kathuwakiya_innerpage
මිෂෙල්ගේ ස්ථාවරය හෙවත් ‘‘කුහක සහ ආත්ම ලාභය”
Jan 25 2021
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳ නවතම වාර්තාව මගින් මෙරටට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අපරාධ නඩු විභාග කිරීම සහ යුද අපරාධ පිළිබඳ චෝදනා සොයා බැලීමට හා සාක්ෂි රැස් කිරීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සැකසීමට නිර්දේශ කර තිබේ. එසේම ”මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායක ලෙස චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයන් සඳහා වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් කිරීම වැනි ඉලක්කගත සම්බාධක යෝජනා කිරීමට සිදුවන බවද එහි ස`දහන් කර ඇත. මෙය බරපතළ තත්ත්වයකි. මෙයින් සිදුවන්නේ ලංකාවේ පවතින සංහි`දියාව විනාශ වීම පමණකි. නැති අවුල් නිර්මාණය කිරීම ස`දහා මානව හිමිකම් කවුන්සිලය උපරිමයෙන් කටයුතු කරන බව පැහැදිලිවේ. නව වාර්තාව හරහා ලංකාවේ සිරියාව හා සම කිරීමට මිෂෙල් බැෂලේ කටයුතු කර ඇති බව පෙනී යයි. සිරියාවේ යුද්ධයෙන් ලක්ෂ හතක් මියගියද ලංකාවේ එවැනි ජන සංහාර සිදු වූයේ නැත. ඇත්තෙන්ම දෙමළ සන්ධානය හා දෙමළ ඩයස්පෝරාවේ සතුට උපරිම කරනු පිණිස මේ වාර්තාව නිකුත්ව ඇති බව නම් සහතිකය. වගවීම සහ සංහිඳියාව වෙනුවෙන් අර්ථාන්විත...
Hits 413