Divaina - පීසීආර්, ආර්පීසී සහ සීආර්පී (1)

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

corona1357අද කතු වැකියට මාතෘකාව වූ කලී ඉංග‍්‍රීසි හෝඩියේ අකුරු තුනක් පමණක් ප‍්‍රයෝජනයට ගෙන උධෘත තුනක් සාදන ලද අවස්ථාවකි. මෙහිදී පීසීආර් යනුවෙන් හඳුන්වන්නේ Polymerase Chain Reaction ය. 1984 දී Kary Mullis නමැති ඇමරිකානුවා විසින් සොයා ගන්නා ලද මෙකී පර්යේෂණ ක‍්‍රමවේදය මගින් කොරෝනා වෛරස් ආසාදිතයන් සොයා ගත හැකිය. එක පීසීආර් පරීක්ෂණයක් සඳහා ශ‍්‍රී ලංකාව වැය කරන ශුද්ධ වියදම රුපියල් හයදහසක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඊයේ  රැයෙහි අප හා පැවසීය. මෙයට තවත් රුපියල් තුන්දහසක් පමණ එකතු විය යුතුය. ඒ පරීක්ෂණය සඳහා සාම්පල ලබා ගැනීමේ සිට පරීක්ෂණය අවසන් කරන තුරු දැරීමට සිදුවන වෙනත් වියදම් නිසාය. කොරෝනා වෛරසය ආසාදනය වූ කෙනකුට පීසීආර් පරීක්ෂණ තුනක් සිදු කරනු ලැබේ. මේ කතු වැකියේ සඳහන් ආර්පීසී යනු Reserve Police Constable හෙවත් රිසව් පොලිස් රාළහාමිය. මෙතුමා පොලිසියේ සිටින අය අතුරින් වැඩිපුරම බැනුම් අහන කණිෂ්ට කාකි කෝට්කාරයෙකි. ඕ.අයි.සී සිට සාජන් දක්වා සියලූ පොලිස් නිලධාරීහු රිසව් පොලිස් රාළහාමිට ඉතා නරකට සළකනු ලබති. එකී රාළහාමි මෙහි පලිය ගන්නේ පොලිසියට ගෙන එන සුළු පංතියේ සැකකාරයන්ට බැටන් පොලූ, යකඩ පයිප්ප සහ රබර් හෝස් යනාදියෙන් නෙළීමෙනි. පොලිසිය තුළදී සැකකරු දුර්වලයෙකි. ඕ.අයි.සී හෝ ජ්‍යෙෂ්ඨ රාළහාමි කෙනෙක් නාඳුනන සෑම සුළුතර සැකකරුවකුටම පොලිසිය තුළදී අවම වශයෙන් කම්මුල් පහරක් හෝ කෑමට සිදු වේ. මෙහි සඳහන් සීආර්පී යනු Colombo Remand Prison ලෙස හැඳින්වෙන රිමාන්ඞ් හිර ගෙදරය. රිෂාඞ් බදුර්දීන් ගේ සිට වෙලේ සුදා දක්වා ඕනෑම කෙළිකාරයකුද පොල් ගෙඩි හොරට කැඞීම නිසා උසාවියට ඉදිරිපත් කරන ලදුව ඇප ගෙවා ගැනීමට නොහැකිව අවුරුදු ගණන් අසරණ මිනිසුන් ද සීආර්පී ය තුළ දී ඔබට හමුවිය හැකිය. ඉහත සඳහන් කාරණා අප සඳහන් කළේ අමතර කතන්දර වශයෙනි. අපේ මුඛ්‍ය කතාව වෙන එකකි.
 
 නීතිඥයාට වැරදුණු කළ සේවා දායකයා අඩි හයක් උඩ එල්ලෙන බවටත් දොස්තරට වැරදුණු කළ ඔහුගේ සේවාදායකයා වන රෝගියා අඩි හයක් පොළොව යට වැළලෙන බවටත් ඉතා පරණ දිරා ගිය උපමාවක් තිබේ. එසේ නම් පීසීආර් එකක් වැරදුණොත් සිදුවන්නේ කුමක්ද? මෙය වැඩිමනත් සාකච්ඡුාවට ලක් නොවුණු වැදගත් ප‍්‍රශ්නයකි. පීසීආර් එකක් වැරදුණොත් එම වැරදීමට ලක් වූ අය මෙන්ම ඒ ගෙදර සිටින සියලූම දෙනාට දවස් දාහතරේ සිට විසි අට දක්වා කාලයක් ගෙදරම ලැගීමට සිදු වේ. මෙහිදී පීසීආර් එකක් වැරදීම ලෙස අප සඳහන් කරන්නේ අදාළ පුද්ගලයා තුළ කොරෝනා වෛරසය නැතත් (නෙගටිව්* එය ඇති බවට (පොසිටිව්* ලැබෙන පීසීආර් පරීක්ෂණ ප‍්‍රතිඵලය ය. මෙවැනි ප‍්‍රතිඵලයක් හටගත් සැණින් අදාළ තැනත්තා හෝ තැනැත්තිය වෙසෙන නිවසේ ඉදිරිපිට ස්ටිකරයක් අලවනු ලැබේ. එහි මෙසේ සඳහන් ය. නිරෝධායනය වන ස්ථානයකි. පිටතින් ඇතුළුවීම හෝ ඇතුළත අය පිටවීම තහනම්. මේ රටේ ජනයාගෙන් සැළකිය යුතු පිරිසක් බූරු මොළ සහිත මී ගවයන් හා සමය. එබැවින් ස්ටිකරය අලවන ලද දවසේ පටන් ගමේ මිනිසුන් වැඩිදෙනා අදාළ නිවසේ සිටින අයට සලකන්නේ වසූරිය හෝ දරුණු සමාජ රෝගයක් වැළඳුණුු කණ්ඩායමක් ලෙසය. ස්ටිකරය ඇලවූ මොහොතේ පටන් මේ ගෙදර දිහා ඇහැ තබාගෙන සිටින පාර්ශව තුනක් වෙති. ඉන් පළමුවන කොටස අදාළ නිවස පිහිටි පොලිස් වසමේ පොලිසිය ය. ඊළඟට ප‍්‍රදේශයේ පීඑච්අයි මේ ගේ දිහා බලාගෙන සිටියි. තුන්වනුව මේ ගෙට අරක්ගෙන සිටින්නේ ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙකි. පොලිසිය, පීඑච්අයි සහ බුද්ධි අංශ නිලධාරියා යන තුන් වැදෑරුම් පාර්ශව අතරින් වැඩිම දුක විඳින්නේ බුද්ධි අංශ නිලධාරියාය. ළඟම පිහිටි පන්සලක, බණ මඩුවක, ප‍්‍රජා ශාලාවක හෝ රෝහලක නවතින බුද්ධි නිලධාරියා පැය විසි හතරම සෙල් එක ඔන් කරගෙන බලා සිටින්නේ නිරෝධායන ගෙදර නිවැසියන් ගේට්ටුවෙන් හොරෙන් රිංගා කෑම ගෙන එනු පිණිස එළියට ගියේද යන පුවත ගමේ මිනිසුන් ගෙන් ලැබෙන තුරුය. මෙහිදී මතුවන වැදගත් කාරණයක් තිබේ. එනම් නිරෝධායනයට ලක්වන නිවැසියන්ගේ කෑම ප‍්‍රශ්නය විසඳීමට කිසිදු වගකිව යුත්තෙක් ඉදිරිපත් නොවීමය. කව්රුහරි කෑම ගෙනත් දෙනවා නම් එය අදාළ නිවසට ගෙන ගොස් දීමට පොලිස් ඕඅයිසී, පීඑච්අයි සහ බුද්ධි නිලධාරියා සූදානම්ය. එහෙත් ඕඅයිසී ගේ නියෝගයෙන් නිරෝධායන ගෙදරට බඩු ගෙනගොස් දීමට රාළහාමිලා බිය ය. කොරෝනා යනු ඉන්ෆ්ලූවන්සා ප‍්‍රභේදයක් බවත් එය වසූරිය හෝ ඒඞ්ස් නොවන බවත් රාළහාමිලා නොදනිති. එසේම මේ වෛරසයේ තීරණාත්මක හානිය සිදුවන්නේ අවුරුදු හැත්තෑව - අසූව ඉක්මවූ නිධන්ගත ස්වසන රෝගීන්ට බවත් රාළහාමිලාට කවුරුත් කියා දී නැත. මේ නිසා නිරෝධායන නිවසකට කෑම බඩු පාර්සලයක් ගෙනගොස් දෙන ලෙස එම පවුලේ හිතවතකු විසින් පොලිසියෙන් ඉල්ලන ලද කල්හි ලැබෙන ක්ෂණික පිළිතුර වන්නේ ” ඕවා දෙන්න ගිහිං අපිට කොරෝනා හැදුණොත් ඕගොල්ලෝ වග කියනවාද යන්නය’. රාළහාමිලාගේ පැත්තෙන් ඒ උත්තරය සාධාරණය. මනුස්සකම පැත්තෙන් අන්තිම අසාධාරණය. මේ නිසා නෙගටිව් පීසීආර් ප‍්‍රතිපලයක් හෝ පොසිටිව් පීසීආර් ප‍්‍රතිපලයක් නිසා නිරෝධායනය කෙරෙන ගෙදරක සිටින අයට පහත සඳහන් දේපොළ තිබිය යුතුමය.
 
 1. ගෙවත්තේම පැත්තක තිබෙන වී කරලින් බරවූ කුඹුරක්, එම වී කෙටීමට වී මෝලක් හෝ විවෘත කළ විට වතුර වෙනුවට සහල් ගලා එන ටැප් එකක්.
 
 2. කුස්සියේ කබඞ් එකක් ඇරිය විට මුළුතැන්ගෙට අවශ්‍ය සහල් නොවන සෙසු ආහාර ද්‍රව්‍ය සහ පිසීම් කළමනා ගලා එන ප‍්‍රාතිහාර්යයක් සිදුවීම.
 
 3.ගෙදර ටැප් එකක් ඇරිය විට එල්.පී ගෑස් ගලා එන පහසුකමක්.
 
 4.කොරෝනා නොවන වෙනත් රෝග තත්ත්වයක් උද්ගත වූ විට අවශ්‍ය සියලූම බෙහෙත් ද්‍රව්‍යය බෑගයක තැන්පත් කරගෙන සිටින වෛද්‍යවරයෙක්.
 
 කිසියම් ගමක එක ගෙයක් නිරෝධායනය කරන විට ඒ ගෙදර මිනිසුන් ආහාරවලින් යැපෙන පෘතග්ජනයන් බව මේ වෙලාවේදී ආණ්ඩුවට සිහිපත් වන්නේ නැත. මහා ඡුන්දය තුනෙන් දෙකේ ජනවරමකින් ජයගෙන ඇති බැවින් එවැනි දේවල් තවදුරටත් සිතා ඔළුව විකාර කර ගැනීමට ද ආණ්ඩුවට උවමනාවක් නැත.
 
 තව කොටසක් හෙට
 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles