පළාත් පාලන මැතිවරණය අවසන් වීමත් සමඟ ආණ්ඩුවේ බල තුලනය පුපුරා ගොස් තිබේ. පළාත් පාලන මැතිවරණයකින් ආණ්ඩුවේ බලය පුපුරා යා නම් තවදුරටත් මෙවැනි ආණ්ඩුවකින් රටට අත්වන යහපත කුමක්දැයි අපට යළි යළිත් අසන්නට සිදුව තිබේ. වසර තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත ජාතික ආණ්ඩුව කෙරෙහි තිබූ මහජන විශ්වාසය මීතොටමුල්ල කුණු කන්ද මෙන් නාය ගියේ ඇයි ද යන්න ගැන ස්වයං විවේචනයක යෙදිය යුතුය.
පළාත් පාලන මැතිවරණය පවත්වන ලද්දේ ආණ්ඩුවට බදු ගෙවන ප්‍රාදේශීය ජනතාව තමන්ට පළාත් පාලන ආයතනවලින් ලබා දෙන සේවාව කාර්යක්ෂම කරගැනීම සඳහා නියෝජිතයන් පත් කරගැනීමටය. ජනතාව කැමැත්තෙන් තෝරා ගත් එම නියෝජිතයන් දැන් පත් වී තිබේ. නමුත් නව පළාත් පාලන පනතේ පවතින දෝෂ හේතුවෙන් එම පත්වීම් අර්බුදකාරී තැනකට ගමන් කරමින් තිබේ. විශේෂයෙන්ම කාන්තා නියෝජනය, මැතිවරණ ප්‍රතිඵලය අනුව පක්ෂ කිහිපයක් අතර ජන්ද බෙදීයැම හා නව මිශ්‍ර මැතිවරණ ක්‍රමය හේතුවෙන් කුඩා පක්ෂවලට වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමිවීම මේ තත්ත්වයට හේතු වී තිබේ. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසන්නේ පෙබරවාරි 15 දින කැඳවීමට තිබූ පළාත් පාලන ආයතන සියල්ල සංස්ථාපනය කිරීම මාර්තු මස 6 වෙනි දින දක්වා කල් දමා ඇති බවය. ඒ අනුව නව පළාත් පාලන ආයතනවල පළමු රැස්වීම පවත්වා සභාපති/නගරාධිපති පත්කර ගැනීම තවත් දින 18 කින් පමණ ප්‍රමාද වනු ඇත.
නව පළාත් පාලන පනතේ දෝෂ කල් තියා හඳුනාගෙන ඊට පිළියම් නොයෙදීම සම්බන්ධයෙන් ස්වාධීන මැතිවරණ කොමිසමට චෝදනා එල්ල වෙමින් තිබේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවන ලද ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන ස්වාධීන මැතිවරණ කොමිසමට මෙම අර්බුද මීට වඩා හොඳින් කළමනාකරණය කර ගැනීමට තිබූ බව අපගේ මතය ය. කෙසේ හෝ අවසානයේ එම අඩුපාඩුවෙන්ද බැට කෑමට සිදු වී ඇත්තේ අසරණ පොදු ජනතාවටය. සමානුපාතික මැතිවරණ ක්‍රමය නරා වළක් බවට පත් වූ රටකට කේවළ ක්‍රමය තවත් හිසරදයක් නොවීමට ස්වාධීන මැතිවරණ කොමිසමට ඉතා විශාල කාර්යභාරයක් ඉටු කිරීමට සිදුව තිබේ.
ජාතික ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වන එක්සත් ජාතික පක්ෂයද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද, පළාත් පාලන ඡන්දයේ ජයග්‍රාහකයා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද දැන් කළ යුත්තේ ආණ්ඩුවේ බලය ඇල්ලීමේ සටන පැත්තකට දමා ස්වාධීන මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කර පළාත් පාලන පනතේ දෝෂ ඉතා කඩිනමින් නිරාකරණය කරගෙන හැකි ඉක්මනින් පළාත් පාලන ආයතන සක්‍රීය කිරීමය. වසර තුනක් තිස්සේ අක්‍රීය වී තිබූ පළාත් පාලන ආයතන, මැතිවරණයෙන් පසුවද තවදුරටත් අක්‍රීයව තැබීමෙන් සිදුවන්නේ ආණ්ඩුව තවත් මහජනතාවගේ අපකීර්තියට පත්වීමය.
කරනු ලැබුවත් ඔහුගේම රිපබ්ලිකන් පාක්ෂිකයන් ඊට එරෙහි විය.