Divaina - අන්තවාදයට ඉඩ නොදෙමු

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

අන්තවාදීන්ගෙන් අප රටට ආ හානිය සුළුපටු නොවේ. ප‍්‍රභාකරන් නමැති ම්ලේච්ඡු ත‍්‍රස්තවාදියාගේ අන්තවාදී න්‍යාය නිසා අප රට ලේ විලක් වූ අයුරු රහසක් නොවේ. ස්වෛරී රාජ්‍යයක් දෙකඩ කර වෙනම ඊළාම් සිහිනයක් නිර්මාණය කිරීමට කැසකැවූ ප‍්‍රභාකරන් නිසා සිංහල ජනතාව පමණක් නොව අප රටේ සියලූ ජාතීහු පීඩාවට පත්වූහ. තම ජාතියේ විමුක්තිය ලබාදෙන බව පවසා මිනිස් බෝම්බකරුවන් නිර්මාණය කළ ප‍්‍රභාකරන් මේ රටේ දහස් ගණනක් ඝාතනය කළේය. අන්තර්ජාතික නීති නොතකමින් ළමා සොල්දාදුවන් හැ¥ ප‍්‍රභාකරන් ඔවුන්ගේ කරට සයනයිඞ් කරල් එල්ලූවේ තම අන්තවාදී අදහස් කෙසේ හෝ ඉටුකර ගැනීමේ පරමාර්ථයෙනි. එහෙත් අපගේ වීරෝදාර සෙල්දාදුවන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මේ අන්තවාදී ප‍්‍රභාකරන්ගේ පැසිස්ට්වාදය නිමා කිරීමට හැකි විය. ප‍්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කිරීමකින් තොරව අප රටට සාමය උදාවන්නේ නැතැයි අප පුවත්පත ප‍්‍රකාශ කළ විට ඇතැම්හු අපට ජාතිවාදී ලේබල් ඇළවූහ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් අපගේ මතවාදය නිවැරැුදි බව රට හමුවේ ඔප්පු විය. අපි එදත් අන්තවාදය ප‍්‍රතික්‍ෂේප කළෙමු. අදත් එම ප‍්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැත.
 
 ප‍්‍රභාකරන්ගෙන් මේ රට නිදහස් කිරීමෙන් අනතුරුව අන්තවාදීන්ගේ කි‍්‍රයාකාරීත්වය යම් පමණකට අවසන් වුවද ප‍්‍රභාකරන්ගේ අඳුරු සෙවණැලි කි‍්‍රයාත්මක වන බව ජිනීවා සමුළුව දෙස බැලීමේදී පෙනී යයි. ප‍්‍රභාකරන්ගෙන් ගිලිහුණු අන්තවාදී අවිය අද දෙමළ ඩයස්පෝරාව අතට ගෙන තිබේ. මෙය පරාජය කළ හැකිය. ඒ සඳහා රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමින් කි‍්‍රයාත්මක ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් අද අවැසිව තිබේ. කොටින්ට උඩගෙඩි දෙන මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේගේ මතවාද පරාජය කළ හැකි ශක්තිමත් යාන්ත‍්‍රණයක් අප සකසා ගත යුතුය.
 
 අද අප රටේ කිසිදු ජාතියක් අතර විරසකභාවයක් නොමැත. එහෙත් සමහර දෙමළ දේශපාලනඥයන් පිරිසක් තමන්ගේ පැවැත්ම සඳහා අන්තවාදී මතවාද නිර්මාණය කරමින් එය ජාත්‍යන්තරයට ගෙනයෑමේ උත්සාහයක නිරත වෙති. එනිසාම මේ මොහොතේදී මේ සියලූ අන්තවාදයන් පරාජය කිරීමේ මූලික අභිලාෂයෙන් රටක් ලෙස අප තීන්දු තීරණ ගත යුතුව ඇත.
 
 ඊයේ පුවත්පත් බොහෝමයක මුල් පුවත ලෙස පළවූයේ පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් පැවැත්වූ අන්තවාදී පන්තිවලට සහභාගි වූ කාන්තාවන් 15 දෙනකු මරාගෙන මැරෙන ප‍්‍රහාර සඳහා ප‍්‍රතිඥා දී ඇති බවයි. මින් පස්දෙනකු සයින්දමරුදු පිපිරීමේදී මියගිය බව, අත්අඩංගුවට ගනු ලැබූ තව්හිද් ජමාත් කි‍්‍රයාකාරීනි ෂහිඩා ජමාත් පාපොච්චාරණය කර තිබිණි. මේ වන විට ඇය ද සමග මරාගෙන මැරෙන කාන්තාවෝ හත්දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 මේ සිදුවීම් අනුව පැහැදිලි වන්නේ සහරාන්ලාගේ අන්තවාදය විසින් අප සමාජයට මුදාහැරීමට තැත් කළ විනාශය තවමත් අවසන් නොවී ඇති බවයි. එනිසාම හමුදාවේ බුද්ධි අංශ විසින් අන්තවාදීන්ගේ කි‍්‍රයාකාරකම් නැවැත්වීම සඳහා මෙහෙයුම් වඩ වඩාත් පුළුල් කළ යුතුව ඇත. බොහෝ අන්තවාදීන් සමාජයේ පවතින නිහ`ඩ කාලය තම අරමුණ කරා යෑමට පහසුම කාලය ලෙස තෝරා ගැනිණි. එනිසාම අප රටේ බුද්ධි සහ ආරක්‍ෂක අංශ ගෙනයන වැඩපිළිවෙළට සමගාමීව අන්තවාදීන් හඳුනා ගැනීමට මහජනතාව මහා පවුරක් සේ කි‍්‍රයාකළහොත් අපට සිදුවිය හැකි මහා විපත් වළකා ගත හැකි වනු ඇත. ප‍්‍රභාකරන් ඇතුළු අන්තවාදී නඩය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව අප රට යළිත් ත‍්‍රස්ත ප‍්‍රහාරයට ලක්වේ යැයි බොහෝ දෙනා සිතුවේ නැත. එහෙත් පාස්කු දින ප‍්‍රහාරය හමුවේ අප රට සලිත වූ බව නොරහසකි. එම සලිත වීමේ ප‍්‍රතිඵල අදත් ඉවර නැත. පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට කොමිසමක් පත්කිරීම, ඒ ගැන සොයා බැලීමට රජයෙන් කමිටුවක් පත්කිරීම සහ ඊට කාදිනල්තුමන්ගේ ඇතුළු කතෝලික ජනතාවගේ විරෝධය පළවීම වැනි කාරණා ඔස්සේ පෙනී යන්නේ සහරාන්ලා අප සමාජය මත මුදාහල අන්තවාදය නිසා රටක් ලෙස අප මහත් අසීරුවට පත්වී ඇති බව නොවේද? පාස්කු ප‍්‍රහාරකයන්ට, ඔවුන්ට අනුබල දුන්නන්ට, ප‍්‍රහාරයක් එල්ල වන බව දැන දැන ඒ ගැන වගකීමෙන් කටයුතු නොකළ සියලූ දෙනාට නීතිය කි‍්‍රයාත්මක විය යුතුය. ඒ පිළිබඳව කිසිදු විවාදයක් නොමැත. එසේම යළිත් මෙවැනි අන්තවාදී ප‍්‍රහාරවලට මුළුමනින්ම වැට බැදීම සඳහා ක‍්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුය.

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles