Divaina - කොරෝනා පාලනය ගිලිහී යන්නට පෙර... - (ජනතා වගකීම ඉටුකරන්න)

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 ශ‍්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැුල්ල පෙරට වඩා බලවත් වී ඇත. දරුණු යැයි සලකූ සී¥ව නාවික හමුදා පොකුරටත් වඩා මිනුවන්ගොඩ පොකුර බලවත්ය. දින 10 ක් ඇතුළත මෙම පොකුරේ කොරෝනා ආසාදිතයන් ගණන 1591 ක් දක්වා වැඩිවීමෙන් ඒ බව තහවුරු වේ. මේ අනුව ඉතා කෙටි කලකින් ශ‍්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන්ගේ ප‍්‍රමාණය දැන් 5,000 සීමාව ඉක්මවා ඇත.
 
 මෙය අප කිසි විටෙකත් අපේක්ෂා කළ දෙයක් නොවේ. එසේම, අපේක්ෂා නොකළ දෙයක් ද නොවේ. කොයි මොහොතේ හෝ කොරෝනා සතුරා අපේ රටට ඇතුළු වී මෙසේ තදබල ප‍්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව හා ඉඩ ප‍්‍රස්ථාව පසුගිය කාලය පුරාම පැවතිණි. මන්ද ඉන්දියාව දරුණු ලෙස කොරෝනා වසංගතයට ගොදුරු වී යන එන මං නැතිව සිටිද්දී එම අනතුර අප නොතකා සිටි බව පෙනෙන්නට තිබූ නිසාය. ඒ නිසා ශ‍්‍රී ලංකාවේ අපි කොරෝනා වසංගතය අවතක්සේරු කළ බව ද මෙවන් මොහොතක ඉතා හොඳින් වටහාගත යුතු වෙමු.
 
 කෙසේ හෝ අප දැන් සිටින්නේ තීරණාත්මක අවස්ථාවකය. පරිපාලන දිස්ත‍්‍රික්ක 24 න් 21 ක්ම වසංගතයට ගොදුරු වී ඇත. නිරෝධායන මධ්‍යස්ථාන හා කොරෝනා අසාදිතයන් ප‍්‍රතිකාර ගන්නා රෝහල් උපරිමයට ළඟාවෙමින් පවතින අතර, තව තවත් රෝගීන් වාර්තා වෙමින් ද පවතී. එබැවින් මේ අප ගතකරමින් පවතින්නේ ඉතා නරක කාලපරිච්ෙඡ්දයකි. මේ මොහොතේ අප විසින් ගනු ලබන තීන්දු, තීරණ හා යහපත් සෞඛ්‍ය පිළිවෙත් හෙට දිනයේ අපේ ඉරණම තීන්දු කරනවා ඇත.
 
 පළමු කොරෝනා රැල්ලට ගොදුරු වී යාන්තමින් හුස්ම ගනිමින් සිටි අපට මෙසේ දෙවැනි වර එල්ල වන ප‍්‍රහාරය එක අතකින් රටේ ආර්ථිකය කඩා දමනු ඇති අතර, අනෙක් අතින් අපගේ ශ‍්‍රම බළකාය නොහොත් ජනතාවගේ හිස මත කඩා වැටුණු හෙණ ගෙඩියක් වනවා නොඅනුමානය.
 
 ඉන්දියාව, ඇමෙරිකාව, බ‍්‍රසීලය, ඉතාලිය වැනි තත්ත්වයකට පත්වුවහොත් ශ‍්‍රී ලංකාව වැනි රටකට යළි ගොඩ එන්නට අසීරු වනු ඇත. රෝගය තව තවත් ව්‍යාප්ත වී දැඩි සත්කාර පහසුකම් සීමා වුවහොත් අනිවාර්යයෙන් එය ඛේදවාචකයකින් කෙළවර වීමට ඉඩ තිබේ. එසේ නොවේවායි යන්න අපගේ පැතුම වුවත්, එසේ නොවන්නට නම් මේ මොහොතේ ජනතා වගකීම හරි හැටි ඉටුවිය යුතුමය.
 
 රජය, සෞඛ්‍ය අංශ හා නිරෝධායන (ආරක්ෂක) අංශ තම වගකීම උපරිම අයුරින් ඉටුකරමින් සිටින මේ මොහොතේ ජනතා වගකීම නිවැරදිව ඉටු නොවේ නම් කොරෝනා වසංගතය මෙරටින් තුරන් කිරීම සිහිනයක් බව ජනතාව දත යුතුය. සංචරණය සීමා කිරීම (අත්‍යවශ්‍ය දෑට පමණක් නිවසින් එළියට යෑම), මුඛ ආවරණ අනිවාර්යයෙන් පැළඳීම, දෙදෙනකු අතර පවත්වාගත යුතු අවම දුර පවත්වා ගැනීම, අත් සබන් හෝ විෂබීජ නාශක යොදා පිරිසිදු කිරීම වැනි ජනතාවට කරන්නට ඇති සොච්චම ගැන දැන් මන්තරයකටත් වඩා මතුරා ඇත. එනමුත් තවමත් බිහිරි ගවයන්ට මේවා ගැන ඇසෙන්නේ නැති ගානය. එවන් අම්බරුවන් තවමත් මාස්ක් නැතිව සැරිසරන අයුරු රටේ බොහෝ ප‍්‍රදේශවලදී දක්නට ලැබේ. අඩුම තරමින් නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප‍්‍රදේශවල ජීවත්වන පුද්ගලයන් පවා ඇඳිරිය සෙල්ලමට ගෙන ක‍්‍රියාකරනු පෙනේ. එවන් ගොන් තඩියන් මේ නැති කරමින් සිටින්නේ ජාතියේ අනාගතයයි.
 
 කොරෝනා ලංකාවට අවේ රජයේ වරදින්ය, ආණ්ඩුවේ ඞීල් නිසාය වැනි ආඩපාලි කියමින් රජය අපහසුතාවට පත්කිරීම මේ මොහොතේ සිදු කිරීමෙන් ඵලක් නැති අතර, ජනතාව විසින් තම උපරිම යුතුකම් කොටස ඉටුකර කොරෝනා මාරයාට ගොදුරු නොවීමටත්, එම වසංගතය පැතිර යෑමට ඉඩ නොදීමටත් වගබලා ගත යුතුය.

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles