Divaina - කාන්තා අපභ්‍රංසය

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

පළාත් පාලන ඡන්දයෙන් පසු රටේ දේශපාලන අස්‌ථාවර භාවයක්‌ උද්ගතව ඇති සේම පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය ද අපභ්‍රංසයක්‌ බවට පත්ව ඇත. එනිසා පළාත් පාලන ඡන්ද විමසීමේ පනතට සංශෝධනයක්‌ අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියයි. එසේනම් වසර ගණනක්‌ තිස්‌සේ බොහෝ පුරාඡේරු කතා කියමින් සෑදූ මෙම පනත ද අපභ්‍රංසයක්‌ බවට පත්ව ඇත්ද? කාන්තා නියෝජනය ගැන වඩාත් උනන්දු වූයේ රාජ්‍ය නොවන සංවිධානයි. ඇමරිකානු ආධාර යටතේ කාන්තා නියෝජනය වැඩි කිරීම ගැන රට පුරාම බැනර් පෝස්‌ටර් ද ප්‍රචාරය කෙරිණි. රාජ්‍ය නොවන සංවිධාන මේ වෙනුවෙන් පෙළපාලි ද සංවිධානය කර තිබූ අයුරු දක්‌නට ලැබිණි. නමුත් කාන්තා නියෝජනය අවසානයේ අපභ්‍රංසයක්‌ වූයේ මේ පනතේ නිර්මාණකරුවන් නිසාය. ඔවුන් ප්‍රායෝගික තත්ත්වයන් සලකා නැත.
 
 කාන්තා නියෝජනය සම්පූර්ණ නොවෙයි කියන පළාත් පාලන ආයතන අක්‍රීය වන්නට ඉඩ දිය යුතු නැත. එය ජනතා පරමාධිපත්‍යයට කරන නිග්‍රහයකි. නමුත් අපභ්‍රංස නිසා අවුලට පත්වන්නේ ලංකා රාජ්‍යය බව අමතක නොකළ යුතුය.
 
 කාන්තා නියෝජනය නිසා ඇතිව තිබෙන අවුල ගැන මහින්ද දේශප්‍රිය මහතා මෙසේ ප්‍රකාශ කර ඇත. "මේක මහා අවුලක්‌ පළාත් පාලන පනතට අනිවාර්ය කාන්තා නියෝජනය දාපු මිනිහා හිටියොත් වෙඩි තියන්න තරම් කේන්තියකින් තමයි දේශපාලන පක්‍ෂවල ලේකම්ලා ඉන්නේ. කාරතිව් ප්‍රාදේශීය සභාවට පත්වෙලා ඉන්නේ එකම කාන්තාවයි. එතැන සියයට 25 නැහැ. එහෙමනම් මේ සභාව පිහිටුවන්න බැරිද? මා නම් කියන්නේ එක කාන්තාවක්‌ හිටියත් 25% නැති වුණත් එම ප්‍රාදේශීය සභාව ක්‍රියාත්මක විය යුතු යෑයි කියලා."
 
 මේ පනත් නිර්මාණය කළ අය කිසිදු ප්‍රායෝගික දැනුමකින් නොසිටි නිසා විශාල අවුලකට මුහුණ දීමට සිදුව ඇත. එසේනම් මේ පනතට තවත් සංශෝධන ඉදිරිපත් විය යුතුය. සංශෝධන ඉදිරිපත් කරමින් කාලය කා දමන්නට සිදුවේ. යහපාලන ආණ්‌ඩුවේ පළාත් පාලන පනත ද ඒ ආණ්‌ඩුව මෙන්ම අර්බුදයට ලක්‌ව ඇති බව පැහැදිලිය.
 
 කාන්තා නියෝජනය ලබාදීම පිළිබඳ කිසිවකුගේ විරෝධයක්‌ නැත. එය 25% ක්‌ හෝ ඊට වැඩි වුවත් ප්‍රශ්නයක්‌ නොවේ. නමුත් මේ පනත සකස්‌ කළේ පළාත් පාලන ආයතන අකර්මණ්‍ය කිරීමට ද? පරාජිතයන්ට වාසි සැලසීමටද යන බරපතළ ප්‍රශ්න රාශියක්‌ මතුව ඇත. මෙයින් සිදුවන්නේ කවරක්‌ද මහජන අප්‍රසන්නභාවය වර්ධනය වීම පමණි. තමන් පත්කළ ප්‍රාදේශීය සභාව අකර්මණ්‍ය වන්නේ නම් එයට වගකිව යුත්තේ කවුද? ප්‍රජාතන්ත්‍රවාදය ගැන කටමැත දොඩවන ව්‍යවස්‌ථා විශාරදයන්ට ප්‍රායෝගික තත්ත්වය නොපෙනේද? දිනන පක්‍ෂයට බෝනස්‌ ආසන නොලැබේ. පරාජිතයන්ට බෝනස්‌ ආසන හිමි වේ. මෙයින් සිදු වන්නේ විශාල අවුලක්‌ නොවන්නේද? මෙය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරකි. මේ පනත විකෘතියකි.
 
 එසේ නම් කාන්තා නියෝජනය නොව මේ පනත නිර්මාණය කළ සියලු දෙනාටම එරෙහිව චෝදනා නැඟිය යුතුය. මොවුන් සිදුකර ඇත්තේ රට අරාජිකත්වයට පත් කිරීමකි. මන්ත්‍රීවරු වැඩි කිරීම නිසා රජයට බිලියන ගණනින් අමතර වැය බරක්‌ දරන්නට ද සිදු වේ. සැබැවින්ම මේ පනත විකාරයක්‌ මෙන්ම අපභ්‍රංසයකි.
 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles