Divaina - ලංකාවට සිරියාව සම කිරීම

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

වගවීම සහ සංහිඳියාව වෙනුවෙන් අර්ථාන්විත පියවර කිසිවක් ගැනීමට ශ‍්‍රී ලංකා රජය පසුගිය වසර එකොළහ තිස්සේම අපොහොසත්ව ඇති හෙයින් පසුගිය යුද සමයේදීත් ඉන් පසුවත් මෙරට සිදුවූ යුද අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන යාන්ත‍්‍රණයක් පිහිටුවන්නැයි දෙමළ දේශපාලන පක්ෂ සහ සංවිධාන 11ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබේ. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ජී. ජී. පොන්නම්බලම්, සී. වී. විග්නේෂ්වරන් යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, ත‍්‍රිකුණාමලය රදගුරු නොයෙල් එම්මානුවෙල් පියතුමා ඇතුළු පිරිසක් මෙම ලිපියට අත්සන් තබා ඇති බව මාධ්‍ය මගින් හෙළි කර ඇත. වගවීම ගැන කියමින් ශ‍්‍රී ලංකා රාජ්‍යට එරෙහිව නැවත වරක් මානව හිමිකම් උගුල් ඇටවීමට උතුරේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සූදානම් වන බව පැහැදිලිය. ජිනීවා මානව හිමිකම් සැසිවාරය ළංවන විට දෙමළ සංධානයත් කොටි ඩයස්පොරාවත් කලබල වේ. ඒ ලංකාව මානව හිමිකම් උගුලේ හිර කර එක්සත් ජාතීන් ලවා සම්බාධක පැනවීමටය. ඉහතින් සඳහන් කළ දෙමළ කණ්ඩායම් මානව හිමිකම් කවුන්සිලයෙන් බලාපොරොත්තු වන්නේ සිරියාව සඳහා පිහිටුවූ ආකාරයේ ස්වාධීන විමර්ශන යාන්ත‍්‍රණයක් නිශ්චිත කාල රාමුවක් ද සහිතව ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පිහිටුවීමය. ඒ අනුව දෙමළ සන්ධානයට අවශ්‍ය ලංකාවත් සිරියාවත් එකම තරාදියක දැමීමට බව පෙනේ. ඇත්තෙන්ම සිරියාවේ යුද්ධය හා මෙරට ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය කිසි ලෙසකින් එකට සැසඳිය නොහැකිය. සිරියාවේ පවතින්නේ කලාපීය අර්බුදයකි. එයට රටවල් රැසක් මෙන්ම මුස්ලිම් ත‍්‍රස්ත කණ්ඩායම් දුසිමක් පමණ එක්වී ඇත. අයිසිස් සංවිධානය බිහිවූවේද සිරියානු ගැටුම් අතරතුරය. අමෙරිකාව එක පාර්ශ්වයකටත් රුසියාව තවත් පාර්ශ්වයකටත් සහාය ලබා දෙන සිරියානු ගැටුම් කිසි ලෙසකින් කොටි ත‍්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා හමුදාව සිදු කළ මෙහෙයුම් හා සමාන කළ නොහැක. සිරියාවේ ක‍්‍රියාත්මක වන්නේ අමානුෂික යුද්ධයකි. 2011 මාර්තුවේදී ආරම්භ වූ මේ යුද්ධයෙන් මේවන විට ලක්ෂ හතකට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇත. ලංකාවේ එවැනි ජන සංහාරයක් කිසිවිටකත් සිදු වූයේ නැත. එසේනම් මේ දෙමළ සන්ධානය සිදු කරන්නේ කුමක්ද? නැති අර්බුද ඇති කර පවතින සංහිඳියාව විනාශ කිරීමට කටයුතු කිරීම නොවේද? දෙමළ සන්ධානය ලංකාවට සිරියාවේ යාන්ත‍්‍රණය පිහිටුවන ලෙස ඉල්ලා සිටින අතරතුර ජාත්‍යන්තර ක්ෂමා ආයතනය පිල්ලෙයාන්‘ නිදොස්කොට නිදහස් කිරීම ගැන කලබල වී ඇත. ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ ”ඓතිහාසික අපරාධ සම්බන්ධයෙන් රාජ්‍යයට සම්බන්ධ පුද්ගලයන්ට දිගින් දිගටම දණ්ඩ මුක්තිය හිමි නොවිය යුතු,” බවය. එසේම ජෝසප් පරරාජසිංහම් මන්ත‍්‍රීවරයා ඝාතනය සම්බන්ධ විමර්ශන යළි ආරම්භ කරන ලෙස නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම සහ ක්ෂමා ආයතනය මෙරට නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ. ලංකාවේ අධිකරණය ක‍්‍රියාත්මක විය යුත්තේ ජාත්‍යන්තර සංවිධානවලට අවශ්‍ය ලෙස නොවේ. එය මෙරට ස්වාධීන අධිකරණ පද්ධතියට කරන නිගාවකි. මේ සියල්ල සමග මෙවර ජිනීවා සැසිවාරයේදී ලංකා ආණ්ඩුවට බරපතළ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇත.
 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles