Divaina - අසල්වැසියාගේ වෛරසය...

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 ශ‍්‍රී ලංකාවේ වාර්තාවූ පළමු කොරෝනා රෝගියා ලෙස චීනයේ හුබෙයි පළාතෙන් ආ 44 හැවිරිදි චීන කාන්තාවක් ජාතික බෝවන රෝග නිවාරණ ආයතනයට ඇතුළත් කරනු ලැබුවේ පසුගිය ජනවාරි 27 වැනිදාය. එයින් පසු මෙරටින්ද කොරෝනා රෝගීන් හඳුනාගනු ලැබූ අතර අවසානයට වාර්තාවූ බ‍්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ රෝගී පොකුර, දිවයිනෙන් වාර්තා වූ තෙවැනි ප‍්‍රධාන කොරෝනා පොකුර ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇත. බ‍්‍රැන්ඩික්ස් කම්හල ආශ‍්‍රයෙන් රෝගය ව්‍යාප්තවීම ආරම්භ වීමෙන් පසු මේ වන විට දිස්ත‍්‍රික්ක 21 කට සම්බන්ධ ආසාදිත පුද්ගලයින් හඳුනාගෙන තිබේ. බ‍්‍රැන්ඩික්ස් පොකුර ආරම්භ වූයේ කෙසේද යන්න පිළිබඳව ඇත්තේ බලවත් කුකුසකි. කොරෝනා දෙවන රැුල්ලේ මූලාරම්භය විදේශ රටක් වියහැකි බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප‍්‍රකාශ කරයි. ඒ අනුව අපට පෙනෙන්නේ දෙවන රැුල්ල ඉන්දියාවේ පරිත්‍යාගයක් බවද? ඉන්දියාව කවරක් හෝ ලංකාවට එවීමට නොමසුරු වෙයි. එය හොඳට මෙන්ම නරකටද බලපායි. එය අතීතයට වර්තමානයට මෙන්ම අනාගතයටත් පොදුය. ඉන්දියාවේ කොරෝනා රෝගීන් ඉතිරී පැතිරී ගොස් ඇති අතර මේවන විට එම සංඛ්‍යාව ලක්ෂ 75 ද ඉක්මවා ගොස් ඇත. ඉන්දියාව නිසා ලංකාව යළිත් අනාරක්ෂිත වී ඇත. කාලයක් ඉන්දියාවේ අනුග‍්‍රහය ලැබූ ත‍්‍රස්ත කණ්ඩායම් නිසා ලංකාව අනාරක්ෂිත විය. පසුව ඉන්දියාවේ අනුග‍්‍රහය ලැබූ දේශපාලන කුමන්ත‍්‍රණ නිසා රට අවුලට පත්විය. මෙදා ප‍්‍රහාරය එල්ලවන්නේ දේශපාලනිකව නොව වෛරසයෙනි. මේ වෛරස ප‍්‍රහාරය රටේ ආර්ථිකයටද බලවත් ප‍්‍රහාරයක් එල්ල කරයි. කේරලය දෙස බලන්නයි සමහරු කීවද දැන් කේරලයේද රෝගීන් පොකුරු පිටින් යළි යළිත් හඳුනා ගැනේ. ඉන්දියාව සිය භූමියේ පළමු කොරෝනා ආසාදිතයා වාර්තා කළේ පසුගිය ජනවාරි මස අවසාන දිනවලය. මාර්තුවේ රට වසා දැමුවද කොරෝනා ව්‍යාප්තිය නැවැත්වීමට එය සමත් නොවූ බව දැන් පැහැදිලිවී තිබේ. සිදුවූයේ දසලක්ෂ ගණනකට රැකියා අහිමිවීමය. ඉන්දියාවේ කොරෝනා මරණවලට වඩා කුසගින්නේ මියයාම වැඩිවූ බව නොරහසකි. කොරෝනා වෛරස් වසංගතය හමුවේ, ඉන්දියාවේ දුප්පත් ම පුරවැසියන් වන සංක‍්‍රමණික කම්කරුවන්ට සැලකූ ලජ්ජා සහගත ආකාරය ලොවටම හෙළිවිය. ලංකාව කොරෝනා පළමු රැුල්ල ඉතා සාර්ථකව පාලනය කළද දැන් යළිත් අසල්වැසියාගෙන් ලැබුණු වෛරස් ප‍්‍රහාරයෙන් පීඩා විඳින්නට සිදුව ඇත. මේ රැුල්ල පාලනය සඳහා සෞඛ්‍ය අංශ හා ආරක්ෂක හමුදා විශාල කැපවීමක් සිදු කරන අතර ලක්වැසි ජනතාවද නිසි නිරෝධායන පිළිවෙත් අනුගමනය කරන්නේ නම් මේ පොකුරද පාලනය කරගත හැකි වනු ඇත. බ‍්‍රැන්ඩික්ස් පොකුර මතුවූ විට රට යළිත් ‘ලොක් ඩවුන්’ කිරීම ගැන විවිධ කතා ප‍්‍රචාරය වුවද එවැන්නක් සිදු වූයේ නැත. ඇත්තෙන්ම ‘ලොක් ඩවුන්’ කිරීම රෝග පාලනය වෙනුවෙන් වඩා සාර්ථකද යන්න ප‍්‍රශ්නයකි. එසේම ජනී ජනයාගේ ආර්ථික ප‍්‍රශ්න උග‍්‍ර කිරීමටත් එය හේතුවකි. එනිසාම කොරෝනා සමග ජීවත්වීමට දැන් සකල ලෝවැසියාම පුරුදු විය යුතුය. එය මෙරට වැසියන්ටද පොදුය. කොරෝනාවෙන් පසු ඇතිවන මහා සාගතය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශ කලේ පසුගිය අපේ‍්‍රල් මාසයේදීය. එම සාගතය නිසා කුසගින්නට ගොදුරු වන ජන සංඛ්‍යාව මිලියන 135ත් 250 ත් අතර වනු ඇතැයි ද ඇස්තමේන්තු කරනු ලැබ ඇත. නමුත් තවම සාගතය එළඹ නැත. වසංගතය නොනැසී පවතී. අප පරිස්සමෙන් කටයුතු කළ යුතුව ඇත.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles