Divaina - ටයි පටි හොරු හෙළිවීම

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


බැඳුම්කර හොරුන්ට සිදුවන්නේ කුමක්‌ද යන්න ගැන රටම බලා සිටී. මෙය ඉතිහාසයේ විශාලම හොරකමකි. සාමාන්‍ය හොරුන්ට කරන්නට අපහසු හොරකමකි. මෙය ටයිපටි හොරුන්ගේ වැඩක්‌ බව කිවහොත් එය නිවැරැදි ය. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා දිනයේ ජාතිය අමතමින් බැඳුම්කර ජනපති කොමිසමේ නිර්දේශ හෙළිකර සිටියේ ය. මෙවැනි කොමිසමක්‌ පත්කර ටයිපටි හොරුන්ගේ මූල්‍ය වංචා, තක්‌කඩිකම් හෙළි කිරීමට කටයුතු කිරීම ගැන රටේ බහුතරය එතුමාට ගෞරවනීය ස්‌තූතිය පුදකරන බව පැහැදිලි ය.
 
 රටේ බඩු මිල ඉහළ ගොස්‌ පොදු ජනයා ජීවන බරින් මිරිකී තැලී පොඩිවන බව රහසක්‌ නොවේ. මේ පීඩනයට එක්‌ හේතුවක්‌ වන්නේ බැඳුම්කර වංචාවය. හිටපු මහ බැංකු අධිපති මාමා සිය බෑනා සමඟ එකතුව රටට අහිමි කළ මුදල කොපමණද? රුපියල් කෝටි 1145 කි. මේවා කජු ඇට, කොස්‌ඇට නොවේ. මේ වන්දිය ගෙවන්න වෙන්නේ කාටද? මහජනයාගේ පරිප්පු, සහල්වලින් ලබා ගන්නා බදුÊමුදලෙන්ද?. හිටපු මහ බැංකු අධිපතිගේ බෑනාගේ සමාගම එක්‌ දිනයක බැඳුම්කර වෙන්දේසියෙන් රුපියල් කෝටි 69 ක වාසියක්‌ ලබාගෙන ඇති බව මේ වාර්තාවෙන් හෙළිකර ඇත. එක්‌ දිනකදී මෙවන් ලාභ ලබා ගත හැක්‌කේ කුමන සමාගමටද? ඉන්දියාවේ ධන කුවේරයා වන මුකේෂ් අම්බානිගේ සමාගම් ජාලයට පවා එක්‌ දිනයකදී මෙවන් ලාභයක්‌ ලැබිය හැකිද?. මේවා ලාභ නොව කලු සල්ලි ජාවාරමකි. එසේ නැත්නම් නිධන් කඩා සොරකම් කිරීමක්‌ වැන්න.
 
 මේ වංචාව සිදුකළ පුද්ගලයන්ට සිදුවන්නේ කුමක්‌ද යන්න පිළිබඳ රටම බලා සිටී. හොඳම මුදල් ඇමැතිවරයා ලෙස සම්මාන දිනු පුද්ගලයාට නඩු දමන්නැයි බැඳුම්කර කොමිසමෙන් නිර්දේශ කර ඇත. එසේ නම් නඩු දමන්නේ කවදාද?. බැඳුම්කර ගනුදෙනුව හරහා උපයාගත් සියලු වත්කම් රාජසන්තක කිරීමට මැලි විය යුතු නැත. එසේ නොවන්නේ නම් මේ ටයි පටි හොරු යළි යළිත් බිහිවීම වැළැක්‌විය නොහැකි වනු ඇත.
 
 සේවක අර්ථසාධක අරමුදල, මහපොළ ශිෂ්‍යත්ව අරමුදල, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව වැනි ආයතනවලට මේ ඊනියා බැඳුම්කර වංචාව නිසා අහිsමි වී ඇති මුදල රුපියල් කෝටි 850 කි. මේ මුදල් අහිමි නොවූවේ නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ මහපොළ දීමනාව තවත් වැඩි කිරීමට හැකියාව තිබිණි. නමුත් බෑනාගේ සමාගම දුප්පත් සරසවි ශිෂ්‍යයන්ගේ බත්පතටත් වැලි දමා තිබෙන බව පෙනී යයි.
 
 හිටපු මහ බැංකු අධිපතිවරයා දැන් රටේත් නැත. මේ සිංගප්පූරු වැසියාට එරෙහිව නීතිය ක්‍රිsයාත්මක විය යුතු ය. එසේ නොවන්නේ නම් මේ කොමිෂන් සභා වාර්තා එළිදැක්‌වීමෙන් කිසිම යහපතක්‌ අත්වන්නේ නැත. බැඳුම්කරයෙන් රටට අහිමි වූ පාඩුව අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමෙන් අයකර ගැනීමට කොමිසම නිර්දේශ කළ ද ශ්‍රී ලංකාවේ පවතින මූල්‍ය අපරාධ නීති යටතේ එය සිදුකිරීම ප්‍රායෝගික නොවන බව නීති විශාරදයන්ගේ මතයයි. දැනට රටේ පවතින නීතිය අනුව නීතිපතිවරයාට කළ හැක්‌කේ අදාළ චෝදනා සම්බන්ධයෙන් මහාධිකරණයට අධිචෝදනා පත්‍රයක්‌ යෑවීම පමණි. එලෙස අධිචෝදනා ගොනු කළ ද හිටපු මහ බැංකු අධිපතිවරයා ශ්‍රී ලංකා පුරවැසියකු නොවන නිසා රටේ නීතිය යටතේ ඔහු මහාධිකරණයට කැඳවීමට හැකියාවක්‌ නොමැත. ඔහු මහාධිකරණයට කැඳවීමට නම් පළමුව කළ යුත්තේ ඔහු පුරවැසිභාවය ලබන සිංගප්පූරු රජයෙන් ඔහුව පිටුවහල් කරන ලෙස ඉල්ලීමක්‌ කිරීමය. එය ඉතා සංකීර්ණ, ව්‍යාකූල ක්‍රියාවලියකි. කෙසේ වුවද රටේ පවතින නීතිය මෙම මූල්‍ය වංචාකරුවන්ට නිසි දඬුවම් දීමට ප්‍රමාණවත් නොවේ නම් නව නීති සම්පාදනය කර හෝ මෙම වංචනිකයන්ට දඬුවම් දී රටට අහිමි වූ මුදල් අයකර ගත යුතුය. බැඳුම්කර වාර්තාව එළිදැක්‌වීමට ජනපතිවරයා කටයුතු කළ ආකාරයෙන්ම මේ ටයි පටි හොරුන්ට දඩුවම් ලබා දී මෙම මුදල් රජයට නැවත අයකර ගැනීමට රටේ විධායකය ක්‍රියාකරන්නේ කෙසේද යන්න පිළිබඳවත් ලාංකිකයා උනන්දුවෙන් බලා සිටින බව සටහන් කළ යුතුය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles