Divaina - ශරීර දොරටුව සුරකිමු

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

පසුගිය සති තුනක කාලය ඇතුළත දිල්ලි අගනුවර සහ උතුරු ඉන්දීය වෙනත් නගරවල වායු දූෂණය වේගයෙන් නරක අතට හැරීමත් සමඟ ඉන්දියාවේ ඉතාම දරුණු පරිසර සෘතුව යළි උදාවී ඇත. මෙම තත්ත්වය කොරෝනා වෛරසයට එරෙහිව දුෂ්කර අරගලයක නිරතවෙමින් සිටින ඉන්දියාවට සතුටුදායක පුවතක් වන්නේ නම් නැත. ඊට හේතුව කොරෝනා ආසාදනයවීම් සහ මරණ ඉහළයෑම සහ පරිසර දූෂණය අතර සම්බන්ධයක් පවතින බව ලොවපුරා සිදුකරන ලද අධ්‍යයනවලින් හෙළිදරව් වෙමින් පැවතීමය. වායු දූෂණය ඇතුළු පරිසර දූෂණය කොරෝනා වෛරසය පැතිරයෑමට ආධාරකය යන්න විශේෂඥයන්ගේ අදහස වෙයි. දරුණු මට්ටමින් සිදුවෙන පරිසර දූෂණය දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදරෝග සහ ඇදුම වැනි ආබාධවලින් පෙළෙන්නන්ට අහිතකර අතර එය රෝගවලට ඔරොත්තුදීමේ ශාරීරික ශක්තිය දුර්වල කරන බව අධ්‍යයන මගින් තහවුරු වී ඇත. වෛද්‍ය ඞී. ජේ. ක‍්‍රිස්ටෝෆර් පවසන්නේ පෙනහැල්ල යනු අපේ ශරීරයේ දොරටුව බවයි. මේ දොරටුවට බරපතළ තර්ජනයක් එල්ල කරන්නේ කොරෝනාව නිසාය. ඉන්දියාවේ මෙන්ම ලංකාවේද කොරෝනා වසංගත තත්ත්වය වඩා අනතුරුදායක මට්ටමකට පැමිණ ඇති නිසා සියලූ ලාංකියයන් තමන්ගේ ශරීර දොරටු ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවිය යුතුය. කොරෝනා වෛරසය ආසාදිතව රෝගියකුගේ පෙනහැල්ල දුර්වලව අක‍්‍රිය වෙන අවස්ථාවන්හි සිරුරක ආශ්වාස - ප‍්‍රශ්වාස කාර්යය ‘වෙන්ටිලේටර්‘ යන්ත‍්‍රයකට පැවරෙයි. ප‍්‍රශ්නය වන්නේ සමාජ පැතිරීමක් සිදුවී රෝගීන් විශාල වශයෙන් වාර්තා වුවහොත් අසාධ්‍ය වන රෝගීන් ප‍්‍රමාණයට මෙරට ඇති වෙන්ටිලේටර් ප‍්‍රමාණවත් වේද යන්නයි. වෛරසය ආසාදනය වූ තැනැත්තෙකුට හුස්ම ගැනීම පහසු කෙරෙන වෙන්ටිලේටර් ලබාදීම ඔහුගේ හෝ ඇයගේ මරණය පරාජය කොට ජීවිතය සහතික කිරීමට හේතුවිය හැකිය. ඇත්තෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව කොරෝනා වෛරසයට එරෙහි වැදගත්ම හා මූලික ආරක්ෂක පියවර වන්නේ සනීපාරක්ෂාවය. යළි යළිත් සනීපාරක්ෂාව පිළිබඳ වැඩියෙන් අවධානය යොමු කිරීම ”වෙන්ටිලේටර්” භීතිය තුරන් කිරීමට හේතුවක් වනු ඇත. වෛද්‍යවරු පවසන්නේ හිසරදය සහ නාසයෙන් හොටු දියර ගැලීම වැනි සුළු රෝග ලක්ෂණ සහිත අසනීප තත්ත්වයක් වුව හැෙඟන්නේ නම් ඔබ නිවසේ රැඳී සිටිය යුතු බවයි. එය ඔබගේ මෙන්ම සමාජයේ ආරක්ෂාවටද හේතුවක් වෙයි. කොරෝනා වෛරසයේ ප‍්‍රධාන රෝග ලක්ෂණ වන්නේ උණ සහ වියළි කැස්ස වන අතර ඒ ගැන සැමවිටම අවධානය යොමු කිරීම වැදගත්ය. ඒ අනුව අපේ ශරීර දොරටුව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කැපවිය යුතුය. ලන්ඩන් ඉම්පීරියල් කොලේජ් හි ඇස්තමේන්තුවට අනුව කොරෝනාව වැළඳුණු වයස 80 ට වැඩි පුද්ගලයන්ගේ මරණ අනුපාතය 10 ගුණයක් වැඩි අතර 40ට අඩු පුද්ගලයන් අතර බෙහෙවින් අවම අගයක් ගනී. එහෙත් වසංගතයක් තුළ සිදුවන මරණ අනුපාතය ගණනය කිරීම ඉතා අපහසු ක‍්‍රියාවකි. මන්ද යත්, යම් පුද්ගලයෙකුට රෝගය වැළඳී එයින් මියයන කාලය අතර පරතරයක් ඇති බැවිනි. ඇමෙරිකාවේ නම් කොරෝනා මරණ ඉතා ඉහළ ගොස් ඇතත් අපේ රට එතරම් අවාසනාවන්ත නැත. වඩා අවබෝධයෙන් කටයුතු කිරීම සැමගේ යුතුකම බව සටහන් කරමු. සකල ලාංකික ප‍්‍රජාවම අවබෝධයෙන් කටයුතු කිරීම තුළින් වසංගත බිය තුරන් කළ හැකිය.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles