kathuwakiya_innerpage
වෙඩිතලතිවු 5/2001 සහ 2/2006
හදිසියේ වත්මන් රජයට මේ දිසාපති කැලෑ නොහොත් රජයේ වෙනත් කැලෑ නොහොත් අවශේෂ වනාන්තර මතක් වී තිබේ. ඒ ගොවීන්ට ලබාදීමට ඉඩම් හිඟයක් රටේ පවතින නිසා යයි පවසමිනි. එනමුත්, පරිසරවේදීන් කියන පරිදි සත්‍ය එය නොවේ. ඉහත කරුණ ඉදිරියට දමාගෙන නොහොත් මුට්ටිය දමාගෙන රජය මේ සැරසෙන්නේ චීනය, සිංගප්පූරුව ඇතුළු කොම්පැණිකාරයින් සඳහා තොග පිටින් ඉඩම් ලබාදීම සඳහා බව ඔවුහු කියා සිටිති. ඒ සඳහා රජය මෙම වෙනත් වනාන්තර සංරක්ෂණය කරනු ලබන 5/2001 චක්‍රලේඛය අහෝසි කිරීමට සැරසේ. එයින් මෙම සම්පූර්ණ වනාන්තර හෙක්ටයාර් ලක්ෂ 5 ම අනාරක්ෂිත වන අතර, දේශපාලකයින්ට ඕනෑ ඕනෑ විදිහට පරිහරණය කරන්නට නිදහස ලැබේ.
Jul 16 2020
Hits 612
