Divaina - රුසියාවේ කුරුමිණියෝ සහ ගාල්ලේ කුරුමිණියෝ

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

රුසියානු 'තේ' තහනමින් යන්තමින් ගැලවී ගත් පමණින් ප්‍රශ්නය ඉවර යෑයි අපට අත සෝදාගන්නට හැකියාවක්‌ නැත. ඒ, මේ රටේ පිළිගෙන ඇති තේ කර්මාන්තය හරි පීල්ලට ගැනීම තරමක්‌ අසීරු කාරණයක්‌ නිසාය. රුසියාවට යවන ලද තේ කොළවල සිටි 'කුරුමිණියා' මේ රටේ එකෙක්‌ නොවන බව කීවද "කසළ තේ මාෆියාවක්‌" නැතැයි තවමත් කිසිවෙකුත් (වගකිව යුත්තකු) කීවේ නැත. එසේ කියන්නට හැකියාවක්‌ නැති බව අපි ඉඳුරාම දනිමු. ඊට හේතුව කසළ තේ තොග පිටින් අත්අඩංගුවට ගන්නා බවට වාර්තා ඕනෑතරම් පුවත්පත්වල පළවන බැවිනි.
 
 පසුගිය දවසක ගාල්ල කොටුව පෙඩ්ලර් වීදියේ තේ කොළ වෙළෙඳසලක විදේශිකයන්ට විකිණීම සඳහා අලෙවියට තබා තිබූ කෘමින් සහිත තේ කොළ ටින් ඇසුරුම් දහ හතක්‌ ගාල්ල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරු විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ද වාර්තා විය. එම වෙළෙඳසලේ තේ කොළ විදේශිකයන් පමණක්‌ ඉලක්‌ක කර අලෙවි කර ඇති බව ද වාර්තා වී තිබේ. සුද්දා මේ රටට පැමිණ ආරම්භ කර පසුව මෙරට ප්‍රධාන අපනයන භෝග අතරට ද එක්‌කරන ලද 'තේ' කසළ ගොඩවල් බවට පත්කර කෘමින් බෝකර සුද්දාටම විකිණීම තරම් අමන වැඩක්‌ තවත් නැත. අපේ පුරුද්ද තවමත් සුද්දාට බැණ වදිමින් "තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්‌" යන්න තවදුරටත් ඉතිහාසයට එකතු කරමින් එවැනි ගොන් වැඩ කිරීම බව ඔප්පු කර ඇත්තේ වරක්‌ දෙවරක්‌ නොවේ. මෙවර "තේ අපනයනය" යාන්තමින් ගොඩදාගත්තේ "ඇස්‌බැස්‌ටස්‌" වලට අපේ ජීවිත පරදුවට තබමින් බව ද අමතක කළ යුතු නැත.
 
 ඇත්තම කතාව නම් මේ වනවිට රටේ තේ කොළ කර්මාන්තය අන්තිම අසීරු අඩියක තිබෙන බවය. කසළ තේ සහ ප්‍රමිතියෙන් තොර තේවලට ශ්‍රී ලංකාව කප් ගසන විට එහි වාසිය ගත්තේ අපිට වඩා ගව් ගණනක්‌ දුරින් සිටි වෙනත් රටවල්ය.
 
 අප මීට පෙර ද සඳහන් කර ඇති පරිදි වර්ෂ 1867 දී ඡේම්ස්‌ ටේලර් නම් සුද්දා මේ රටට තේ වගාව හඳුන්වා දුන්නේය. මේ රටේ බොහෝ දේ සුද්දා පටන්ගත් බව හැබෑව වුව ද සුද්දා මේ රට නැවත අපට දී යන විට ඒවා විධිමත් ලෙස කළමනාකරණය කිරීමේ භාරදූර වගකීම පැවරුණේ අපටය. අද මේ අනාගෙන, රටට ලෝකෙට වංචා කරමින් අනාථ කර දමන්නේ ඒ වගකීමය. සුද්දා අපට දායාද කළ තේ පැළ එදා සිට අද දක්‌වාම නඩත්තු කරන්නේ අපිය. පසු කලෙක උඩරට සිට පහත රට දක්‌වා ව්‍යාප්ත වූ 'තේ' නාමය 'ග්‍රීන් ගෝල්ඩ්' හෙවත් කොළ රත්තරන් ලෙස හඳුන්වන්නට පටන් ගත්තේ එමගින් මේ රට ඉපැයූ අසීමිත ලාභය නිසාය. කෙසේ හෝ ඉතාම දීර්ඝ කාලයක්‌ ජාත්‍යන්තරයේ ද අංක එක ස්‌ථානයේ සිටි අපේ තේ (ග්‍රීන් ගෝල්ඩ්) තබක්‌ක තරම් නොවටිනා දෙයක්‌ බවට පත් කළේ තේ කර්මාන්තය ජාවාරමක්‌ කරගත් අමන ව්‍යාපාරිකයන් ය. සැබෑ කතාව නම් මේ කසළ තේ සහ ප්‍රමිතියෙන් තොර තේ පිළිබඳ කතාබහට මුල පුරන්නේ අදක ඊයෙක නොවීමය.
 
 මෙතෙක්‌ ආණ්‌ඩු කළ හැම කෙනෙක්‌මත් තේ ගැන වගකියන බොහෝ ආයතනත් වෙන දෙයක්‌ වන්නට හැර තිබෙන දේ කමින් ජීවත් වූ නිසා ජාවාරම්කරුවෝ හිතේ හැටියට 'තේ' සමඟ ජාවාරමේ යෙදුණෝය. "කුරුමිණියා" නැතැයි කියමින් හුරේ දැමුවේ ද ඒ උදවියමය. අප ඒ මහත්වරුන්ගෙන් අහන්නේ ගාල්ලේ කුරුමිණියන් ගැන කියන්නේ මොනවා දැයි යන්නය.


kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles