Divaina - රට කුඩු කරන කුඩු

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රශ්න මේ රටේ දවසකට කිහිපයක්‌ අසන්නට ලැබේ. එක්‌කෝ කුඩු (මත්ද්‍රව්‍ය) අත්අඩංගුවට ගැනීම් ය. එහෙමත් නැතිනම් මත්ද්‍රව්‍ය භාවිත කළ එකෙකු කරන ලද නොපනත්කමක්‌ ගැනය. ඊටත් අමතරව පාතාල කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගැනීමක්‌ වාර්තා වුවහොත් අනිවාර්යයෙන්ම එම පාතාල සාමාජිකයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය විණැයි වාර්තා වේ.
 
 ඇත්තම කීවොත් කන්ටේනර පිටින් කුඩු මෙරටට ගෙන ආවද ගෙන්වන මිනිහෙක්‌ හොයාගන්නට නැත. කුඩු තොග ගණනින් අත්අඩංගුවට ගන්නා මුqත් ඒවාට වෙන දෙයක්‌ නැත. ආණ්‌ඩුවට විස¹ගන්නට බොහෝ ප්‍රශ්න තිබේ. ඒ තිබෙන ප්‍රශ්න, කරදර මදිවාට පුංචි ඡන්දයක්‌ ද ලැහැස්‌ති කරගෙන තිබෙන නිසා මත්ද්‍රව්‍ය ජාවාරම වැනි සිල්ලර ප්‍රශ්න පසෙකින් තබා තිබෙනවා වන්නට පුළුවන. එහෙත් සෙස්‌ස පස්‌සට තැබීම භයානක ප්‍රතිඵල අත්කර දිය හැකිය.
 
 ඊයේ (02 දා) "දිවයින" පුවත්පතේ ශීර්ෂ පාඨය වූයේ එවැනි කාරණයකි. එම ප්‍රවෘත්තියට අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ 45000 ක්‌ පමණ දෙනා කුඩු ගසති. ඔවුනට දෛනිකව හෙරොයින් කිලෝ 04 ක්‌ අවශ්‍ය වන බව ද කියති. මේ බව කියන්නේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපතිවරයා නිසා ඒ ගැන කිසිදු සැක සංකාවක්‌ තබා ගත යුතු නැත. කෙසේ හෝ ඒ අනුව හෙරොයින් ලෝලීන් වෙනුවෙන් වසරකට ඇස්‌තමේන්තු ගත හෙරොයින් ප්‍රමාණය කිලෝa 1478 කි. එම ප්‍රමාණය ඊටත් වඩා වැඩි වුණොත් මිස අඩු වීමට හැකියාවක්‌ නැති බව අපේ මතයයි. පසුගිය කාලය පුරාම අත්අඩංගුවට ගත් කුඩු ප්‍රමාණය ගැන සැසඳීමේදී එවැනි විශ්වාසයක්‌ ඇතිවීම ගැන පුදුම විය යුතු නැත.
 
 පුදුම විය යුතු කාරණය එය නොවේ. මේ රටේ නමගිය කුඩු කප්පිත්තන් සියලු දෙනාම හිරේය. තවත් බොහෝ අය රටින් පැන ගොසිනි. ඒත් වැඩේ දුවන්නේය. රට පුරාම විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම ත්‍රිපෝෂ බෙදනවාටත් වඩා පහසුවෙන් කළ හැකිය.
 
 තත්ත්වය ටිකක්‌ නොව ඉතා ම බරපතළ බව කියන්නට වෙනත් කාරණා අවශ්‍ය නැත. රට තුළට හෙරොයින්, කොකේන්, කේරළ ගංජා, මත්පෙති, දියර වර්ග, මත් දුම්කුඩු, විවිධ පෙති වර්ග මහා පරිමාණයෙන් ගලා එන බව දැන් රටේ නොදන්නා කෙනෙක්‌ නැත. අප විශ්වාස කරන්නේ මේ අනතුරුදායක වටපිටාව නිර්මාණය වන්නේ එම තත්ත්වය හරිහැටි කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළක්‌ කිසිදු ආණ්‌ඩුවකට නොතිබුණු නිසා බවය. පොලිස්‌ දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සතියේ වැඩ කරන දිනකට අවම වශයෙන් 330 දෙනෙකුට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනේ. මෙහිදී අප අවධාරණය කරන්නේ මේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා පිරිස අතර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නැති බවය. මේ "නඩු µයිල්" වන්නේ බොහෝ විට මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට එරෙහිවය. ඒ නිසාම ඉඳහිට අත්අඩංගුවට ගන්නා, ජීවිතාන්තය දක්‌වා සිපිරි ගෙට නියම වන්නන් පිළිබඳව කියමින් උදම් ඇනීම ප්‍රායෝගික නැත.
 
 එම ශීර්ෂ පාඨය අයත් ප්‍රවෘත්තියේ සඳහන් සංඛ්‍යාලේඛන එතරම් බරපතළ තත්ත්වයක පවතින්නේ රටේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් රාශියක්‌ ක්‍රියාත්මක කර ඇති මොහොතක වීම සුවිශේෂය. මත්ද්‍රව්‍ය මේ රටට ගෙන්වීම තනි පුද්ගල ක්‍රියාවක්‌ නොවේ. ඒ හා බැඳුණු ඉහළ අතු (දේශපාලන සම්බන්ධකම් ද ඇතිව) බොහෝ සෙයින් තිබිය හැක.
 
 2020 වසර වන විට මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමට පොලිසිය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, බන්ධනාගාරය, ත්‍රිවිධ හමුදාව සම්බන්ධ කරගත් විශේෂ වැඩසටහනක්‌ ක්‍රියාත්මක වන බව ප්‍රවෘත්තියේ සඳහන්ය. මේ වැඩේ යථාර්ථයක්‌ වන්නේ අප ඉහත කී කාරණා ගැන හරි අවධානයක්‌ යොමු කළොත් පමණක්‌ බව සිහිපත් කරමු.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles