Divaina - කොරෝනාවට එරෙහි මානුෂික මෙහෙයුම

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

tedඑක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඞ් සරසවිය මගින් නිෂ්පාදනය කරන ලද එන්නතක් කොරෝනා වෛරසයට එරෙහිව සාර්ථක ප‍්‍රතිඵල ඇතිකර දෙනු ඇතැයි පැවසේ. කෙසේ නමුත් මෙම එන්නත පවතිනුයේ අවසාන පරීක්‍ෂණ මට්ටමේ බවද වාර්තා වෙයි. ඔක්ස්ෆර්ඞ් සරසවිය මෙන්ම මෙම එන්නත නිපදවීමට දායකත්වය ලබාදුන් ඇස්ටා සෙනකා ඖෂධ සමාගම පවසනුයේ මෙම එන්නත නව යොවුන් වියේ පසුවන්නන්ට මෙන්ම වියපත් වූවන්ටද සාර්ථක ප‍්‍රතිඵල අත්කර දෙනු ඇති බවයි.
 
 කොරෝනා වසංගතය හමුවේ ලොව මුහුණපා ඇති අර්බුද දෙස බලන විට මෙවැනි පුවතක් ඇසීම පවා අස්වැසිල්ලක් බව කිව යුතුය. නමුත් මෙය කොරෝනා සඳහා වන අවසන් විකල්පය ලෙස තවමත් නිශ්චිතව කිව නොහැක. චීනය ඇතුළු තවත් රටවල් කීපයක් ද මේ වන විට කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා විවිධ එන්නත් අත්හදා බලමින් සිටියි. මෙහිදී වඩා වැදගත් වන්නේ කොරෝනා වෛරසය සඳහා එන්නත් නිපදවන රට නොවේ. වඩා වැදගත් වනුයේ නිශ්චිතව කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා එන්නත සොයා ගැනීමයි. යම් අයුරකින් කොරෝනා වෛරසය සඳහා එන්නතක් සොයාගනු ලැබුවහොත් එය මෙම සියවසේ ලොව වෛද්‍ය ක්‍ෂේත‍්‍රය ලබන විශිෂ්ට ජයග‍්‍රහණය වනු ඇත.
 
 මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානි ටෙඩ්‍රෝස් ගැබි‍්‍රයේසිස් පවසනුයේ කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීම සඳහා මුළු ලොවම එකමුතුව කටයුතු කළයුතු බවයි.
 
 ටෙඩ්‍රෝස් ගැබි‍්‍රයේසිස් මේ බව අවධාරණය කරනු ලැබුයේ ජර්මනියේ බර්ලින් නුවර ඇරඹුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ තෙදින සමුළුව අමතමින්ය.
 
 පවතින කොරෝනා වසංගතය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානි ගැබි‍්‍රයේසිස් එම සමුළුව ඇමතීමට සිදුවූයේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ සිට චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්සේය..
 
 ඔහුගේ කතාවේ වඩා සංවේදී කොටස මෙසේය.
 
 වෛරසයට එන්නතක් නිපදවීම සම්බන්ධයෙන් ඒ ඒ රටවල ඖෂධ සමාගම් අතරේ තරගයක් පවතිනවා. නමුත් එසේ විය යුතු යැයි මම කල්පනා කරන්නේ නැහැ. කොරෝනා කියන්නේ ගෝලීය වසංගතයක්. කොරෝනා වසංගතය හමුවේ ලෝකයේ බොහෝ රටවල් කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් නිපදවීමට පටන්ගෙන තිබෙනවා. ඒ සෑම රටකම ප‍්‍රධාන අරමුණ වී තිබෙන්නේ තම තමන්ගේ රටවල ජනතාව සුවපත් කර ගැනීමයි. මෙම තත්ත්වය හමුවේ කොරෝනාව ජයග‍්‍රහණය ලැබීමට නම් තරගය නොව මුළු ලොවම ඊට එකමුතුව මුහුණ දිය යුතුයි.
 
 ටෙඩ්‍රෝස් ගැබි‍්‍රයේසිස් කතාවේ ඇති ගැඹුර ලෝකයේ සියලූම නායකයන් තේරුම් ගත යුතුය. නිෂ්පාදන කි‍්‍රයාවලියකදී අන්තර්ජාතික වශයෙන් තරගයක් තිබීම හැකි මුත් කොරෝනා නමැති වසංගතය මැඬලීමේ මානුෂික මෙහෙයුම එයට යටත් කළ යුතු නැහැ. ලොව කොයි කොනක සිටියත්, කුමන පළාතක ජීවත් වුවත් මරණයේ වේදනාව සැමට එක සමානය. විශේෂයෙන් කොරෝනා වැනි වෛරසයක් හමුවේ ජීවිත අවදානමක් දැන දැන කෙනකුට මරණයට ලංවීමට සිදුවුවහොත් එම අත්දැකීම අතිශය වේදනාත්මක වීම අනිවාර්ය වේ. විශේෂයෙන් මියයන පුද්ගලයාගේ සමීපතමයන්ට මෙය වඩා වේදනාකාරී අද්දැකීමක් වනු ඇත. මේ වන විට ලෝකයේ එකොළොස් ලක්‍ෂ හැටපන්දහසකට වැඩි පිරිසක් කොරෝනා නිසා මරණයට පත් වී ඇත. ශී‍්‍ර ලංකාවේ පළමු අදියරේදී යම් පාලනයක් කළත් එය දෙවන අදියර වන විට යම් සංකීර්ණ තැනක පවතින බව පෙනේ. ඊයේ (27 දා) පමණක් මෙරට කොරෝනා රෝගීන් තිදෙනෙක් මියගියහ. ඒ සමඟ මේ වන විට ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වන කොරෝනා මරණ ප‍්‍රමාණය 19 දක්වා ඉහළ ගොස් ඇත. මෙම අවදානම් තත්ත්වයෙන් මිදීමට රජය මෙන්ම රටේ ජනතාව ද සිය යුතුකම් අකුරටම ඉටුකළ යුතුව ඇත. රජයෙන් කොරෝනා වෛරසය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගනිද්දී සෞඛ්‍ය උපදෙස් අනුව ජීවිත  හැඩගසා ගැනීමට ජනතාව හුරුවිය යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනුයේ 2021 තෙක් කොරෝනා වසංගතය සමග අපට ජීවිතය හැඩගසා ගැනීමට සිදුවනු ඇති බවයි. අප රටේ කොරෝනා වෛරසය සමාජ ව්‍යාප්තිය අභිමුවට පැමිණ අති මොහොතක පරිස්සම් නොවුණොත් අත්විය හැකි ප‍්‍රතිඵල භයානයක විය හැකි යැයි රජයේ වෛiවරුන්ගේ සංගමය අවධාරණය කරන්නේ මේ නිසාය.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles