kathuwakiya_innerpage
කොරෝනා එන්නත
සියයට අනූවකට වැඩි ප්‍රමාණයකින් පුද්ගලයන් කොරෝනා වැළඳීමෙන් වැළැක්විය හැකි පළමු කොරෝනා වෛරස එන්නත බිහිවී ඇති බව මූලික විශ්ලේෂණවලින් පෙන්වා දී තිබේ. මෙය ”විද්‍යාව හා මානව හිතවාදී බව සම්බන්ධයෙන් විශිෂ්ට දිනයක්” ලෙසට එන්නතේ නිපැයුම්කරුවන් වන Pfizer සහ BioNTech විසින් පෙන්වා දී තිබේ. රටවල් හයක පුද්ගලයන් පනස්දහසක් මත මෙම එන්නත අත්හදා බලා ඇති අතර සුරක්ෂාව පිළිබඳ ගැටලූවක් පැන නැගී නැත. කෙසේ නමුත් ලෝකයම වැඩි බලාපොරොත්තු තබාගෙන සිටින්නේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය නිපදවන ලද කොරෝනා වෛරසයට එරෙහි එන්නත පිළිබඳවය.
Nov 30 2020
Hits 382
