Divaina - මොරගහකන්ද යශෝරාවය

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

රජරට ගොවි ජනතාවගේ කඳුළු කතාව අදින් පසු නිම වේ. ඒ මන්ද ගොවි දුක නසන කඳුළු පිසින මොරගහකන්ද ජලාශය අද විවෘත වන බැවිනි. මේ මහා ජලාශය රජරටට පමණක්‌ නොව සමස්‌ත ජාතියටම ආශිර්වාදයකි. මන්ද ගොවියා සැනසෙන විට රටම සිනහසෙන බැවිනි.
 
 අතීතයේදී ඇලහැරදී අඹන්ගඟේ අමුණක්‌ බැඳ යෝධ ඇළ තැනවූ වසභ රජ පළමුවරට ඒ දියවර රජරටට ගෙන ගියේය. මහා පරාක්‍රම බාහු රජතුමා අඟමැඩිල්ලෙන් අමුණක්‌ තනවා ආකාශ ගංගාව ඔස්‌සේ පරාක්‍රම සමුද්‍රය පෝෂණය කරවීය. මහසෙන්, දෙවැනි අග්‍රබෝධි රජවරුන්ද යෝධ ඇළේ දියවර ගෙන ගොස්‌ රජරට වැව් පෝෂණය කළ ද සෘජුවම අඹන්ගඟ හරහා ජලාශයක්‌ තනවා නුවර කලා විය සහ පුලතිසි පුරවරයට තෙවැනි වරට ජලය ගෙන යැමේ ගෞරවය හිsමිකර ගත්තේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. සම්පත් කන්දක්‌ රැගෙන මොරගහකන්ද ගලා බසින නිසාම ජනදුක්‌ නිවෙන බව සටහන් කළ යුතුය.
 
 මොරගහකන්ද ජලාශයේ ධාරිතාව අක්‌කර අඩි හයලක්‌ෂ හැටදහසකින් සමන්විතය. එය පරාක්‍රම සමුද්‍රය මෙන් හයගුණයකි. ඒ දියවර සෙත් පිරිතක්‌ සේ ගලා බසිනු ඇත. මොරගහකන්ද නිල් දියවර සියලු දනන්ගේ අධ්‍යාත්මය පුබුදනු ඇත. හෙළ දෙරණ යළි පෙරදිග ධාන්‍යාගාරය කිරීමට හැකියාව ලැබෙනු ඇත. එනිසාම මේ ව්‍යාපෘතිය නූතන වංශ කතාවේ සාඩම්බර ප්‍රකාශනයකි.
 
 එහි ගෞරවය හිමිවන්නේ ජනපතිතුමාටය.
 
 දශක හතරකට පසු ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන්නේ මෙයයි. එනිසාම අක්‌කර ලක්‌ෂ 3 ක්‌ අලුතින් අස්‌වද්දා පුද්ගලයන් ලක්‌ෂ 15 කට සෙත සලසා තවත් ලක්‌ෂ තුනකට පිරිසිදු පානීය ජලය ලබාදීම මෙහි ප්‍රමුඛ අරමුණ වේ. රජරට ජනතාව බිලිගන්නා මාරක වකුගඩු රෝගයට තිත තැබීමටද මේ ව්‍යාපෘතිය හරහා ලබාදෙන පිරිසිදු පානීය ජලයෙන් හැකිවනු ඇත. එනිසාම මේ දියවර ශාන්තියකි. සංවර්ධනයේ යශෝරාවය මොරගහකන්ද දිසාව හරහා දස අත පැතිරෙන බව සහතිකය. වියළි කර්කශ බවින් බැට කෑ ජනතාවට නව මංපෙත් උදා කරනු ඇත. රජරට හා යාබද ප්‍රදේශයන්හි වැව් 1500 කට ආසන්න සංඛ්‍යාවකට අමතර දියවර පහසුකම් ලැබීමම කර්කශ බව දුරු කිරීමට හේතු වනු ඇත.
 
 මොරගහකන්ද ජලාශය නිර්මාණය වන්නේද අතීත උරුමය මතය. අතීත උරුමය රැකීම යනු වාරි සංස්‌කෘතිය සුරැකීමය. රජරට ජනතාවට පසුගිය කාලය පුරාම නියඟයෙන් පීඩා විඳින්නට සිදුවූයේද කාලගුණයේ අකාරුණිකභාවය මෙන්ම නිසි ජල කළමනාකරණයක්‌ද සිදු නොවූ නිසාය. වාරි සංස්‌කෘතිය බිඳ වැටුණු කලක රජරට ජනයා සුරක්‍ෂිත වන්නේ නැත. එහෙත් අද ජනපතිතුමා අතින් මුදාහැරෙන මොරගහකන්ද මංගල දියවරින් රජරට වාරි සංස්‌කෘතිය නව පණක්‌ ලබන බව නම් සහතිකය. එය රජරටට යළි ශ්‍රී විභූතිය ඇති කිරීමකි. එනිසාම මොරගහකන්දේ යශෝරාවයෙන් රටටම ශාන්තිය අත්වේවායි පතමු.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles