Divaina - රටවල් 21 ට අපේ උපහාරය

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ශ‍්‍රී ලංකාවේ හමුදාව 2009 වසරේ මැයි මාසයේ ලබාගත් සුවිශේෂ ජයග‍්‍රහණය නීති විරෝධී ත‍්‍රස්ත සංවිධානයකට එරෙහිව කරන ලද යුද්ධයකින් බව රහසක් නොවේ. නමුත් මෙය පිළිගන්නට බැරි පිරිසක් මෙරට මෙන්ම ලොව පුරා විසිර සිටිති. එක පිරිසක් වන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජන දුක අලෙවි කරන දෙමළ දේශපාලන පක්ෂ කිහිපයයි. අනෙක් පැත්තෙන් කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව සෑමවිටම ලංකා ආණ්ඩුව මානව හිමිකම් උගුලේ සිර කරන්නේ කෙසේද? ලංකාවට එරෙහි සම්භාධක පනවන්නේ කවදාද යන්න ගැන ඇඟිලි ගනිමින් සිටී. එය 2009 සිටම ආරම්භවී ඇති නොනවතින උත්සාහයකි. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ සිය වාර්තා මගින් මෙරට ඇත්ත තත්ත්වය නොදැන පදනම් විරහිත චෝදනා එල්ල කරන්නේ සැබවින්ම ලංකාවට එරෙහි බලවේගවල සිත් සතුටු කිරීමට මිස මෙරට සංහි`දියාව තහවුරු කිරීමට නම් නොවේ. ඇයගේ බලවත් උවමනාව ‘‘විදේශීය විනිසුරුවන් ගෙනැවිත් පරීක්ෂණ පැවැත්වීමට” බව පෙනී යයි. කෙසේ නමුත් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කර තිබුණේ ‘‘අපේ රට ස්වෛරී රාජ්‍යයක්. අපි කටයුතු කරන්නේ අපේ ව්‍යවස්ථාවට අනුව. අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව විදේශීය නඩුකාරවරු ගෙනැවිත් මෙවැනි දෙයක් කරන්න කිසි ලෙසකින් ඉඩක් නැහැ.” යනුවෙනි. එය සැබවින්ම අගය කළ යුතුය. ශ‍්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයකි. එයට අත පෙවීමට මිෂෙල් බැෂලේට නොහැකිය. පසුගිය 25 වැනිදා පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක‍්‍රියාකාරී සංවාදයේදී, මහකොමසාරිස්වරිය ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් රටවල් 38ක නියෝජිතයන් සිය රටවල නිල ස්ථාවරය පැහැදිලි කර තිබුණි. එහිදී එක්සත් රාජධානිය, ප‍්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය, නොර්වේ රාජ්‍යය, කැනඩාව, ස්විට්සර්ලන්තය, බෙල්ජියම, නෙදර්ලන්තය, අයර්ලන්තය ඇතුළු රටවල් 15ක් මහකොමසාරිස්වරියගේ වාර්තාවට පක්ෂව ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය විවේචනය කරමින් අදහස් පළකර තිබුණි. නමුත් චීනය, පාකිස්තානය, ඉරානය, සිරියාව, රුසියාව, කියුබාව, ලා ඕසය, වියට්නාමය, පිලිපීනය, මාලදිවයින, නේපාලය ඇතුළු රටවල් 21ක් මහකොමසාරිස්වරියගේ වාර්තාවට එකඟ නොවන ස්ථාවරයක සිටිමින් ශ‍්‍රී ලංකාවට පක්ෂව අදහස් පළකර තිබිණි. එය සැබවින්ම අගය කළ යුතුය. ඒ රටවලට කෘතඥතාව හිමි විය යුතුය. මන්ද මිෂෙල් බැෂලේගේ කැකිල්ලේ වාර්තාවට එරෙහිව ලංකාව සමග සිට ගනිමින් බටහිර ලෝකයේ ඊනියා බලහත්කාරයට එරෙහිව මේ කුඩා දූපත තනි නොකිරීම ගැන ඒ රටවල රාජ්‍ය නායකයන්ට අපගේ උපහාරය හිමිවිය යුතය. විශේෂයෙන්ම චීනය අපට ලබා දුන් සහාය සෑමවිටම ගෞරාවයෙන් සිහිකළ යුතුය.
 
 පසුගිය 25 වැනිදා පැවැති සැසියේදී චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂූ මෙලෙස ප‍්‍රකාශ කර සිටියේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවට ඇතුල් පහරක් දෙමිනි. ‘‘ශ‍්‍රී ලංකාවේ මිත‍්‍රශීලී අසල්වැසියකු ලෙස චීනය අවංකවම ශ‍්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය, ජනවාර්ගිකසහයෝගීතාවය සහ ජාතික සමගිය පවත්වා ගෙන යෑමට සහයෝගය දක්වන අතර ශ‍්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයේ ඉදිරි ජයග‍්‍රහණ අපේක්ෂා කරනවා. ජාතික සංහිඳියාව හා ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම ආදී කටයුතු සඳහා ශ‍්‍රී ලංකා රජය ගන්නා උත්සාහයන් ගැන ද අප ප‍්‍රශංසා කරනවා. ශ‍්‍රී ලංකාව පිළිබඳ මෙම සැසිවාරයට ඉදිරිපත් කොට ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාවේ ඇති පැහැදිලි පක්ෂපාතී බව පිළිබඳව අපි සැලකිලිමත් වන අතර ශ‍්‍රී ලංකා රජය විසින් සපයනු ලබන නිල තොරතුරු භාවිත කිරීමට එම වාර්තාව අපොහොසත් වීම පිළිබඳව අපගේ බලවත් කනගාටුව ප‍්‍රකාශ කරනවා. මෙම ”වැළැක්වීමේ මැදිහත්වීම” සහ වාර්තාවේ අඩංගු යෝජිත ඉලක්කගත සම්බාධක යනු ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට පැහැදිලි මැදිහත්වීමක් වන අතර සැබැවින්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට හිමි බලය ඉක්මවා යෑමක්” යනුවෙන් චෙන් ෂූ මහතා අවධාරණය කර තිබිණි. චීන බලවතා අප පිටුපස සිට ගැනීම වැදගත්ය.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles