Divaina - ජනවාරි 08 සාධාරණය ඉටු කරමු

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ඊයේ (8 දා) සුවිශේෂි දිනයකි. ඒ රාජගිරියේ ගුවන් පාලම විවෘත කිරීමත්, මොරගහකන්ද ජලාශය විවෘත කිරීමත් නිසා නොවේ. යහපාලන ආණ්‌ඩුව තෙවසරක්‌ සපුරන ලද්දේ ඊයේ නිසාය. ආණ්‌ඩුවේ අටෝ රාශියක්‌ ප්‍රශ්න තිබුණ ද, අර්බුද රැසක්‌ මැද රට දුවමින් තිබුණ ද, 2015 ජනවාරි 08 වැනිදා ගත් එක්‌තරා තීන්දුවක්‌ බොහෝ දේ වෙනස්‌ කළ බව කිව යුතුය. මෛත්‍රිපාල සිරිසේන නම් පොදු අපේකAෂකයා 2015 වර්ෂයේ ජනාධිපතිවරණ සටනට එක්‌වූයේ එසේ මෙසේ ප්‍රතිවාදියකු සමග නොව බොහෝ සුදුසුකම් සපිරූ නමුත් යුද්ධය නිමා කිරීම ප්‍රමුඛ තත්ත්වයක්‌ ලෙස රටම සැලකූ ඒ නිසාම ප්‍රබල අපේක්‌ෂකයකු බවට ද පත්ව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ සමගය. එහෙව් තත්ත්වයක්‌ තුළ "පොදු අපේක්‌ෂකයා" ජයගැනීම යනු තීරණාත්මක කාරණයක්‌ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. කෙසේ හෝ එම ජනාධිපතිවරණයෙන් පසු රටට අලුත් අගමැතිවරයෙක්‌ ලැබුණේය. දින සියයක ආණ්‌ඩුවක්‌ද සැදිණි. ආණ්‌ඩුව හැඳින්වූයේ දෙමුහුන් ආණ්‌ඩුවක්‌ ලෙසය. එය යහපාලන ආණ්‌ඩුව ලෙස නම් කෙරිණි. එතරම් ප්‍රබල ජයග්‍රහණයක්‌ අත්පත් කරගත් ආණ්‌ඩුව දෙවැනි වසරේ සිටම කරන්නට පත් ගත්තේ ලද බොළඳ වැඩය. සියල්ල අනාගන්නා වැඩය. කෝකටත් තෛලය මෙන් පහුගිය ආණ්‌ඩුවේ වැරදි රාශියක්‌ තිබුණු නිසා සමහර ප්‍රශ්නවලට ඒ ගැනම කියමින් කල් අල්ලන්නට මේ ආණ්‌ඩුවට හැකියාව ලැබිණි.
 
 ඇත්තම කතාව නම් මේ වන විට ජනතාව එවැනි දැ පිළිගන්නට අකමැති බවය. දැන් මේ වන විට යහපාලන ආණ්‌ඩුව ඉදිරියේ අභියෝග රාශියක්‌ තිබේ. විහින් දාගත් ප්‍රශ්න විසඳීමට වැඩි කාලයක්‌ ගත කරන නිසාම ආණ්‌ඩුවට වැදගත් බොහෝ ප්‍රශ්න අමතකව ඇති බවක්‌ පෙනේ.
 
 ඇත්තටම දැන් සිදුව තිබෙන්නේ වත්මන් ආණ්‌ඩුවට 2015 ජනවාරි 08 වැනිදා ඡන්දය දුන් උදවිය බරපතළ අර්බුදයක සිරවී සිටීමය. "යහපාලන ආණ්‌ඩුවකට" ඡන්දය දුන් 62 ලක්‌ෂයක ජනතාවට මේ වන විට සිදුව ඇත්තේ ආණ්‌ඩුවේ වැඩ ගැන පිළිතුරු බඳිමින් සිටින්නටය.
 
 රටේ ජනතාව ආණ්‌ඩුවක්‌ වෙනස්‌ කරන්නේ රටේ පාලකයා වෙනස්‌ කරන්නේ ඇත්තටම වෙනසක්‌ ඕනෑ නිසාය. යහපාලනයට ජනතාව ඡන්දය දුන්නේ ද ඒ අර්ථයෙනි. රටේ ජනතාව ඒ "වෙනස"ට අයත් විය යුතු යෑයි සිතූ බොහෝ දේ විය.
 
 දූෂණයෙන් වංචාවෙන් තොර රටක්‌, නාස්‌තිය පිටුදකින රටක්‌, යහපත් ආර්ථික කළමනාකරණයක්‌ ඇති රටක්‌, අපේ සම්පත් රකින රටක්‌, ඒ අතර ප්‍රමුඛ විය. එහෙත් මේ වන විට ඒ බොහෝ කාරණා ගැන ඇති විශ්වාසය සුණු විසුණු වී ගොසිනි. කොටින්ම කීවොත් පටන් ගත්තේම වංචාව දූෂණය ඉදිරියට ගෙන එමිනි.
 
 සතුටු විය හැකි කාරණය වන්නේ තෙවසර සපුරන මොහොතේ හෝ ජනාධිපතිවරයා වැදගත් තීන්දු තීරණ ගැනීමට පියවර ගැනීමය. බැඳුම්කර කොමිසම පත් කිරීමෙන් නොනැවතී ඊට අදාළ වාර්තාවට අනුව ඉදිරි පියවර ගන්නා බව සෘජුව ප්‍රකාශ කීරීම ද ප්‍රශංසනීයය. ඇත්තෙන්ම සිදුවිය යුත්තේ එයයි. ආණ්‌ඩුවේ ඉදිරි කාලයේ හෝ ජනවරමට සාධාරණයක්‌ ඉටු කිරීම දැන්වත් පටන් ගත යුතුය.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles