Divaina - සතුරා පරාජය කිරීමට නම්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

corovna135 මේ වන විට ලෝකයෙන් හමු වූ කොරෝනා ආසාදිතයන්ගේ ප‍්‍රමාණය තුන්කෝටි අසූතුන්ලක්‍ෂය ඉක්මවා තිබේ. (2020.10.15 දිනට වාර්තා වන ප‍්‍රමාණය 38,394,169 කි.* කොරෝනා නිසා මරු වැළඳගත් ප‍්‍රමාණය එක්කෝටි අසූනවලක්‍ෂය ඉක්මවා තිබේ. (2020.10.15 දිනට වාර්තා වූ ප‍්‍රමාණය 1,089,047 කි.* මෙම සංඛ්‍යා ලේඛන දෙස බැලීමේදී පෙනී යන්නේ මුළු ලෝකයටම කොරෝනා වෛරසය සිදුකර ඇති විපත අතිමහත් බවය. එනිසාම මේ මොහොත වන විට කොරෝනා වෛරසය මේ මුළු මහත් ලෝකයේම මහා පොදු සාධනය බවට පත්ව ඇත. කොරෝනා වසංගතය පාලනය කිරීමකින් තොව අන් කිසිදු ක‍්‍රියාමාර්ගයකට යා නොහැකි මට්ටමට මෙම විපත බලවත් වී තිබේ.
 
 කොරෝනා වෛරසය ශ‍්‍රී ලංකාවට බලපෑම් කළ මුල් අවස්ථාවේදී එයට සාර්ථකව මුහුණ දීමට අප රටට හැකි විය. සෞඛ්‍ය අංශ, ආරක්‍ෂක අංශ මෙන්ම සමාජයේ සෙසු සියලූ පාර්ශ්වයන් වගකීමෙන් කටයුතු කළ නිසා එකී සාර්ථකත්වය ලබා ගැනීමට හැකිවිය.
 
 දැන් යළිත් වරක් අප රටේ සැමට වගකීමෙන් හා පරිස්සමෙන් කොරෝනා දෙවැනි රැල්ලට මුහුණදීමට සිදුව ඇත. මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ආයතනය මුල්කරගෙන ඇරැුඹි මෙම දෙවැනි කොරෝනා රැල්ල මුළු රටටම බලපෑම් කරන මට්ටමින් ව්‍යාප්ත වී තිබීම අතිශය භයානකය. බ‍්‍රැන්ඩික්ස් සේවකයන් හා ඒ ආශ‍්‍රිතයන් ඇතුළුව ඊයේ (16 දා* සවස වන විට කොවිඞ් ආසාදිතයන් 1899ක් හඳුනාගෙන තිබිණි. මෙම ප‍්‍රමාණය තවදුරටත් වැඩි වේ යැයි අපේක්‍ෂා කළ හැකිය. එනිසාම මුළුමහත් රටේම ජනතාව මේ මොහොතේ කළ යුත්තේ සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද නිසිලෙස අනුගමනය කරමින් කොරෝනා වෛරසයට ගොදුරු නොවී ජීවිතය කළමනාකරණය කර
 ගැනීමයි.
 
 අප රටට බලපෑම් එල්ල කළ පළමු කොරෝනා රැුල්ලත් සමඟ රටේ ජනතාව සෙසු සියලූ පාර්ශ්ව වගකීමෙන් කටයුතු කළත්, අනතුරුව ලැබුණු ලිහිල වැරදි ලෙස අවභාවිතා කළා ද යන ප‍්‍රශ්නය අප හමුවේ ඇත. විශේෂයෙන් බ‍්‍රැන්ඩික්ස් ආයතනය සිය වගකීම නිසි ලෙස ඉටු නොකිරීම විපත් බොහෝමයකට මුල් වී ඇති බව නොරහසකි. ඒ ගැන සමාජයේ විවිධ විවේචන පවතී. ඒ කෙසේ වෙතත් මේ මොහොතේ අප රටක් ලෙස කළ යුත්තේ පැමිණ ඇති අභියෝගය කෙසේ හෝ ජය ගැනීම පමණි.
 
 ඒ සඳහා යම් යම් නීති රීති පැනවීම ද කළ යුතුය. ඒ සඳහා මේ වන විට රජය විසින් නිරෝධායනය නීති අනුගමනය නොකළහොත් ලබා දෙන දඬුවම් ද ප‍්‍රකාශ කර ඇත. යම් පුද්ගලයෙක් නිරෝධායන නීති රීති උල්ලංඝනය කළහොත් ඔහුට හෝ ඇයට මාස හයක සිරදඬුවමක් නියම කළ හැකිය. නැතිනම් රුපියල් දසදහසකට නොවැඩි දඩයක් පැනවීම හෝ මේ දඬුවම් දෙකම හෝ ලබාදිය හැකිය. ඒ අනුව මේ වන විට සමාජ දුරස්ථභාවය තියා ගැනීම, මුහුණ ආවරණ පැළඳීම, දෑත් සේදීම මෙන්ම යම් ආයතනයකට ඇතුළුවීමේදී උෂ්ණත්වය මැන බැලීම ද අනිවාර්යය වේ.
 
 මෙවැනි නීති රීති පද්ධතියක් ගෙන ඒම සාධාරණ නොවන බවට යමෙකුට තර්ක කළ හැකිය. නමුත් කොරෝනා වසංගතයේ දෙවැනි රැුල්ල අපට එල්ල කර ඇති බලපෑම හමුවේ එවැනි නීතිරීති පද්ධතියක අවශ්‍යතාවය ද පැනනැඟී තිබිණි. සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේදයක් ලෙස මුහුණ ආවරණ පැළඳීම කළ යුතු බවට සෞඛ්‍ය අංශ කෙතරම් ප‍්‍රකාශ කළ ද සමහරු එය පිළිගත් බවක් නොපෙනුණි. සමහරු හැසිරුනේ කොරෝනා වෛරසය අප රටෙන් මුළුමනින්ම තුරුන් වූ ලෙසිනි. මුවාවරණ සම්බන්ධයෙන් පමණක් නොව අනෙකුත් සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේදයන් සම්බන්ධයෙන් ද අපේ රටේ සමහරුන් ක‍්‍රියා කළේ ඒ පිළිබඳව තුට්ටුවකට මායිම් නොකරමිනි. එනිසා මේ මොහොතේ අප කළ යුත්තේ නිරෝධායන නීතිරීතිවලට ගරු කරමින් ජීවිතය හැඩගසා
 
 ගැනීමයි. අප යුද්ධයක් කරද්දී සතුරා පිළිබඳව යම් අවබෝධයක් ලබාගත් විට එම සටන ජයග‍්‍රහණයෙන් කෙළවර කර ගැනීමට ඇති හැකියාව වැඩිය. නමුත් කොරෝනා නමැති වෛරසය සමඟ සටන් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන්නේ එහි හැසිරීම මොහොතින් මොහොත වෙනස් වන නිසාවෙනි. එම තත්ත්වය හමුවේ කොරෝනා නමැති වෛරසය පරාජය කිරීමට නම් අප එළඹෙන ඕනෑම තත්ත්වයක් යටතේ අපේ චර්යාවන් ද පාලනය කර ගැනීමට සූදානම් විය යුතුය. එසේ නොමැතිව හිතුවක්කාර ලෙස හැසිරුණහොත් අත්වන ඉරණම භයානක විය හැකිය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles