Divaina - බ‍්‍රැන්ඩික්ස් තියරිය සහ මැල්තස් තියරිය (1)

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ මිනුවන්ගොඩ කම්හලේදී පුපුරා ගිය කොරෝනා බෝම්බයේ තියුණු කැබිලිති රටේ සිව් දෙසින් මතුවෙමින් පවත්නා මේ මොහොතේදී කටුනායක පිහිටි නෙක්ස්ට් ඇඟලූම් කම්හලෙන් ද කොරෝනා ආසාදිත සේවකයන් එකොළොස්දෙනකු මතුවීම නිසා එම ප‍්‍රදේශයේ පිහිටි නිදහස් වෙළෙඳ කලාපයේ කම්හල්වල සේවය කරන තිස්පන් දහසක් දෙනා බරපතළ අවදානමකට ලක්ව සිටිති. බ‍්‍රැන්ඩික්ස් සමාගමේ කොරෝනා පැතිරුම එම සමාගමේම පාලකයන්ගේ නොසැලකිලිමත් සහ අ¥රදර්ශී ප‍්‍රතිපත්ති නිසා හටගත් බව පැහැදිලිය. ඉන්දියාවේ විසාඛපත්නම් හි පිහිටි බ‍්‍රැන්ඩික්ස් ශාඛාවේ සිටි කාර්ය මණ්ඩලය මේ කොරෝනා සමයේ අවස්ථා කිහිපයකදීම මෙරටට ගෙන්වා ගැනීමට බ‍්‍රැන්ඩික්ස් ලොක්කෝ කටයුතු කළහ. ඉන්දියාව යනු තනිකරම කොරෝනා විෂ බීජ නිෂ්පාදනාගාරයකි. ඇමරිකාව සමඟ එක් වුණොත් සෞරග‍්‍රහ මණ්ඩලයට අයත් සෙසු ග‍්‍රහ ලෝක අටටම කොරෝනා විෂ බීජය පැතිර වීමට ඉන්දියාවට පුළුවන. මුල් වටයේ කොරෝනාවේදී පැය හතළිස් අටක් ඇතුළත රට ලොක් ඩවුන් කිරීමට ලංකාව පියවර ගත්තද මිනිසුන් එකා පිට එකා මැරිලාත් ඉන්දියාව එවැනි පියවරක් ගත්තේ නැත. පාලනය නොකරන ලද ලෝක ජනගහනය සෑම අවුරුදු විසි පහකට වරක්ම දෙගුණ වන බව මධ්‍යකාලීන යුගයේදී එංගලන්තයේ විසූ තෝමස් මැල්තස් නමැති අර්ථ ශාස්ත‍්‍රඥ දේව ගැතිවරයා කීවේය. එහෙත් එබන්දක් සිදු වීමට සොබාදහම ඉඩ දෙන්නේ නැත. වසංගත රෝග, ස්වභාවික උපද්‍රව, නාය යාම්, කඳු කඩා වැටීම්, ගංවතුර, භූමිකම්පා යනාදී ස්වාභාවික උපක‍්‍රම මගින් මනුෂ්‍යයන් සංහාරය කර මහ පොළවට දැරිය හැකි තරමින් ජන සමාජය බැලන්ස් කර දීමට ස්වභාව ධර්මය පියවර ගනී. මේ නිසා තෝමස් මැල්තස්ගේ තියරියට කවදාවත් ගොඩ ඒමක් නැත. මැල්තස්ගේ කතන්දරය දන්නා නිසාදෝ ඉන්දියාව සහ ඇමරිකාව යන දෙරටම රටවල් ලොක් ඩවුන් කරන්නේ නැත. බැලූ බැල්මට මෙය ප‍්‍රායෝගික නමුත් වගකීමක් නැති ක‍්‍රියාවලියකි. කොරෝනාව ලොව පුරා පැතිරෙන මෙවැනි වකවානුවක ඉන්දියාවේ විසාඛපත්නම් නගරයේ පිහිටි බ‍්‍රැන්ඩික්ස් සමාගමෙන් ලංකාවට සෙනඟ ගෙන්වා ගැනීමට ලංකාවේ බ‍්‍රැන්ඩික්ස් කට්ටිය කටයුතු කළේ මැල්තස් තියරිය අර්ථාන්විත කිරීමට විය යුතුය.
 
 මෙයට අවුරුදු දෙසීයකට පමණ පෙර ඇමරිකාව යනු කළු ජාතික වහලූන්ගෙන් සහ සුදු ජාතික වහල් හිමියන්ගෙන් පිරී ඉතිරී ගිය රටකි. ඉතාලි ජාතික දේශ ගවේෂකයෙක් වූ ද ස්ත‍්‍රී ¥ෂකයකු මිනී මරුවකු වහල් වෙළෙන්දකු සහ පසු කාලීන සමාජ රෝගියකු වූ ද ක‍්‍රිස්ටෝපර් කොලම්බස් නමැති මානව විරෝධී කාලකණ්නියා විසින් එක්දහස් හාරසිය ගණන්වලදී ඉහළ ව්‍යාපාරික මට්ටමකින් වහල් වෙළෙඳාම ලෝකයට හඳුන්වාදීමෙන් පසු එහි අග‍්‍ර ඵලය දිනා ගන්නෝ ඉන් අවුරුදු තුන්සියයකට පමණ පසු බිහිවන සුද්දන්ගේ ඇමරිකාවය. ඇමරිකානු වහලා යනු තිරිසනෙක් හා සමානව සලකන ලද මනුෂ්‍යයෙකි. කිසියම් වහලෙක් වහල් හිමියාගේ කෲර හිංසා පීඩාවලින් බේරීම සඳහා පැන ගිය විට ඒ වහලා අල්ලා ගෙනවුත් පාදයක් කපා දැමීමේ නීතියක් මීට අවුරුදු දෙසීයකට පෙර ඇමරිකාවේ තිබිණ. එසේ පාද කපා දැමීම සඳහා පාවිච්චි කෙරුණු විශාල ගිරයක් වැනි යකඩ කටර් එකක් අදත් ඇමරිකාවේ කෙන්ටකි ප‍්‍රාන්තයේ පිහිටි වහල් කෞතුකාගාරය ඉදිරිපිට මහ පොළොවේ සවිකර ප‍්‍රදර්ශනය කරනු ලැබේ. ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තය එහි මූලාරම්භයේ සිටම වහලූන්ගේ කර්මාන්තයක් වූ අතර අඩු පාඩුවකට පැවතුනේ කකුල කපන යකඩ කටර් එක පමණි. ඒ හැරෙන්නට ඇඟලූම් සේවිකාවන්ට සළකන ලද්දේ වහලූන් ලෙසටමය. වහලා යනු නිසි වෙලාවට ආහාර නොලද සතෙකි. අසනීපයට බෙහෙත් නොලද සතෙකි. වහලාගෙන් නිදි නැතිව වැඩ ගත් පරිදිම ඇඟලූම් සේවිකාවගෙන්ද නිදි නැතිවම වැඩ ගන්නා ලදී. ඇතැම් පිටරටකින් හදිසි ඇඳුම් ඕඩරයක් ලැබුණු විට වෙළෙඳ කලාපයේ කම්හල්වල ඇඳුම් මහන තරුණියෝ කිසිදු නින්දක් නොලබා පැය අටේ ශිෆ්ට් තුනක් එක දිගට වැඩ කර පැයක නින්දකින් පසු ඊළඟ පැය අටේ ශිෆ්ට් තුන සඳහා මහන යන්ත‍්‍ර ඉදිරිපිට ඉඳ ගත්හ. හදිසි වැඩ ඇති දිනවල ඇඟලූම් සේවිකාවන්ට තේ වෙනුවට දෙන ලද්දේ වෙනිවැල් ගැට සහ පැරසිටමෝල් ය. ඇඳුම් මසමින් සිටින ඇඟලූම් සේවිකාවකට වැසිකිළි යාමේ හදිසි අවශ්‍යතාවයක් හටගත් කල්හි එම අංශයේ සුපර්වයිසර්වරිය ඇය දෙස බැලූවේ මරාගෙන කන්නට මෙනි. ”මෙෂින් එකට ඉඳ ගන්නට කලින් තමුසෙලට ඔය වැඩ ඉවර කර ගන්නට බැරි වුණාද....? ” එවැනි අවස්ථාවකදී සුපර්වයිසර්වරියෝ සේවිකාවන්ගෙන් විමසූහ. මළ මුත‍්‍ර බැහැර කිරීමේ අවශ්‍යතාව එන්නේ කල් තියා පෝස්ට් කාඞ් දමා හෝ ටෙලිෆෝන් කෝල් දී නොවේ. ඒ බව කටු බැළලියන් වැනි සුපර්වයිසර්වරියන්ට නොතේරේ. පසුගිය දිනවල බ‍්‍රැන්ඩික්ස් සමාගමේ ඇතැම් සුපර්වයිසර් කටු බැළලියන් ද මේ ආකාරයෙන්ම කටයුතු කළ බව දැනගන්නට තිබේ. කිසිම වගකීමක් නැතිව කොරෝනා රටකින් ලංකාවට සෙනඟ ගෙනා බ‍්‍රැන්ඩික්ස් සමාගමේ ක‍්‍රියාකලාපය පිළිබඳ දැන් හෙළි වෙමින් පවතියි. ඉදිරි කතු වැකිවලදී ඒ ගැන සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වෙමු.
 
 (ඉතිරි කොටස හෙට)
 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles