Divaina - ලොක්ඩවුන් සොමිය 2 - (මම මාර ෆිට් - මට ලෙඩ හැදෙන්නේ නැහැ)

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 ශ‍්‍රී ලංකාවේ වෙසෙන ජනයා Exotic හෙවත් මෙරටටම අවේණික වූ සුවිශේෂ ජනවර්ගයකි. වසංගතයක් පැතිරෙන අවස්ථාවලදී පාර පුරා ඇවිදිමින් ඒ පිළිබඳ ඕපාදූප සොයා බැලීමට ඔවුහු වෙහෙසෙත්. නොපුපුරන ලද බෝබ්ම අත ගා බැලීමටත් ඒවා පිපිරීමට ප‍්‍රමාද වන්නේ මන්ද යන කාරණය සොයා බැලීමටත් ඔවුහු කැමැත්තාහ. ස්නානය කිරීම තහනම් බවට බෝඞ් ගසා ඇති ගැඹුරු ජලාශ වලට පැන දිය රකුසන් සමග කතෝපකථනහි යෙදීම ඔවුන්ගේ විනෝදයයි. මාරාන්තික කොවිඞ් 19 අලූත්ම ජන සංහාරක වසංගත රැුල්ල පැතිර යන මෙසමයෙහි මාස්ක් එකක් දාගන්නා ලෙසට හෝ කොවිඞ් නාශක එන්නත විද ගන්නැයි කීවොත් ඔවුන් කියන්නේ මෙසේය. ”මම මාර ෆිට් - මට ඔය ලෙඩ හැදෙන්නේ නැහැ”. ඉහත සඳහන් උත්තරය මෙවර කොවිඞ් වසංගත රැුල්ලට ඔට්ටු නැත. ලංකාවේ වීථිවල මාස්ක් නැතුව වහසි බස් දොඩමින් ගමන් ගන්නා සිකනලූන් මෙන් තිස් හතළිස් ගුණයක් විශාල ශරීර කූඩු ඇති පිට රටවල අයෝමය පුරුෂයන් පවා මෙවර කොවිඞ් ප‍්‍රහාරයෙන් මිය ගියහ. එබැවින් ලංකාවේ ජීවත්වන කටකාර පඟර නැට්ටන් බයිලා ගායනයෙන් තොරව තමන්ද රැුකී තමා අවට සමාජයද රැුකගත යුතුය. ඊයේ අප විසින් මේ තීරුව ඔස්සේ ලියන ලද්දේ ලොක්ඩවුන් නමැති කාරණය ගැනයි. අප අදත් කියන්නේ ශ‍්‍රී ලංකාව වැනි එදා වේල කන්න නැති රටක් සම්පූර්ණ වශයෙන් ලොක්ඩවුන් කළොත් මාසයක් ගතවන විට කොරෝනාවෙන් මැරෙන සංඛ්‍යාවට වඩා කුසගින්නේ මැරෙන සංඛ්‍යාව වැඩිවිය හැකි බවයි. ශ‍්‍රී ලංකාවේ පළමුවන කොවිඞ් ආසාදිතයා හමුවන්නේ ගිය අවුරුද්දේ මාර්තු එකොලොස් වැනිදාය. ඉන් දින දෙක තුනකට පසු බස්නාහිර පළාත ඇතුළු තවත් පළාත් රැුසක් වසා දැමීමට ආණ්ඩුව තීරණය කළේය. මේ තීන්දුව ඇසූ වහාම පෝලිම් දෙකක් බිහිවිය. පළමුවන පෝලිම උගස් බඩු කඬේ පෝලිමය. දෙවන පෝලිම සුපර් මාර්කට් පෝලිමය. ඊට අමතරව තුන්වන පෝලිමක් ද දක්නා ලදී. එය පිරිමින් පමණක් සහභාගි වූ තැබෑරුම් පෝලිමය. බඩු උගස් තබා ණයට ගත් මුදල්, අතේ ඉතිරි කරගෙන තිබූ මුදල්, ක්‍රෙඩිට් කාඞ්වල තිබූ මුදල් යනාදී වූ සියලූම ද්‍රවශීල ධන සම්පත් වැය කොට ඔවුහු ඕනෑ දේත් එපා දේත් මිලට ගෙන ගෙවල් බලා දිව ගියේ ලංකාව සදාකාලික ලෙස ලොක්ඩවුන් කරන ලද රටක් ලෙස සලකමිනි. එදා සිට එක දිගට මාස තුනක් පමණ රට ලොක්ඩවුන් කර තබා කොවිඞ් රෝගය මර්දනය කිරීමට ආණ්ඩුවට සිදුවිය. මේ කාලය තුළ ශ‍්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට අනූවකින් පමණ බිඳ වැටිණි. රට නිෂ්ක‍්‍රීයව තිබූ බැවින්ද ප‍්‍රවාහනය ඇන හිට තිබූ බැවින්ද මානුෂීය ආර්ථික ක‍්‍රියාකාරකම් සිදු නොවූ බැවින්ද දෛනික ආර්ථික ක‍්‍රියාකාරකම් ඍන අගයක් දක්වා පහත වැටුනේය. මේ අතර ගෙවල්වලට ගාල් වී සිටි ජනයා පැතිර යන කොවිඞ් රෝගයෙන් මැරෙන ජනතාව පිළිබඳ බොරු ප‍්‍රචාර වලට සවන් දෙමින්ද මේ දැන් අහවල් තැනින් කොරෝනා ලෙඩුන් විසි පහක් හසුවීය යනාදී පල් බොරු වලින් කුලප්පු වෙමින්ද අර්ධ ත‍්‍රාසජනක වූද අර්ධ විනෝදාත්මක වූද ජීවිතයක් ගත කළහ. තියෙන එකා එසේ පිස්සු කෙළින විට එදා වේල හොයාගෙන කෑ නැති එකාගේ පිස්සු දෙගුණ විය. මේසන් වැඩක් කිරීමට, කුලී වැඩක් කිරීමට, අත් උදව්වක් දීමට තැනක් නොවූ බැවින් ඒ මිනිස්සු අර්ධ ත‍්‍රාසජනක නොව සර්ව සම්පූර්ණ ත‍්‍රාසජනක ජීවිතයක් ගත කළහ. මෙහිදී වැදගත් කාරණයක් මතක් කරමු. මනුෂ්‍යයා වූකලී භීතිය වපුරා සතුටක් ලබන සත්ත්ව වර්ගයකි. කිසියම් තැනක බෝම්බයක් පිපිරුවේ නම් සහ එමගින් පස් දෙනෙක් මිය ගියේ නම් බෝම්බ දෙකක් පුපුරා දස දෙනකු මළ බවට ප‍්‍රචාරය කිරීමට මිනිස්සු කැමැත්තාහ. රට වසා තැබූ කාලයේදී සමහරු මේ ජීවන විලාසිතාවට තදින්ම ඇබ්බැහි වූහ. ගේ ඉස්සරහින් ගමන් කරන චූං පාන් වාහනය, ගේ ඉස්සරහින් ගමන් කරන එළවළු ලොරිය, කුකුළු මස් ලොරිය, මාළු ලොරිය, හාල් තුනපහ ලොරිය, රස කැවිලි ලොරිය, පලතුරු ලොරිය යනාදිය පසුපස දිවගොස් ඒවා නවත්වා අතේ තියෙන අන්තිම රුපියලෙනුත් බඩු මිලට ගැනීමට පුරුදු වූ කොට්ඨාසයක් ඉකුත් කොවිඞ් සමයේදී බිහිවූහ. එදා ඔවුන් මුදල් වියදම් කළ විලාසිතාව කොතරම් භයානකද යත් එදා උගස් තැබූ රත්තරන් බඩු බේරා ගැනීමට ඔවුන්ට අදටත් හැකිව නැත. එදා ලබාගත් බඩු වලට මුදල් ගෙවූ ක්‍රෙඩිට් කාඞ්වල ණය පියවීමට ඔවුන්ට අදටත් හැකිව නැත. අපේ මිනිස්සු වැඩිදෙනා ටීවී එක දිහා කට ඇරගෙන බලාගෙන හිටියා මිස එක හතරැස් අඩියක් තුළ මඤ්ඤොක්කා දණ්ඩක්වත් ඉන්දවූයේ නැත. මේ නිසා රට යළි ක‍්‍රියාත්මක වන අවස්ථාව වෙද්දී අපේ රටේ ජනයා හිටියේ එල්ලීමට ලණු තබා දිව නහ ගැනීමට වහ බෝතලයක්වත් මිලට ගනු පිණිස මුදල් නැතිවය. මේ නිසා සමස්ත ලංකා ලොක්ඩවුන් එකක් මෙරටට නොගැළපේ. මෙරටට ගැළපෙන්නේ ජන ජීවිතය යම් පමණකින් ක‍්‍රියාත්මක වන අතර මිනිසුන් විසින්ම ස්වයං වාරණයක් පනවාගෙන ජීවත්වන ලොක්ඩවුන් ක‍්‍රමවේදයක්ය. එහෙත් කොරෝනා රෝගීන් විශාල වශයෙන් හමුවන සංවේදී පෙදෙස්  Isolate කිරීමට හෙවත් හුදකලා කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැන අප තුළ කිසිදු විරෝධයක් නැත. අද සාමාන්‍යයක් වශයෙන් ගත්කල දෛනිකව හමුවන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව එක්දහස් පන්සියයකි. මේ ප‍්‍රමාණය මුලින් දාහකටත් පසුව පන්සියයකටත් බස්සවා ගැනීමට ආණ්ඩුවට හැකි නම් එතැන් සිට ජන ජීවිතය අලූතින්ම පටන් ගත හැකිය.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles