Divaina - බහුතරය අමතක කිරීමේ විපාකය

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

යහපාලන ආණ්‌ඩුව වසර තුනක්‌ තුළ ජනතා අප්‍රසාදයට පත්වී ඇති බව පැහැදිලිය. යහපාලන ජනප්‍රියතාවය බින්දුවට බැස ඇත. මහින්ද රාජපක්‌ෂ මහතා වහා මහ මැතිවරණයක්‌ ඉල්ලා සිටින විට එක්‌සත් ජාතික පක්‌ෂය තනි ආණ්‌ඩුවක්‌ සෑදීමට උත්සුක වේ. මේ තනි ආණ්‌ඩුව හදන්නට යන්නේ දෙමළ සන්ධානයත් සමගය. දෙමළ සන්ධානයේ බෙදුම්වාදි ඉල්ලීම් හමුවේ ආණ්‌ඩුවේ ඉදිරි ගමන සුබදායක වෙයිද? අන්තවාදීන්ට දොළ පිදේනි ලබාදීම තුළින් සිදුවන්නේ ඒකීය රාජ්‍යයේ මළගම නොවේද?
 
 පෙබරිවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් හෙළිවූයේ කුමක්‌ද? සිංහල ජනතාව යහපාලනය ප්‍රතික්‍ෂේප කර ඇති බව නොවේද? සිංහලයා බිත්තියට හේත්තු කර බෞද්ධයා තළා පෙළා යහපාලනය ඇති කළ හැකිද? ඊනියා සංහිඳියාවෙන් සිදු වූයේ කවරක්‌ද? සිංහල ජනමතය කලකිරීමට පත්වීම නොවේද?
 
 ඇත්තෙන්ම සිංහලයාට බලහත්කාරයෙන් සංහිඳියා කැඳ පෙවිය යුතු නැත. ඒ කැඳ අප්‍රසන්න වී තිබේ. ඒ අප්‍රසන්න බව පෙබරවාරි 10 වැනිදා ඡන්ද ප්‍රතිඵලයෙන් වඩාත් ප්‍රකට විය.
 
 කොටි හිතවාදී බලවේග යළි කලබලයට පත්ව තිබේ. ඒ ලන්ඩන් ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‌ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නිසා නොවේ. යළිත් සිංහල ජනතාව මහින්ද රාජපක්‌ෂට ඡන්දය භාවිත කිරීම නිසාය. ජනවාරි අට වෙනස වෙනුවෙන් කොටි හිතවාදීන් ද බලවත් මෙහෙවරක්‌ කළ බව රහසක්‌ නොවේ. 2015 න් පසු රාජපක්‌ෂ පාලනය අවසන්ව ඉතිහාසයට එක්‌වනු ඇතැයි කොටි බලවේග විශ්වාස කළ ද එය එසේ වී නැත. එනිසාම ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය පවසන්නේ කුමක්‌ද? යළිත් සිංහල ජනතාව රාජපක්‌ෂට සහාය පළකිරීම දෙමළ ජනතාවට බලවත් ප්‍රශ්නයක්‌ වන බවයි. එමෙන්ම පෙඩරල් ව්‍යවස්‌ථාව සම්මත කිරීම ද සිහිනයක්‌ වන බව ඔවුනගේ අදහසයි.
 
 කොටි හිතවාදී බලවේග පරලවීම පුදුමයක්‌ නොවේ. රටට එරෙහි බලවේග රාජපක්‌ෂ පාලනයක්‌ යළි ඇතිවීම ගැන කිසිවිටක කැමති නොවේ. කොටින්ගේ අවතාරවලට අවශ්‍ය ලෙස රට පාලනය කළ යුතු නැත.
 
 ඊනියා නව ව්‍යවස්‌ථාව ද විසිකර දැමිය යුතුය. මේ ඡන්ද ප්‍රතිඵලයෙන් ද ජනතාව නව ව්‍යවස්‌ථාව ප්‍රතික්‍ෂේප කළ බව පැහැදිලිය. යහපාලනය වේගයෙන් ජනතාවට අප්‍රසන්න කරවූ එක්‌ වැඩපිළිවෙළක්‌ වූයේ මේ නව ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණ ක්‍රියාවලියයි. එයින් සිදුවන්නේ ස්‌ථාවර රට අස්‌ථාවර කිරීම පමණි. යහපාලන ආණ්‌ඩුවද මේ ක්‍රියාදාමය පිටුපස ගොස්‌ සිංහල ඡන්දදායකයන් කලකිරීමට පත්කළ බව පැහැදිලිය.
 
 යුද ජයග්‍රහණය සැමරුමද යහපාලන ආණ්‌ඩුව විසින් අවලංගු කර දැමීය. එය කොටි හිතවාදීන් සතුටු කළ පුවතක්‌ විය. එළාර පරාජය සිහි කළ අප කොටි පරාජය අමතක කළ යුතුද? ඊනියා සංහිඳියාව වෙනුවෙන් යුද ජය සැමරුම නතර කිරීම ආණ්‌ඩුවේ ජනප්‍රියතාවය පහළ බැසීමට හේතුවක්‌ විය. ජාත්‍යන්තරය දිනා ගැනීමට උත්සාහ කළ ද අවසානයේ සිදුව ඇත්තේ කුමක්‌ද? ජාත්‍යන්තරය කෙසේ වෙතත් තම ආසනයවත් රැකගැනීමට නොහැකිවීම නොවේද? එනිසාම රටේ පාලකයෝ බහුතර ජනයාගේ සිතුම් පැතුම් හඳුනාගෙන ආණ්‌ඩු කිරීමට කල්පනා කළ යුතුය.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles