Divaina - කොරෝනා ගෙයි දොරකඩ (දොර අරිනවාද... නැද්ද...?)

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

koro අප කොරෝනා සොයා යන්නේ නැත. නමුත් කොරෝනා අප සොයා පැමිණේ. ඒ, හරියට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ‍්‍රී ලංකාවේ දුක සැප බලන්නට එන අයුරිනි. ජාතික ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා කියන පරිදි කොරෝනා අප සොයා නිවසටම පැමිණ තිබේ. නැතිනම් ළමයින් කිහිපදෙනකුටම කොරෝනා රෝගය වැළඳීමට හේතුවක් නැත. ඔහු කියන පරිදි දෙමව්පියන්, වැඩිහිටියන් විසින් කොරෝනා දෑවැද්ද ගෙදරටම ගෙනවිත් දී තිබේ.

තත්ත්වය බැරෑරුම්ය. මේ මීට මාස කිහිපයකට පෙර පැමිණි කොරෝනා වසංගතය නම් නොවේ. එය කාගෙ කාගේ හෝ මැදිහත්වීමෙන් මහත් වැර යොදා පාලනය කරන ලදී. අවාසනාවකට දැන් පැමිණ තිබෙන කොරෝනා දෙවැනි රැල්ල රටේ බොහෝ ප‍්‍රදේශවල ගම්, නගර රැසක් ලොක්ඩවුන් කර ඇත. එපමණක් නොව පසුගිය වාරයට සාපේක්ෂව ගම්, නගර රැසකින් කොරෝනා පොසිටිව් පුද්ගලයෝ ද වාර්තා වෙති.

මිනුවන්ගොඩ හා මාළු කඬේ කොරෝනා පොකුර 5000 ක් බවට පත්වී ඇති අතර, මාළු කඬේ රටටම විපත්තියක් වී ඇත. පෑලියගොඩින් මාළු ගෙන ගොස් ඇත්තේ කොහේ ද ඒ සෑම තැනකම පාහේ අද කොරෝනා වසංගතය ද ඇත. මාළු වෙළෙඳුන්, ඉස්සන් වඬේ විකුණන බහුතරය කොරෝනා රෝගීන් වී අද සිටින්නේ රෝහල්ගතවය. මේ එක් අයකුගේ ආශ‍්‍රිතයින් දුසිම් ගණනටත් වඩා වැඩිය. කොරෝනා ආවේ මාළු වෙළෙන්දෝ වාහකයින් කරගෙනද, නැතහොත් මාළු සමග ද යන්න ජනතාවට දැන් තවත් ප‍්‍රශ්නයක් තිබේ. මාළු නොකා සිටින්නේ ඒ නිසාය. ඊට පිළිතුරු දීම සෞඛ්‍ය බලධාරීන්ගේ යුතුකමකි. කෙසේ හෝ අපේ නිවසට තට්ටු කරන්නා කොරෝනා වාහකයකු නොවීමට ඇති ඉඩකඩ කොතරම්ද යන්න දැන් අපට තවත් ප‍්‍රශ්නයක් තිබේ.

මාරාන්තික කොරෝනා වසංගතය දැන් අපේ ගෙයි දොරකඩටම පැමිණ තිබේ. අපේ දොරට තට්ටුකරන්නේ අනිකකු නොව, කොරෝනා වසංගතයම බව දැන් පැහැදිලිය. කොරෝනා සොයා අප නොගියත් දැන් ඉතින් කොරෝනා අප සොයා පැමිණෙමින් සිටිනවා යැයි කියන්නේ ඒ නිසාය. එබැවින් තවදුරටත් පමා වන්නට කාලයක් අපට නැත. රටේ පවතින මේ බැරෑරුම් තත්ත්වය අප හොඳින් වටහාගෙන අද කළ යුතු දේ අදම කළ යුතුය. නොඑසේ නම් හෙට අපට පසුතැවීමට සිදුවේ.

මේ ජනතා වගකීම ගැන අප කතා කරන්නේ කොරෝනා මේ රටට පැමිණි දා සිටමය. එහෙත් ඒ කතා ගඟට කැපූ ඉණි මෙන් ගංදියේ ගසාගෙන ගොස් ඇත.

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුර, මාළු කඬේ පොකුර ව්‍යාප්ත වන්නේ හෝ ඇරඹෙන්නේ කාගේ හෝ වරදකින් හා අතපසුවීමකින් වීමට ඉඩ තිබේ. අමාරුවෙන් නිවාගත් නාවික හමුදා පොකුර, කන්දකාඩු පොකුර යනාදියේ වටිනාකම් මේ අලූත් පොකුරු නිර්මාණයත් සමග යටවී ගොස් ඇත. එසේ හෙයින් බ‍්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ව්‍යාප්තිය ගැන නීතිපතිවරයා පොලිසියෙන් වාර්තාවක් ඉල්ලීම අතිශය සාධාරණ කටයුත්තකි.

මෙතරම් හොඳින් ක‍්‍රියාත්මක බුද්ධි සේවාවක් පවතින රටක එවන් හෝඩුවාවක් සොයාගැනීම අපහසු කටයුත්තක් නොවනු ඇත. එසේ හෙයින් මෙවර කොරෝනා ව්‍යාප්තිය ගැන රජය තදින් සොයාබැලිය යුතුය, ක‍්‍රියාමාර්ග ගතයුතුය. ජනතාවට ඇත්ත කිව යුතුය. කාගෙ කාගේ හෝ අතපසුවීම්, නොසැලකිල්ල හෝ හිතුවක්කාරකම් නිසා අද මුළු ජාතියක් ම දුෂ්කරතා විඳිති.

බොහෝ පුද්ගලයින්ට අද කන්නට දෙයක් සපයා ගැනීම පවා දැඩි දුෂ්කර කාර්යයක් වී ඇත. රජය මේ ගැන සොයා බැලිය යුතුය. ප‍්‍රදේශ රැුසක ඇඳිරි නීතිය ක‍්‍රියාත්මකව පවතින බැවින් ආහාර ඇතුළු අත්‍යවශ්‍ය දෑ සපයා ගැනීම දැඩි ගැටලූවකි.

කෙසේ හෝ රෝගය දැන් සමාජගත වී ඇති බව බොහෝ විද්වතුන්ගේ මතයයි. මරණ ප‍්‍රමාණයද, දිනකට වාර්තා වන ලෙඩුන්ගේ ගණන ද ඉහළ යමින් පවතින අතර, ඉදිරි සති කිහිපය තීරණාත්මක බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වසංගත රෝග ඒකකය අනතුරු හඟවයි.

ඉදින්, තීන්දුවෙන් වැඩි කොටස ඇත්තේ ජනතාව අතෙහිය. අප සොයා ගෙදරටම විත් අපේ දොරට තට්ටු කරන්නාට දොර හැරදී අපේ ආදරණීයයන් ඊට ගොදුරු කර දෙන්නේ ද යන්න අප තීරණය කළ යුතුය.


 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles