉඩම් අස්වැද්දීම සඳහා ජල පහසුවක් නැති හෙයිනි. එයට හේතුව අවුරුදු දෙසීයකට පෙර අත්හැර දමන ලද මුතුරාජවෙලට වගා ජලය සැපයීමේ වැඩපිළිවෙළක් නැති හෙයිනි. මේ නිසා යම් හෙයකින් කුඹුරක් අස්වැද්දීමට අවශ්‍ය නම් එහි ලියැදි වල වතුර බැඳීමේ සිට ඉදිරියට ඇති සියලූ කටයුතු සඳහා බවුසර් වලින් වතුර ගෙනවුත් කුඹුරට පොම්ප කිරීමට සිදු වේ. එවිට එම කුඹුරේ වී කිලෝවක් රුපියල් එක්දහස් පන්සියයකට ටිකක් වැඩි මුදලකට නිෂ්පාදනය කරගත හැකිය. එක්දහස් පන්සියයකට වී කිලෝවක් ගෙන කොටන හාල්, කෑම දෙයියන්ගේ හාල් කෑම වැනි පිස්සුම පිස්සු වැඩකි. එනිසා කිසියම් කෙනෙක් හෝ පිරිසක් අස්වැද්දීමට යැයි කියමින් ඩෙනිම් වලට උඩින් අමුඩ ගසාගෙන උදලූ කරේ තබාගෙන මුතුරාජවෙල කුඹුරු වලට බසිනව නම් පලවා හැරිය යුතුමය. ඔවුන් ඒ කරන්නට උත්සාහ කරන්නේ නීති විරෝධී ලෙස කුඹුර ගොඩකර විකිණීමටය. එබැවින් කුඹුරකට යළි බසින්නට බැරිවන තරමේ දඬුවම් ඔවුන්ට දිය යුතුය.
 
 ශ‍්‍රී ලංකාවේ කුඹුරු ඉඩම් ගොඩ කිරීමට සුවිශේෂ ක‍්‍රමවේදයක් තිබේ. සුවිශේෂ යැයි කිව්වාට මෙය හරිම සරලය. මූලික වශයෙන් මේ සඳහා අවශ්‍ය වන්නේ කළු පාට ප්ලාස්ටික් රෙදි යාර කිහිපයක් සහ උණ බම්බු කිහිපයක් පමණි. මුලින්ම කරන්නේ කුඹුරු ඉඩමේ පාරට පෙනෙන කොටස දිගේ උණ බම්බු සිටුවා කළු පැහැති ප්ලාස්ටික් රෙදි ඒ මතින් සවි කිරීමය. අවසානයේදී එය විශාල කළු පැහැති තිරයක් සේ දිස්වන අතර ඉන් එහා පැත්තේ සිදුවන දේ කාටවත් නොපෙනේ. ඉන්පසු එදිනම රාත‍්‍රියේ බැකෝ යන්ත‍්‍රයක් කුඹුරට බස්සවා කුඹුර ගොඩ කිරීම ඇරඹෙයි. මෙහිදී බැකෝ රියැදුරාත් ඉඩම ගොඩකිරීමෙහි නියුක්තව සිටින සෙසු ගොවි මහත්වරුත්, හදිසියේ පොලිසියෙන් පැන්නොත් පිටේ පලූ මතුවන තුරු ගුටි කෑමේ අවදානමට ලක්ව සිටිති. මේ නිසා කුඹුර ගොඩකරන රාත‍්‍රී කාලයේදී බැකෝ රියැදුරාටත් කුඹුර ගොඩකරන ගොවි ජනයාටත් මුදලින් ඩබල් ගෙවා එළිවන විට කසිප්පුත් දෙනු ලැබේ. මේ ආකාරයෙන් දවස් තුනක් තුළ අක්කර භාගයක් ගොඩ කිරීමට පුළුවන. පොලිසියට, වන සංරක්ෂණයට, පහත් බිම් සංවර්ධන මණ්ඩලයට සහ මුතුරාජවෙල සමග නෛතිකව බැඳී සිටින ආයතනවල ප‍්‍රධානීන් අල්ලාගෙන ඔවුන්ට ජරාව දිය හැකි නම් ඉටි රෙද්දෙන් නොවසාම කුඹුර ගොඩ කළ හැකිය. මෙසේ ගොඩ කරන ලද කුඹුර පාර අයිනේ පිහිටියහොත් පර්චස් එක රුපියල් ලක්ෂ දහය බැගින් විකිණිය හැකිය. එහෙත් මුතුරාජවෙල ගොඩ කෙරෙන ඉඩම් ගන්නා සිවිල් වැසියෝ බරපතළ අමාරුවල වැටෙති. මේවා පුරවන ලද මඩ ඉඩම් නිසා ඒ මත හදන ඉදිකිරීම් ගිලා බැසීමට නියමිත බැවින් මුලින්ම කළ යුත්තේ පයිල් බැස්සවීමය. මේ ඉඩම්වල ළිඳක් පවා කැපිය නොහැක. ළිඳක් කැපූ විට එයට උනන ජලය ඉහළ ක්ෂාර මට්ටමකින් සහ ආම්ලික තත්ත්වයකින් යුක්තය. මේ වතුර අවුරුද්දක් පානය කළ විට ආහාර ජීර්ණ පද්ධතියම වැසිකිළි වළට වැටේ.
 
 මුතුරාජවෙල ගොඩ කරන්නේ ආණ්ඩුවල සහයෝගයෙනි. එයින් අප කියන්නේ ආණ්ඩුව චක‍්‍ර ලේඛයක් මගින් මුතුරාජවෙල ඉඩම් පිරවීමට බලය ලබාදෙන බව නොවේ. ඉඩම් පුරවන විට බලයේ සිටින ආණ්ඩුව අහක බලාගෙන සිටින බව කීම මෙහිදී වඩාත් සුදුසුය. උදාහරණයක් වශයෙන් මේ ආණ්ඩුවට බලයට පත්වීමට උදව් කළ ඉඩම් සංවර්ධන සමාගමක් මේ දිනවල මුතුරාජවෙල ඉඩම් කට්ටි කිරීමට සූදානම් වෙමින් සිටින බව දැනගන්නට
 
 තිබේ. හයි වේ සෑදීමේ සිට මහ පොළවට අදාළ සියලූම කටයුතු කිරීමේ හැකියාවක් ඇති මේ සමාගම ”මේ පුද්ගලික ඉඩමකි. ඇතුළුවීම තහනම්” යනුවෙන් ලියන ලද බෝඞ් කෑලි මුතුරාජවෙල අභය භූමියේ තැන් තැන්වල සිටුවා ඇත. මේ කොල්ලය නැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැදිහත් නොවුණොත් ලොකු අවුලක් වීමට ඉඩ තිබේ. මුතුරාජවෙලට අයිතිකාරයෝ තුන් වර්ගයක් සිටිති. ඉන් පළමුවැන්න ආණ්ඩුවයි. දෙවැන්න මුතුරාජවෙල අභය භූමිය තුළ නීත්‍යනුකූල ඔප්පු සහිත කුඹුරු ඉඩම් හිමි ජනතාවයි. තුන් වැනි අයිතිකාර පිරිස වූ කලී පරිසරය සුරකින සංවිධානයන්ය.
 
 ඇත්තම කතාව නම් මුතුරාජවෙල රක්ෂිතය ගැන ආණ්ඩුව ද හරිහැටි නොදන්නා බවය. 1996 අභය භූමියක් ලෙස නම් කරන ලද අවස්ථාවේදී මුතුරාජවෙල හෙක්ටයාර දෙදහස් පන්සීය හැට නවයක් විශාල බව ශ‍්‍රී ලංකාවේ ජාතික තෙත් බිම් නාමාවලිය නමැති ආණ්ඩුවේ පොතේ සඳහන්ය. මෙය මධ්‍යම පරිසර අධිකාරියේ ප‍්‍රකාශනයකි. මේ අතර වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ මුතුරාජවෙල තෙත් බිම හෙක්ටයාර් එක්දහස් දෙසිය හැත්තෑ ගණනක් පමණ විශාල බවය. ආණ්ඩුවේම ආයතන දෙකක් මෙවැනි දිගක් පළලක් නැති කතාවක් කීමෙන් අර්ථකථනය වන්නේ මුතුරාජවෙල දිග පළලට වඩා ආණ්ඩුවේ දිග පළලය. හැම ආණ්ඩුවක්ම මෙවැනි කුණු කතා කියයි. මෙවැනි කුණු වැඩ කරයි. මේ ආණ්ඩුවද එසේමය.
 
 (අවසන් කොටස හෙට)
 
 
 

lama135ලෝක ළමා දිනය එළඹෙන ඔක්තෝබර් 01 වැනිදාට යෙදී තිබේ. අප රට ද ඇතුළුව මුළු ලෝකයේම රටවල් මෙම දිනය සමරනු ලබයි. එදිනට ළමා අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම මෙන්ම දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් විවිධ කතිකා ගොඩනැගේ. එය යහපත් ප‍්‍රවණතාවකි. එහෙත් දරුවන්ගේ ජීවිතය හැඩගැස්වීමෙහිලා එක් දිනයකට එක් සැමරුමකට පමණක් සීමා කළ හැකි ද යන ප‍්‍රශ්නය අප හමුවේ ඇත. සුරක්‍ෂිත අනාගතයක් වෙනුවෙන් දරුවන්ගේ ලෝකය යහපත් තැනකට ඔසවා තැබීමට සෑම මොහොතකම ඒ සඳහා වගකීමෙන් කටයුතු කළ යුතු මොහොතක අපි සිටින්නෙමු.

පාසලක් ඇරෙන විට සිරගෙවල් දහසක් වැසෙන බවට කතාවක් තිබේ. එහෙත් කනගාටුව නම්, අපේ රටේ මේ ගැන කියන්නට ඇත්තේ එහි අනිත් පැත්ත වීමය. මෙරටේ, විශේෂයෙන්ම ලංකාවේ දකුණු භාගයේ පාසල් රැුසක් මේ වනවිට වැසී ගොස් ඇති අතර ඒ වෙනුවට වසා දමා තිබෙන සිරගෙවල් ඇරෙන්නට පටන්ගෙන තිබේ.
 
 ඉකුත් දා මාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශයක් කළ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා කියා සිටියේ වසා දමා තිබූ බෝගම්බර සිරගෙය නැවත විවෘත කිරීම සඳහා කටයුතු කිරීමට සිදුව ඇති බවයි.
 
 එපමණක් නොව ලේකම්වරයා බෝගම්බර නැවත විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සොයා බැලීම සඳහා පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය.
 
 ඊට හේතු වී ඇත්තේ මේ වනවිට දිවයිනේ බන්ධනාගාර පද්ධතිය සිරකරුවන්ගෙන් උතුරා යෑමය. ඉකුත් සතිය වනවිට මෙරට සමස්ත සිරකරුවන් ප‍්‍රමාණය 30,000 සීමාව ඉක්මවා ගිය බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි. නව රජය බලයට පත්වී පාතාලය හා මත් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නට පටන් ගැනීමත් සමග (බන්ධනාගාර හා අච්චු* සිරකරුවන්ගේ ප‍්‍රමාණය 6000 කින් ඉහළ ගොස් ඇති බවද, මෙරට බන්ධනාගාර පද්ධතියට දරාගන්නට හැක්කේ සිරකරුවන් 26,000ක් පමණක් වුවත්, එම සංඛ්‍යාව 30,000 ක් දක්වා වැඩිවීම බරපතළ ප‍්‍රශ්නයක් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
 
 බෝගම්බර බන්ධනාගාරය පිහිටුවනු ලබන්නේ ඉංග‍්‍රීසි පාලන සමයේදීය. ඒ විශේෂයෙන්ම ඉංග‍්‍රීසි ආණ්ඩුවට හිසරදයක් වූ, එදා මෙරට සිංහල ජාතික වීරවරයන් සිරකර තබාගැනීමටත්, බදු පැහැර හැරි පුද්ගලයින් හා ඉංග‍්‍රීසීන්ගේ දේපළ කොල්ල කෑ උතුවන්කන්දේ සරදියෙල් වැන්නවුන්ට අච්චු කිරීම සඳහාය.
 
 සරදියෙල් වෙනුවෙන් තැනූ විශේෂ සිරමැදිරියක් බෝගම්බර බන්ධනාගාරය වසාදමා එය දුම්බරට ගෙනයන විටත් එහි ඉතිරිව පැවතිණ.
 
 එපමණක් නොව, ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ උදහසට ලක්වූ ඇහැලේපොළ කුමාරිහාමි දියේ ගිල්වා මරා දැමූ බෝගම්බර වැව නොහොත් අතීත රජදරුවන් හැ¥ කිරිමුහුද පැවැති ස්ථානය ගොඩකර මෙසේ හැ¥ බෝගම්බර (සිපිරිගෙය* එක් අතකින් අපට කෞතුක වැදගත්කමක් ඇති ස්ථානයකි.
 
 කෙසේ හෝ බෝගම්බර සිර ගෙදර මහනුවර නගරයට කරදරයක් හෙයින් මෙන්ම නගර මධ්‍යයේ පවතින වටිනාකමෙන් ඉහළම භූමියක් නිසා මෙසේ සිර ගෙදරකට ලඝු කිරීමේ නිරර්ථක බව සලකා පසුගිය
 
 කාලයේ එය දුම්බරට රැුගෙන යන ලදී. ඉන්පසු නගරය මැද ඉතිරි වූ සුවිසල් ගොඩනැගිලිවලින් සමන්විත අක්කර 10 ක පමණ මේ ඉඩම බොහෝ දේශපාලකයින්ගේ ඇස ගැටුණු තැනක් වූවාට සැක නැත.
 
 මෙහි පැරණි ගොඩනැගිලි කඩා මෙම ඉඩමේ හෝටලයක් හදන්නට යන බවට කලක් රාවයක් පැතිර ගියේය. එසේම, සිරගෙදර ගොඩනැගිලි භාවිත කරමින්ම හෝටල් නගරයක් මෙහි හදන බවට ද කතා පැතිර ගියේය.
 
 කෙසේ හෝ අවසානයේදී මහා නගර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙහි ගොඩනැගිලි පිළිසකර කර, පැරණි සිපිරි ගෙදර ප‍්‍රවිෂ්ටයට මනා පෙනුමක් ලබාදෙන්නට පසුගිය රජය කටයුතු කළේය.
 
 නොහොත්, බෝගම්බර හැඩ වැඩ වුණේ මහනුවර නගරයට ආලෝකයක් ගෙන දෙන, නගර වැසියන් මෙහි ඔබ මොබ සරණ ගොඩනැගිලි සංකීර්ණයක් වන්නටය.
 
 එහෙත්, නොසිතූ පරිදි යළිත් බෝගම්බර සිපිරි ගෙය නැවත විවෘත කරන්නට සිදුවීම ගැන ජාතියක් හැටියට අප එක් අතකින් කම්පා විය යුතුය. අප අපේක්ෂා කරන්නේ මෙතැනින් දුම්බරට ගෙන ගිය සිරගෙයත් ඉක්මනින් වැසී යායුතු බවටය. නොහොත් තවත් පාසලක් එහි අරඹනු දැකීම අපගේ අපේක්ෂාවය. එවන් තත්ත්වයක් තුළ වැසූ බෝගම්බර යළිත් අරිනු දැක්ම අපගේ බලාපොරොත්තුව නොවුණත් කමල් ගුණරත්න මහතා කියන පරිදි එය එසේ කරන්නට සිදුව තිබේ.
 
