Divaina - ඊයේ කතන්දරයේ ඉතිරි කොටස...

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

korosපෙරේදා රාත‍්‍රියේ සිට මුළුමහත් ගම්පහ දිස්ත‍්‍රික්කයටම ඇඳිරිනීතිය පැනවූ ආණ්ඩුව ඉන් පැය දහයක ඇවෑමෙන් මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග‍්‍රෑන්ඞ්පාස්, වැල්ලම්පිටිය යන පොලිස් බල ප‍්‍රදේශවලටද ඇඳිරිනීතිය පැනවීය. ආණ්ඩුව විසින් කොරෝනාව අත්නොහරිනු ලබන අතර කොරෝනාව විසින් ආණ්ඩුව අත්නොහරිනු ලබන්නේය. ඩෙංගුවලට වඩා අඩු පවර් එකක් ඇති උණ සන්නිපාතයට වඩා ස්වල්පයක් වැඩි පවර් එකක් ඇති අවුරුදු අසූවෙන් එහා රෝගී ජනයාට මරණ තර්ජනය ගෙනෙන කොරෝනා වෛරසය තව දුරටත් මැඩපවත්වනවාද නොඑසේ නම් එම වෛරසය සමග සහයෝගයෙන් ජීවත් වනවාද යන ප‍්‍රශ්නය අපගේ ජන සමාජය ඉදිරිපිට තිබේ.

ශ‍්‍රී ලංකාව වූ කලී උණ, ඩෙංගු උණ, මී උණ, සන්නිපාත උණ, කුරුලූ උණ පමණක් නොව ඒඞ්ස් සමග ද ජීවත්වීමට පුරුදුව සිටින ජාතියකි. අට අනූවක් රෝග, නව අනූවක් රෝග දෙසිය තිහක් හෝ ඊට වැඩි ගණනක් වූ අන්තරා යනාදිය මේ රටේ දෛනික මිතුරන් බවට පත්ව ඇත. ඒ අනුව ආණ්ඩුව ඉතා වැදගත් තීරණයක් ගත් යුතුය. ඒ වූ කලී කොරෝනාව පැතිරෙන්නට පටන් ගත් විට ඇමරිකාවේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් ගන්නා ලද තීරණයයි.

චීනයේ වූහාන් නගරයෙන් කොරෝනාව මතු වූ සැණින් ඇඳිවත ඔසවා එරටට පෙන්වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මේ රෝගය බෝ වෙන්නට ඉඩ හැරීම සම්බන්ධයෙන් චීන නායකයන්ට ප‍්‍රචණ්ඩ ලෙස දොස් කීවේය. ඉන් පැය කිහිපයකට පසු කොරෝනා වෛරසය ඇමරිකාවට ද පැමිණි අතර ඊට සමාන්තරව ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිය දෝෂාරෝපණයේ වොලියුම් එක වැඩි කළේය. කොරෝනාව ඇමරිකාවට පැමිණි මුල් කාලයේදී ට‍්‍රම්ප් මාස්ක් එකක්වත් දැම්මේ නැත.

කොරෝනාව පැතිර යනවිට ඒ වනවිටත් වසා දමා තිබූ ඇමරිකන් නගර විවෘත කළ ට‍්‍රම්ප් කොරෝනාවෙන් මැරෙන එකා මැරුනාවේ, ඉන්න එකා උන්නාවේ ඉස්පිරිතාලේ යන එකා එසේ ගියාවේ, සනීප වෙන එකා සනීප උනාවේ යන පදනමේ පිහිටා ක‍්‍රියා කළේය. ට‍්‍රම්ප් මෙසේ නොකරන්නට ඇමරිකාව බිමට ඇද වැටෙන්නේ කසිප්පු බෝතලයක් ගුඩු ගුඩු ගා එක එල්ලේ පානය කළ ගැමි මහතකු පොළොවට කඩා වැටෙන්නාක් මෙනි. අද වන විට කොවිඞ් වෛරසයෙන් සමහර ඇමරිකානුවෝ මැරෙති. වෛරසය ශරීරගතවීත් සමහර ඇමරිකානුවෝ ජීවත් වෙති. සමහරු සනීප වෙති; තවත් සමහරු සනීප නොවෙති. පුළුවන් එකා වැඩට යයි. බැරි එකා වැඩට නොගොස් හිඟමනේ යයි. ට‍්‍රම්ප්ගේ මේ ප‍්‍රතිපත්තිය නිසා මේ මොහොත වනවිට ඇමරිකාව කොරෝනා වළෙන් ගොඩ එමින් සිටී.

දැනට පවතින වසංගත තත්ත්වය හමුවේ මේ රටේ ආණ්ඩුව මැද තැනකට පැමිණිය යුතුය. නැතහොත් මිනිසුන්ට වෙන්නේ මහපාරට බැස හිඟාකන්නටය. එහෙත් හිඟමන් දෙන්නටත් මුදල් නැත්නම් කුමක් කරන්නද?
 
 මෙවර කොරෝනාව පැතිර යන්නේ රට හරහා දිවෙන සමස්ත ලංකා මට්ටමේ මැරතන් එකක් පරිදිය. මේ මැරතන් එකේ යෂ්ටිය තවමත් කොරෝනා වෛරසය අතේ පවතී. එම යෂ්ටිය අතට ගන්නට ආණ්ඩුව කොතරම් උත්සහ කළත් කොරෝනා වෛරසය එය නොතකා තෙමේම යෂ්ටිය ගුලි කරගෙන රොකට් එකක් විදිනවාක් මෙන් දුවයි. ලෝක ඉතිහාසය පුරාම විවිධ රටවල දරුණු වසංගත තත්ත්වයන් මතු විය. මෙය ක‍්‍රිස්තු පූර්වයේදීත් සිදුවිය. ක‍්‍රිස්තු වර්ෂයේදීත් සිදුවිය. මෙකලත් සිදු වෙයි. අනාගතයේදීත් සිදු වනවා ඇත. මෙවැනි තත්ත්වයක් තුළදී මෙවර කොරෝනාව මෙහි පැතිරවීමට මුල්වූ බ‍්‍රැන්ඩික්ස් ලොක්කන් නිදහසේ සිටියදී සාමාන්‍ය ජනයාට සිදුව ඇත්තේ නිරෝධායන පනත යටතේ ගෙදර සිරගත වන්නටය. කොරෝනා බෝවෙන බෝවෙන පාරට රට වසා දමා මිනිසුන්ට පන්දාහ ගාණේ බෙදීමට ආණ්ඩුවට වත්කමක් නැත. ආණ්ඩුව ඒ බව තේරුම්ගත යුතු අතර පොදු ජනයාද ඒ බව තේරුම් ගත යුතුය.
 
 මීට සති කිහිපයකට පෙර රුසියන් ගුවන් යානයක් මත්තලට පහත් කරනු ලැබීය. එහි කාර්ය මණ්ඩලය පීසීආර් පරීක්ෂණයකට භාජනය කරනු ලැබ, එක රුසියන්කාරයකුට කොරෝනාව වැළඳී ඇති බව හෙළිවිය. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක් කළ යුත්තේ ඒකා කුදලාගෙන ගොස් ඇතත් රුසියන්කාරයන් ද සමග නිරෝධායනය කිරීමයි. එහෙත් දින කිහිපයකට පසු ඔහු මාතර හෝටලයකින් මතු විය. මේ මිනිහා නිරෝධායනය නොවී පැන ගත්තේ කොහොමද? ඔහු දින විසි අටක් නිරෝධායනය විය යුතු නැද්ද? මොහු සමග සිටි සෙසු රුසියන්කාරයන්ද මත්තල තැන තැන ඇවිදිමින් සිටි බව වාර්තා වේ. මේ අනුව මත්තල කොරෝනා ප‍්‍රදේශයක් නොවන්නේද?
 
 අදට මෙපමණයි. සෙස්ස පස්සට...

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles