kathuwakiya_innerpage
එක්සත් ජාතීන්ගේ භූමදානය...
ඒ නිර්දේශ එක්සත් ජාතීන් ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් මෙරට කොරෝනා දේහ ආදාහනය සඳහා සුදුසු භූමි හඳුනාගෙන සිටීද? ලංකාවේ පස ගැනත් මානව හිමිකම් සංවිධානය නිර්දේශ ඉදිරිපත් කර තිබේද? ඇත්තෙන්ම එක්සත් ජාතීන් අන්තවාදී මුස්ලිම් සංවිධානවල මතය සමග සිටගනිමින් ලංකා ආණ්ඩුවට භූමදාන උපදෙස් ලබා දුන්නද එම උපදෙස කිසි ලෙසකින් ක්‍රියාත්මක කළ හැකි දෙයක් නොවේ. වසංගතයකදී ක්‍රියා කළ යුත්තේ ආගම ජාතිය අනුව නම් නොවේ. කොරෝනා වෛරසය පැතිරෙන්නේ ජාති ආගම් භේද නොතකමිනි. එනිසා ලංකා ආණ්ඩුවට ආදාහනාගාර වසන්නැයි උපදෙස් දීමට එක්සත් ජාතීන්ට නොහැකිය. අවශ්‍ය නම් මේ සංවිධානයට තම කැමැත්තෙන් භූමදානය විය හැක. එයට කිසිවකු බාධා නොකරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
Jan 27 2021
Hits 639
