Divaina - මූල්‍ය විනය හැදීමට පෙර

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

බැඳුම්කර කොමිසමේ නිර්දේශ කරළියට පැමිණීමත් සමඟ රටේ මූල්‍ය අපරාධ පිළිබඳව නව කතිකාවතක්‌ ගොඩනැඟී තිබේ. ස්‌ත්‍රී දූෂණ, මනුෂ්‍ය ඝාතන හා මංකොල්ලකෑම් වැනි අපට හැමදාමත් පුරුදු අපරාධ අතරට එකතු වූ මූල්‍ය අපරාධ රටේ අනෙක්‌ අපරාධ තරමට වර්ධනය වීමෙන් පෙනෙන්නේ රට යන අත ඉතා අවදානම් බවය. මේ අවදානමෙන් රට මුදා ගැනීමට නම් ආණ්‌ඩුවට විශාල වැඩ කොටසක්‌ කළ යුතුව තිබේ. එය පැහැර හැරිය නොහැකි ජාතික වගකීමකි.
 
 ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය සැකසී තිබෙන්නේ ඉතා සරල තියරියකිනි. එම තියරියට අනුව ආණ්‌ඩුව පත්කරනු ලබන්නේ රටේ පොදු ජනතාවය. එය බොහෝ විට රටේ එක්‌ දේශපාලන පක්‍ෂයක ජයගහ්‍රහණයකි. ඉන් පසු රට පාලනය කරනු ලබන්නේ එම දේශපාලන පක්‍ෂයට මුදල් වියදම් කළ ව්‍යාපාරිකයන්ය. ඉතාලියේදී නම් මෙම ව්‍යාපාරිකයන් හඳුන්වන්නේ 'මාෆියාකරුවන්' ලෙසය. මේ මාෆියාකරුවන් රටේ පිළිගත් සෑම දේශපාලන පක්‍ෂයක්‌ම හොඳින් නඩත්තු කරන අතර ඒ ඒ දේශපාලන පක්‍ෂද බලයට පත්වූ පසු මේ මාෆියාකරුවන් හොඳින් නඩත්තු කරමින් දේශපාලන ආරක්‌ෂාවද ලබා දෙයි. මෙය නිදහසින් පසු 2015 ජනවාරි 08 වැනිදා දක්‌වා රටේ දේශපාලන ක්‍රමය සැකසී තිබූ තියරියයි. මේ තියරිය බිඳ වැටෙන්නේ මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්‌ෂක ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමත් සමඟය. ඇත්තටම මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍රහණය රටේ දේශපාලන පක්‍ෂයක ජයග්‍රහණයක්‌ නොව රටේ පොදු ජනතාවගේ ජයග්‍රහණයකි. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කොමිසමක්‌ පත්කිරීම පිටුපස සිටින ප්‍රධාන බලවේගය වන්නේ මේ පොදු ජනතාවය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වටා සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයටද, එක්‌සත් ජාතික පක්‍ෂයටද වඩා මෙම පොදු ජන බලවේගය ඉතා බලවත් බව රටේ සියලු දේශපාලකයන් මේ මොහොතේ වටහා ගත යුතුය.
 
 නිදහසින් පසු ගෙවී ගිය 69 වසරක කාලය තුළ රටක්‌ ලෙස අපට ඉදිරියට යැමට ඕනෑ තරම් අවස්‌ථා තිබිණි. ඒ සියලු අවස්‌ථා රටේ දූෂිත දේශපාලන පක්‍ෂ ක්‍රමය විසින් විනාශ කර දමා අවසන්ය. රටේ පොදු ජනතාවට යහපත් ජීවිතයක්‌ උදාකිරීම නමැති පොදු අරමුණ වෙනුවට පාක්‌ෂිකයන් සතුටු කිරීමේ දේශපාලන ප්‍රතිපත්තිවලින් රට සියවස්‌ ගණනාවක්‌ ආපස්‌සට ගොස්‌ තිබේ. රටට ඔරොත්තු නොදෙන තරම් රාජ්‍ය සේවකයන්ද එම රාජ්‍ය සේවය මෙහෙයවීම දේශපාලන හෙංචයියන්ද පත් කිරීමේ ආනිසංස ද රටේ සියලු පොදු ජනතාව තේරුම් ගෙන අවසන්ය. රට ආපස්‌සට ගෙන ගිය මේ සාම්ප්‍රදායික දේශපාලනය ජනතාව පිළිකෙව් කරමින් සිටින්නේ මේ නිසාය.
 
 රටේ මූල්‍ය විනය සැකසීමට නව අණ පනත් ගෙන එන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. එය ඉතා ශ්‍රේෂ්ඨ පියවරකි. නමුත් ඊට පෙර රටේ දේශපාලනඥයන්ගේ විනය සැකසීමට අණ පනත් සැකසිය යුතු බව අපගේ මතයයි. මන්ද රටේ සිදුවන අපරාධ බොහොමයකට මුල දේශපාලනඥයාට විනයක්‌ නොමැති වීමය.
 
 මේ අවිනීත දේශපාලනඥයා විසින් රටට උරුම කරදී තිබෙන අවිනීත සංස්‌කෘතිය අවසන් කළ හැක්‌කේ රටේ දේශපාලනඥයා විනයගරුක පුද්ගලයකු කිරීමෙන් පමණි. එය ඉටුකිරීමට රටේ පොදු ජන ආණ්‌ඩුවට හැකිවේවායි යන්න අපගේ පැතුමයි.

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles