Divaina - පීසීආර්, ආර්පීසී සහ සීආර්පී (02) - කවුරු ලෙඩ වුණත් බ‍්‍රැන්ඩික්ස්ට ලෙඩක් නැත්තේ ඇයි?

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ (අ)කාරුණික අනුග‍්‍රහයෙන් රට පුරා පැතිර යමින් පවත්නා කොවිඞ් 19 රෝග තත්ත්වය නිසා ගම්පහ දිස්ත‍්‍රික්කයත් වසා දැමීමෙන් පසු එළඹ තිබෙන තත්ත්වය බෙහෙවින් අනපේක්ෂිතය.

පෑලියගොඩ මාළු වෙළෙඳපොළින් කොවිඞ් 19 ආසාදිතයන් හතළිස් ගණනක් සොයාගෙන ඇති අතර එයින් වැඩි හරියක් බයිසිකල් වලින් මාළු වෙළෙඳාම් කරන වෙළෙඳුන් බව හෙළිව තිබේ. පෑලියගොඩ මාළු කඬේට යන වෙළෙඳුන් මාළු විකුණන්නේ ගම්පහ දිස්ත‍්‍රික්කය පුරාය. මේ නිසා කොවිඞ් 19 ගම්පහ දිස්ත‍්‍රික්කයේ වැඩි කොටසක ව්‍යාප්ත වීමට ඉඩ ඇත. මාස්ක් නොදා පාරේ යන මිනිසුන් අල්ලා දසදහසක් දඩ ගසා හය මාසයකට හිරේ දමන වැඩපිළිවෙළක් පවතී. එහෙත් රටටම කොවිඞ් බෝ කිරීමට මඟ සලසා දුන් බ‍්‍රැන්ඩික්ස් ලොක්කන්ට නිය පිටින් දඬුවමක් කිරීමට ආණ්ඩුව තවමත් පියවර ගෙන නැත. බ‍්‍රැන්ඩික්ස් සමාගමේ ප‍්‍රධාන විධායක, අෂ්රෆ් ඔමාර් විසින් ඉකුත් මහ ඡුන්දය සඳහා පොහොට්ටුවට යහමින් මුදල් ආධාර දුන් බවට කතන්දරයක් පසුගිය දා පැතිර ගියේය. එහෙත් පොහොට්ටුවේ කට්ටිය එකහෙළාම මෙය ප‍්‍රතික්ෂේප කරති. ඡුන්දයක් එනවිට සෑම ධනවතකුම දෙතුන් පැත්තටම සල්ලි දෙති. දිනන පැත්ත ගැන හොඳ දැනුමක් ඔවුන්ට ඇති අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් කෝටි පහක් දිනන පැත්තට දෙනවා නම් කෝටි හතරක් පැරදෙන පැත්තට දෙති. මෙය 1970 න් පසු මේ රට තුළ උද්ගමනය වෙමින් පවතින ව්‍යාපාරික චාරිත‍්‍රයකි. කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසය ගැන බියවීමට හේතුවක් නැතත් ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් ඒ සම්බන්ධයෙන් වපුරා ඇති භීතිය නිසා මිනිස්සු මහත් සංත‍්‍රාසයට පත්ව සිටිති. කොරෝනා යනු උණකි. ඩෙංගු උණ හැදුනත්, මී උණ හැදුනත්, කුරුලූ උණ හැදුනත් ප‍්‍රතිශක්තිය දුර්වල එකා මියයෑම සාමාන්‍ය තත්ත්වයකි. කොවිඞ් දෙවැනි රැුල්ල බෝ වීමෙන් පසු මේ වනවිට මේ රට තුළ එකතු වී සිටින කොවිඞ් ආසාදිතයන් ගණන එක්කෝ හය දහසකි; නැත්නම් ඊට වැඩිය. එහෙත් ඉන් එකෙක්වත් මියගොස් නැත්තේ ඔවුන් විසින් සංසාරේ කරන ලද පිංවල මහිමයට වඩා කොරෝනා වෛරසයේ දුර්වලත්වය ඉදිරියට පැමිණ ඇති හෙයිනි. මේ වන විට රටේ ප‍්‍රදේශ කිහිපයක් වසා දැමීම නිසා නිරෝධායනය වන පිරිස් බෙහෙවින් වැඩිය. උදාහරණයක් වශයෙන් පෑලියගොඩ මාළු මාර්කට් එකෙන් මාළු ගන්නට ගොස් ආසාදිතයන් බවට පත් වූ හතළිස් ගණනම නිරෝධායනය කරනු ලැබේ. ඒ මිනිසුන්ගෙන් මාළු ගත් අය ද නිරෝධායනය කළ යුතුය. එසේ මාළු ගත් අයගේ ගෙවල්වලට ආගිය අය ද ඇෙඟ් මාළු ගෙඟ් නටමින් සිටින්නේ දෙවැනි ආශ‍්‍රිතයන් වීමේ පදනම මත නිරෝධායනය විය යුතු හෙයිනි. මේ ආකාරයෙන් මේ සා ජනගහනයක් නිරෝධායනය වනවිට ඒ අයට ආහාර සහ වෙනත් පහසුකම් සපයාදීමේ නෙට්වර්ක් එකක් අදටත් මේ රටේ නැත. මුළු රටම ඇඳිරි නීතිය යටතට පත්කොට ලොක් ඩවුන් කළ විට එළවළු ලොරි, හාල් ලොරි, පාන් ලොරි යනාදිය මහමඟ ගමන් කළ බැවින් මිනිසුන්ට වේල් තුනෙන් එකක් දෙකක් හෝ කා බී යැපෙන්නට හැකි විය. එහෙත් ලොක් ඩවුන් නොකළ පෙදෙස්වල තනි ගෙයක් නිරෝධායනය කළ විට ඒ ගෙදරට හිමිවන්නේ ලාදුරු රෝහලට ලැබෙන තත්ත්වයය. ලාදුරු රෝහල ඉදිරිපිටින් පයින් ගියාට කාටවත් ලාදුරු බෝ නොවේ. එසේම නිරෝධායනය කළ ගෙයක් ඉදිරියෙන් ගමන් කළාට කාටවත් කොරෝනා බෝ නොවේ. එහෙත් අපේ රටේ මැටි හරක් මේ බව නොදනිති. පීසීආර් පරීක්ෂණයක් කරන්නේ එම පරීක්ෂණයට ලක්වන්නා ඉන්තේරුවෙන්ම කොරෝනා රෝගියකු වීම නිසා නොව එසේ වී ඇත්දැයි දැනගනු පිණිසය. සමහරවිට එසේ නිරෝධායනය වන්නාට කොරෝනා නැති බව හෙළි වුව ද පීඑච්අයි කරන්නේ ගමේ ජනයා සතුටු කිරීම සඳහා ඒ නිවසේ ජනයා එම නිවසේ දවස් දාහතරක් හෝ විසි අටක් සිරකර තැබීමය. එසේ හිරවන මිනිසුන්ගේ ආහාර ප‍්‍රශ්නය විසඳීමට කවුරුවත් ඉදිරිපත් නොවන අතර එහි විභවය පිළිබඳව ඊයේ මේ තීරුව ඔස්සේ අප විසින් සාකච්ඡුා කරනු ලැබ ඇත.

(ඉතිරි කොටස හෙට)

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles