Divaina - පොල් කර්මාන්තයට හෙනහුරා ලැබීම...

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

polkarmanathayaරටේ පොල් තෙල් අර්බුදයක් ඇති බව දැන් කවුරුත් හොඳින් දන්නා කාරණයකි. ඒ ආනයනික පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නමැති දිලීරයක් මගින් නිපදවන විස අඩංගු නිසා පමණක් නොවේ. අප කෑමට ගන්නේ රටේ නිපදවන පොල් තෙල්වලට වඩා රටින් ගෙනත් බාන පොල් තෙල් බව හොඳින් අනාවරණය වී ඇති නිසාය. අප සිතුවේ කහ, උඳු වැනි රටේ වගා කළ හැකි බෝග (15 ක* අස්වනු රටින් ගෙන ඒම රජය මගින් තහනම් හා සීමා කිරීමට සමගාමීව පොල් ආශ‍්‍රිත නිෂ්පාදන ද ආනයනය සීමා කර රටේම නිපදවන ප‍්‍රතිපත්තියකට රජය ගමන් කර ඇති බවකි. නමුත් රටින් ගෙනත් මෙතරම් තොග පිටින් පොල්තෙල් හෝ පාම් ඔයිල් කන්නට සිදුවී ඇති බව අප දන්නේ කන්ටේනර් ගණන් විස පොල්තෙල් රේගු දැලේ පැටලෙන්නට පටන් ගැනීමත් සමගය.
 
 මේ අනුව අපට පෙනෙන්නේ රටේ පොල් තෙල් හෝ පොල් මද ආශ‍්‍රිත නිෂ්පාදනවල විශාල කඩාවැටීමක් පවතින බවකි. නැතහොත් රටේ සමස්ත පොල් කර්මාන්තයම අර්බුදයකට ලක්ව ඇති බවකි. පාරම්පරික පොල් තෙල් කර්මාන්තකරුවන් පවසන්නේ මෙසේ පිරිපහදු නොකළ හෝ පිරිපහදු කළ පොල් තෙල් සෘජුවම ආනයනය නොකර, පොල් තෙල් දේශීයව නිපදවන්නට තමන්ගේ කර්මාන්තශාලා සඳහා පොල් මද පමණක් ආනයනය කර දෙන ලෙසය. එසේ වුවහොත් සෞඛ්‍යාරක්ෂිතව හා අඩු මිලට පොල් තෙල් ලබාදිය හැකි බවය. කෙසේ හෝ පොල් තෙල් හා පාම් තෙල් ආනයනය කරන මහා පරිමාණ ව්‍යාපාරිකයින් කිහිපදෙනකු විසින් බාගෙන කන්නට තිබූ වළ ඉහගෙන කන්නට ගොස් පොල්තෙල් කර්මාන්තයට සිදුකර ඇති විනාශය සුළුපටු නැත.
 
 රටේ පොල් තෙල් අර්බුදයක් නොව පොල් අර්බුදයක්ම ඇති බව දැන් ඉතා පැහැදිලිය. පොල් මිල රුපියල් 100 පමණ දක්වා වැඩි වී ඇත්තේ එනිසාය. පොල් තෙල් හදන්නට පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්, රටින් ගෙනත් පොල් මද තමන්ට දෙන්නට කියන්නේ මේ පවතින පොල් අර්බුදය නිසාය. ඒ කොතරම් ද යන්න විමසා බැලීම වටී. එවිට අඩුම තරමින් ගෘහ කර්මාන්තයක් වශයෙන් හෝ තමන්ට අවශ්‍ය පොල් තෙල් ටික නිවසේදීම හදාගන්නට හා පොල් ගසක් දෙකක් වගා කරගන්නට ද ජනතාවට හැකිවන නිසාය.
 
 ඊයේ (07* කොළඹදී පැවති පොල් වගා ප‍්‍රවර්ධනය ආශ‍්‍රිත වැඩසටහනකදී එළි දැක්වුණු වාර්තාවකට අනුව රටේ වාර්ෂික පොල් ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන 2600 - 3000 ත් අතර ප‍්‍රමාණයකි. මෙම අස්වැන්න ලබාගැනීමට අද රට පුරා ඉතිරිව ඇත්තේ පොල් ඉඩම් හෙක්ටයාර් 440,423 ක ඉඩම් ප‍්‍රමාණයකි. අතීතයේ තිබූ බොහෝ පොල් වතු අද නිවාස සංකීර්ණ හෝ වෙන්දේසි වතු බවට පත්ව ඇත. පොල් වගාකරුවන් හත් ලක්ෂයක් දිවයින පුරා විසිරී සිටින අතර, වාර්ෂික ඒක පුද්ගල පොල් පරිභෝජනය ගෙඩි 116 කි.
 
 සංඛ්‍යාලේඛනවලට අනුව සමස්ත පොල් ගෙඩි නිෂ්පාදනයෙන් 70% ක් ගෘහස්ථව පරිභෝජනය කරනු ලැබේ. කර්මාන්ත ක්ෂේත‍්‍රයට ඉතිරි වන්නේ 30% ක ප‍්‍රමාණය වුවත්, කර්මාන්ත හා අපනයන ක්ෂේත‍්‍රයට පොල් බහුලව යොදාගැනීම නිසා කෑමට ඇති 70% න් කර්මාන්ත අංශයට පොල් ලබාගැනීම සිදු කෙරේ. දේශගුණික සාධකවලට අමතරව වෙළෙඳ පොළේ පොල් මිල ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇත්තේ එනිසාය.
 
 ඉහත වාර්තාව කියන පරිදි 1971 සිට 2020 දක්වා රටේ පොල් ඉඩම් ප‍්‍රමාණය (ඉඩම් කට්ටි කිරීම නොසලකා) හා පොල් අස්වැන්න තවමත් පවතින්නේ ඒකාකාරීව ය. නමුත් රටේ ජනගහනය මෙම කාල සීමාව තුළ 70% කින් වැඩිවී ඇත. ඒ අනුව ගෘහස්ථ පොල් පරිභෝජනය (මාළු පොල්) ඉහළ ගොස් ඇති නමුත් ඊට සාපේක්ෂව පොල් ප‍්‍රවර්ධනයක් සිදුවී නැත. එසේම පොල් මද ආශ‍්‍රිත අපනයන කර්මාන්ත ක්ෂේත‍්‍රය ද පුළුල් වී ඇත. 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ පොල් තෙල් (39%), පොල් තලප (47%), පොල් කිරි (40%), පොල් කිරිපිටි (6%), පොල් පිටි (87%) ලෙස අපනයන ආදායම ඉහළ ගොස් ඇති බව කියයි. එනම්, එක් අතකින් පොල් ආශ‍්‍රිත නිෂ්පාදන අපනයනය කරන ගමන් තවත් පැත්තකින් පොල් ආශ‍්‍රිත නිෂ්පාදන ආනයනය කරනු ලබයි. මේ අතර පොල් තෙල් අපනයනයද, ආනයනය ද කරනු පෙනේ. මේ මොන විහිළුවක්ද යන්න අපට නොතේරේ.
 
 මේ අතර රටේ පොල් ප‍්‍රවර්ධනය සඳහා ආයතන හතරක් පිහිටුවා ඒ සඳහා අතිවිශාල මුදල් කන්දරාවක් වැය කරනු ලබයි. එහෙත් පොල් කර්මාන්තය එතැනම යැයි පොල් වගා සම්බන්ධ අමාත්‍යංශයම කියයි. 1928 අංක 24 දරන පොල් පර්යේෂණ පනත ප‍්‍රකාරව පොල් පර්යේෂණ ආයතනයත්, 1971 අංක 46 දරන පොල් සංවර්ධන පනත අනුව පොල් සංවර්ධන අධිකාරිය හා පොල් වගාකිරීමේ මණ්ඩලයත් හා 2005 අංක 31 දරන කප්රුක පනත ප‍්‍රකාරව කප්රුක අරමුදලත් පිහිටුවා ඇත.
 
 නමුත් රටේ පොල් ගස් කැපෙන තරමට පොල් වගා සංවර්ධනයක් ඇතිවන බවක් පෙනෙන්නට නැත. දිනෙන් දින පොල් ගෙඩියේ මිල ඉහළ යෑමත් රටින් ගෙනත් වස විස ගොඩබෑමත්, එක්තරා පැලැන්තියක් පොහොසත් වීමත් හැරෙන්නට පොල් කර්මාන්තයේ අපට පෙනෙන ප‍්‍රගතියක් නම් නැත.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles