Divaina - වසංගත අධ්‍යාපනය

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

corosකොරෝනා වසංගතයත් සමග ශ‍්‍රී ලංකාව වසංගත රෝග සංස්කෘතියක් වෙත ගමන් කරමින් සිටී. චීනය වැනි රටකට නම් වසංගත යනු ඔවුන්ගේ සංස්කෘතියේ උරුමයක් බවට පත් වී තිබේ. ඊට හේතු වන්නේ මේ දක්වා ලෝකයට පැමිණි වසංගත රෝගවලින් බහුතරයක් චීනයෙන් පැමිණීම නිසාය. නමුත් ශ‍්‍රී ලාංකිකයන්ට එය නුපුරුදු අත්දැකීමක් බවට පත්වී තිබේ. කොරෝනා වෛරසය මේ තරම් රට තුළ පැතිර යෑමට බලපා ඇත්තේ මෙම කාරණාවය. රට පුරා ආසාදිතයන් විශාල ගණනක් වාර්තා වෙද්දිත් අඩුම තරමේ මුඛ ආවරණයක් හෝ නොපැළඳ පාරේ ගමන් කරන මිනිසුන් අපට හමුවන්නේ මේ නිසාය. පසුගියදා අනුරාධපුර නගර සභාව මඟින් පොත් ප‍්‍රදර්ශනයක් හා සැණකෙළියක් සංවිධානය කර තිබිණි. දකුණු ආසියාවේ විශාලම කොරෝනා වෛරස් පොකුර (Cutler) ශ‍්‍රී ලංකාවෙන් හමුවෙද්දීත් රට තුළ එවැනි ජනයා ඒකරාශී වන ක‍්‍රියාකාරකම් සිදුවන්නේ වසංගත රෝග සම්බන්ධයෙන් රට තවමත් අසංස්කෘතික වීම නිසාය.
 
 ලෝකයේ මෑත ඉතිහාසයේ පැමිණි වසංගත අතුරින් 1918 වසරේ පැතිර ගිය ස්පාඤ්ඤ උණ (Spanish Flu) හේතුවෙන් ලෝකය පුරා මිලියන 50 කට අධික පිරිසක් මරුමුවට පත්වූහ. 1957 වසරේ චීනය පුරා පැතිර ගිය ඉන්ෆ්ලූවෙන්සා (Influenza) වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය ගණන ලක්‍ෂ පහකට ආසන්නය. ඒ වගේම ඒවියන් ෆ්ලූ (Avian Flu) නොහොත් කුරුලූ උණ හේතුවෙන් මියගිය ගණන දහසකට ආසන්න විය. ඊට පසු අප‍්‍රිකාවෙන් පැතිර යෑම ආරම්භ වූ ඉබෝලා, චීනයේ
 
 ග්වන්ග්ඩොන්ග් ප‍්‍රදේශයෙන් ආරම්භ වූ සාර්ස් වැනි වෛරස රෝග මඟින් මිනිස් සංහතියට ඇති කළ මාරාන්තික බලපෑම සුළුපටු නැත. මෙම වසංගතවලින් ශ‍්‍රී ලංකාව අත්වින්දේ ස්පාඤ්ඤ උණ පමණි. ස්පාඤ්ඤ උණට මුහුණදුන් පරම්පරාවෙන් බහුතරයක් අද ජීවත් නොවන නිසා එම වසංගතයේ අත්දැකීම් සමාජගත වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. කොරෝනා වෛරසයට මුහුණදීම ශ‍්‍රී ලාංකිකයන්ට අලූත්ම අත්දැකීමක් වී ඇත්තේ මේ නිසාය. මේ නිසා වෛරසය සමාජගත වීම පාලනය කිරීමට තිබෙන සමාජ දැනුම පවතින්නේ ඉතා පහළ මට්ටමකය. ඉදිරියේදී වසංගත රෝගවලට මුහුණදීමට නම් අප මෙම අභියෝග ජයගත යුතුය. එය ජයගත හැක්කේ වසංගත පිළිබඳ අධ්‍යාපන වටිනාකම් සමාජගත කිරීමෙන් පමණි.
 
 ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය තවමත් සකස්වන්නේ සාම්ප‍්‍රදායික රාමුවකය. රට නිතර ස්වභාවික විපත්වලින් බැට කෑව ද ස්වභාවික ආපදා සංස්කෘතිය සම්බන්ධයෙන් විෂයක් පාසල් විෂය මාලාවට ඇතුළත් කර නැත. සුනාමිය වැනි ආපදාවක් පැමිණ වසර 16 කට ආසන්න කාලයක් ගත වුව ද පාසල් විෂය මාලාව තුළ සුනාමියකට මුහුණදීම සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ ක‍්‍රමවේදයක් ක‍්‍රියාවට නංවා නැත. දරුවන් නිතර ලිංගික අතවරවලට පත්වුව ද ඒ පිළිබඳ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ විෂය මාලාව තවම ක‍්‍රියාවට නංවා නැත. ස්පාඤ්ඤ උණ, මැලේරියාව, ඩෙංගු, ඒඞ්ස් වැනි වසංගතවලින් බැට කෑව ද රටේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය තුළ මෙවැනි වසංගතවලට මුහුණදීමට අවශ්‍ය දැනුම සමාජගත කිරීමට යාන්ත‍්‍රණයක් නැත. අඩුම තරමේ ඒ පිළිබඳව කතිකාවක් හෝ ගොඩනැඟී නොමැත.
 
 අනාගත ලෝකයේ සියලූ දේ තීරණය වන්නේ දැනුම මතය. දැනුම ඇති තැන තාක්‍ෂණය තිබේ. තාක්‍ෂණය ඇති තැන ප‍්‍රාග්ධනය ගොඩනැෙඟ්. එම නිසා රට සංවර්ධනය කිරීමට නම් ජනතාව දැනුමෙන් සන්නද්ධ කිරීමේ අභියෝගය ජයගත යුතුය. ඒ සඳහා රටේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය නූතනවාදී ලෙස සකස් විය යුතුය.
 
 රටක ජනතාව බුද්ධිමත් නොවීම රට හමුවේ ඇති භයානකම වසංගතය බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. එම වසංගතය කොරෝනා වෛරසයට වඩා භයානක වසංගතයක් බවට පාලකයන් අවබෝධ කරගත යුතුය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles