kathuwakiya_innerpage
දූෂිතයන් පන්නමු
Jan 26 2021
වී අලෙවි මණ්ඩලයේ ලොක්කන් පස්දෙනකු ගැසූ ගේමක් මේ වන විට හෙළිදරව් වී තිබේ. ඔවුන් ගැසූ ගේමෙන් සිදුව ඇති පාඩුව කෝටි 30 ඉක්මවා ඇති බවද වාර්තා වෙයි. වී අලෙවි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් දෙදෙනකු, කලාපීය කළමනාකරුවකු ඇතුළු පස්දෙනකු මෙම සිද්ධියට සම්බන්ධ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි. අදාළ වංචාව හෙළිවූ මොහොතේම මෙම පස්දෙනාගේ වැඩ තහනම් කර අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටී. වී අසුරන බෑග් මිලට ගැනීමේදී රුපියල් මිලියන 120 ක් ද, බෑග් අසුරා තබන ගබඩා මිලට ගැනීමේදී රුපියල් මිලියන 39 ක වංචාවක් ද, උතුරේ වී ගබඩා අලූත් කිරීමේදී සිදු කළ වංචාවක්, ගබඩාවල තිබූ වී හොරෙන් විකිණීමේ වංචාවක් මෙන්ම වංචනිකව කොමිස් මුදල් ලබාගැනීම යටතේ මෙම මහා වංචාව සිදු කර ඇත. අප රටේ වී සහ සහල් කර්මාන්තයේදී අසරණ වන පාර්ශ්ව දෙකක් සිටිති. ඒ ගොවීන් සහ පාරිභෝගිකයන්ය. දහඩිය හෙළා, කුඹුරු වපුරා, විවිධ අභියෝග මැද වී අස්වැන්න නෙලා ගන්නා අපේ ගොවීන්ට බොහෝ විට සාධාරණ මිලක්...
Hits 451