 පාතාලයෙන්, කුඩු ජාවාරමෙන්, ළමා-කාන්තා අපයෝජනයෙන්, මං පැහැරීමෙන්, හොරකමෙන්, බොරුවෙන්, අල්ලසින්, ¥ෂණයෙන්, මැරකමෙන් කප් ගසා සිටින රටකට තවදුරටත් සිපිරි ගෙවල් අරිනවා මිස කරන්නට දෙයක් ද නැත. එනමුත් පාසල් වැසී යෑම ද කවුරුනුත් අනුමත කරන්නක් නොවේ. 2019 විගණකාධිපති වාර්තාව අනුව 2013 සිට 2019 දක්වා වසර 6 ක් තුළ මෙරට පාසල් 194 ක් වසා දමා තිබේ. ඒ මේ රටේ දරුවන් ඉගෙනගෙන අවසන් වී ඇති නිසා නොවේ.
 
 එසේම, එම වාර්තාව කියන පරිදි ළමුන් 200 ට අඩු පාසල් 5161 ක් ද, ළමුන් 100 ට අඩු පාසල්
 
 3046 ක් ද මෙරට තිබේ. රටේ අධ්‍යාපනය ගැන හෝ ළමා ජනගහන ගැන ඉතා කදිම ඉඟියක් මේ මගින් අපට ලබා දේ.
 
 එසේම, සිර ගෙවල් පිරී 30,000 ක් ඉක්මවද්දී රටේ තරුණ ජනගහනය ගැන මොනතරම් ඛේදවාචකයක් ලෝකයට කියන්නේද..?
 
 උතුරේ වර්ගවාදී යුද්ධය පරාජය කළා මෙන්, ඉහත සමාජ පරිහානිය තවත් පරම්පරාවකට ඉතිරි කිරීම අප වත්මන් පාලකයන්ගෙන් බලාපොරොත්තු වන දෙය නොවේ. සිපිරි ගෙවල් හැර හෝ වහ වහා සමාජ ශෝධනයක් කිරීම අත්‍යවශ්‍ය වන නමුත්, ඒ ශෝධනය වහා නිමාකර, බන්ධනාගාරත් වසා, වැසූ පාසල් යළි ඇරීම කඩිනම් කළ යුතුමය.
 

kathuwakඅනුර ලෙව්කේගේ කඩිනම් පස්මහල් ඉදිකිරීම ද පස් අවුරුදු මහවැලි යෝජනා ක‍්‍රමයේ කුඩා ප‍්‍රක්ෂේපණයකි. මේ ඉදිකිරීම සඳහා අවසර දීමට මහනුවර ආණ්ඩුවේ නිලධාරීන් කෙතරම් ජරාව අනුභව කළේ ද යන්න සොයා බැලිය යුතු අතර ඒ පිළිබඳ උපරිම පියවර ගත යුතුය. දොඩම්වල හිටපු බස්නායක නිළමේ අනුර ලෙව්කේට නිකම්ම ගැලවීමට ඉඩ නොලැබේ. නොසැලකිල්ල නිසා තිදෙනකු මියයෑමට ඉඩ හැරීමට ඔහු වගකිව යුතුය. එය අපරාධ චෝදනාවකි.

jakalමේ නරියා ජලභීතිකාවෙන් පෙළෙනවා වෙන්නට පුළුවන්. නොඑසේ නම් නරින්ට සහ සුනඛයන්ට ආවේණික වූ Mange නමැති කුෂ්ට රෝගයෙන් පෙළෙනවා වන්නට පුළුවන. මේ කුෂ්ට රෝගය හටගත් විට මහත් සේ ඇඟ කසන බැවින් නරියා කෝපයට පත්වේ. එවිට එම සතා ඉදිරියට හමුවන ඕනෑම කෙනකුට පහර දෙයි. මේ ලක්ෂණය සියලූ වන සතුන්ට පොදුය. ජල භීතිකාව හෝ කුෂ්ට රෝග වැළඳුණු නරියා ගස්වලටත් පහර දෙයි. ඒ ගස් තිබෙන තැන්වල මිනිසුන් සිටගෙන සිටිනවා නම් නරියා පහර දෙන්නේ මිනිසුන්ටය. මෙවිට මිනිසුන් කියන්නේ රන්වන් පාට සහිත නරියා දුටු තැන මිනිසුන්ට පහර දෙන බවය.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles