Divaina - ගෝලීයකරණ මළ මිනියේ අවසන් නියපොත්ත

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

edisකොරෝනා වසංගතය ගැන සමාජගත වීම වේගවත් වී තිබේ. දැන් තිබෙන්නේ සමාජයට කොරෝනාගත වීම නොහොත් කොරෝනා සමඟ ජීවත් වීමට හිත හදා ගැනීමය. කොරෝනා වසංගතයෙන් බැට කෑ සෑම රටකටම ඉතිරි වී ඇති එකම විකල්පය මෙයය. වෛරසය මර්දනය කළ හැකි ඵලදායී එන්නතක් සොයා ගන්නා තෙක් කොරෝනා කළමනාකරණය කර ගැනීමේ වගකීම ලෝකයේ සෑම රටකටම පැවරී ඇති වගකීමක් බව අමතක නොකළ යුතුය.
 
මේ වන විට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ හදවත වන බස්නාහිර පළාතේ ආර්ථික ක‍්‍රියාකාරකම් සියල්ල මේ වන විට අකර්මණ්‍ය වී තිබේ. එහි බලපෑම රටකජු වෙළෙන්දාගේ සිට කොටස් වෙළෙඳපොළ දක්වා ගලා යන්නේ එකම ආකාරයට ය. එම නිසා ඉදිරි වසර කිහිපයේදීත් රටේ ආර්ථිකය, අවදානම් කලාපයේම රැඳී සිටිනු ඇත. මෙය ගෝලීය අර්බුදයක් වුවද, එය කළමනාකරණය කර ගැනීම අතින් ශ‍්‍රී ලංකාව සිටින්නේ ඉතා දුර්වල මට්ටමක ය. එම නිසා හැකි ඉක්මනින් මෙම දුර්වලතා හඳුනා ගනිමින්, ඊට අදාළ සැලසුම් ක‍්‍රියාත්මක කිරීම වේගවත් කළ යුතුය. කොරෝනා මර්දනය යනු කොරෝනාම මර්දනය කිරීම පමණක් නොව එමඟින් ඇති කරන ආර්ථික බලපෑම් කළමනාකරණය කරගෙන රට ඉදිරියට ගෙන යෑම බව ආණ්ඩුව අවබෝධ කර ගත යුතුය.
 
 ශ‍්‍රී ලංකාව යනු සුබසාධන සේවා මත ක‍්‍රියාත්මක වන රාජ්‍යයකි. මෙවැනි සුබසාධන රාජ්‍යයකට කොරෝනා වැනි ගෝලීය වසංගතයක් සමඟ පොර බැදීම පහසු නැත. නිදහසින් පසු රටේ සියලූ දේශපාලන ප‍්‍රතිපත්ති සකස් වූයේ රටේ ආර්ථික දර්ශක ඉහළ නැංවීමට නොව, දේශපාලනය බලය
 
 ලබාගැනීම සඳහා සුබසාධන සේවා ඉහළ නැංවීමටය. මෙමඟින් ඇති වූ ආර්ථික පරිහානිය කොතරම්ද යත්, අද වන විට රටේ සියලූ සුබසාධන සේවා මුළුමනින්ම නඩත්තු වන්නේ විදේශ ණය මතය. මේ විදෙස් ණය, උගුලක් නොවුණද, එම ණය මත සුබසාධන සේවා නඩත්තු වීමෙන් සිදුවන්නේ අප ණය උගුලක සිරවීම පමණි.
 
 ලෝකයේ ඕනෑම මූල්‍ය ආයතනයක් ණය ලබාදෙන්නේ ණය සමඟ පොලිය ආපසු ලබා ගැනීම සඳහාය. ණය සමඟ පොලිය ආපසු ගෙවීමට නම් අප ලබා ගන්නා ණය නිසි ලෙස ආයෝජනය කළ යුතුය. මේ දක්වා අප ලබාගත් ණය එලෙස ආයෝජනය කර තිබේද? රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසන්නේ පසුගිය දශකයක කාලය තුළ අප ලබාගත් ඇතැම් ණයවල මූලාශ‍්‍ර පිළිබඳව සටහනක්වත් නොමැති බවය. එම නිසා රට ණය උගුලක් වෙත ගෙනයනු ලබන්නේ රටේ රාජ්‍ය ප‍්‍රතිපත්තිවලින් බව ඉතා පැහැදිලිය.
 
කොරෝනා වසංගතය මගින් ඇති කළ ආර්ථික බලපෑම සම්බන්ධයෙන් අදහස් දක්වන ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ ආර්ථික විශේෂඥයකු වන මහාචාර්ය කාමන් රයින්හාර්ට් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ ”කොරෝනා යනු ගෝලීයකරණය නමැති මළ මිනියේ අවසන් නියපොතු” බවය. මහාචාර්යවරියගේ කියමන සත්‍යයක් වුවද, ගෝලීයකරණයෙන් තොර පැවැත්මක් දැන් ලෝකයට ඉතිරි වී නැත. ආනයන වෙළෙඳපොළ මත අයවැය හිඟය ඉහළ යන, මුහුදෙන් නැව මතුවන තුරු බලා සිටින ශ‍්‍රී ලංකාව වැනි රටකට ගෝලීය වෙළෙඳපොළෙන් තොර අනාගතයක් නැත. ගෝලීය වෙළෙඳපොළ මත දෙපා තබා ගනිමින් ස්වාධීන ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට අපට ඕනෑ තරම් අවස්ථාව තිබුණි. නමුත් ඒ සෑම අවස්ථාවක්ම මජර දේශපාලනය විසින් විනාශ කරනු ලැබුවේ කොරෝනා වසංගතයට වඩා විශාල විනාශයක් රටට සිදුකරමිනි. දැන්වත් මේ අවස්ථාවාදී දේශපාලනය අවසන් කළ යුතුය. කොරෝනා වසංගතය මඟින් රටේ සැබෑ චිත‍්‍රය, ජනතාවට පෙන්වා දී තිබේ. මෙතැන් සිට රටේ ඇත්ත තත්ත්වය ජනතාවට අවබෝධ කර දී රට ඉදිරියට ගෙන යෑම පාලකයන්ගේ වගකීම ය.

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles