Divaina - රටට යහපත

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


20017 වසර ගෙවී ගොස්‌ 2018 වසර උදා වී ඇත. නව බලාපොරොත්තු නව අපේක්‍ෂා මැද ලක්‌වැසියෝ සුබ ප්‍රාර්ථනාවෙන් මේ වසර පිළිගනිති. බලාපොරොත්තු යනු මිනිසා ජීවත් කරන්නකි. ප්‍රාර්ථනා යනු ඔහුට ආශ්වාද සපයන්නකි. ගෙවී ගිය වසරේ දුක්‌ දොම්නස බැහැර වී අපේ පාඨක ප්‍රජාව සියලු ආකාරයෙන් බලගැන්වේවා යන්න 2018 වසරේ ප්‍රාර්ථනාවයි.
 
 නව වසර උදාවන්නේ මැතිවරණ උණුසුම සමගය. මේ මැතිවරණය යහපාලන ආණ්‌ඩුවට තීරණාත්මකය. එය රජයේ හොඳ නරක කිරා බැලෙන ජනමත විචාරණයකට සමානය. පෝස්‌ටර් කටවුට්‌වලට විවිධ තහනම් පැනවී ඇතත් සෑම තැනම සිනහමුසු මුහුණෙන් විවිධ අපේක්‍ෂකයන් බිත්තිවල විදුලි කණුවල එල්ලී සිටින අයුරු පෙනේ. තම කොට්‌ඨාසය දිනා ගැනීම වෙනුවෙන් මිලියන ගණනින් වුවත් වියදම් කිරීමට සමහර අපේක්‍ෂකයන් සූදානම් බව පෙනී යයි. මිලියන ගණනින් වියදම් කර පුර සබයට එන්නේ ජනතා සේවය සඳහා පමණක්‌ ද?
 
 පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්‍ෂකයන් අතර සමාජ විරෝධී ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් 32 ක්‌ සිටින බව වාර්තා වී ඇති නිසා රටේ ජනතාව වඩාත් විමසිලිමත්ව ඡන්දය භාවිත කළ යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්‌ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි. මෙවන් සමාජ විරෝධී පුද්ගලයන්ට ඡන්දය ලබා දී පුර සබය වර්ණවත් කළ හැකිද? කොළඹ දිස්‌ත්‍රික්‌කයේ එක්‌ අපේක්‍ෂකයකුට නීති විරෝධී මත්පැන් අලෙවිය හා අවි ආයුධ ජාවාරම පිළිබඳ චෝදනා එල්ල වී ඇති බව පැෆරල් සංවිධානය කියයි. ජනාධිපතිවරයා නම් පොලොන්නරුවේදී ප්‍රකාශ කර තිබුණේ මත්පැන් පානය කරන්නන්ට ඡන්දය ලබා නොදෙන ලෙසය. රටේ නායකයා ලෙස සුචරිතයේ හැසිරෙන පළාත් පාලන මන්ත්‍රීන් පත්කර ගැනීම එතුමාගේ අපේක්‍ෂාව වීම සතුටට කරුණකි. නමුත් මත්පැන් ජාවාරම්කරුවන්ට අපේක්‍ෂකත්වය ලබා දී ඇත්තේ කවුරුන්ද?
 
 මාතර හා පුත්තලම් දිස්‌ත්‍රික්‌කවල අපේක්‍ෂකයන් දෙදෙනෙකුට මිනීමැරුම් චෝදනා ඇත. කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ එක්‌ අපේක්‍ෂකයකු ගණිකා මඩමක්‌ පවත්වා ගෙන ගිය පුද්ගලයෙකි. සමාජ විරෝධී චෝදනා ලබා ඇති මෙවැනි පුද්ගලයන්ට පුර සබයට ඇතුල්වීමට ඉඩ ලබා නොදීම ඡන්දදායකයන්ගේ වගකීම විය යුතුය. පක්‍ෂය කවරක්‌ වේවා රටට දැයට හිතවත් දූෂිත නොවූ සුචරිතවත් පුද්ගලයන්ට ඡන්දය ලබාදීම මහජන වගකීම වේ. ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වී ඇති අපේක්‍ෂක ලැයිස්‌තුව ගැන ඡන්දදායකයෝ වඩා විමසිලිමත් විය යුතුය. අපරාධ චර්යාවන් ඇති අපේක්‍ෂකයන්ගෙන් සාධාරණ සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක්‌ කෙසේවත් බලාපොරොත්තු විය නොහැක. කවරකු හෝ ප්‍රචණ්‌ඩකාරී වන්නේ නම් ඒ පුද්ගලයා ප්‍රතික්‍ෂේප කිරීම ජනතා වගකීම විය යුතුය.
 
 තක්‌කඩි අපේක්‍ෂකයන් ගැන හෙළිදරව් කරන පැෆරල් සංවිධානය වැදගත් යෝජනාවක්‌ ද ඉදිරිපත් කර සිටී. එය කවරක්‌ද? අනාගතයේදී දේශපාලනයට ඉදිරිපත් වන සියලු දෙනා නාම යෝජනා ඉදිරිපත් කරන විට පොලිස්‌ සහතිකයක්‌ ද ඉදිරිපත් කිරීම අනිවාර්ය කළ යුතු බවයි. මෙය සැබැවින් ම අගය කළ යුතු යෝජනාවකි. මේ යෝජනාව ක්‍රියාත්මක වුවහොත් බොහෝ තක්‌කඩි අපේක්‍ෂකයන් විසි වී යනු ඇත. එය රටට යහපතකි.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles