Divaina - පරිස්සම හැර විකල්පයක් නොමැත (මිනුවන්ගොඩින් තේරුම් ගනිමු)

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 මිනුවන්ගොඩින් මතු වූ කොරෝනා වෛරස් තත්ත්වය බලවත් බව වසංගත රෝග විiා අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. ඔහු මේ බව ප‍්‍රකාශ කරන්නේ මුල් අවස්ථාවේදී අප රට මුහුණදුන් කොරෝනා වෛරස් තත්ත්වයත් සමඟ යම් සන්සන්දනයක් කරමිනි. එය දෙවැනි කාණ්ඩයේ කොරෝනා වෛරස් තත්ත්වයක් ද යන්න නිශ්චිතව කිව නොහැකි මුත්, පැතිරීමේ ස්වභාවය අනුව එහි ඇති බරපතළකම ගැන මුළු මහත් සමාජයම අවදියෙන් සිටිය යුතුය.
 
 කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මේ වන විට වේයන්ගොඩ ප‍්‍රදේශය අධි ආරක්‍ෂිත කලාපයක් ලෙස නම් කර තිබේ. එපමණක් නොව මිනුවන්ගොඩ පොලිසියේ සියලූ දෙනා ද නිරෝධායනයට ලක්කර ඇත. ඒ වගේම මේ මොහොතේ දිස්ත‍්‍රික් දාසයකින් කොරෝනා
 
 රෝගීන් මතුවන බවක් පෙනේ. එනිසාම පරිස්සම් නොවුණොත් අපට රටක් ලෙස නරක ප‍්‍රතිඵලයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. මේ මොහොතේ වඩා වගකීමෙන් වැඩ කරන්නැයි අප ජනතාවගෙන් යළිත් ඉල්ලා සිටීමට කැමැත්තෙමු. (අපි ඊයේත් මෙම කාරණය මතක් කළෙමු.*
 
 විශේෂයෙන් මේ මොහොතේ කාට හෝ සිය වගකීම් පැහැර හැර පිස්සු කෙළීමේ අයිතියක් නොමැති බව තේරුම් ගත යුතුව ඇත. කොරෝනා ආසාදිතයන් යළි සක‍්‍රීය වූ ගම්පහ දිස්ත‍්‍රික්කයේ හඳුනාගත් පොලිස් බලප‍්‍රදේශවලින් පෙරේදා වන විට කොරෝනා රෝගීන් බවට 1034 ක් හඳුනාගෙන තිබිණි. නමුත් ඒ අතරින් 250 ක් ඊයේ (08 වැනිදා* වන විටත් රෝහල් වෙත වාර්තා කර නොතිබිණි. මෙම පිරිසට දිගින් දිගටම සෞඛ්‍ය අංශ වෙත වාර්තා කරන ලෙස දැන්වුවද ඊට ඇහුම්කන් දුන් බවක් නොපෙනේ. මෙම පිරිස අල්ලා ගැනීම සඳහා මෙහෙයුම් ද ආරම්භ කර ඇත. කොරෝනා යනු සමාජ රෝගයක් නොවේ. එහෙත් අතිශයින් පරිස්සම් විය යුතු තත්ත්වයකි. තමන්ට කොරෝනා නොමැති බව සිතා කට්ටි පනින මෙම සෙට් එක කරනුයේ බලවත් වරදකි. රටත් ජාතියත් අනතුරේ හෙළමින් කටයුතු කිරීමට කවුරුන් හෝ ක‍්‍රියා නොකළ යුතුය. අනෙක් අතට මෙම පිරිස කරනුයේ සියතින්ම මරණ වරෙන්තුව ලියා ගැනීම ද යන ප‍්‍රශ්නය ද අප හමුවේ තිබේ. රෝග කාරකයකු ලෙස සැක කරන ඕනෑම අයකු කළ යුත්තේ තමන්ගේත් සමාජයේත් යහපත පිණිස සෞඛ්‍ය අංශ වෙත භාරවීමය. ඒ හැර විකල්පයක් ඔවුනට නොමැත.
 
 මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ආයතනය පවසනුයේ තම සේවකයන්ට කොරෝනා රෝග ලක්‍ෂණ පෙන්නුම් නොකිරීම තමන්ට මුුහුණ දීමට සිදු වු බරපතළ අභියෝගයක් වූ බවයි. නමුත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi සුදත් සමරවීර මහතා පවසනුයේ කොරෝනා වෛරසය මෙම ආයතනය තුළ සති දෙකක් තිස්සේ තිබී ඇති බවයි. පසුගිය 20 වැනිදා සිට මෙම ආයතනයේ සමහර සේවිකාවන්ට ශ්වසන රෝග තත්ත්වයන් තිබුණු බවට ද වාර්තා වී ඇතැයි වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. ඒ අනුව පළමු රෝගියා, මුලින් හඳුනාගත් කාන්තාව නොවන බව ද ඔහු කියා සිටී. ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා සිද්ධියේ මුල් රෝගියා සෙවීම සංකීර්ණ ක‍්‍රියාවලියක් වන ලකුණු පහල වී තිබේ. මෙම රෝගය මැඬපැවැත්වීමේදී එය ද බාධකයක් ලෙස ඉදිරියට පැමිණ තිබීම කනගාටුවට කරුණකි.
 
 කොරෝනා වෛරසය පාලනය කිරීමට ඇති එකම ක‍්‍රියාවලිය වනුයේ රෝගීන් හඳුනාගෙන වෙන්කර, නිරෝධායන ක‍්‍රියාවලියට යොමු කිරීම පමණි. තවමත් මේ සඳහා එන්නතක් හෝ නිෂ්පාදනය කර ගැනීමට ලොව බලවත් රටවල් පවා සමත් වී නොමැත. එනිසාම වඩාත් පරිස්සමින් හා බුද්ධිමත්ව කොරෝනා රෝගය පාලනය කර ගැනීමට දන්නා සියලූ ශිල්ප අප භාවිත කළ යුතුය. විශේෂයෙන් පුද්ගලයකු වේවා, යම් ආයතන සේවකයකු වේවා කොරෝනා රෝගයට අදාළ යම් රෝග ලක්‍ෂණයක් පෙන්නුම් කරන්නේ නම් වහාම කළ යුත්තේ වෛi ප‍්‍රතිකාර සඳහා යොමු වීමයි. තමන් රෝග වාහකයකු වී සමාජයේ අන් අයට එය බෙදාහැරිය හොත් රටක් ලෙස අපට බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව සියලූ දෙනා තේරුම් ගත යුතුය.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles