Divaina - මත්ද්‍රව්‍ය ජාවාරමට තිත තැබිය නොහැකිද?

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

drugsවිදේශයන්හි රැඳී සිටිමින් මෙරට මත්කුඩු ජාවාරම් මෙහෙයවන 23 දෙනකු ගැන පොලිසියේ අවධානය යොමුවී තිබේ. ඒ අනුව මෙම 23 දෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලබාගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර  ගොනාකෝවිලේ අංජු, රත්මලානේ ධර්මේ නොහොත් ධර්මසිරි පෙරේරා, අතුරුගිරියේ ලඩියා, කොස්ගොඩ සුජී, මිදිගම චින්තක සහ කෙසෙල්වත්තේ දිනුක ඇතුළු පිරිස් සිටින බවද වාර්තා වෙයි.
 
 අප රට තුළ කි‍්‍රයාත්මක මත්කුඩු ජාවාරම නැවැත්වීමට නම් මොනතරම් අභියෝග තිබුණත් මෙම ‘කුඩු සෙට්’ එක අත්අඩංගුවට ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුව ඇත. එසේ නොවුණොත් සිදුවනුයේ අප රටේ තරුණ පරපුර පමණක් නොව කුඩුවලට ඇබ්බැහි වූ වැඩිහිටියන්ගේ ද ජීවිත දිනෙන් දින විනාශවී යෑමයි. කුඩුවලට ඇබ්බැහි අයකු පවුලකට සිටියොත් සාමාන්‍යයෙන් සිදුවනුයේ එම පවුලම නන්නත්තාර වීම පමණි. එනිසාම උපරිම නීතිරීති මෙන්ම දඬුවම් පනවා අප රටේ මත්ද්‍රව්‍ය ජාවාරමට තිත තැබිය යුතුය. පසුගිය කාලයේදී මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිද්ධිය වූයේ මත්ද්‍රව්‍ය වැටලීමට සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේම හෙවත් නාකොටික් එකේ සෙට් එකක් මෙම ජාවාරමට සම්බන්ධව සිටීමයි. අත්අඩංගුවේ පසුවන එම පිරිසේ තීරණය උසාවිය සතුය. මේ අතර පෙරේදා හොරණින් වාර්තා වූ සිද්ධිය සලකා බැලීමේදී කුඩු ජාවාරම්කරුවන් අප රට තුළ මත්ද්‍රව්‍ය බෙදාහැරීමට කෙතරම් සූක්‍ෂ්ම ලෙස කි‍්‍රයාත්මක වන්නේ ද යන්න පැහැදිලිය. එම සිද්ධියට සම්බන්ධ හමුදා සෙබළුන් දෙදෙනා වැලිගම සිට කොළඹට අවස්ථා තුනකදී කෝටි 100කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය හමුදාවේ වෑන් රියකින්ම ප‍්‍රවාහනය කර තිබේ. අප රටේ හමුදාව ගැන විශාල විශ්වාසයක් හා ගෞරවයක් අප සිත් තුළ තිබේ. අප රට ප‍්‍රභාකරන්ගෙන් ගලවා ගැනීම මෙන්ම විවිධ උපද්‍රවවලදී හමුදාව කරන කැපවීම ඊට හේතුවී තිබේ. මෙම හමුදා සෙබළුන් දෙදෙනා තම පහත් ව්‍යාපාරය පවත්වාගෙන යෑම සඳහා උපයෝගී කරගෙන ඇත්තේ හමුදා කෙරේ අප රට තුළ ඇති ගෞරවණීයභාවයයි. හමුදාවේ නමත් කෙලෙසූ මෙම දෙදෙනාට උපරිම දඬුවම් ලබාදිය යුතුමය.
 
 මෙහිදී අපට නැගෙන ප‍්‍රධාන ප‍්‍රශ්නයක් තිබේ. එනම් අප රට දූපතකි. ඒ අනුව අප රටට කුඩු ගෙන ඒමට ඇත්තේ මාර්ග දෙකක් පමණි. එකක් ගුවනින්ය. අනෙක මුහුදු මාර්ගයයි. මෙම මාර්ග දෙකෙන් තොරව අප රටට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ අවකාශයක් නොමැත. එනිසාම මෙම ප‍්‍රධාන මාර්ග දෙකෙන් අප රටට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීම සඳහා සූක්‍ෂ්ම වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කළ යුතුය. විශේෂයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධ ජාලය ගැන සොයා බලා කි‍්‍රයාත්මක වීමට තියුණු බුද්ධි අංශයක් අප විසින් නිර්මාණය කළ යුතුය. එය දවසකින් දෙකකින් කළ නොහැකි මුත් ශක්තිමත් වැඩපිළිවෙළක් යටතේ එය ඉතා ඉක්මනින් කි‍්‍රයාත්මක කිරීමේ හැකියාව පවතී.
 
 අනෙක් කාරණය වන්නේ පාතාලයයි. පාතාලයත් කුඩු ජාවාරමත් අතර ඇත්තේ සමීප සබඳතාවයකි. කුඩු ජාවාරම්කරුවන් පාතාලය නිසාත් පාතාලය කුඩු ජාවාරම්කරුවන් නිසාත් වැජඹෙන බව පසුගිය කාලයේදී සිදුකෙරුණු පරීක්‍ෂණ අනුව පැහැදිලිය. එනිසාම අප රටෙන් කුඩු තුරන් කිරීමට නම් පාතාලයත්, කුඩු ජාවාරමනුත් එකට තබා පරාජය කළ යුතුව ඇත. පිලිපීන ජනාධිපති රොඞ්රිගු ඩොඩරේට් එරට කුඩු යුද්ධය නතර කිරීමට දැඩි තීන්දු ගත්තේය. එහිදී 7000ක් මරුමුවට පත්වූහ. එහි යහපත් ප‍්‍රතිඵල අද පිලිපීනයෙන් දැකිය හැක. අප රටට පිලිපීන ජනාධිපතිවරයා සේම දැඩි තීන්දු ගැනීමට හැකිවෙතැයි අප විශ්වාස කරන්නේ නැත. මන්ද අප රටේ සෑම දෙයකටම මානව හිමිකම් තොණ්ඩු වැටෙන බැවිනි. එහෙත් උපායශීලී වුවහොත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ට මෙන්ම මෙරට පාතාලයට තිත තැබීමට බැරිකමක් නැත.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles